2015 අගෝස්තු 17 වැනිදා, ලංකාවේ කොකාකෝලා කර්මාන්තශාලාවකින් ඩීසල් තෙල් ටිකක් කැලණි ගඟට කාන්දු වුණා. ඒකෙන් කොළඹ අවට මිලියන ගණනක් මිනිස්සු බොන වතුර දූෂණය වුණා. කොකාකෝලා කියන්නේ ලෝකේම ප්‍රසිද්ධ, බීම කර්මාන්තයේ නායකයා වුණු ඇමරිකානු බහුජාතික සමාගමක්. එයාලා කොච්චර ප්‍රසිද්ධ වුණත්, පසුගිය අවුරුදු කීපය තුළ, විශේෂයෙන්ම ජලය අනිසි විදිහට පාවිච්චි කිරීම නිසා, නොයෙකුත් පරිසර ප්‍රශ්නවලට එයාලා පැටලිලා තියෙනවා. මේ ප්‍රශ්න නිසා පරිසරයට බරපතළ හානි වුණු අවස්ථා ගොඩක් තියෙනවා. ඒ වගේම, කොකාකෝලා නිෂ්පාදන කරන ප්‍රදේශවල මිලියන ගණනක් මිනිස්සුන්ගේ ජීවිතවලටත්, එයාලගේ ජීවනෝපායන්ටත් මේකෙන් ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා.
ඒ වගේ එක ගමක් තමයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පලක්කාඩ් දිස්ත්‍රික්කයේ තියෙන, මාළු අල්ලන, ගොවිතැන් කරන පොඩි ගමක් වුණු ප්ලාචිමාඩා. 1999 දී කේරළ රජය කොකාකෝලා සමාගමේ ඉන්දියාවේ අනුබද්ධ සමාගමකට ප්ලාචිමාඩා වල කර්මාන්තශාලාවක් හදන්න අවසර දුන්නා. අවුරුදු දෙකක් ඇතුළත, කර්මාන්තශාලාවේ බලපෑම් ප්ලාචිමාඩා වැසියන්ට දැනෙන්න පටන් ගත්තා.
අහලා තියෙනවද කොකාකෝලා වගේ දැවැන්ත සමාගමක්, සාමාන්‍ය ගම්බද ගැහැනියක් ඉස්සරහා දණින් වැටුණු කතාවක්? කේරලයේ ප්ලාචිමාඩා කියන පොඩි ගමක ශාන්ති සෙන්තිල්කුමාර් කියන කාන්තාවක් තමයි ඒ විප්ලවය පටන් ගත්තේ. අදටත් ඇය නොනැවතී කරන ඒ සටන ගැනයි මේ කතාව.
ශාන්තිගේ පවුල ජීවත් වුණේ හරිම සරලව, සතුටින්. එයාගේ මහත්තයාගේ රස්සාවෙන් ලැබෙන ආදායමයි, ගෙවත්තේ වගා කරපු බෝගවලින් ලැබෙන දේවලින් තමයි එයාලා ජීවත් වුණේ. දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වුණු ශාන්ති ගොවිතැන් වැඩවලට හරිම දක්ෂයි. දවසක් මේ විදියට වගා වැඩ කර කර ඉන්න ශාන්තිට වගාවට පාවිච්චි කරපු ලිඳේ වතුර අසාමාන්‍ය විදිහට අඩුවෙන්න පටන් අරන් කියලා තේරෙනවා. වැස්ස අඩුවෙල තිබුණේ නැහැ, එයා ගොවිතැන් කරන ප්‍රමාණය වැඩි කරලත් තිබුණේ නැහැ. ඒත් වතුර මට්ටම දිගටම අඩුවෙනවා. ඊටත් වඩා නරකම දේ තමයි වතුරේ රස අප්‍රසන්න වෙන්න පටන් ගත්ත එක.
