කරිශ්මා කපූර් කියන නම මං හිතන්නෙ ඉන්දියන් චිත්‍රපටි බලන කිසිම කෙනෙකුට අලුත් නමක් වෙන්නෙ නෑ. මෑත කාලයේදි කරිශ්මා රඟපාපු චිත්‍රපටයක් ගැන මතකයක් කාටවත් නැතිඋනත් අතීතයේ ඉතාම දක්ශ සහ හුරුබුහුටි ලෙස හින්දි සිනමාව තමන්ගෙ අතට අරගත්ත සුන්දර නිළියක් විදියට අපි හැමෝටම තාමත් කරිශ්මව මතකයි.
ලස්සනම ලස්සන චරිත රඟපාන, ලස්සනම ලස්සන නිලියෙක් වෙන්න කරිශ්මට වාසනාව හම්බුනත් කරිශ්මාගේ ජීවිත කතාව නම් එච්චරම ලස්සන එකක් නෙවෙයි. ජීවිතේ මොන තරම් ප්‍රශ්න කරදර වලට මූණ දෙන්න උනත් දිරිය ගැහැණියක් විදියට ඉස්සරහට ආව කරිශ්මා කියන්නෙ ඇත්තටම අද කාලෙ සමාජයේ ඉන්න ගොඩක් ගැහැණුන්ට ආදර්ශයක්. ආන්න ඒ නිසාමයි අපි හිතුවෙ අද අපේ ස්මාට් ලේඩි වෙබ් පිටුවෙන් කොටසක් ඇය වෙනුවෙන් වෙන් කරන්න.
කරිශ්මා ඉපදෙන්නෙ 1974 ජුනි මාසෙ 25 වෙනිදා. ඒ එතකොටත් හින්දි සිනමාවෙ ජනප්‍රියත්වයක් ලබා ගෙන උන්න රන්දීර් කපූර් සහ බබිතාට දාව. අපි හැමෝම දන්න කරීනා කපූර් තමයි කරිශ්මාගේ පුංචි සහෝදරිය වෙන්නෙ.කරිශ්මාගේ සීයා තමයි ඉන්දීය සිනමාවෙ සුපිරි නලුවෙක් විදියට හඳුන්වන රාජ් කපූර් කියන්නෙ.
කරිශ්මා ඉපදිච්ච වෙලාවෙ රාජ් කපූර් කියලා තියෙනවා එයා තමන්ගෙ මේ මිණිබිරිය බලන්න යන්නෙත් එයා තමන්ගෙ පවුලෙ, එහෙම නැත්තම් කපූර් කාන්දාන් එකේ ලේ තියෙන කෙල්ලෙක් කියල පිළිගන්නෙ එයාට නිල් ඇස් තිබ්බොතින් විතරයි කියල. ඒක පොඩ්ඩක් අභියෝගාත්මක දෙයක් උනත් නිල් ඇස් එක්ක ඉපදිච්ච කරිශ්මා ඒ අභියෝගය හරිම පහසුවෙන් දිනාගෙන තියෙනවා.
මුම්බායි වල කැතරින් සහ ජෝන් කොනන් කියන පාසල් වලින් හය ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබපු කරිශ්මා 1991 අවුරුද්දෙදි තමයි හින්දි සිනමාවට අවතීර්ණ වෙන්නෙ. ඒ එයාගෙ පරම්පරාවෙන් බිහිවෙච්ච දක්ශම නිළියක් සිනමාවට දායාද කරමින්.මේ කාලෙ ඇතුලත කරිශ්මා වාණිජ වශයෙන් ඉතාම ජනප්‍රිය වෙච්ච ඒ වගේම ගොඩක් අයගෙ කතාබහට ලක්වෙච්ච චිත්‍රපට මහ ගොඩක් කරන්න සමත් වෙනවා. රාජා හින්දුස්තානි කියන්නෙ ඒ වගේ චිත්‍රපට අතරින් එකක්.රාජා හින්දුස්තානි කියන්නෙ කරිශ්මගෙ වාණිජමය වශයෙන් හොඳටම සාර්තක වෙච්ච ෆිල්ම් එක වගේම එයාට පලවෙනි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගන්න හේතු උනෙත් ඒ චිත්‍රපටයම තමයි.
ෆීසා (2000) සහ සුබෙයිදා (2001) වගේ කලාත්මක චිත්‍රපටවලින් මිනිසුන්ට තමන් ඇත්තටම දක්ශ නිළියක් කියල ඔප්පු කරන්න කරිශ්මට අවස්තාව හම්බුනා.ඒ චිත්‍රපට දෙක සඳහාත් කරිශ්මා හොඳම නිළිය සහ හොඳම නිළිය විචාරක සම්මාන දිනාගන්නත් පුලුවන් වුණා. ඉන්පස්සෙත් බොහොමයක් චිත්‍රපට වල රඟපාන්න කරිශ්මට අවස්තාව හම්බුනාට ඒ හැම චිත්‍රපටයක්ම මුල් කාලෙ රඟපාපු චිත්‍රපට තරම් ප්‍රේක්ශක අවධානයක්වත්, බොක්ස් ඔෆිස් වාර්තාවක්වත් තියන්න සමත් වුණේ නෑ. 2003 අවුරුද්දෙදි තමයි කරිශ්මා හින්දි සිනමාවෙන් විවේකයක් ලබාගන්න තීරණය කරගෙන ඈත්වෙන්නෙ.

