විටමින් ඩී අඩු වුනාම මොකද වෙන්නේ

හිතකර ශරීර සෞඛ්‍යයක් වගේම  නිරෝගී දිවිපෙවෙතක් කියන්නේ අපි ඉපදෙන දවසේ ඉඳන්ැරෙනකල්ම බලාපොරොත්තු වෙන දෙයක්. නීරෝගී කම උතුම්ම ධනය කියලා කියන්නේත්, ඒ තරමටම නීරෝගීව ජීවත්වීම වටින නිසා. ඉතින් මේ වගේ නීරෝගීමත් ජීවිතයක් ගත කිරීම සඳහා ඉතාම වැදගත් කාරණයක් තමයි, සමබල ආහාර වේලක් ලබාගන්න එක. සමබල ආහාර වේලක කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් , විටමින්, ලිපිඩ, ඛනිජ ලවණ සහ තන්තුමය ආහාර වගේම විටමින්  වර්ගත් තියෙන්න අවශ්‍යයි. මේ සියලුම පෝෂක අඩු වැඩියෙන් අපේ ශරීරයේ නීරෝගී පැවැත්මට වැදගත් වෙනවා. වෛද්‍ය නිර්දේශයන්ට අනුව පවා මේ පෝෂක වල අවශ්‍යතාවයන් තහවුරු කෙරිලා තියෙනවා.

අපේ ශරීරය තුළ සිදුවෙන ජීව ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා උපකාරී වන විටමින් මේ අතරින් ඉතාම වැදගත් පෝෂකයක්. A, B ,C ,D ,E ,K යන කාණ්ඩ ගණනාවක් යටතේ පුලුල්ව වර්ගීකරණයට ලක් වන විටමින් අතරින් ශරීර වර්ධනයට සහ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය ප්‍රධාන සංඝටකයක් ලෙස විටමින් D  ගැන තමයි අද ස්මාර්ට් ලේඩි මේ ලිපියෙන් අපි කතා කරන්නේ.

රුධිරයේ කැල්සියම් මට්ටම පාලනය කරනු ලබන හෝමෝනයක් ලෙස විටමින් D  වැදගත් වෙනවා.  අප එදිනෙදා ආහාරයට ගන්න  ආහාර ශරීරයට අවශෝෂණය කර ගැනීමේ කාර්යයටත් විටමින් D වලින් ප්‍රධානම මෙහෙයක් ඉටු වෙනවා. ඒ වගේම මිනිස් ශරීරයේ අස්ති සහ දත් ශක්තිමත් කිරීම සඳහාත් විටමින් D වලින් වැදගත් මෙහෙයක් ඉටු කෙරෙනවා. ශරීරයට කැල්සියම් (Calcium) සහ ෆොස්ෆරස් (Phosphorus) නිවැරදිව අවශෝෂණය කරගැනීම මඟින් තමයි මේ කාර්‍යයයන් වඩාත් හොඳින් සිදු කරන්නේ.

කොහොමද විටමින් ඩී ශරීරයට ලබා ගන්නේ ?.

ප්‍රධාන වශයෙන්ම අපි පෝෂක ශරීරයට ලබාගන්නේ ආහාර වලින් බව ඔබ දන්නවානේ?.. ඉතින්, විටමින් ඩී අවශ්‍යතාවයත් ඒ වගේම සපුරාගන්න පුලුවන්.  බිත්තර කහ මදය, රතු මස්, සත්ව අක්මාව, යෝගට්,කිරි, මාගරින්,කුඩාමාලු, ඇතැම් ධාන්‍ය වර්ගත් විටමින් ඩී සපිරි ආහාර විදියට පෝෂණවේදීන් ආහාර වට්ටෝරු සඳහා යෝජනා කරනවා.

ඒ වගේම ආහාර වලින් ලබාගන්නා විටමින් ඩී වලට අමතරව හිරු එළියට නිරාවරණය වීම මඟිනුත් විටමින් ඩී ශරීර ගත කරගන්න හැකියාව ලැබෙනවා. මුලදී යෝජනා කරලා තිබුනේ උදෑසන  7 ,8, 9 වැනි කාලවලදී  හිරු එළිය සිරුරට අවශෝෂණය කරගත යුතු බවට  උනත්, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නවතම දත්ත වලට අනුව විටමින්ඩී ඔබේ ශරීරයට  අවශෝෂණයට සුදුසුම වෙලාව උදෑසන 10.00ත්  සවස 3.00ත් අතර කාලය බවත් යෝජනා කෙරිලා තියෙනවා. ඒ කාලය ඇතුලතදී විනාඩි  පහලොවක් විස්සක් වගේ කාලයක්    සාමාන්‍ය ඇඳුමකින් සූදානම් වෙලා හිරු එළියට ඔබව නිරාවරණැය වීම සුදුසු බව තමයි යෝජනා කෙරිලා තියෙන්නේ.

