අද අපි ඉන්න සමාජය තුළ හැමෝම අරමුණක් වෙනුවෙන් දුවනවා. එක්කෝ degree එකක්, එක්කෝ job එකක්, රට යන්න plan එකක්, wedding එකක්, promotion එකක්, car එකක්, house එකක්… මේ වගේ තමන්ම දාගත්ත තමන්ට set වෙන එක එක goals වලට ගැලපෙන්න හැමෝම දුවනවා.
කොච්චර දුවනවද කියනවනම් අපි ආදරේ කරන කෙනෙක් එක්ක එකතුවෙලා පොඩ්ඩක් කතා කරන්න, කන්න බොන්නවත් අපිට වෙලාවක් නෑ. මොකද මේ දිවිල්ල හන්දා. හැමෝම දෙයක් හොයනවා. හැමදේම quick. Fast. Efficient. Hustle.
ඒ අතරේ අපි වාඩිවෙලා හුස්මක් අරන්, “මම දුවන්නෙ හරි පාරෙද?” කියලා හිතන්න බලාගෙන ඉන්නව නම්, අන්න ඒ වගේ තැන්වලදි ඔයාට පොඩි guilty feeling එකක් උනත් දැනෙන්න පුලුවන්. හැමෝම “busy” වෙලා ඉන්න කාලෙක, “calm” වෙලා ඉඳීම අර ඔයාට ලබන්න සුදුසු නැති, luxury එකක් වගේ දැනෙන්න පුලුවන්. “හරිනම් මේ වෙලාවෙ මම එහෙම calm වෙලා ඉන්න බෑ නේද?” කියලා ඔයාට හිතෙන්න පුලුවන්.
Instagram එකේ, LinkedIn එකේ, නිතරම “update” වෙලා ඉන්න කෙනෙකුගෙ TikTok එකක් බලද්දී, එයාලා පෙන්නන දේ තමයි එයාලගෙ ඇත්තම ජීවිතේ කියලා හිතන්න අපි පෙලඹෙනවා. Filter කරපු ලස්සන පින්තූර, හරිම cozy, එහෙම නැත්තම් romantic pictures, reels එහෙම දකිද්දි අපිට නිකන් හිතෙන්න පටන් ගන්නවා “they’ve achieved everything” කියලා. අපේ ජීවිතේ තමයි pause වෙලා තියෙන්නේ කියලා අපිට හිතෙනවා. “මම මෙච්චර වයසට ගිහිල්ලා මොනවා වත් achieve කරගෙන නෑ, මම තාම කසාදයක් බැඳලා තියා මට කොල්ලෙක්වත් නෑ, මට මගේ කියල ඉන්න තැනක්, වාහනයක් නෑ, මගේ යාලුවන්ට බබාලා ඉන්නවා, මට තාම partner කෙනෙක්වත් නෑ” වගේ දේවල් අපි හිතන්න පටන් ගන්නවා.
එහෙම හිතෙද්දි අපේ හිත කියනවා, සමහර වෙලාවට අපේ ළඟම ඉන්න අය වෙන්නත් පුලුවන් – “ඔයා නම් තාම එකම තැන. ඔයා නතරවෙලා ඉද්දි ඔයාගෙ වටේ ඉන්න අනික් හැමෝම ඉස්සරහට යනවා” කියලා. ඒ කතන්දර, ඒ වචන අහගෙන ඉන්න කොච්චර අමාරුද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ.
අන්න ඒ හන්දමයි ඔයා මෙන්න මේ කතාව හොඳින්ම මතක තියාගන්න ඕන.
ඇත්ත අපි හැමෝම දුවනවා.. ඒත් අපි හැමෝම දුවන්නෙ එකම පැත්තට නෙවෙයි. හැමෝටම තියෙන්නෙ වෙනස් goals, වෙනස් timelines, වෙනස් starting points.
ඔයාගේ “late” කියන journey එක, වෙන කෙනෙකුට “right on time” වෙන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා.
සමහර කෙනෙක් අවුරුදු 25 වගේ වයසෙදිම millionaire කෙනෙක් වෙනවා. සමහර කෙනෙක් 45 දී තමයි තමන්ගෙ ජීවිතේ meaning එක හොයාගන්නෙ.
තව කෙනෙක්ට වයස අවුරුදු 19 වගේ වයසකදි love of their life හමුවෙනවා. ඒ අතරෙම තව කෙනෙක් ඉන්න පුලුවන් අවුරුදු තිස් ගණන් වෙනකනුත් break ups නිසා හිත රිද්දගත්ත.
දන්නවද, sometimes the best flowers bloom a little late. අනිත් අයගෙ වසන්ත කාලෙදි ඔයාගෙ උද්‍යානයේ තියෙන එක ගහක මලක් තියා මල් පොහොට්ටුවක්වත් ඇවිල්ලා නැතිවෙන්න පුලුවන්. හැබැයි අමතක කරන්න එපා අනිත් හැමෝගෙම ගිම්හාන කාලවලදි ඔයාගෙ උද්‍යානයේ විතරක් මල් හොඳටම පිපිලා තියෙන්න පුලුවන්.
