බිඳී ගිය ඇගේ හිතේ කතාව – Dear Zindagi

Dear Zindagi කියන්නෙ මම බලපු ෆිල්ම්ස් වලින් ශාරුක්ගෙ මම ආසම කරන ෆිල්ම් එකක්.

මේ ෆිල්ම් එකේ ශාරුක්ට අමතරව අපි තව ආස කරන නිලියක් වන ආලියා බාත් රඟපානවා.

ඉතින් අපි බලමු මේ ෆිල්ම් එකේ මොකද වෙන්නෙ කියල.

කයිරා. එයා තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතෙ රඟපාන්නෙ. කයිරා කියන්නෙ සිනමටෝග්‍රැෆර් කෙනෙක්. එයා වැඩකරන්නෙ මුම්බායි වල පුංචි කම්පනි එකක. කයිරාගෙ බලාපොරොත්තුව කවද හරි එයාගෙම කියල ෆිල්ම්ස් හදන එක තමයි.

කයිරා දක්ශයි හැබැයි ටිකක් නාහෙට නාහන ගති ලක්ෂන පෙන්නන කෙල්ලෙක්. මෙයාගෙ හොඳම යාලුවො වෙන්නෙ ෆාතිමා, ජැකී සහ ගන්ජු. කයිරා දවල් දවසෙම මහන්සිවෙලා වැඩ කරල රෑට තමන්ගෙ යාලුවො එක්ක ක්ලබ් යනව, විනෝදෙන් ඉන්නවා.

කයිරට හරි ඉක්මනට තරහත් යනවා.

කයිරාට ඉන්නවා Childhood sweetheart  කෙනෙක්. ඒ තමයි සිද්. එයා බාර් එකක අයිතිකාරයෙක්. හැබයි කයිරා සිද් එක්ක බ්‍රේක් අප් වෙනවා. ඒ කයිරගෙම වරදක් නිසා. එයා රඝුවේන්ද්‍ර කියන චිත්‍රපට අධ්‍යක්ශකවරයා එක්ක දවසක් රැයක් ගතකරනව. ඒ නිසාම තමන් සිද්ගෙන් අයින් වෙන්න ඕන කියල කයිරා තීරනය කරනවා.

හැබැයි රගුවේන්ද්‍ර කවදාවත් කයිරව බඳින්න හිතන්නෙනෑ. එයා එයාගෙ පරන පෙම්වතී එක්ක එන්ගේග් වෙනවා. ඒ අතරවාරෙම කයිරා නැවතිල ඉන්න බෝඩිමේ ලෑන්ඩ්ලෝර්ඩ් එයාට බෝඩිමෙන් යන්න කියනව මොකද කයිරාගෙ මේ සෙල්ලක්කාර ලයිෆ් ස්ටයිල් එක තමන්ට නොගැලපෙන බව හිතලා.

ඔන්න ඔය හේතු ඔක්කොම නිසා කයිරා ගෝආ වලට යනව එයාගෙ මව් දෙමව්පියන් එක්ක ඉන්න. හැබැයි කයිරා මේ තීරනය ගන්නෙ සතුටෙන් නෙවෙයි. මොකද එයාට ප්‍රශ්න තියෙනව එයාගෙ අම්මල එක්ක. පොඩි කාලෙ ඉඳල කයිරගෙ හිත රිදෙන දේවල් කරන්න මේ අම්මල පෙලඹිල තියෙනවා.

ඉතින් මේ හිත අස්සෙ තියෙන කරදර නිසාම කයිරට හරියාකාර නින්දක් ලැබෙන්නෙ නෑ. එක්කො නින්ද යන්නෙ නෑ. එහෙම නැත්තම් නිදාගත්තට රෑ මැදියමේ ඇහැරෙනව. මේ නිසාම කයිර දවල් දවස තිස්සෙත් ඉන්නෙ හරිම නොසංසුන්ව. රෑට නින්ද නොගියම දවල් දවසට තියෙන අමාරුව කොච්චරද කියල මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

මේ නිසාම කයිර හිතනව තමන් ස්ලීප් තෙරපි වලට යන්න ඕන කියල. ප්‍රශ්නෙ තියෙන්නෙ තමන්ගෙ ඔලුව ඇතුලෙ බව කයිර නොදන්නව නෙවෙයි. ඒත් ඒ ඔලුව ඇතුලෙ තියෙන ප්‍රශ්නවලට වේදනාවලට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියන එක කයිරට හොයාගන්න හරිම අපහසුයි.

මේ නිසාම තමයි එයා යන්නෙ ජෙහන්ගිර් ජග් ඛාන් කියන්න වෛද්‍යවරයා ලඟට. මේ චරිතෙ රඟපාන්නෙ ශාරුක්. අපි නිතරම ශාරුක්ව දකින පෙම්වතාගෙ චරිතෙන් එහාට ගිහින් ශාරුක් මේ චිත්‍රපටය ඇතුලෙ රඟපාන Matured චරිතයට ඕනම කෙනෙක් වහ වැටෙනව කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ.

