මොකද්ද මේ Stress එක කියලා කියන්නේ?

“මට නම් මෙච්චර වැඩ කරලා එපා වෙලා තියෙන්නෙ අනේ. ඔෆිස් එකෙ වැඩ ඉවර කරලා ගෙදර එද්දි ආයෙ ගෙදර වැඩ කරන්න තියෙනවා කියලා දැක්ම්ම මට Stress වගේ අප්පා”

මේ වගේ කතන්දර ඔයා ඕන තරම් අහලත් ඇති. එහෙම නැත්තම් සමහරවිට ඔයාගෙ කටෙන් ඒ වගේ දෙයක් කියලත් ඇති. මේ Stressකියන වචනෙට අපි පාවිච්චි කරන වචන මහ ගොඩක් අස්සෙ දැන් දැන් වෙද්දි ලොකු ඉඩක් ලැබීගෙන යනවා කියන එක මට කාලයක් තිස්සෙ තේරිච්ච දෙයක්. ඒක ඔයාලටත් එහෙම වෙන්නැති කියලා හිතලා තමයි අපි හිතුවෙ අද මේ ගැන ඔයාලා එක්ක කතා කරනවා කියලා.

මොකද්ද මේ Stress එක කියලා කියන්නෙ?

දුෂ්කර තත්වයක් නිසා ඇතිවන කනස්සල්ල හෝ මානසික ආතතිය තමයි ඇත්තටම මේ Stress එක කියල කියන්නෙ. ආතතිය කියන්නෙ අපේ ජීවිතයේ අභියෝග සහ තර්ජන වලට මුහුණ දෙන්න අපිව පොළඹවන ස්වභාවික මිනිස් ප්‍රතිචාරයක් විදියට අපිට මේ තත්ත්වය කියන්න පුලුවන්.  හැම කෙනෙක්ම එක ගාණකට මේ Stress එක කියන දේ  ‍අත්විඳිනවා. කොහොම උනත් අපි Stress එජට ප්‍රතිචාර දක්වන විදිය අපේ සමස්ත යහපැවැත්වමට කරන වෙනස නම් මාරම ලොකුයි කියලා කියන්නම ඕන.

කොහොමද මේ ආතතිය කියන දේ අපිට බලපාන්නෙ?

මානසික ආතතිය මනසට සහ ශරීරයට කියන දෙකටම බලපාන දෙයක් බව මුලින්ම කියන්න ඕන අපි හිතුවට ආතතියෙන් වෙන්නෙ මානසික බලපෑමක් විතරයි කියල ඔන්න ඒක එහෙමම් නැති බව මතක තියාගන්න. පොඩි පහේ ආතතියක් එන එක සාමාන්‍ය දෙයක් විදියට වගේම අපි ඔය එදිනෙදා කරන වැඩ ටික කරගන්න සමහර වෙලාවට ඒක අපිට උදව්වක් වෙනවා. හැබැයි මේක ඔනවට වඩා වැඩි ප්‍රමාණෙකට යද්දි ඒක ශාරීරික වගෙම විශාල මානසික ගැටලු ඇති කරන්නත් හේතු වෙන විත්තිය අමතක කරන්න එපා.අන්න ඒ නිසා තමයි අපි ඉගෙන ගන්න ඕන ආතතියක් ඇතිවෙච්ච තත්ත්වෙකදි අපි කොහොමද ඒක අපිට ලොකු බලපෑමක් ඇති කරන්නෙ නැති වෙන විදියට මේන්ටේන් කරගන්න. 

ආතතිය තියෙනව කියල අපිට පෙන්වන ලක්ශණ මොනවද?

ආතතිය තියෙන එක අපිට පෙන්වන ලොකුම ලොකු ලක්ශණයක් තමයි අපිට විවේක ගන්න අපහසු වෙන එක. ඒ වගේම කාංසාව වගේම තරහා යන ලක්ශණ නිතරම වගේ දකින්න ඉඩක් තියෙනවා. ආතතියෙන් ඉද්දි අපිට හරිම අමාරුයි ෆෝකස් කරලා වැඪක් කරන්න. ශාරීරිකව දැනෙන වේදනාවන් හරි ලක්ශන හරි අරගත්තොත් අපිට කියන්න පුලුවන් ඔලුව රිදෙන එක, ඇඟපත අමාරුකම්, බඩේ අමාරුව, නින්ද යන්නෙ නැති එක වගේ දේවල්. ඒවගේම සමහර අයට කෑම රුචිය සහමුලින්ම නැතිවෙන්න වගේම සමහර අයට වෙනදට වඩා මහ තොගයක් කෑම කන්න පුලුවන් වෙනවා. ඔය එක්සෑම් කාලෙට වැඩිපුර කැවෙද්දි කට්ටිය ස්ට්‍රෙස් ඊටින් කියලා කියන්නෙ අන්න ඒක. 

