මුදල් බලයෙන් යට කරන්නට හැදූ අන්ධ දියණියගේ අපරාධය

අපි දිගින් දිගටම  ඉංග්‍රීසි චිත්‍රපට ගැන ඔත්තු ඔබ එක්ක  බෙදාගත්තා නේ. අද කියන්න යන්නේ සුපිරිම වර්ගයේ මලයාලයම් චිත්‍රපටයක් ගැන. මලයාලම් සිනමාවේ ඉහලින්ම කතා බහ  කෙරුණු නේරු කියන චිත්‍රපටය ගැනයි අද ඔත්තුව.

මේ චිත්‍රපටයට පාදක වෙන්නේ අන්ධ තරුණියක දූෂණයට කල් කරන ධනවත් තරුණයෙක් වටා වන කතාව. සාරා කියන්නේ වයස අවුරුදු දොළහේදි අන්ධ වෙන තරුණියක්. ඇගේ පියා මිය ගියාට පස්සේ අම්මා දෙවෙනි විවාහයක් කරගන්නවා. සාරා අම්මයි, බාප්පයි එක්ක ජීවත් වෙන්නේ නිවසේ අත් උදව්වට එන කාන්තාවකගේත් ඇසුර එක්ක. සාරා බාප්පට කතා කරන්නේ තාත්තා කියලමයි. ඔහු ඇයට එතරම් සෙනෙහසක් දක්වන කෙනෙක්
එක දවසක් සාරාගේ අම්මයි, තාත්තයි මඟුල් ගෙදරක යනවා. අත් උදව්වට ඉන්න කාන්තාව ඇගේ පෞද්ගලික උවමනාවකට බැංකුවට යනවා. සාරා විතරයි තනියම ගෙදර ඉන්නේ. තමන්ගේ ගෙදර ඇතුලේ ඕනෑම අහුමුල්ලක ඇවිදලා කියල  ඉන්න් තරමේ තේරුමක් තියෙන නිසා සාරා නාන කාමරේට ගිහින් නා ගන්නවා.

ඒ අතරේ තමයි මයිකල් කියන කෝටිපති තරුණයා සාරාගේ නිවෙසට ඇතුළු වෙලා සාරාව ඔහුගේ ග්‍රහණයට ගන්නේ. සාරාව මරලා දාන බවට තර්ජනය කරමින්, ඔහු ඇයට අතවර කරනවා. තමන්ට ඉතිරි වෙන එකම සාක්ෂිය ඔහුව ඇඟිලි තුඩු වලින් මතක තියා ගන්න එක විතරක්ම බව සාරා වටහා ගන්නවා. ඇය වහාම ඔහුගේ මුහුණ මත ඇඟිලි යවන ගමන් ඒ ලක්ශන සිහියේ තියාගන්නවා. සාරාගේ අම්මයි තාත්තයි එනකොට හැමදේම වෙලා ඉවරයි. සාරාව වෛද්‍ය පරීක්ෂණයට යොමු කරන්නේ පොලිසියට පැමිනිලි කලාටපස්සේ.

“සාරා අතවරයට ලක් වුණ බව කියන්න කිසිම තුවාලයක් නෑ. ඒ වගේම ඇගේ ශරීරයේ ශුක්‍රාණු ස්පර්ශ වුන බවක්වත් සොයාගන්න නෑ..”

වෛද්‍ය වාර්තාව එහෙම කියනවා.

සාරා එවෙලේ ඉඳන් පහුවෙනිදා වෙනකල්ම කරන්නේ මයිකල්ගේ රුව මැටියෙන් අඹන එක. සාරාගේ  පියා මූර්ති ශිල්පියෙක්. ඔහු සාරාගේ පෙනීම නැති වෙන්න කලින් ඇයට බොහෝ මූර්ති ක්‍රමවේදයන් ගැන කියලා දීලාතිබීමේ වාසිය ඇය  ප්‍රයෝජනයට ගන්නවා.   ඒ මැටි රූපයේ ඉන්න තරුණයා මයිකල් බව සාරාගේ පියා වුන මොහොමඩ්  වහාම අඳුනගන්නවා. මයිකල් කියන්නේ මුම්බායි වල කෝටිපති ව්‍යාපාරික පුතෙක් වුනත් පොලිසිය ඔහුව අත් අඩංගුවට ගන්නවා. ඒ වගේම හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී සාරා මයිකල්ගේ මුහුණ අත ගාලා ඔහුව වෙන් කරල හඳුනගන්නවා.

ඊට පස්සේ මයිකල්ව බේරගන්න මයිකල්ගේ තාත්තා රාජෂේකර් කියන ඉන්දියාවේ ඉන්න හොඳම නීතිඥවරයාව තෝරගන්නවා.රාජෂේකර් මුලින්ම හදන්නේ මේ සිදුවීම ගොඩින් බේරගන්න. ඒ සඳහා ඔහු සාරාගේ තාත්තාගේ පළමු විවාහයේ ළමයින් හරහා සාරාට සල්ලි දීලා මේ නඩුව වහලා දාන්න උත්සාහ  කරනවා. ඒත් සාරා වගේම මොහොමඩුත් ඒකට කැමති වෙන්නේ නැහැ. ඉන් පස්සේ සාරාගේ නඩුව උසාවියේ අහන්න ගන්නවා. වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව මයිකල් වැරදියි කියන්න කිසිම සාක්ෂියක් නැති නිසා රාජෂේකර් මයිකල්ට ඇප ගන්නවා. සාරා වෙනුවෙන් කතා කරන නීතිඥවරයා  කිසිම දෙයක් කරගන්නවත් බැරි වෙනවා.

” මයිකල්ගේ තාත්තාගේ සල්ලි එක්කයි, රාජෂේකර් මේ හදාගෙන ඉන්න බලේ හින්දයි මේ නඩුව ලේසි නැහැ…. මාවත් මාරු කරලා… රාජෂේකර් ගේ මේ බලේ නිසා වෙන අය මේ නඩුවට කතා කරන්න එන්නේත් නැහැ.. ඒකත් ප්‍රශ්නයක්.. කොහොම වුනත්  මගෙන් අහන්නේ නැතිව කාටවත්. මුකුත්ම කිය්න්න එපා….”

සාරාගේ නීතිඥවරයා වුන පෝල්  මොහොමඩ්ට එහෙම කියනවා.ඒ අතරෙදි පෝල් ඔහුගේ මිතුරියක වුන අහානාට ඇමතුමක් අරගෙන මේ විස්තරේ කියනවා.

” අපි කොහොම හරි විජය මෝහන්ව මේ නඩුවට අල්ලගන්න ඕනි…”

“ඒත්  විජයමෝහන් සර් අවුරුදු ගාණකින් උසාවි ඇවිල්ලා නෑ..”

අහානා එහෙම කියනවා.

” එහෙනම් මේ නඩුවෙන් උසාවි එන්න කියන්න…”

පෝල් එහෙම කියනවා. විජය මෝහන් කියන්නේ  අවුරුදු ගානකට කලින්, රාජ්ෂේකර් ළඟම පුරුදු වුන කණිෂ්ඨ නීතිඥවරයෙක්. රාජ්ෂේකර් ගේ දියනිය වුන පූර්ණිමා එක්ක විජයගේ ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා. මේ බව දැනගන්න රාජ්ෂේකර්, විජයගේ ළඟ් තිබුණ නඩුවකට අදාල ලිපි ගොනු වගයක් අස්ථාන ගත කරවලා ඔහුව සේවා තහනමකට ලක් කරවනවා. විජය නගරයෙන් සැඟවිලා ජීවත් වෙන්නේ ඊට පස්සේ.