ඒ වගේම ආහාර වලින් සහ හිරු එළියෙන් ප්‍රමාණවත් විටමින් ඩී ප්‍රමාණයක් ඔබට නොලැබෙන බව වෛද්‍යවරුන් සොයාගත්තොත් විටමින් ඩී පෙති සහ දියර විදියට නියමිත මාත්‍රාවලින් ශරීරයට  ලබා දෙන්නත් ඔබට හැකියාව තියෙනවා. වෛද්‍ය උපදෙස් එක්ක ඒ වගේ ආහාර අතිරේක ලබාගන්න එකත් ඔබට විටමින් ඩී අඩුවක් ණැතිව ශරීරයට ලබා දෙන්න වැදගත්.

විටමින් ඩී ශරීරයට කොච්චරක් අවශ්‍යද ?

අපේ ශරීරයට අවශ්‍ය වන විටමින් ඩී ප්‍රමාණය වයස් ඛාණ්ඩ වලට අනුව වෙනස් වෙනවා. ඒ වගේම එක් එක් පුද්ගලයන්ගේ වර්ගීකරණයත් විටමින් ඩී අවශ්‍යතාවයට බලපානවා. විශේෂයෙන්ම  අස්ථි වර්ධනය වේගවත්ව වන ළදරු සහ ළමා අවධියේදී, ගර්භණී සහ කිරි දෙන මවුවරුන්ට මයික්‍රොග්‍රෑම් 10 (10mcg) සිට 20mcg ප්‍රමාණයක් ශරීරයට අවශ්‍ය බව  වෛද්‍ය පර්‍යේශක මත වලින් කියැවෙනවා.

විටමින් ඩී නැති වුනාම මොකද වෙන්නේ ?

විටමින් ඩී කියන්නේ ශරීරටය ඉතාම අත්‍යාවශ්‍ය විටමිනයක් බව දැනටම ඔබ දන්නවානේ. ඉතින් ඒ වගේම මතක තියාගන්න ඕනි අනෙක් කාරණාව තමයි විටමින් ඩී කියන්නේ කොයිතරම් අත්‍යාවශ්‍ය විටමිනයක් වුනත්, වැඩියෙන් ශරීරයට ලබාගන්නා එකත් ඒ තරම් හොඳ නැති බව. දිර්ඝ කාලීනව විටමින් ඩී වැඩිපුර ශරීරයට එකතු කරගන්න කවුරුන් හො කටයුතු කලොත් එය අතුරු රෝගාබාධයන්ට හේතු වන්නට පිලිවන්.විශේෂයෙන්ම ශරිරය තුළ කැල්සියම් එකතු වෙලා අස්ථි  දුර්වලව ගිහිල්ලා, වකුගඩු සහ හදවතට හානි සිදුවෙන්නත් පුලුවන්.

විටමින් ඩී අඩුවෙන් ශරීරයට සැපයීමත් මේ වගේම රෝගාබාධයන්ට හේතු වෙනවා. ශරීරයට වෙහෙස, තෙහෙට්ටුව, ශරීරයේ කැක්කුම් සහ වේදනා, ඔස්ටියෝපොරෝසිස් වගේ දරුණු අස්ථි සහ මාංශපේෂි වේදනාවලට වගේම අස්ථි ඉරිතලා යෑම් සහ බිඳීම් වගේම කැඩී යාම් පවා සිදුවෙන්න පුලුවන්.

ඒ වගේම විටමින් ඩී අඩු වුනාම නින්දේදි ඇතිවන ශ්වසන අපහසුතා තත්ව ඇති වෙන්නත් පුලුවන්.  ඒ වගේම ඔබේ  මතක ශක්තිය අඩු බවක් ඔබට දැනෙනවා නම් ඒකට හේතුවක් වෙන්න පුලුවන් විටමින් ඩී අඩුවීම. ඒ වගේම දවල් කාලයට දැනෙන දැඩි මහන්සිය සහ කාන්සියටත් මේ විටමින් ඩී ඌණ වීම බලපානවා. ඇඟේ පතේ තෙහෙට්ටුව, අස්ථි වේදනාව, කොන්දේ වේදනාව, මාංශපේශි වල කැක්කුම්, මානසික අවපීඩනය, ප්‍රතිශක්තිය අඩු වීම කියන්නේත් විටමින් ඩී ඌණ වීම නිසා ඔබට මුහුණ දෙන්න වෙන  අහිතකර බලපෑම්

නිසි පරිදි විටමින්  ඩී ශරීරයට සපයා ගත්තාම ඇතැම් රෝග ඇතිවීමේ අවධානම අඩු කරගෙන වඩා සුවපත් ජීවිතයක් ගෙවන්න ඔබට හැකියාව ලැබෙන බවත් කියන්නම ඕනි.

Related Articles

Don't Miss


Latest Articles