“පමා වී පිපුණු මල් සුවඳයි” කියලා කසුන් කල්හාර කිව්ව බොරුවට නෙවෙයි කියන එක ඒ වෙලාවෙදි මතක් කරගන්න.
ඒක failure එකක් නෙවෙයි. ඒක direction adjust කරන දෙයක්. ඒක slow down එකක්. ඒක පොඩ්ඩක් හුස්ම අරගෙන, “මට මගේ පාරේ යන්න දෙන්න” කියන විදියෙ life update එකක්.
ඔයා ඉන්නෙ වෙන කෙනෙකුට වඩා පස්සෙන් වෙන්න පුලුවන්. හැබැයි අමතක කරන්න එපා ඉන්නෙ ඉස්සරහින්ද පස්සෙන්ද කියන එක අදාල නෑ මොකද ඔයාලා දෙන්නට තියෙන්නෙ වෙනම lifestyle දෙකක්. වෙනම goals.
ඔයා හොයන්නෙ success නෙවෙයි – peace.
ඔයාට ඕනෙ timeline එකක් නෙවෙයි – purpose.
ඔයාට ඕනෙ comparison නෙවෙයි – clarity.
හොඳ දේවල් පස්සෙ එනව. සමහර අයගෙ ජිවීතවලට හොඳ දේවල් එන්නෙ slow pace එකෙන්..
හොඳම දේවල් සමහර වෙලාවට silent way එකෙන් තමයි build වෙන්නෙ.
ඔයාට නිකන් ඔයා pause වෙලා වගේ දැනෙන්නෙ හැමෝම play mode එකේ ඉන්නෙ නිසා. එහෙම නැත්තම් හැමෝම තමන් play mode එකෙ ඉන්නවා කියලා පෙන්නන නිසා. හැබැයි අමතක කරන්න එපා මිනිස්සු ඔය social media වල පෙන්නන තරම්, කියන තරම් ජීවිතේ ලේසි නෑ, ඒ වගේම නිතරම on the move එකෙත් නෑ. හැමෝම ජීවිතේ pauses වලට face කරනවා.
දන්නවද, සමහර ලස්සනම මල් පිපෙන්නෙ පොඩ්ඩක් පස්සෙ. හැමෝම එකම වෙලාවේ පිපෙන්නෙ නෑ. මොකද සමහර මල්වලට අනිත් මල් වලට වඩා වැඩි හිරු එළිය, වැඩි වැස්සක් හෙවණක් එහෙම ඕනෙ වෙනවා. පොඩ්ඩක් calm weather එකක් ඕනෙ වෙනවා. ඒ වගේම අපි හැමෝගෙම ජිවීතවල තියෙන්නෙ එකම timing එකක් නෙවෙයි. හැමෝම තම තමන්ගේ own time එකට පිපෙනවා ලස්සනට.
Sometimes අපිට හැමදේම වේගෙන් වෙන්න ඕනෙ වගේ තේරෙනව. ඒත් ගොඩක් දේවල් slow pace එකෙන් තමයි ලස්සනට වෙන්නෙ. පොඩි වයසෙදි quickly success වෙනකොට, ඒක maintain කරන්නත් අමාරු වෙනවා. හැබැයි slow pace එකක හොඳ foundation එකක් දාගන්න කෙනා, පිපෙනකොට solid, long-lasting විදියට පිපෙනවා. ඒක තමයි ඇත්තටම ලස්සනටම පිපෙන moment එක. කිසි කලබලයක් නැතුව නිවි හැනහිල්ලෙ පිපෙන එක.
ඔයාට දැන් ජීවිතේ තාම settle වෙලා නෑ වගේ, තාම හොඳම දේ හමු වෙලා නෑ වගේ, තාම තමන් තමන්වම හොයනවා වගේ දැනුනත් – ඒක okay. ඒක normal. ඔයා late bloomer කෙනෙක් වෙන්න පුළුවන්. ඒක proud වෙන්න වටිනා දෙයක් මිසක් දුක්වෙන්න ඕන දෙයක් නෙවෙයි. Late blooming කියන්නෙ weak කියන එක නෙවෙයි.
දවසක ඔයා bloom වෙනව. ලස්සනට. හුඟාක් අය ඒක දැකලා පුදුම වෙයි. හැබැයි ඔයාට විතරයි තේරෙන්නෙ ඒ මල පිපෙන්න කලින් ඔයාට දරාගන්න උන දේවල් කොච්චරද කියන එක.
ඒක නිසා, ජීවිතේ slow යනවා කියලා අවුල් වෙන්න එපා. බය වෙන්න එපා. තවමත් පිපෙන්න ඔයාට වෙලාව තියෙනවා.
ඉතින් පමා වි වුනත් පිපුණ මල් සුවඳයි!
ReplyForwardAdd reaction |