අපි හැමෝම දන්නවා කරිශ්මා කපූර් කියන්නෙ විවාහයෙ බිඳ වැටුණු දරුවො ඉන්න අම්මා කෙනෙක්. ඒ වගේම මේ විවාහය කරගන්න කලියෙන් කරිශ්මාට අභිශේක් බච්චන් එක්ක ප්‍රේම සබඳතාවයක් තිබුනා කියන එකත් ඒ සබඳතාවය විවාහය ඔන්න මෙන්න කියල තියාගෙන බිඳ වැටුණා කියන එකත් අපි හැමෝටම රහසක් නම් නෙවෙයි.
කරිශ්මා කියන්නෙ එච්චර තමන්ගෙ පෞද්ගලික ජීවිතේ මාධ්‍ය ඉදිරියට අරගෙන එන්න කැමති කෙනෙක් නොවුනත් අජේ දෙව්ගන් සහ අභිශේක් බච්චන් එක්ක කරිශ්මා යාලුවෙලා කියල හිටිය එක නම් මාධ්‍යයෙන් වසං කරගෙන ඉන්න එයාට පුලුවන්කමක් තිබුණෙ නෑ. 2002 ඔක්තෝබර් මාසයෙදි අමිතාම් බච්චන්ගෙ 60 වෙනි උපන්දින උත්සවයෙදි තමයි කරිශ්මා සහ අභිශේක් දෙන්නා විවාහ වෙන්න ඉන්නවා කියන එක මාධ්‍යයට නිල වශයෙන් නිවේදනය කරේ. බොලිවුඩයේ ඉන්න දැවැන්තම පවුල් දෙකක එකතුවීම ඇත්තටම හැමෝම වගේම හරිම ආදරයෙන් භාරගත්තා කියන එක කියන්නම ඔන.
ඒ වුණාට ඉතින් හැමදේම වෙන්නෙ අපි හිතාගෙන ඉන්න විදියටම නෙවෙයිනෙ. අන්න ඒ නිසාම තමයි මේ විවාහ ගිවිස ගැනීමෙන් මාස හතරකට විතර පස්සෙ ඒ කියන්නෙ 2002 පෙබරවාරි මාසයෙදි අභිශේක් සහ කරිශ්මා ජෝඩුව තමන් විවාහ නොවන බවටත් තමන් අතර තිබුණ සබඳතාවය බිඳ වැටුණු බවටත් මාධ්‍යයට දැනුම් දෙන්නෙ.
මේ සිදුවීම පිටිපස්සෙ එක එක විදියෙ හේතු තියෙනවා කියන එක මිනිස්සු කිව්වට ලොකුවටම මෙතන හේතුව විදියට දක්වන්නෙ විවාහයට කලින් අභිශේක් බච්චන් සතුව තිබුන දේපල වලින් කොටසක් කරිශ්මා නමට හරවන්න කියල කරිශ්මාගෙ අම්මා වෙච්ච බබිතා කල ඉල්ලීමක් කියලා කියනවා. කොහොමහරි මේ විදියට මේ දෙන්නගෙ සම්බන්ධෙ බිඳ වැටුනට පස්සෙ ඒ අවුරුද්දෙම සැප්තැම්බර් 29 වෙනිදා කරිශ්මා සික්ස්ට් ඉන්ඩියා හි ප්‍රධාන විධායක නිලධාරී වෙන සංජේ කපූර් එක්ක විවාහ වෙනවා. සාමාන්‍ය කපූර් සම්ප්‍රදායට අනුව මේ විවාහය සිදුවෙන්නෙ රාජ් කපූර්ගෙ මහගෙදර වන කපූර් නිවසෙදි. එහෙම නැත්තක් RK Cottage වලදි. මේ විවාහය සික් සම්ප්‍රදායට අනුව කෙරුණ විවාහයක්. 2005ාර්තු 11 වෙනිදා සංජේ සහ කරිශ්මාට දාව සමයිරා කියන දුව උපදිනවා. මේ දුවගෙ ඉපදීමෙන් පස්සෙ මේ දෙන්න අතර ගොඩක් ප්‍රශ්න ඇතිඋනා කියන එක මාධ්‍යයට දැනගන්න ලැබෙනවා. විශේෂයෙන්ම සංජේ සහ එයාගෙ අම්මා කරිශ්මාට හරිම නරක විදියට සැලකුවා කියන එක ගැන පසුකාලීනව මාධ්‍යයට දැනගන්න ලැබෙනවා.
