හොද කාලෙ

සත්සරණිගේ ජීවිතේ සැබෑ තත්වය දැනගත්තාම ඇයට ප්‍රේම කරන්න උත්සාහ කරපු කිහිප දෙනෙක්ම ආපහු හැරුණා. රූමත් ඇයට ප්‍රේම කරන්න හිතාගෙන ඇය එක්ක හාද වෙන්න උත්සාහ කරපු  ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කිහිප දෙනෙක් වගේම,  අහල පහල තිබුන කර්මාන්ත ශාලාවලින් ඇය ගැන  විස්තර හොයපු කිහිප දෙනෙක්මත් මේ අතර උන්නා.

“: උඹට තියෙන්නේ ඔය පවුලේ අලකලංචි ඒ අයට නොකියා ඉන්න …”

සත්සරණිගේ පවුලේ විස්තර දැනගත්තාට පස්සේ, සත්සරණිව ආශ්‍රය කරන්න විතරක් කැමති බව කියපු කොල්ලෙක්ට මහ සද්දෙන් බැණ බැණ පාර දිගේ ඇවිදගෙන ගියපු සත්සරණිට මිතුරිය කිව්වේ ඇය ගැන ඇත්තටම ආදරෙන්. සත්සරණි හිනා වුනා. ඒත් ඒ හිනාවේ තිබුණේ වේදනාවක් බව ඇගේ මිතුරියට වටහ ගන්න බැරි වුනේ  නැහැ

සත්සරණිට තවම යන්තම් විස්සයි. දෙවෙනි පාර උසස් පෙළින් සරසවි වරම් ලැබෙයි කියලා සත්සරණිට සෑහෙන්නම විශ්වාසයක් තියෙනවා. ඒත් සත්සරණි අවසාන විශය ලියලා එන දවසේ සත්සරණිගේ මුලු ජීවිතේම නැවතෙන සිදුවීමක් වෙලා තිබුනා.

සත්සරණිගේ තාත්තා පොල් කඩන්න ගිය ගෙදරක ගහකින් වැටිලා දෙපා බිඳිලා තිබුණා. මේක දැනගෙන මල්ලිවත් එක්කගෙන රෝහලට යමින් උන්න අම්මාව ත්‍රී රෝද රියකින් වද්දගෙන ගිහින් තිබුනා. ඒ අනතුරෙන් අම්මාගේ කකුලක් ඉවත් කරන්න සිදු වෙලා තිබුනා. මල්ලිගේ අත උරිස්ස ලඟින් බිඳිලා ගිහින් තිබුනා.මල්ලි සුවපත් වෙන්න මාස දහයක් පහු වේවි කියලා වෛද්‍යවරු කියලා තිබුණේ.

ඒ වෙනකල්, කාටවත් අත නොපා උන්න සත්සරණිලාගේ ජීවිත එක පාරටම නැවතුනා. සත්සරණිලාට කියල උන්න නෑදෑයොන්ටත් හැමදාම සත්සරණිලා වෙනුවෙන් උදව් පදව් කරන්න වත්කමක් තිබුණේ නැහැ.

” මම ගාර්මන්ට් යනවා…”

අන්තිමේදි සත්සරණි අම්මලාගෙන් අවසරය බලාපොරොත්තු නොවී තමන්ගේ තීරණය කියලා අලුත් රැකියාවට ආවා.

සත්සරණි පාසැලේ උන්න රූමත්ම කෙල්ල. ඒ හින්දාම ප්‍රේමාරාධනා වල  අඩුවක් නම් තිබුණේ නැහැ. හැබැයි සත්සරණි විශ්වාස කලේ එකම දෙයෛ

” අපේ හීන වලට අත්තටු දෙන්නේ ඉගෙන ගනන් එක …”

ඒත් අවාසනාව ඒ විදියට සත්සරණිව වහ ගත්තට පස්සේ සත්සරණිට තෝරාගැනීමක් කරන්නම වුනා.

මාස කිහිපයක් ගෙවුණා. සත්සරණි සරසවි වරම් ලැබුවා. අම්මලාට නොපෙනෙන්න අඬලා  අඬලා සත්සරණි හිත හදාගන්න උත්සාහ කලා. දවස් දෙකකට විතර පස්සේ දවසක සත්සරණිගේ තාත්තා සත්සරනිට කතා කලා.

” පුතේ..ලබන ස්තියෙන් ගාර්මන්ට් එකෙ වැඩට එන්නේ නෑ කියලා එහෙ මහත්තුරුන්ට දැනුම් දෙන්න …”

” ඇයි ඒ තාත්තේ ?… අනෙක , එහෙම කරන්නේ කොහොමද ?…”

” උඹ මම කියන එක කරපංකෝ .. අල්ලපු වත්තේ පේන කැම්පස් එකට යන්න අවතාව ලැබිලා තියෙද්දී උබ ලබා හම්බකරගෙන කන්නේ කොහොමද මම ?…”

ඒ වෙනකොටත් තමන්ට කියලා අයිතියට තිබුණු ඉඩමෙන් කොටසක් විකුනලා ඒ මුදල් වලින් මාස කිහිපයක් හරි ජීවත් වෙන සැලැස්ම එක්ක උන්න සත්සරණිගේ තාත්තාව හොයාගෙන වෙන කෙනෙක් ඇවිල්ලා තිබුනා. ඒත් ඒ අදාලා කාලේ වෙනකල් සත්සරණි ඒ කිසිම දෙයක් දැනගන්න ඕනි නැහැ කියන පොරොන්දුවත් එක්ක.