අහානා කියන්නේ විජයගේ ඒ ලිපිගොනු හොරකම් කරල දුන්න කෙනා. අහානාගේ වැඩත් තහනම් වෙලා අහානා ඉන්නේත් විජය එක්කමයි.

” ඔයාට පිස්සුද අහානා… මම අවුරුදු ගානකින් උසාවියට ගිහිල්ලාවත් නෑ..”

” ඒක තමයි මම කියන්නේ.. ඔයාට මෙහෙම කරපු කෙනාගෙන් පලිගන්න මේක හොදම අවස්තාව…”

” මට කාගෙන්වත් පලිගන්න ඕනෑ නැහැ… මම ඒ ඔක්කොම අමතක කලා..”

විජය එහෙම කියනවා.

“හරි … එහෙම නම්, එක වතාවක් සාරාව මුණ ගැහිලා බලමුද ?.”

අහානා එහෙම කිව්වාම විජය ඒකට එකඟ වෙලා සාරාව මුණ ගැහෙනවා. ඊට පස්සේ විජයට සාරා ගැන දුක හිතිලා නඩුව කතා කරන්න තීරණය කරනවා.  ඊට පස්සේ ඔහු සිදුවීම හොඳින් අධ්‍යනය කරලා ශා එක්කත් කතා කරනවා.

” ඔය මයිකල් ඊට කලින් දවසේ අපේ ගෙදරට ඇවිල්ලා ගියේ. ඒ එයාගේ යාලුවෙක්ගේ ගෙදරකට යන පාර අහගන්න. .. එවෙලේ අපි මඟුල් ගෙදර යන එක ගැනත්, සාරා තනියෙන්ම බවත් කතා කර කර උන්නේ..ඒ මේ ඉස්සරහ ගෙදර  යාලුවා..”

මොහොමඩ් වඩා වටිනා ඔත්තුව විජයට දෙනවා.   ඒ අතරේ විජය දැනගන්නවා සාරා හදපු මයිකල්ගේ මුහුණේ පින්තුර තිබුණ ෆයිල් එකත් අතුරුදන් වෙලා බව.

මේ අතරේදි මයිකල්ගේ තාත්තා නඩුව දිනන්න අවශ්‍ය විදියට සියලුම දෙනා මුදලට මිලදී ගන්න ගමන් ඉන්නේ.

දෙවෙනි නඩු වාරෙදි සාරා වෙනුවෙන් විජයමෝහන් ඉදිරිපත් වෙනවා. නඩුවේ පළමු සාක්ෂි කාරිය විදියා සාරාගේ නිවසේ සේවය කරන සීමාව කැඳවෙනව. එතනදී රාජෂේකර් උත්සාහ කරන්නේ සීමා සහ මොහොමඩ් හැරුනකොට අන් කිසිවෙක් ලඟ නිවසේ යතුරු නැති නිසා නිවසට ඇතුලුවූයේ ඔවුන් දෙදෙනාගෙන්ම අයෙකු බව  සීමාගේ කටින්ම තහවුරු කරගන්න. මොකද මයිකල් නිවසට ඇතුලු වෙන්න කිසිම දොර ජනේල කිසිවක් බලෙන් විවෘත කරලා නැති බව පොලිස් වාර්තා වල කියැවෙනවා.

රාජෂේකර් කොහොම හරි සීමා ගේ කටින් මොහොමඩ්ව සාරාගේ අතවරයට වැරදිකාරයා බව ඔප්පු කරන්න හදනවා. ඒ වගේම ඊට පස්සේ සාරාගේ අම්මාවත්, තාත්තවත් අපහසුවට පත් කරමින් ප්‍රශ්න කරනවා.

ඊට පස්සේ සාරාගේ නඩුවට මොකද වුණේ කියලා දැනගන්න නම්, 2023 අවුරුද්දේදි රිලීස් කරපු මේ චිත්‍රපටය් නරඹන්නම කියලා අපි ඔබට ආරාධනා කරනවා.

Related Articles

Don't Miss


Latest Articles