ඉතින් ශාරුක්, එහෙම නැත්තම් මේ වෛද්‍ය ජෙහන්ගිර් කියන්නෙ මානසික වෛද්‍යවරයෙක්. උපදේශකවරයෙක්. ඉතින් කයිරා ගිහින් කියනව තමන්ට නින්ද නොයන ගැටලුවක් තියෙන බවත්. ඒ නිසාම තමන් ඉන්නෙ හරිම අපහසුවෙන් බවත්.

කයිරා මේ ජෙහන්ගිර් ව දැනගන්නෙත් එයා මානසික රෝග පිලිබඳ සම්මන්ත්‍රනයක කරන කතාබහ අහගෙන ඉඳල. අනිත් වෛද්‍යවරුන්ට වඩා ජෙහන්ගිර් මේ ප්‍රශ්න ගැන වෙනස් විදියට දකින එකම කයිරට එයාව හොයාගෙන යන්න උදව් කරනවා.

මුලින් ජෙහන්ගිර් වෛද්‍යවරයාගෙ ප්‍රතිකාර ක්‍රම කයිරට සෙට් වෙන්නෙ නැති උනත් ටිකෙන් ටික කයිරව තමන්ගෙ පැත්තට හරවගන්න ජෙහන්ගිර්ට පුලුවන් වෙනවා. ඒ ඔස්සේ කයිරට ට්‍රීට්මන්ට් කරන්නත් එයාට පුලුවන් වෙනවා.

මේ දෙන්න අතරෙ යන කතාබහ හරිම ලස්සනයි වගේම ඕනම කෙනෙක්ට තමන්ගෙ ජීවිතේට රිලේට් කරගන්න පුලුවන් දේවල්.

මේ කතා බහ යන අතරවාරෙ කයිරා තව පෙම්වතෙක්ව හොයාගන්නවා. එයාගෙ නම රූමි. මේ රූමි තමයි ගොඩක් අය ආදරේ කරන ආස කරන Tu hi Hai කියන සිංදුව කියන්නෙ. ඉතින් සිංදුව හරහා කයිරා එක්ක යාලුවෙන රුමිට පුලුවන් වෙනව. මුල් දවස්වල කිරි පැණි වගේ උන්නට මොකද පස්සෙ පස්සෙ මේ දෙන්න අතරෙ ප්‍රශ්න එන්නෙ නැතුවම නොවෙයි. ඒ ප්‍රශ්න නිසාම රූමි එක්කත් කයිරා බ්‍රේක් අප් වෙනවා.

ඒ වගේම කයිරගෙ මල්ලි එක්ක කයිරා ආයෙ එකතුවෙනව. මෙතනදි අපිට නොතේරෙන, ඒත් කයිරගෙ පුංචි කාලෙ වෙච්ච වේදනාබර සිදුවීමක් කයිරගෙ ගෙදර තියෙන රෑ කෑමකදි මතුවෙනව. ඒ ඉතාම කෝප වෙන කයිරා තමන්ගෙ වේදනාව වචන වලින් පිට කරනවත් එක්කම. බාල සහෝදරයෙක් ඉන්න ඕනම ගෙදරක වැඩිමහල් සහෝදරයට මව් දෙමව්පියන්ගෙ ලැබෙන ඇටෙන්ශන් එක අඩු බව ඔබත් මමත් දන්නව. ඒ දේ මොන තරම් නරකයි කියල අපි කිව්වත් අදටත් බොහෝ තැන්වල තියෙන බව අපි අමුතුවෙන් කියන්න ඕන නෑ.

කයිර පුංචි කාලෙ එයාගෙ බාල සහෝදරයව හම්බුවෙන්න ඉද්දි එයාගෙ අම්මලටත් කයිරව අමතක වෙලා තියෙනව. කයිර ලියුම් යැව්වට එයගෙ අම්මල ඒ එක ලියුමක්වත් කියවලවත් නැති බවත් අම්මලට තමන්ව සහමුලින්ම අමතක වෙලා දැනගත්තට පස්සෙ කයිරගෙ හිත සෑහෙන බිඳෙනව. ඒ බිඳ වැටීම තමයි කයිරා එක එක මිනිස්සුන්ගෙන් ආදරේ හොයන්න යන තැනට පත් කරන්නෙ.

කයිරගෙ වේදනාව අඳුනගන්න ජෙහන්ගිර් මේ හැම ප්‍රශ්නයක්ම බොහොම නිසංසලේ විසඳනව. එහෙම නැත්තම් තේරුම් ගන්න, හිතෙන් අමතක කරන්න කයිරට උදව් කරනවා.

බිඳිච්ච ලමේක්ව සනසන්න උදව් වෙනව.

කයිරා තේරුම් ගන්නව තමන්ගෙ ජීවිතේට ජෙහන්ගිර් ගෙ තියෙන වැදගත්කම, වගේම තමන් ජෙහන්ගිර්ට ආදරේ බව.

ඒත් ජෙහන්ගිර්ට පුලුවන් වෙයිද කවදාවත් කයිරාට ආදරේ කරන්න?

Related Articles

Don't Miss


Latest Articles