නිදන්ගත ආතතිය කලින් තිබුණ වෙන වෙන ලෙඩ රෝග වර්ග වල වර්තමාන තත්ත්වය තව වැඩි කරන්න හේතු වෙන්න පුලුවන් වගේම මත්පැන් ගන්න එක, දුම්කොල භාවිතය, සිගරට් භාවිතය වගේ දේවල් වැඩි කරන්නත් හේතු වෙන්න පුලුවන්. 

 ආතති සහගත තත්වයන් මානසික සෞඛ්‍ය තත්වයන් ඇති කිරීමට හෝ උග්‍ර කිරීමට හේතු වෙනවා. ගොඩක් වෙලාවට කාංසාව, මානසික පීඩනය වගේ තත්ත්වයන් ඇතිවෙන්න ලොකු ඉඩක් තියෙන හන්දා ඒ වගේ දැනෙනවන්ම් ඔයා කරන්නම ඕන දේ තමයි අදාල වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන එක. මොකද එහෙම හරි ප්‍රතිකාරයක් නොගත්තොත් මේ තත්ත්වය තව තවත් උග්‍ර වෙලා ඔයාගෙ එදිනෙදා ජීවිතේට ලොකුම ලොකු නරක බලපෑම් ඇති කරන්න හේතු වෙන හන්දා.

හැමෝම ආතිතයට ප්‍රතිචාර දක්වන්නෙ එකම විදියටද?

අන්න ඒකට නම් උත්තරේ නෑ කියන එක තමයි. ඒ නිසා කිසිම වෙලාවක කෙනෙක් තමන් ඉන්නෙ ආතතියෙන් කියල කිව්වට පස්සෙ ඔයාට ආතතිය තියෙන කාලෙ ඔයා හැසිරිච්ච විදියට වඩා වෙනස හැසිරීමක් තියෙනව කියල “එයා කරන්නෙ බොරුවක්, ස්ට්‍රෙස් නම් ඔහොම හිනාවෙලා ඉන්නෙ කොහොමද?”වගේ ජජ්මන්ට්ස් වලට යන්න හිතන්න එපා. මොකද එක එක අය මේ වගේ සිටුවේශන් වලට රියැක්ට් කරන විදි මනුස්සයගෙන් මනුස්සයට වෙනස් වෙන නිසා.

ජීවිතේ විවිධාකාර තැන්වලදි මිනිස්සු ආතතියට පත්වෙන එක සාමාන්‍යද?

ඔව් ඒක හරිම සාමාන්‍ය දෙයක්. රැකියා සම්මුඛ පරීක්ෂණ, පාසල් විභාග, අනාරක්ෂිත රැකියාවක් හෝ පවුලේ අය, මිතුරන් හෝ සගයන් සමඟ ගැටුම් ඇතිවෙනවා වගේ අභියෝගාත්මක අවස්ථාවන්වලදි මනුස්සයෙක් ආතතියට පත්වෙන එක හරිම සාමාන්‍ය දෙයක්. ඒක ඒ වගේම ස්වභාවික දෙයක්. ගොඩක් අයට මේකට පුරුදු වෙන්න කාලයක් යනව වගේම මේ වගේ තත්ත්වයක මුල් කාලෙදි ඒකට මූණ දෙන්න ඕන හරි විදිය දන්නෙ නැති හන්දා දුකෙන්, අවුලෙන් ඉන්න උත්සහ කරන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ වගේ දේවල්වලට මුණ දෙන්න පුරුදු වෙද්දි කාලයත් එක්ක මේ තත්ත්වය චුට්ට චුට්ට අඩුවෙලා යනවා. හැබැයි ලොකු ආර්ථික අර්බුද, රෝග පැතිරීම්, ස්වාභාවික විපත්, යුද්ධ සහ ප්‍රජා ප්‍රචණ්ඩත්වය වැනි සිදුවීම් වලදී මිනිස්සු සමාජයක්,රටක් වගේ විදියට එකට ආතතියට පත්වෙන එකත් අද කාලෙ අපිට නිතරම වගේ දකින්න ලැබෙනවා.

මම ඉන්නෙ ආතතියෙන් කියන්නෙ මට කිසිම වැඩක් කරගන්න බෑ කියන එකද?

අපි අතරෙම ඉන්න ගොඩක් අය මේ ආතතිය කියන දේට ඩේලි ෆේස් කරනවා. හැබැයි එහෙම ෆේස් කරන ගමන්ම එයාලගෙ එදිනෙදා වැඩපල ටික ලස්සනට කරගන්නත් එයාලා කටයුතු කරනවා. ඒ වගේම ආතතිය එක්ක එදිනෙදා ජීවිතේට මූණ දීගෙන යද්දි ඒක තවදුරටත් කරගෙන යන්න අමාරුයි කියල හිතෙනවනම් කරන්න ඕන දේ තමයි සුදුසු උපදේශකවරයෙක් හම්බුවෙලා ඒකට මොකක් හරි ප්‍රතිකාරයක් අරගන්න එක. 

 කොහොමද අපි මේ Stress manage කරන්නෙ?