අසල්වැසි කාන්තාවන් එක්ක කතා කරද්දි, ශාන්තිට තේරුණා මේ ප්රශ්නය එයාට විතරක් නෙවෙයි තියෙන්නෙ කියලා. අනිත් අයටත් ඒකම වෙලා. සමහරු හිතුවා ඒක දේශගුණික විපර්යාස නිසා හරි, පරිසර දූෂණය නිසා හරි වෙන්න ඇති කියලා. ප්ලාචිමාඩා වගේ, කලින් පිරිසිදු වතුර ඕන තරම් තිබුණු ගමක මිනිස්සුන්ට දැන් වතුර බෝතල් මිලදී අරන් බොන්න සිද්ධ වුණා. ශාන්තිගේ පොඩි දරුවෝ දෙන්නගේ ඇඟේ කළු පැල්ලම් සහ බිබිලි මතුවෙන්න පටන් ගත්තේ ලිඳේ වතුරෙන් නෑවට පස්සේ. දොස්තර මහත්තයා කිව්වේ ඒක අපිරිසිදු වතුරෙන් හරි කෑමෙන් හරි වෙන්න පුළුවන් infection එකක් කියලා. අන්තිමට ලිඳේ වතුර මොකටවත් පාවිච්චි කරන්න බැරි තත්ත්වෙට ආවා. මුළු ගමම මේ ගැන කතා කරන්න පටන් ගත්තා.
සැකයයි, සටනේ ආරම්භයයි
ශාන්තිට සැක හිතුණා, ගමේ අලුතින් හදපු කර්මාන්තශාලාව මේකට හේතුව වෙන්න ඇති කියලා. මේ සමාගම ගමට රස්සා දුන්නා, ආදායම් වැඩි කළා, ඉතින් හැමෝම ඒ ගැන කතා කළේ හරිම ගෞරවයෙන්. ඒ විතරක් නෙවෙයි, ඒක ලෝක ප්‍රසිද්ධ බහුජාතික සමාගමක් ඉතින් බොරුවට චෝදනා කරන එක ලේසි වැඩක් නෙවෙයි.
ඒත් ශාන්ති තමන්ගේ සැකය කියන්න බය වුණේ නැහැ. එයා ගම්මුන්ට විවෘතවම කිව්වා, “අපේ වතුර විස වුණේවත්, ලිං හිඳුණේවත් කාලගුණ වෙනස්වීම් නිසා නෙවෙයි. අපේ ගමට අලුතින් ආපු එකම දේ තමයි ඒ ෆැක්ටේරිය. මං හිතන්නෙ ඒක හන්දා තමා වතුර නරක් වෙන්නෙ.”කියලා.
හැබැයි ගමේ පිරිමි එයාට හිනා වුණා. “ගෑනු මොනවද දන්නෙ? උඹලා ඉන්නේ ළමයි බලාගන්නයි, ගොවිතැන් කරන්නයි. අපිට රස්සා දීලා, දියුණු කරපු සමාගමකට චෝදනා කරන්න උඹලා කවුද?”
ඒත් ශාන්ති කියපු දේ ගමේ ගෑනු අය විශ්වාස කළා. එයාලගෙන් කීප දෙනෙක් ශාන්ති එක්ක එකතු වෙලා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න පොඩි කණ්ඩායමක් හදා ගත්තා. දරුවෝ ඉස්කෝලේ යවලා, ගෙදර දොරේ වැඩ ඉවර කරලා, එයාලා කර්මාන්තශාලාවට ගියේ ඒකෙ ලොක්කෙක් හමුවෙලා උත්තර හොයාගන්න බලාපොරොත්තුවෙන්. ඒත් එයාලට ඇතුළට යන්නඉඩක් ලැබෙන්නෙ නැහැ. පැය ගණන් බලාගෙන හිටියත්, සමාගමේ නිලධාරීන් එක්ක කතා කරන්න එයාලට අවසර ලැබෙන්නෙ නැහැ.
විරෝධතා සහ ගැටුම්
ඊළඟ දවසේ, කාන්තාවෝ “අපිට අපේ වතුර ඕනෙ. අපේ ගම දූෂණය කරන එක නවත්වන්න” කියලා ලියපු පෝස්ටර් අරන් කර්මාන්තශාලා ගේට්ටුව ඉස්සරහට ආවා. ෆැක්ටරි එකේ සෙකියුරිටි ඔෆිසර්ස්ලා පොලිසියට කෝල් කරලා මේක දැනුම් දෙනවා. මේ අතර, කර්මාන්තශාලාව ගැන සැක හිතුණු ගමේ පිරිමි කීප දෙනෙකුත් විරෝධතාවලට එකතු වුණා. පොලිසිය මැදිහත් වෙලා, බලධාරීන්ගෙන් “ලෝකෙම පිළිගත්තු සමාගමකට චෝදනා කරන්න ඔයාලට පුළුවන්ද?” කියලා තර්ජන කරත්, කාන්තාවෝ පසුබට වුණේ නැහැ. එයාලා විරෝධතා දිගටම කරගෙන ගියා.
අන්තිමේදී, දවස් ගාණක් විරෝධතා කරාට පස්සේ,එ පැත්තෙ පොලිස් ලොක්කා සහ දේශපාලන නියෝජිතයන් මැදිහත් වෙලා, කාන්තාවන්ට කර්මාන්තශාලාවෙ ලොක්කො එක්ක හමුවක් සූදානම් කරා. හැබැයි කර්මාන්තශාලාව කිව්වෙම “අපි මේකට වගකිව යුතු නැහැ. මේ ප්රශ්නය විසඳන්න ඕනෙ පංචායත් (දේශීය ආණ්ඩුව) විසින්.”කියලා
පහුවදා පංචායත් කාර්යාලයට ගියාම, එයාලත් මෙ කන්තාවන්ව මඟ ඇරියා. පංචායත් ප්‍රධානියා වෙන අනිල් ක්‍රිෂ්ණා කිව්වේ කර්මාන්තශාලාවට දොස් කියන එක වැරදියි කියන එකයි: “මේක මේ කලාපයේ තියෙන එකම කර්මාන්තශාලාව. මේකෙන් රස්සා ගොඩක් දීලා තියෙනවා. එයාලට චෝදනා කරන එක සාධාරණද?”
හැබැයි වාසනාවකට අනිල් ක්‍රිෂ්ණාට තේරුණා කාන්තාවන්ගේ චෝදනා වල ඇත්තක් තියෙන්න පුළුවන් කියලා. එයා උදව් කරන්න කැමති වුණා. එයාගේ සහයෝගයෙන් එයාලා ආයෙත් සමාගමේ නිලධාරීන් එක්ක හමුවුණා. නිලධාරීන් කිව්වා මේ ගැන බලලා, බලපෑමට ලක් වුණු දරුවන්ට වෛද්‍ය ආධාර දෙන්නම්, වතුර බෝතල් ටිකකුත් දෙන්නම් කියලා.
සටන ශක්තිමත් වීම
මේ පිළිතුර ගම්මුන්ව තවත් තරහ ගැන්වුවා. එයාලා විරෝධතා දිගටම කරගෙන ගියා. කාන්තාවන් කර්මාන්තශාලා ගේට්ටුව ළඟ පොඩි පොල් අතු පැලක් හදා ගත්තා. දවස පුරාම ඉන්න වෙලාවක් නැති නිසා , දරුවෝ බලාගන්න, උයන්න, කෙත්වල වැඩ කරන්න තිබුණු නිසා එයාලා මාරුවෙන් මාරුවට විරෝධතාවලට ගියා. මුලින් 10-15 දෙනෙක්ගෙන් පටන් ගත්ත මේක ඉක්මනින්ම ලොකු ව්‍යාපාරයක් වුණා.
විරෝධතා නායකයන්ගේ ගෙවල්වලට පහර දීලා, ගිනි තිබ්බත්, එයාලා පසුබට වුණේ නැහැ. ජාතික මාධ්‍ය මේ විරෝධතා ගැන වාර්තා කරන්න පටන් ගත්තාම, බී.බී.සී. (BBC) සහ ග්‍රීන්පීස් (Greenpeace) වගේ ජාත්‍යන්තර සංවිධානත් මේකට සම්බන්ධ වුණා. ඒත් එක්කම මේ ප්‍රශ්නයට ලෝකයේ අවධානය යොමු වුණා.
ග්‍රීන්පීස් ආයතනය පරීක්ෂණ කරලා තහවුරු කළා ප්ලාචිමාඩා වල ඇළ දොළවල වතුර දූෂණය වෙලා තියෙනවා කියලා. වතුරේ pH අගය හරිම පහළ මට්ටමක තිබුණා. බී.බී.සී. වාර්තා කළා, කර්මාන්තශාලාවෙන් පිට කළ අපිරිසිදු ජලය නිසා තමයි මේක වුණේ කියලා.
ජයග්‍රහණය
2000 දී පටන් ගත්ත විරෝධතාව අවුරුදු හතරක් පුරාම තිබුණා. සමහර කාන්තාවන්ව අත්අඩංගුවට ගත්තා, සමහරුන්ට නඩු දැම්මා, තවත් අයට කුලියට ගත් මැරයෝ පහර දුන්නා. ඒත් විරෝධතාව නැවතුණේ නැහැ.
“කලින් පිරිසිදු වතුර පිරිලා තිබුණු මේ ගම දැන් විෂ වෙලා. ගොවිතැන් කරන්න බෑ, වතුර බොන්න බෑ. ළමයි ලෙඩ වෙනවා. මේ බහුජාතික සමාගම අපේ දේශයට ශාපයක්” කියලා කේරල රූපවාහිනිය වාර්තා කළා.
අන්තිමේදී, 2004 දී කර්මාන්තශාලාවට වහන්න සිද්ධ වුණා.
ඒ බහුජාතික සමාගමේ නම වෙන මොකක් වත් නෙවෙයි. කොකාකෝලා.
කොකාකෝලා පරද්දලා, ඒ සටනට නායකත්වය දුන්නේ කවුද? අවුරුදු 24 ක ගැමි කාන්තාවක් වුණු ශාන්ති සෙන්තිල්කුමාර්.
පසු විපරම සහ දිගටම යන සටන
කේරළ ප්‍රාන්ත රජය කොකාකෝලා සමාගමට විරුද්ධව නඩු දැම්මා. ගම්මුන්ට වෙච්ච හානියට යුරෝ මිලියන 32 ක වන්දියක් ඉල්ලුවා. කොකාකෝලා සමාගම පොඩි ගාණකට සමථයකට එන්න කැමති වුණත්, රජය ඒක ප්‍රතික්ෂේප කළා.
කර්මාන්තශාලාව වහලා අවුරුදු කීපයකට පස්සේ, ප්ලාචිමාඩා වල වතුර ආයෙත් යථා තත්ත්වයට පත් වෙන්න පටන් ගත්තා. ළිං ආයෙත් පිරිසිදු වුණා.
අද හැමෝම දන්නවා කොකාකෝලා කියන්නේ මත්පැන්වලටත් වඩා හානිකර බීමක් කියලාකොකාකෝලා ලීටරයක් හදන්න වතුර ලීටර් තුනක්වත් ඕනෙ. අපද්‍රව්‍ය ජලයේ සුක්රෝස්, ෆෲක්ටෝස් කෝන් සිරප්, සෝඩියම් හයිඩ්රොක්සයිඩ් වගේ හානිකර රසායනික ද්‍රව්‍ය ගොඩක් තියෙනවා.
මධ්‍යම සහ දකුණු ඇමරිකානු රටවල් ගොඩක් වගේම අප්‍රිකානු රටවලත් කොකාකෝලා පිරිසිදු වතුරට වඩා මිලෙන් අඩුයි. පොඩි ළමයි වගේම තරුණ අයත් මේකට ඇබ්බැහි වෙනවා.
කණගාටුවට කරුණක් තමයි, ගොඩක් රටවල ක්‍රියාකාරීන් කොකාකෝලා සහ මැක්ඩොනල්ඩ් වගේ සමාගම්වලට විරුද්ධව කතා කරන්නේ නැහැ. හාස්‍යයට කරුණක් තමයි, පරිසර සමුළු වලට අනුග්‍රහය දක්වන්නෙත්, පරිසරවේදීන්ට සම්මාන දෙන්න මුදල් දෙන්නෙත් මේ සමාගම්මයි.
අද ශාන්ති රජයේ සෞඛ්‍ය සේවිකාවක් විදිහට වැඩ කරනවා. විශේෂයෙන්ම ළමයින්ගේ සෞඛ්‍ය ගැන එයා හරිම උනන්දුයි. කොකාකෝලා සමාගමෙන් සම්පූර්ණ වන්දි මුදල ගන්න එයාගේ සටන එයා තාමත් අත්හැරලා නැහැ. එයා තරුණ අයට මේ වගේ හානිකර බීම ගැන දැනුවත් කරනවා.
2020 දී කොවිඩ් වසංගතය කාලේ, අතහැරලා තිබුණු කර්මාන්තශාලාව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරන්නත් ශාන්ති ලොකු දායකත්වයක් දුන්නා.
“කොකාකෝලා, පෙප්සි, නෙස්ලේ වගේ සමාගම් ගැන කතා කරන්න හැමෝම බයයි. ඒත් එහෙම වෙන්නේ කොහොමද? මේ අපේ ගම්, අපි බොන වතුර ටික, අපි වගා කරන බිම… ඒ අයිතිය ගැනවත් කතා කරන්න අපි බය නම්, අපේ මනුස්සකමෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද?” ශාන්ති අහනවා.