ඒක මහ අන්ධකාර, ඒ වගේම ගෝරනාඩු කර කර වැහි වැටිච්ච මහ මූසල රාත්තිරියක්. හුළඟ හැමුවෙ තමන් කුණාටුවක් කියලා හිතාගෙන.ඒත් ඒ හැමදේම තිබ්බෙ තව දේකට Second වෙන ගමන්.
ඒ, මේ ගමේම එක කෙළෝරක තිබ්බ පුංචි පැල්පතක උන්න ගෑනියෙක් විලි රුදාගෙන් දුන්න බෙරිහන් දීමට.
ඒ ගෑනි අමරා. අමරා උන්නේ විලි රුදාවෙන්. ඒ දරු ගැබේ බරෙන් ආව විලි රුදාවට එක්කහු වෙලා තිබ්බා “අප්පෙක් නැති අවජාතක දරුවෙක්ව මේ ලෝකෙට ගේන එකම කොච්චර ලොකු අමාරුවක්ද?” කියන හිතේ තිබ්බ බර.
දායම්මා උන්නේ අමරාගෙ අත අල්ලගෙන. අමරාගෙ අම්මා වෙච්ච සුමනාවතී ඇඳේ අද්දර හිටං පිරිත් කිව්වා අමරාව මේ විලි රුදාවෙන් ගලවලා දෙන්න කියලා දෙයියන්ගෙන් ඉල්ලුවා.
“මෙහෙම අන්ධකාර, කුණාටු ගෝරනාඩු කරන රෑක වෙන දරු උපතක් කියන්නෙ ඒක එසේ මෙසේ එකක් වෙන්න බෑ සුමනො” කියලා දායම්මා කියපු කතාව අමරාට ඇහුණෙ නෑ. අමරාට ඇහුණෙ තමන්ගෙ කෑගැහිල්ල දෝංකාර දිදි ඒ පැළ ඇතුළෙ ආය ආය තමන් වෙතට දුවන් එන විත්තිය විතරයි.
අන්ධකාරේ පැය ගාණක් තිබ්බා. ගෝරනාඩු කරපු කුණාටුවත් එහෙමයි. එදා ඉර පායන්න නියමිත වෙලා තිබුනෙත් සෑහෙන්න පමා වෙලා. ඒ අන්ධකාරෙ අස්සේ දරුවා අමරාගෙ කුසෙන් එළියට ආවේ ඉර පායන්න පැයක් කළින්. ඉනුත් පැයකට පස්සෙ තව බරක් අමරාගෙ කුසෙන් හෑල්ලු වුණා.
ඒ හෑල්ලු වෙච්ච බර දැකලා දායම්මා කලන්තෙ දැම්මා. සුමනාවතී බෙරිහන් දුන්නා. ඒත් අමරා උන්නේ කිසිම වේදනාවක් නැති ගාණට. කුසෙන් මුලින් හෑල්ලු වෙච්ච සම්පූර්ණ දරුවව වගේම දෙවනියට කුසෙන් එළියට ආව දරුවෙක්ගෙ ඔලුව විතරක් තිබ්බ කොටසත් අමරා පපුවට තුරුලු කරන් උන්නා.සම්පූර්ණ දරුවා අඬද්දි, අනික් ඔලු දරුවා කිසි සද්දයක් නැතුව අම්මට තුරුල් වෙලා උන්නා.ඇස් දෙකම ඇරගෙන අන්ධකාර රෑ දිහාව බලන් උන්නා.
ඒ හන්දා අමරා දෙන්නට නම් දෙකක් දුන්නා.
සම්පූර්ණ ඇඟෙන් උන්න, නිතරම අඬන කොල්ලා Naughty Boy වෙද්දි, අම්මට කරදර නොකර කිසි සද්දයක් නැතුව ඉන්න පුතාට එයා Good Boy කියලා කතා කරා.
“උඹට පිස්සුද මේ සම්පූර්ණ දරුවෙක් එක්ක ඔලුවක් දරුවෙක් කරගන්න හදන්නේ? මිනිස්සු ඔය ඔලුව යස්සයෙක් කියලා කියාවි.උඹට මේ ගමේ ජීවත්වෙන්න උවමනාවක් නැද්ද?” කියලා අම්මා විස්සෝපෙන් කියද්දි පවා අමරා උන්නෙ එක තීරණේක.
“මිනිස්සුන්ට තියෙන පුරස්නෙ මොකද්ද? දරුවො දෙන්නවම කුසේ දරාන උන්නෙ මං. එහෙව් එකේ මට නැති රුදාවක් උන්ට තියෙන්නෙ විදියක් නෑනෙ. යස්සයා කියපුදෙන්. මට කමක් නෑ. මං මේ දරුවො දෙන්නම පුළුහන් කාලයක් වෙනකම් උස් මහත් කරනවා. ගමේ ඉන්න බැරි උනොත් මං කැලේට ගිහිල්ලා පැලක් අටෝගෙන හරි ජීවත් වෙනවා දරුවො දෙන්නවම උස් මහත් කරගෙන” කියලා අමරා කියද්දි සුමනාවතී දැනං උන්නා ආයෙ මේකට හැරීමක් නැති විත්තිය.
අම්මා කිව්ව විදියටම ගමේ උන් “ඔය යස්සයව වල දාපං, මරලා දාපං” කියලා කියද්දි ඇහැක් තරම් කාලයක් ඒව ඉවසන් උන්න අමරා දරුවො දෙන්න ඩිංග ඩිංග උස් මහත් වෙද්දි කැලෑවට යන්න තීරණේ කරේ “දරුවන්ගෙ ඔලු මේ වගෙ උන්ගෙ අසමජ්ජාති කතන්දර හන්දා විනාස කරන්නෙ මොකටද?” කියලා හිතලා.
අමරාගෙ දරුවො දෙන්නා ඉන්පස්සෙ උස් මහත් උනේ කැලෑව අස්සේ. ඒකත් දෙවිදියකට. Naughty Boy දවසෙන් දවස ඇඟ පතින් උස් මහත් උනා. ඒත් මිනිහගෙ ඔලුව තිබුණෙ හිස් වෙලා. හිස් වෙලා කිව්වෙ හොඳ දේවල් වලින්, හොඳ ගතිගුණ වලින් හිස් වෙලා. Naughty Boyට ඕන උනේ මිනිස්සුන්ට වද දෙන්න. එයාගෙ ඔලුව පිරිලා තිබ්බෙ පුදුම විදියෙ නරක, නපුරු ගති වලින්.
ඒ අතරවාරෙ Good Boy උන්නේ තමන්ගෙ ඔලුවට පුරවගන්න පුළුවන් හැම හොඳ දේම පුරවගන්න ගමන්. ඔළුව විතරක් තිබ්බට මිනිහා තමන්ගෙ ඇස් දෙකෙන් යන්න පුළුවන් හැම දුරක්ම ගියා. හිතුවිලිවලින් යන්න පුළුවන් හැම තැනටම ගියා. ලෝකේ ලස්සන දැක්කා. හොඳ දැක්කා. ඒ හොඳෙන් ඔලුව අස්සෙන් තමන්ගෙ වයස වගේ දෙගුණයක් වයස, අත්දැකීම් තිබ්බ මනුස්සයෙක් උනා.
ඇඟත් කාලෙ එක්ක වැඩෙන්න ඕන විදියට උස් මහත් වුණා. Naughty Boy ට ඇඟ උප්පත්තියෙන් හම්බෙච්ච නිසා ජීවිතෙන් වැඩි කාලයක් එයා සාමාන්‍ය කොල්ලෙක් වගේ හිටියා. ඒත් එයාට ඕන වෙලාවට, දෙවැනි ඔළුව දාගත්තා. මේ ඔළුව වෙනස්. එක ඔළුවක් කාරුණිකයි, මෘදුයි, ආදරයෙන් පිරිලා. අනිත් ඔළුව කෲරයි, කේන්තියෙන් සහ තණ්හාවෙන් පිරිලා තිබ්බා.
පාරෙ යන හිඟන්නෙක් දැක්කම,Naughty Boy කිව්වා “ කෙළ ගහන්න. අප්පිරියයි කියන්න, අපිරිසිදුයි කියලා පෙන්නන්න නාහෙ වහගන්න.” කියලා. ඒ වචන මහ සද්දෙට ඇහෙද්දි Good Boy හීන් සැරේ තමන්ගෙ මුදු කටහඬෙන් කිව්වා “නෑ නෑ එහෙම කරන්න එපා. ඒ මනුස්සයා කැමැත්තෙන් ඔය ජීවිතේ භාරගත්තෙ නෑ. එයා පෙර ආත්මෙ කරපු අකුසල කර්මයක් ඔය. ඒ හන්දා එයාට කන්න දෙයක් දෙන්න” කියලා. ඇඟ උන්නෙ වෙව්ල වෙව්ල. ඔලු දෙකක් කතන්දර දෙකක් කියද්දි තමන් අහන්න ඕන මොන කතාවද කියලා තෝර ගන්න බැරුව ඇඟ උන්නෙ අවතැන් වෙලා වගේ.
ඇඟ තරුණ වෙද්දි, ඔළු දෙක තවත් වැඩියෙන් තර්ක කළා.
අන්න ඒ වගේ කාලෙක තමයි Naughty Boy එහා ගමේ ගෑනු ළමයෙක් එක්ක හාදකමක් පටන් ගත්තේ. එයාගෙ නම Sophia. Sophia ආස වුනා Naughty Boy ගෙ තිබ්බ දඟකාර කොලුකමට, ආතල් එකේ ඉන්න තරුණ කමට, නාහෙට අහන්නෙ නැති තරුණ කමට. ඒත් සම්බන්ධයක් ඉස්සරහට අරගෙන යන්න කොල්ලෙක්ගෙ Play Boy Version එක උදැල්ල දානවා කියන එක දැනගෙන උන්න නිසාම Naughty Boy ගෙදර ඇවිල්ලා “I am in a relationship” කියලා කිව්වම Good Boy හිනා වුණා. “It should be love, not just a relationship. එයාට ඇත්තටම ආදරේ කරන්න. ඔයා මොන වගේ කෙනෙක්ද කියලා එයාට ඇත්ත කියන්න.”
Naughty Boy කරේ ඒකට කිණ්ඩි හිනාවක් දාපු එක. ඇත්තටම ඒක තමයි එයාට තිබිච්ච එකම හිනාව. “That is not your cup of tea! So බොරුවට හොම්බ දාන්න එන්න එපා.අනික Sophie කොහොමත් කැමති මගේ මේ version එකට. එහෙම නැතුව මේ තමුන් වගේ බොරුවට ලෝකෙට පේන්න හොඳ මූණ දාන් ඉන්න එකෙක්ට නෙවෙයි”
Good Boy කිව්වා “ඒ ඇත්ත එයාට කියන්න”
Naughty Boy කෑගැහුවා “මම. මම තමයි ඇත්ත.”
කාලෙ ගෙවුණා Sophie, රණ්ඩු වෙවී යාලුවෙවී, තරහා වෙවී, හිනාවෙවී මේ Relationship එක ඉස්සරහට අරගෙන ගියා.
එක අවුරුද්දක, මේ ගමට සාගතයක් ආවා. ගමට කෑම තිබුණේ නෑ. කැලෑවෙ ගෙදර උන්න හන්දා අමරා මොන මොනවා හරි හදලා දරුවොන්ගෙයි තමන්ගෙයි බඩ කට පුරවගන්න මහන්සි උනා. අම්මා දෙන ඕන දෙයක් කන Good Boy ඇඟට එකතු වෙන වෙලාවට අම්මා දෙන ඕන දෙයක් කිසි කතාවක් නැතුව කෑවා. ඒත් Naughty Boy එහෙම උනේ නෑ. පුරුදු විදියටම අරවා ඕන මේව ඕන, මේවා කොහොමද කන්නෙ කියලා වද දුන්නා.
එහෙම අම්මා එක්ක රණ්ඩු වෙවී Naughty Boy ඔලුව ඇඟට එකතු වෙල ඉන්න වෙලාවෙ ගෙදර දොරට කවුරුහරි තට්ටු කරා.
අමරා දොර ඇරියෙ මේ කවුද කියලා බලාගන්න එක්ක. ඒ මේ කැලෑවෙ එහා කෙලවරේ දර එක්කහු කරලා ජීවත්වෙන පවුලක ගෑණු කෙනයි එයාගෙ අත දරුවයි කියලා දැක්ක අමරාට මේ දෙන්නා මේ ඇවිත් ඉන්නේ කෑම ටිකක් ඉල්ලගෙන කියලා තේරුන්ගන්න අමාරු උනේ නෑ.
Good Boy කිව්වා, “මේක බෙදාගන්න.අම්මේ මගේ කෑම පිඟානෙ ඉතුරු ටික අපි එයාලට දෙමු.” කියලා
Naughty Boy ඒත් උන්නෙ තමන්ගෙ පිඟානෙ ඉතුරුවෙලා තිබිච්ච ඔක්කොම කෑම ටික ටක් ටක් ගාලා කට අස්සට පුරවගන්න ගමන්, “උන්ගෙ බඩගින්න ගැන අපි හිතන්නෙ මොකටද? අපිටත් මේ කන්න නැතුව ඉන්නකොට.” කියලා.
අමරා උන්නෙ ඇස්වල කඳුළු පුරවන්. එයාගෙ ඇස් අතේ උන්න පුංචි දරුව දිහාවට හුවමාරු වෙද්දි මීට අවුරුදු ගාණකට කලින් අකුණු ගහක රෑක දැක්ක තමන්ගෙ දරුවගෙ ඇස් එයාට මතක් වුණා. අන්තිමට, කඳුළු කම්මුල් දිගේ ගලාගෙන යද්දී, එයා Good Boy කිව්ව විදියට එයාගෙ පිඟානෙ ඉතුරුවෙලා තිබිච්ච කෑම ටික ඒ මනුස්සයට කන්න දුන්නා.
“අමරාගේ Good Boy ඇත්තටම හොඳ දරුවෙක්. ඇඟක් තිබ්බා නම් ඒ ළමයා මේ ලෝකෙ වෙනස් කරාවි” කියලා ගමේ මිනිස්සු ඉන්පස්සෙ කතාකරා. එතනින් තමයි මෙච්චර කාලයක් මිනිස්සු “යස්සයා” කියලා කතා කරපු කෙනා “Good Boy” වුණේ.
මේ හැමදේම අස්සෙ Good Boy එන්න එන්න නිහතමානී උනා. කරුණාවන්ත වුණා. හිත හොඳ කොල්ලෙක් උනා. මොලේ කල්පනා කරලා වැඩ කරා.
ඒත් Naughty Boy උන්නෙ තමන්ගෙ ඔලුව අස්සෙ කුණාටුවක් හදාගෙන. ඒ කුණාටුව එයා ඉපදිච්ච රෑ ආව කුණාටුව තරම්ම බය හිතෙන, අන්ධකාර එකක් බව අමරාට ඒ කුණාටුව දකින්න පුළුවන් උනා නම් කියන්න ඉඩ තිබ්නා. හැම රෑකම Naughty Boy, Good Boy එක්ක රණ්ඩු කරා. ඇත්තටම උනේ Naughty Boy රණ්ඩු වෙද්දි Good Boy පොඩ්ඩක්වත් තරහා ගන්නෙ නැතුව දේවල් explain කරන්න හදපු එක. රණ්ඩු කරන්න කරන්න Naughty Boy ගෙ කුණාටුව තව තව දරුණු උනා. අන්තිමට, එක මැදියම් රෑක, ඒ දෙන්නා ගඟ ළඟට ගියා. හඳ වතුර උඩ දිලිහි දිලිහි උන්නා.
Naughty Boy හිනා වුණා. එයා Good Boyට මෙහෙම කිව්වා
“ඔයා හිතන්නේ ඔයා කරුණාවන්තයි කියලා. ඔයා හිතන්නේ ඔයා හයියයි කියලා. ලෝකෙට කවදහරි තේරේවි ඇඟක් එක්ක ඉපදිච්ච එකා තමයි හයිය කියලා. මේ අතපයෙන් කරන කිසිම දෙයක් ඔය ඔලු ගෙඩියෙන් විතරක් කරන්න පුළුවන්ද?.” කියලා Naughty Boy ආයම තමන්ගෙ එකම කිණ්ඩි හිනාව එලියට දැම්මා.
ඒත් ඒ හැම වචනයක්ම Good Boy භාරගත්තෙ හරිම නිස්කලංකෙන්.
“ඔලුව ඇතුලෙ පුරවගන්න දේවල් අනුව තමයි නේද ඇඟයි හිතයි වැඩ කරන්නේ? ඔයා ඔලුව ඇතුලෙ පුරවගන්න කුණු හන්දා ඔයාගෙ අත පය කරන්න හදන්නෙ නරක දේවල් විතරයි. එහෙම වෙනවට වඩා ඔලු ගෙඩියක් විතරක් තියෙන කෙනෙක් වෙන එක හොඳයි
ඔයා එක මොහොතකට මාත් එක්ක ඉඳලා බලන්න එතකොට ඔයාට තේරේවි මම කියන්න හදන දේ” කියලා Good Boy කියද්දි Naughty Boy ඒ ඔලුව ඇතුලෙන් අර කුණාටුව දිගින් දිගටම ඇති වුණා.
අත් ඉස්සරහට ආවෙත්, අත් දෙකෙන්ම උස්සලා Good Boyව ගඟේ මැද්දටම විසි කරලා දැම්මා.
මොකද Naughty Boy හැමදාම විශ්වාස කරා,“හොඳ සහ නරක එකම වහලක් යට ජීවත් වෙන්න බෑ—එකක් හුස්ම ගන්නකොට, අනිත් එක හුස්ම හිරවෙලා මැරෙන්න ඕන. අන්තිමට, එකක් විතරක් ඉතිරි වෙන්නේ හයිය නිසා නෙවෙයි,but because the heart chose its master.”