ඒ අනුව තමයි සමයිරා කියන දුවත් කියාන් කියන තව පුතෙකුත් ඉපදුනාට පස්සෙ කරිශ්මා සහ සංජේ යුවල දික්කසාදයකට යන්නෙ. කියාන්ගෙ ඉපදීමෙන් දවස් ගාණකට පස්සෙ තමයි කරිශ්මා සංජේගෙ නිවසෙන් පිටත්වෙලා ඇවිල්ල දික්කසාදය සඳහා යන්නෙ.මේ දික්කසාදය අතරවාරෙ මේ දෙන්නට දෙන්න දෙපැත්තටම මඩ ගහ ගත්ත බව අදටත් මේ ගැන ලියවිල තියෙන විවිධ මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. ඒ වගේම කරිශ්ම විසින් විවාහය ඇතුලෙදි තමන්ට මූණ දෙන්න උන කටුක අත්දැකීම් ගොඩක් මේ කාලය අතරවාරෙදි එලියට දානවා. එයින් එකක් වෙන්නෙ සංජේ කියන එයාගෙ සැමියා කරිශ්මට හරියට ශාරීරික අඩත්තේට්ටම් කරා කියන එක. 2016 අවුරුද්දෙදි තමයි මේ දෙන්නට දික්කසාද වෙන්න නඩු තීන්දුව ලැබෙන්නෙ. මේ දික්කසාදයෙන් පස්සෙ දරුවො දෙන්නගෙ භාරකාරත්වය හම්බ වෙන්නෙ කරිශ්මාට. ඒ වගේම දික්කසාදයැන් වන්දි විදියට සංජේගෙ පැත්තෙන් ලොකු මුදලක් කරිශ්මට ලැබෙනවා.
විවාහය නිසාම බොලිවුඩයෙන් අවුරුදු දහයකටත් එහා කාලයක් ඈත්වෙලා උන්නු කරිශ්මා මේ දික්කසාදයෙන් පස්සෙ ආයෙම වතාවක් ජීවිතේ පටන් අරගත්තට පස්සෙ රඟපාපු, සහභාගි වුන චිට්‍රපට සහ වැඩසටහන් කීපයක්ම තියෙනවා. Murder Mubarak කියන්නෙ ඒ චිත්‍රපට අතරින් උඩින්ම තියෙන එකක් කිව්වොතින් හරි.
අවුරුදු ගණනාවක් චිත්‍රපට ක්ශේත්‍රයෙන් ඈත්වෙලා උන්නු එක ගැන කරිශ්මා වතාවක් මාධ්‍යයට අදහස් දැක්වුවෙ මෙන්න මේ විදියට.
“අවංකවම, ඒක මගේ කැමැත්තෙන් පිට දෙයක්. මගේ ළමයි පොඩියි. මට ගෙදර ඉන්න ඕන වුණා. මම අසාමාන්‍ය ලෙස තරුණ වයසේදී වැඩ කරන්න පටන් ගත්ත කෙනෙක්නෙ. මම පාසලෙන් පිටවෙච්ච දවසෙ ඉඳලා වැඩ කළා. ඒ වගේම මම එක දිගට චිත්‍රපට ගොඩක් කළා. මම අවුරුදු ගාණක්පුරාවට එක දවසෙ shifts තුනක් හතරක් මාරුවෙන් මාරුවට වැඩ කරා. මට හැම අවුරුද්දකම වගේ චිත්‍රපට 8-10 රිලීස් කරගන්න හැකියාව තිබ්බා. වාසනාවකට වගේ, ඒවායින් බොහොමයක් සාර්ථක වුණා. ඒ උනත් ප්‍රශ්නෙ උනේ මම ඕනවට වඩා මහන්සි වෙලා වැඩ කර හන්දා මටම මාව burnout වෙන්න යනවා කියලා තේරිච්ච එක. ඒකයි මම චිත්‍රපට වලින් ඈත් වුනේ”
ඉතින් දිලීසෙන සියල්ල රත්තරන් නොවෙන බවට ඇත්ත ජීවිතේ දෙන්න පුලුවන් හොඳම උදාහරණයක් තමයි කරිශ්මා කියන්නේ. බොලිවුඩයේ හොඳම හොඳ පවුලකින් ආවත් ජීවිතේ උඩට එන්න කරිශ්මාට සෑහෙන දුක් මහන්සි වෙන්න උනා කියන එක හැමෝම වගේ දන්න කාරණාවක්.
ඉතින් ආයෙම පොඩ්ඩ පොඩ්ඩ කරිශ්මව රිදී තිරයේ දකින්න අවස්තාව ලැබෙන එකේ අපි බලාගෙන ඉමු ඇය ඒ අභියෝගය කොහොම භාරගනීවිද කියලා.
ඒ වගේම කරිශ්මා රඟපාපු චිත්‍රපට අතරින් මම ආසම චිත්‍රපටය තමයි සුබෙයිදා. බලලා නැත්තම් බලන්න කියල හරි ආදරෙන් ඉල්ලන ගමන්ම ඔයාලා බලපු කරිශ්මහෙ ඔයාලා ආසම චිත්‍රපටය යටින් කමෙන්ට් එකක් විදියට තියාගෙන යන්න කියලත් ආදරෙන් ඉල්ලනවා!
ReplyForwardAdd reaction |