ආතති කළමනාකරණය ඉගෙන ගන්න

ආතති කාලවලදී වැදගත් දේ කරන එක – ආතතියට මුහුණ දීම සඳහා ප්‍රායෝගික කුසලතා ඇති පුද්ගලයින් සන්නද්ධ කිරීම තමයි මේ ආතති කළමනාකරණය කියල කියන්නෙ මේ වගේ උපදේශනයක් ඔයාට පුලුවන් උපදේශකවරයෙක්ගෙන් ලබාගන්න . 

දෛනික චර්යාවක් හදාගන්න

දිනපතා කාලසටහනකට අනුව වැඪ කරන එක මේ ආතති තත්ත්වයන් පොඩ්ඩක් දුරට හරි මග ඇරගන්න ඔයාට උදව් වෙනවා. ඒ වගේම මේ ආතතිය ගොඩක් වෙලාවට ඇතිවෙන්නෙ ඔයාට එදිනෙදා වැඩ ටික හරියට ගාණට කරගන්න බැරිවෙන එක නිසා නම් කාලසටහනයක අනුව වැඩ කරන එකෙන් දවසේ කාලය ගාණට මැනේජ් කරගෙන ආතතිය අඩු කරගන්න ඔයාට උදව් වෙනවා. 

ප්‍රමාණවත් නින්දක් ලබාගන්න එක වැදගත්

ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ශරීරයට සහ මනසට වැදගත් වෙනවා. නින්ද කියන දේ අපේ ඇඟට ආයෙම බැක් ටු නෝමල් වෙන්න උදව් කරන දෙයක්. පොඩ්ඩක් ශට් ඩ්වුන් වෙන්න උදව් කරන දෙයක්. 

ඒ නිසා බලන්න මෙන්න මේ පල්ලෙහ කියල තියෙන විදියට නිදාගන්න ඔයාලට පුලුවන්කම තියෙනවද කියන එක.

සති අන්ත ඇතුළුව සෑම රාත්‍රියකම එකම වේලාවක නින්දට ගොස් සෑම උදෑසනකම එකම වේලාවක නැගිටින්න.

හැකි නම්, ඔබේ නිදන ප්‍රදේශය නිස්කලංක, අඳුරු, විවේකී සහ සුවපහසු උෂ්ණත්වයක තබන්න.

නින්දට යාමට පෙර රූපවාහිනී, පරිගණක සහ ස්මාර්ට් දුරකථන වැනි ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය සීමා කරන්න.

නින්දට යාමට පෙර බර ආහාර, කැෆේන් සහ මධ්‍යසාර ගැනීමෙන් වළකින්න.

ව්‍යායාම කරන්න. දිවා කාලයේදී ශාරීරිකව ක්‍රියාශීලී වීම ඔබට රාත්‍රියේදී වඩාත් පහසුවෙන් නින්දට යාමට උපකාරී වේ.

සබඳතා පවත්වාගෙන යන එක

පවුලේ අය සහ මිතුරන් සමඟ සම්බන්ධතා පවත්වා ගන්න එක ඔයාට උදව් කරනවා ආතතියෙන් මිදෙන්න. මොකද එතකොට ඔයාට එයාලා එක්ක ඔයාගෙ ගැටලු බෙදා ගෙන ඔයා නොදැක්ක පැත්තකින් ඒ ප්‍රශ්න දිහා බලන්න පුලුවන්කමක් ලැබෙන හන්දා. 

සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න

අප කන බොන දේ අපගේ සෞඛ්‍යයට බලපානව කියලා අපි හැමෝම දන්නවනෙ. සමබර ආහාර වේලක් ගැනීමට සහ නිතිපතා කාලපරතරයන්හිදී ආහාර ගැනීමට උත්සාහ කරන්න ඕන අන්න ඒ හන්දා. ප්‍රමාණවත් තරම් වතුර බොන්න. පුලුවන් තරම් අලුත් එලවලු පලතුරු වගේ දේවල් කන්න. 

නිතිපතා ව්‍යායාම කරන්න 

නිතිපතා දිනපතා ව්‍යායාම කිරීම ආතතිය අඩු කිරීමට උපකාරී වෙනවා. මේකට මේ ජිම් එකකටම යන්න ඕන නෑ. පොඩ්ඩක් නිවාඩුවෙලාවක එලියට ගිහින් ඇවිදලා එන්න.

ප්‍රවෘත්ති බලන කාලය සීමා කරන්න 

රූපවාහිනියේ සහ සමාජ මාධ්‍යවල ප්‍රවෘත්ති බලන කාලය වැඩිවෙන තරමට අනුන්ගෙ ප්‍රශ්නත් ඔයාගෙ ඔලුවට වද දෙන්න තියෙන ඉඩ සහ ඒ නිසා ආතතිය ඇතිවෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා මේ වගේ දේවල් වලින් පොඩ්ඩක් ඈත්වෙන්න හරි එහෙම නැත්තම් ඒ වගේ දේවල් නරඹන කාලය අඩු කරගන්න අමතක කරන්න එපා.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles