සින්දූපා සිදුවූයේ කුමක්දැයි හරිහැටිම මතක නැති බව පවසද්දී, මනුජ යම් කෝපයක් මවා ගත්තේය.
” මං උදේ ඉඳන්ම කලබලෙන් හිටියේ… මගේ පේශන් කෙනෙක්ව ඩිස්චාර්ජ් කරලා තිබ්බා.. අර මම ඔයාට කීව බබා.. ඒ තරහත් මගේ ඔලුවේ තිබුණා… ඔයාගේ හැසිරීම මට තේරුම් ගන්න බැරුව හිටියේ…. ඒ අස්සේ විශ්ව අය්යත් ඔලුව කන්න අරන් තිබ්බේ.. අක්කත් මැසේජ් එකක් දාලා තිබුණා කතා කරන්න ඕනි කියලා….. ඊයේ තාත්තත් මට වෝර්න් කලා…. ඔක්කොම පැටලෙනකොට හරි අමාරුයි… කවුරුත්ම මගේ පැත්තට නෑ හිතෙන එක…”රුව හිටියේ…. ඒ අස්සේ විශ්ව අය්යත් ඔලුව කන්න අරන් තිබ්බේ.. අක්කත් මැසේජ් එකක් දාලා තිබුණා කතා කරන්න ඕනි කියලා….. ඊයේ තාත්තත් මට වෝර්න් කලා…. ඔක්කොම පැටලෙනකොට හරි අමාරුයි… කවුරුත්ම මගේ පැත්තට නෑ හිතෙන එක…”
සින්දූපා ගේ දෑස් වල කඳුලු නවතාගන්නට හැකි වූයේ නැත. මනුජ කිසිවක් නොපවසා ඇගේ අතල් අල්ලා ගෙන පහසුවෙන් සිටිය හැකි සීමාවකට අසුන සකසා ගත්තේය.
” සින්දූ..අයිම් සොරි…. පොඩි කොල්ලෙක් වගේ තීරණ ගන්න බැරිකමටයි මම නර්වස් වෙලා ඉන්නේ…. විශ්වයා මට ඔයාගේ සම්පූර්ණ බැක්ග්‍රවුන්ඩ් එක වරින් වර මතක් කරලාම කියලා තියෙනවා… ඒ වගේම ඌ එහෙම කියන්නේ මගේ සම්පුර්ණම බැක්ග්‍රවුන්ඩ් එකත් ඌ දන්න නිසා…. ඇත්තටම මම ඔයාට ගැලපෙන මිනිහෙක් නෙවෙයි…. කොහොමවත්.. කොහෙන්වත්… මම දැන් මේ ඉන්න සිටුවේශන් එක එක්ක කොහොමටවත් නැහැ… අපි දෙන්නම වැඩිහිටියෝ… ඔයාට මම කියනෙක තේරෙනවා… “
“ඔයා කියන්නේ … මොකක්ද ?”
“අවුරුදු පහක දරුවෙක් ඉන්න… අවුරුදු තිස් පහක මිනිහෙක් සින්දූ මම… මම දන්නවා… මට.. එදා ඔයාට නොකියා ඉන්න තිබුණා එහෙම… යන්නෙප කියලා…. එදා.. එදා .. මම… ශිට්..”
” මටත් අවුරුදු තිස් හතරක්…”
“ප්‍රශ්නේ ඒක නෙවෙයි …. ඔයාගේ අම්මලා ඔයා ගැන ඉන්නේ වෙනම මුඩ් එකක සින්දූ…”
” ඔයා මා එක්ක ජීවත් වෙන්න ඕනිද නැද්ද කියනෙකයි තීරණය කරන්න ඕනි ?”
“මට ඕනි… ඒත් මට බෑ.. මට එහෙම ආත්මාර්තකාමී මිනිහෙක් වෙන්න බෑ… ඔයා ඔයාගේ අම්මලාගේ එකම දරුවා සින්දූ.. ගෑණු දරුවා.. මං තව අවුරුදු විසි පහකින් තිහකින් ඔයාගේ තාත්තා ඉන්න තැන ඉඳී…. මං මහේ ජොබ් එකේ මාරම සාර්ථක මිනිහෙක්.. ඒත් , මම කිසිම සම්බන්ධතාවයක් ඇතුලේ මහ සාර්ථක මිනිහෙක් නෙවෙයි… අම්මලාට, නංගීට, මගේ දරුවාට… නිර්ධා ට වුනත්…”
මනුජ පහත් හඬින් එලෙසින් පවසා අවසන් කලේය. හදවත කුමක් පැවසූවද, මනුජ මොළයට ඉඩ දෙමින් උන්නේය.
සින්දූපා රිදවා ගත්තේ නිර්ධා ලෙසින් වන නම මනුජගේ මුවින් පිටවූ ස්වරයටය. ඊ තලයක්ව එය විත් හදෙහි ඇමිණුන වේදනාව ඕ මවාගෙන වින්දාය. හිස සැලුවාය.
” ඔයා තවම ඉන්නේ නිර්ධා එක්ක සෙට්ල් වෙන්න ?”
“පිස්සු කතා කියන්නෙපා… මොන මඟුලක්ද ? … අපි වෙන් වුනා. එයා ගියා.. එයා බලාපොරොත්තු වුන ලෝකෙට ගියා… දරුවාව දාලා ගිය අම්මා කෙනෙක් ගැන ආයේම බලාපොරොත්තු තියාගන්න තරම් මිනිහෙක් නෙවෙයි මම …. ආදරේ කලා මම… අයිති කරගන්න ලෝබ කලා…. ඒත් අපේ වයිබ් ගැලපුන් නෑ.. එක්කෝ, මම සක්සස් වුනේ නෑ.. එක්කෝ .. “
මනුජ ගැඹුරින් සුසුමක් හෙලුවේය. සින්දූපා නොදන්නා දේ බොහෝය. මේවා මෙලෙසින් පැවසීමෙන් දෙදෙනාම පෑරෙනවා පමණි.
” ප්ලේට් දාලාද ?”
මනුජ කතාව වෙනතකට මාරු කලේය.
“ඔව්…”
” කොච්චරක් කල් මෙහෙම ඉන්න වෙයිද ?”
” මාසයක් දෙකක්…”
“මෙහෙ ඉන්න බෑනේ ?”
“ඔව්… හෙට අම්මලාට කියලා එහෙ ඇඩ්මිට් වෙනවා…”
මනුජ හිස සැලුවේය.
” ඊට පස්සේ ඔයා මං ගැන වොරි වෙන්න අවශ්‍ය නෑ එහෙනම්… ඔයාගේ වැඩක් බලාගන්න… “
“සින්දූ.. මං…”
“සින්දූපා…ඩොක්ටර් සින්දූපා … එහෙම කියන්න…”
සින්දූපා හිතුවක්කාර වූවාය. මනුජ හිස සැලුවේය. එක් වරක් ඇයට තමාට දැනෙන්නේ කුමක්දැයි පවසා, ලෝකයම එරෙහි වුනත් තමා හා ඉන්නට එනවාදැයි විමසන්නට මනුජගේ හදවත පොරකන්නේය. එහෙත්, නොහැක. තමා ජීවිතයේ දුර ගිය මිනිසෙකි. ඇයට ඕනෑ තරම් තෝරාගැනීම් ඇත.
” සාරතී නැන්දා කෑම හදලා දුන්නා.. රෑට ඉඳීවි එයා…”
“අවශ්‍ය නෑ… මම කාලා ඉන්නේ.. මෙහෙ අය මාව බලනවා…”
මනුජ මුහුණ වෙනස් නොවී තබා ගන්නට උත්සාහ කලේය. ඇයගේ හිතුවක්කාරකම් අහස උසටය.
මනුජ උන්නේ අසරණවය.
” යන්න … මෙතන තව නාට්‍ය පෙන්නන එපා…දැන් මෙතන වෙන්න වයිෆ් බලන්න ආවා කියලා එක නාඩගමක් නැටුවා ඇති…. මම මෙතන වැඩ කරන්න ඕනි… මේ මිනිස්සු ඉස්සරහ ඔලුව උස්සන් ඉන්න ඕනි…”
මනුජ ට දැනුනේ හදවත පැලීයන තරමේ කැතිපහරක් වැදුනු බවය. ඔහු ඇය දෙස බලා උන්නේය. ඕ උන්නෙ ඉවතක් බලාගෙනය
“සොරි.. ගෙට් වෙල් සූන්…”
මනුජ නැගිට්ටේය. වේගවත් අඩි සමඟින් වාට්ටුවෙන් පිටතට ආවේය. යුධ සමයේ වන හදිසි මෙහෙයුම් අවසන් කර කඳවුර තුළට ගොඩ බසින අවස්ථාවේ වන හැඟීම මනුජට කලකට පසු දැනෙමින් තිබුණි. එය සැහැල්ලුවක් නොමැති, අවිනිශ්චිතතාවයෙන් පිරුණ මොහොතන්හි එකතුවකි.
ඔහු වාට්ටුව පසු කර කොරිඩෝවේ වූ දිගු ලී අසුනකට වැටුණේය.දෙපා මත දෑත් රඳවා හිස ඒ මත බර කලේය.
” මට සින්දූගේ තාත්තා මුණ ගැහිලා කතා කරන්න තරම් වත් ආත්ම විශ්වාසයක් නැත්තේ ඇයි ?”
ඔහු තමාගෙන්ම විමසා ගත්තේය. ජීවිතය තමා කොයි තරම් ඉහලකින් තබා තිබුණා වුවද , එතරමින්ම පහලටද හෙලා ඇත. දෑස් වල කඳුලු තෙත අඩු නැතීව දැනෙන්නේය.
නිර්ධාට ප්‍රේම කල බව සැබෑය. එහෙත්, මේ දැනෙන හැඟීම සියලු දේ ඉක්මවන යමකි.