” මම විරාජ් … සත්සරණිගේ  ගාර්මන්ට් එකට ඉස්සරහ තියෙන ෆැක්ට්‍රි එක මගේ … මම සත්සරණි ගැන ඇත්තටම අදහසින් ඉන්නේ ..  මගේ අම්මා ණෑ.. තාත්තා විතරයි ඉන්නේ… තාත්තත් මේ ගැන දන්නව.අ.. ඒත් මම දන්නවා, මගේ අදහ්ස සත්සරණිට කියන්න මේක නෙවෙයි වෙලාව කියලා.. ඒ වගේම මම හොඳටම දන්නවා, මම මෙවෙලේ එහෙම දෙයක් කිව්වාට සත්සරණි ඒකට එකඟ වෙන්නෙත් නෑ කියලා….”

තමන්ව හොයාගෙන ආව නන්නාදුනන පිරිමි ළමයා එහෙම කියනකොට සත්සරණිගේ දෙමාපියෝ කිසිම දෙයක්  ගලපාගන්න බැරුව බලාගෙන උන්නේ.

” මම සත්සරණිගේ කැම්පස් වියදම් බලාගන්නම් … සත්සරනිගේ තාත්තාටයි අම්මටයි ගෙදර ඉඳන් වැඩ ටික කරගන්න පුලුවන් විදියේ පුටු දෙකක් අරගෙන දෙන්නම්.. ඒ වගේම මල්ලිගේ ට්‍රීට්මන්ට්ස් ගැනත් බලන්නම් … මම දන්නේ නෑ මෙහෙම කියන එක ඔයාලා වැරදියට තේරුම් ගනීවිද කියලා… ඒත්, මම ඔයාලාව බලාගන්නම් තාත්තලාට කරන්න පුලුවන් ජොබ් එකක් හොයාගන්නක් …”

” මොනවාද මහත්තයෝ මේ කියන කතා ?…”

සත්සරණිගේ අම්මයි තාත්තයි දෙන්නාම එකපාරටම එහෙම ඇහුවා. ඒත් විරාජ් තමන්ගේ යෝජනාව වෙනස් කලේම නැහැ. අන්තිමේදි අම්මලා ඒ වෙනුවෙන් එකඟ වුණා.

” ඒත් මහත්තයෝ .. සත්සරණි මේ ගැන දන්නේ නැතිව, ළමයා වෙන තීරණයක් ගත්තොත් එහෙම මොකද කරන්නේ ? .. ම්මහත්තයාගේ හිතේ තියෙන ලෙංගතුකම දරුවා දන්නේ නැහැනේ…”

” ඒක මම බලාගන්නම් තාත්තේ.. වෙන්න තියෙන  හැම දෙයක්ම පිලිගන්න මම ලෑස්තියි … ජීවිතේ  අහිමිවීම්  ගැන මම ඕනෑවට වඩා දන්නවා…  ඒ නිසා මේ අහිමිවීම වුනත් සාධාරණව පිළිගන්න මම සූදානම් ….”

ඒ විදියට සත්සරණිගේ ජීවිතේට තටු ලැබෙන්න ගත්තා. සත්සරණි කැළණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හදාරන්න පටන් ගත්තා. ඒ අතරේ නිවසේ ඉඳන් කරන්න පුලුවන් පොඩි පොඩි ව්‍යාපාර වලත් නියැළුණා. තමන්ගේ වියදම් පුලුවන් තරමින් සපුරා ගන්න උත්සාහ කලා. සත්සරණි නොදැනම වුනත් ඒව්‍යාපාර වල බොහෝ මිලදී ගැනීම් කරලා තිබුනේ විරාජ්.

අවුරුද්දක් විතර ගෙවුණා. සත්සරණිගේ මල්ලි සුවපත් වුනා.

එක දවසක් මල්ලි කිව්ව කතාවකින් සත්සරණි කිසිම දෙයක් හිතාගන්න බැරුව ගල් ගැහුනා.

” මට තේරෙන්නේ නෑ අක්කේ.. බාලසූරිය මහත්තයාගේ පුතා අපේ ගෙදර යන්නේ එන්නේ ඇයි කියලා.. සමහර විට තාත්තාව රවට්ටගෙන මේ ඉඩම ගන්නද කියලාත් හිතෙනවා… ඇයි ඒගොල්ලන්ගේ බිස්නස් වලට මෙතන හොඳම තැන නේ…”

මල්ලි එහෙම කිව්වට පස්සේ සත්සරණි කලේ මිතුරියක් එක්ක විරාජ්ගේ කාර්‍යාලයට ගියපු එක. සත්සරණි ඇවිල්ලා කියලා පණිවිඩේ එනකොට විරාජ්ට හිතාගන්න බැරි වුනා. ඔහු ඇයවයි මිතුරියවයි කැබින් එකට එක්කගෙන ගියා.

” මිස්ටර් විරාජ් .. මම සත්සරණි …. ඔයා හොරෙන් හොරෙන් යන්නේ එන්නේ , අපේ ගෙදර ….”

සත්සරණි එහෙම කියනකොට විරාජ් අසීරුවෙන් හිනා වුනා. තමන්ට වඩා පස් අවුරුද්දක් බාල කෙල්ල ඉදිරියේ තමන්ගේ දිරි සිඳිලා යන බව දැනුනා.

” ඔව් .. මිස් සත්සරණි…”

” මේකයි මිස්ටර් විරාජ් … අපිට කියලා තියෙන්නේ ඔය ඉඩම විතරයි .. ඒක අයිති කරගන්න එක ඔයාලාට කොච්චරක් වටිනවාද කියලත් මට තේරෙනවා…. ඒත් මෙවෙලේ  මොන තත්වයක් යටතේ වුනත් ඒ ඉඩම කාටවත් දෙන්නේ නෑ අපි .. ඒ නිසා අපේ අම්මලා තාත්තලා අසරණ වෙලා ඉන්න එකෙන් ප්‍රයෝජන ගන්න එපා….”

සත්සරණි කෝපයෙන් එහෙම කිව්වා. විරාජ් කලේ හිස සලපු එක. හිත ඇතුලෙන් සත්සරණිගේ ධෛර්‍යමත් ඇස් වලට හාදු විසි වෙද්දී විරාජ් අසීරුවෙන් තත්වය පාලනය කරගත්තා.

කාලය ගෙවිලා ගියා. එක දවසක් අසනිප තත්වයක් නිසා වේලාසන ගෙදර ආව සත්සරණි මිදුලේ නවත්තලා තිබුන කැබ් එකක් දැකලා තිගැස්සුණා. සත්සරණි ගෙදර දොර ළඟට ඇවිදන් ගියේ හොර පූසියෙක් ගානට.

” අනේ මට තේරෙන්නේ නෑ පුතා …”

” සත්සරණි මේක හිතට බරක් කරගත්තොත් ඉගෙන ගන්න දේවල් පවා නැති වෙන්න පුලුවන් තාත්තේ.. ඒ හින්දා අනෙක්  අවුරුදු දෙකත් එහෙමම ගෙවුන දෙන්…:”

” මිනිස්සු මෙහෙම ආදරේ කරන එක මට විශ්වාස කරගන්න අමාරුයි  මගේ දෙයියනේ …”

සත්සරණිට කිසිම දෙයක් වැටහුනේ නැහැ. ඒ හින්දාම දෙපාරක් නොහිතා සත්සරණි සාලෙට ඇවිද්දා. සත්සරණිව දැක්ක විරාජ්  සුදුමැලි වුණා.

අම්මට  නම් ඒ නිරාවරණය වීම ගැන සැණසීමක් දැනුනා.

” මට සමාවෙන්න  මහත්තයා…”

අම්මගෙන් හැමදේම දැන ගත්තාට පහුවෙනිදා සත්සරණි විරාජ්ව මුණ ගැහෙන්න ගියේ තනියම.

” එහෙම සමාව ඉල්ලන්න ඔයා වරදක් කලේ නෑනේ සත්සරණි … ඔයාට නොදැනෙන්න මේ දේවල් කලාට මමයි හරි නම් සමාව ඉල්ලන්නෝනා… අනෙක, ඔහොම මහත්තයා කියලා ඔයා මට පවු පුරවනවා..”

” මේ ණය කොහොමද ගෙවන්නේ මහත්තයා මම . අපි මහත්තයලා කවදාවත්ම පෑහෙන්නේ නෑ මහත්තයා… ඒ නිසා ඒ දේවල් වෙන්නේ නෑ .. මම මේ ණය කොහොමම හරි ගෙවන්නම් ….”

විරාජ් කිසිම දෙයක් කියාගන්න බැරුව බලාගෙන උන්නා.

.

.

.

අවුරුදු හතක්  ගෙවුණා. සත්සරණි ඇය සේවය කරපු ඇඟලුම් කර්මාන්ත ශාලාවේම සෑහෙන වැටුපක් එක්ක රැකියාවක් කරා. සත්සරණිගේ මල්ලිත් රැකියාවක් කරනවා. ජීවිත වල සුභවාදී වෙනස්කම් තිබුනා. අද සත්සරණිගේ විවාහය. පෝරුවේ උන්න මනමාලයා සත්සරණිගේ සවනට ලං වෙලා කෙඳිරුවා.

” තව ණය වෙන්නම් .. ගෙවනවාද ?….”

සත්සරණි විරාජ් දිහාවට තරවටු බැල්මක් පා කලා. 

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles