“ඔව් අක්කේ… මං සෑහෙන්නම හිර වෙලා…”
විශ්වගේ බිරිඳ වහා ඇමතුම විශ්වටද ඇසෙන සේ සැකසුවාය. විශ්ව අවධානයෙන් ඒ දෙසට සවන් දුන්නේය.
“ඇයි සින්දූ ?…”
“විශ්ව අයියා මුකුත්ම කිව්වේ නෑ ?”
“කිව්වා… ඔයා ඇක්සිඩන්ට් එකක් කරගෙන ස්ලිප් වෙලා… මාසයක්වත් ඉන්න වේවි කිව්වා බෙඩ් රෙස්ට් එකේ…”
විශ්ව බිරිඳ දෙස බලා හිස සැලුවේයවේය.
” නෑ .. එහෙම දෙයක් නෙවෙයි අක්කේ… ඒක නෙවෙයි ….”.. ඒක නෙවෙයි ….”
සින්දූපා මදක් නැවතුණාය. රෝහල් සයනයේ මදක් එසවී මෙන් හිඳගත්තාය.
ජීව්තය තනිව දරාගන්නවාට වඩා හිතෛෂි විශ්වාසවන්තයෙකු සමඟින් බෙදා හදා ගැනීමෙන් සැහැල්ලුවක් දැනෙයි. සින්දූපා ට මෙවෙලෙහි විශ්වාසෙන් දරාගන්නට හැකි ස්ත්‍රී සෙවනැල්ලක් ඉතා තදින් අවශ්‍ය බව දැනෙයි.
” මට තේරුනේ නෑ…..”
“අක්කේ… අර විශ්ව අයියාගේ යාලුවෙක් ඉන්නෙ…. එයාර් ෆෝර්ස් ඔෆිසර් කෙනෙක් ….. මනුජ කියලා…”
විශ්වගේ බිරිඳ විශ්ව දෙස බැලුවාය. විශ්ව හිස සලා සන්සුන්ව සවන් දෙන මෙන් ඇයට කීවේය.
” ඕ ඕ…”
” අක්කේ… මං හිතන්නේ මම එයාට ආදරෙයි ….. මං හිතනවා මට එයා එක්ක ජීවිතේ ඉස්සරහට යන්න පුලුවන් වේවි කියලා…”
” මේ…… මේ… ඔයා කියන්නේ දියතලාව කෑම්ප් එකේ ඉන්න මනුජ නේ ?..”
“ඔව් එයා…”
“එයා මැරීඩ් නේ සින්දූ …. අවුරුදු පහක හයක බබෙක් ඉන්නවා නේ…”
” ඔව් දන්නවා අක්කේ.. ඒත් එයා ඩිවෝස්..ම්”
විශ්වගේ බිරිඳ සින්දූපා ට කියවන්නට දී අසා උන්නාය. ඇය සින්දූපා ට හැකි තරමින් පැහැදිළි කලේ ලැබුණු අවස්තාව නිසාය. . ඇය සින්දූපා ට හැකි තරමින් පැහැදිළි කලේ ලැබුණු අවස්තාව නිසාය.
” මේකයි සින්දූ … අයියායි මායි දෙන්නම ඔයාගේ පැත්තෙන් ඉන්නවා… ඒත්, මනුජ අයියා කියන්නේ ඔයා බලාපොරොත්තුම වෙන සර්ව සම්පුර්ණ පිරිමියද කියනඑක ගැන මට අවබෝධයක් නැහැ…. ඔයා මෙච්චරකල් සින්ගල් ඉඳලා ඉඳලා මනුජ අයියාවම තෝරගන්න එක කොච්චරක් හරිද කියන්න මට තේරෙන්නෙත් නැහැ…. මනුජ අයියා ෆැමිලි මෑන් කෙනෙක් නෙවෙයි මම දන්න තරමින්.. ඒ වගේම එයා ඊගෝ එක පුරෝගත්ත කෙනෙක්. එයාගේ කලින් වයිෆ්ගේ තිබ්බෙත් පුදුමාකාර ඊගෝ එකක්.. දෙන්නට දෙන්නා හැප්පුනා විතරයි… මට තේරෙන විදියට ඔයත් හිතුවක්කාර කෙල්ලක් සින්දූ… එතකොට මනුජ අයියා එක්ක ඔයාට හැදෙන්නේ ගැටුම්…
සම්බන්ධතාවෙකදී දෙන්නගෙන් එක්කෙනෙක් වත් ඊගෝ ලෙස් වෙන තරමට ජීවත් වෙන්න ලේසි…. දෙන්නම පුම්බගෙන ඉන්නකොට කිසිම දෙයක් විසඳගන්ම ඉඩක් නැ….”
සින්දූපා ගේ සුසුමේ බර විශ්වගේ බිරිඳට දැනුණි. එහෙත් ඕ එය හෑල්ලු කරන්නට ඉදිරිපත් නොවීම කතා කලාය.
” ඔයා බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් දැන් මනුජ අයියා ජීවිතෙ එකපාරක් පහු කරලා ඉන්නේ සින්දූ… එයා දැන් ඉන්නේ තාත්තා කියන මූඩ් එකේ.. එතකොට ඔයා බලාපොරොත්තු වෙන බෝයි ෆ්‍රෙන්ඩ් මූඩ් එක එයාට දෙන්න පුලුවන් වෙයිද මම දන්නේ නෑ…. ඒක ඔයාට කොච්චරක් කල් දරාගන්න පුලුවන් වෙයිද දන්නේත් නෑ… ආශ්‍රය කරලා බලන්න … ඒත් මැරේජ් එකක් කියනෙක සෑහෙන්නම හිතන්න … මොකෝ මාමා ඔය වගේ දේකට කොච්චරක් එකඟ වේද නැද්ද කියලා මට , විශ්ව අය්යට වඩා ඔයා දන්නවානේ….. අනෙක ඔයා මතක තියාගන්නෝනි, ඔයා කින්ග්ස් එකේ අයිතිකාරි….”
සින්දූපා තවත් ගැඹුරු හුස්මක් හෙලුවාය. ඇය හා වන කතා බහ තුළ වන්නේ තමා මත වන බර තව තව වැඩි වීම බව ඇයට වැටහේ. ඕ ඇමතුම විසන්ධි කලේ විශ්වගේ බිරිඳට, තමා හමුවීමට රෝහලට එන්නට පවසමිනි.
” දැන් ගෙදෙට්ට ඔය කතාව කියලා… ඔයා ආරෝග්‍යා එකට හරි ට්‍රාන්සර් වෙන්න.. අයියා කියනවා ඔයා කොළඹ යන්න බෑම කියනවා කියලා…කොම උනත් ඔයාට මාසයක් ඕම ඉන්න බෑනේ… ඔයා ඕම ඉන්න එක තව පේශන් කෙනෙක්ටත් අසාධාරණයක්… ආරෝග්‍යා එක ශේප්…. මාමාගේ යාලුවෝනේ එහෙ ඩිරෙක්ටර්… කතා කරලා සෙට් කරාවි…”
සින්දූපා එයට එකඟ බව පෙන්වූවාය. තාත්තා අමතන්නට තීරණය කලාය. මනුජට ඊයේ රාත්‍රී යේ කුමක් වීදැයි දැනගන්නට තව පැය කිහිපයක් ඉවසා සිටින්නට සිදු වන බව සින්දූපා වටහා ගත්තාය.
බාහිර පාර්ශව මඟින් මෙලෙස සම්බන්ධතා පවත්වා ගැනීම කෙතරම් අපහසුදැයි වැටහේ. එහෙත්, මනුජ තවම ස්වාධීන සම්බන්ධතාවයක් සඳහා තමා හා හාවන්නට උත්සාහ නොකරන බවද වැටහේ.
සින්දූපා අම්මාට ඇමතුමක් ගෙන තමාට සිදුවූ අනතුර ගැන කීවාය. එය පවසන්නට ප්‍රමාද වීම ගැන දොස් ඉවසා උන්නාය. තාත්තාද ඒ ඇමතුමෙන්ම ඇය හා සම්බන්ධ විය
” දැන් විශ්ව දන්නේ නැද්ද ඔයාට වෙච්ච දේ ?”
“අනේ තාත්තේ ප්ලීස්.. විශ්ව අයියාට මමයි කියන්නෙපා කිව්වේ මට ඕකේ වෙනකල්… අයියායි අක්කයි මාව බැලුවා… අනෙක මේක මගේ හොස්පිට්ල් එකනේ..”
“දරුවෝ මේ…ඔය හිතුවක්කාරකමකට ඔයා මට්ටු වෙන දවස බොහොම ලඟයි…. මම විජේවීර අංකල්ට කතා කරලා ආරෝග්‍යා එකේ රූම් එකක් ඇරේන්ජ් කරනවා…. ඔයා දැනට ඔහෙන් ඩිස්චාර්ජ් වෙන්න වැඩ ටික කරගන්න… අපි දැන් පිටත් වෙනවා කෝ විශ්ව ඉන්න්වාද ??”
“ඔව් ඔව්ව්.. විශ්ව අයියා වෝර්ඩ් ගියා.. ඒවි.. තාත්තේ මේ රෑ එන්නෙපා… හෙට උදෙන්ම එන්න… කොහොමටත් මට හෙට ඩිස්චාර්ජ් වෙන්න වෙන්නේ…. දැනට මට මෙහෙම අවුලක්ම නෑ…!ං”
” ඩිස්චාර්ජ් වෙන්න බැරි නම්, මම විශ්වට කියන්නම් බලෙන් හරි ගිහුන් දාන්න කියලා.. ඉවරනේ… හිතුවක්කාරකම…”
අවසානයේ සින්දූපා රාත්‍රියේම පෞද්ගලික රෝහලට යන්නට පොරොන්දු වූවාය
සින්දූපා ගේ පියාගේ ඇමතුමෙන් පසු විශ්ව පෙරලා රෝහලට පැමිණියේය. නොසිතූ ලෙස විශ්ව දැකීමෙන් සින්දූපා බලාපොරොත්තු පුරවාගත්තාය.
” මාමා කිව්වා ආරෝග්‍යා ඇඩ්මිට් කරන්න කියලා… එහෙන් ඔක්කොම රෙඩි… මෙහෙන් ඩිස්චාර්ජ් වැඩ ටික මම බලන්න කිව්වා… යං…”
“අය්යේ…. මනුජ …
“කෝ.. යමු..”
විශ්ව එය නෑසුනා සේ සින්දූපා ට කෙලින් වන්නට උපකාර කලේය. තවත් හෙදියක් ඔහුට උපකාර කරන්නට පැමිණි නිසා සින්දූපා ට ඉන් එහා විමසීමකට ඉඩ ලැබුනේ නැත. රෝද පුටුවේ සින්දූපා හිඳුවාගෙන, විශ්වගේ මෝටර් රියේ හිඳුවාගන්නතුරුද සින්දූපා ඉවසුවාය.
” රිපෝර්ට්ස් ටික දෙන්න …ඉතිරි ඩොකියුමන්ට් වැඩ ටික හෙමින් කරන්න..”
ඔහු හෙදියට එලෙස පවසා මෝටර් රියට ගොඩ වූවේය. විශ්වගේ බිරිඳ සින්දූපා ට පහසු වන සේ හිස මදක් පිරිමැද්දාය.
” අනේ අය්යේ….හොස්පිට්ල් එකට යන්න කලින් මෙහෙමම චුට්ටක් මනුජගේ ගෙදරට ගිහින් එමුකෝ ?”
විශ්වගේ කෝපය ඉවසා සිටීමේ සීමාව ඉක්මවා ගියේය.
” මාව පේන්නේ මොකෙක් වගේද ඕයි ? පුදුම කරුමයක් නේ මේක… ඊයේ රෑ ඩියුටි.. එක විනාඩියක් ඇහැ පියාගත්තේ නෑ…. උදේ පැයක් නිදාගන්න හැදුවා විතරයි හූල්ලලා හූල්ලලා අරූගේ ගෙදර යැව්වා… ගෙදර ගෑනි වගේ උගේ ඔක්කොම වැඩ ටික කරලා ගෙදර ආවේ.. ඒ ඇවිල්ලා ආයේ හැරෙන්න උන් නෑ.. මාමා කියනවා මම වගකීම දරන විදිය ගැන හරියට කලකිරුනාලූ… දැන් තමුසේ මොකක්ද මට කරන්න කියන්නේ ? හරියට කියනවාකෝ රෙද්ද …”
සින්දූපා ගල් ගැසුනාය. විශ්ව මෙලෙසින් සැබෑම කෝපයෙන් කෑ ගැසූ දිනයක් ඇයට මතක නැත. විශ්වගේ බිරිඳ විශ්ව ට නවතාගන්නා ලෙස කෑ ගැසුවාය. විශ්වගේ හඬ නැවතුනේ, සින්දූපා ගේ ඉකි බිඳුම වඩා ප්රබලව නැඟුනු නිසාය. සින්දූපා විශ්වගේ බිරිඳගේ උරයට වාරු වූවාය. හැඬුවාය.
” ශිට්…”
විශ්ව යලි මෝටර් රිය හරවාගත්තේය. සින්දූපා උන්නේ දෑස් වසාගෙනය ඉකි ගසමිනි.
තනිවීම කෙතරම් අපහසුදැයි ඇයට දැනේ.
” සොරි අය්යේ.. මේ අවසාන වතාව මං හින්දා ඔයාට වොරි වෙන්න වෙන … ආයේ මම ඔයාලාගේ ජීවිත වලට බරක් වෙන්නේ නෑ.. කාගෙවත් ජීවිත වලට බරක් වෙන්නේ නෑ.. මම මාව බලාගන්නම්… ඔයා තාත්තට කියන්න, මගේ හිතුවක්කාරකම් එක්ක ඔයාටකරන්න දෙයක් නෑ තවදුරටත් කියලා… එතකොට ඉස්සරහ දේවල් මම තාත්තා එක්ක බලාගන්නම්… මම ඔය.. දෙන්නාගෙන්ම සමාව… ඉල්ලනවා… සමාවෙන්න මට… සමාවෙන්න ….”
සින්දූපා ඉකි බිඳුම අතරින්ම කීවාය. ඕ උන්නේ ජීවිතය දැඩි කර ගත යුතුය යන තීරණය ඉතා තදින් ඉටා ගන්නට උත්සාහ කරමිනි
මෝටර් රිය මනුජගේ ගේට්ටුව අසල නැවතුණි
විශ්ව මනුජට ඇමතුමක් ගත්තේය.
” ගේට් එක ලඟට වරෙං…”
ඒ හඬට සින්දූපා දෑස් හැර තමා සිටින්නේ කොතැනකදැයි බැලුවාය.