සින්දූපා ගේ පියාගේ මිතුරාගේ පුතා සින්දූපා හමුවූවාට පසු සින්දූපා ඔහු පිළිබඳව සෑහෙන්න දේ කතා කල නිසාම මනුජ උන්නේ යම් තිගැස්මක් එක්කය. ඒ නිසාම ඔහු සින්දූපා ගේ ඇමතුම් කිහිපයක් මඟ හැර , පසුව යලි ගත්තේය.
ඒ නිසාම, විශ්ව හදිසි හෘද්‍යාබාධයක් නිසා රෝහක් ගත කර ඇති බව මනුජ දැනගන්නා විට දිනයක් පසු වී තිබුණි.
සින්දූපා ඒ ගැන දැනගත් මොහොතේ පටන්ම මනුජ ඇමතුවාය. එහෙත් පිළිතුරු වෙනුවට ඉතා කෙටි පණිවිඩ ලැබෙමින් පැය කිහිපයක්ම ගෙවුණි. අවසානයේ ඕ බර අඩු කර කෙටි පණිවිඩයක් තැබුවාය.
” මොන විශ්වද ?.”
මනුජ ඇමතුමට වහා සම්බන්ධව, එලෙස විමසුවේ එක්වරම වැටහුණු යමක් විශ්වාස කරන්නට අකමැතිව මෙන් ය. වසර විස්සක්… එය කුඩා කාලයක් නොවේය.
“අනේ .. ඔයා චුට්ටක් ගිහින් බලන්නකෝ.. පෙරේදා රෑ වෝර්ඩ් එකේ ඉන්න ගමන්මයි ඇටෑක් එක ඇවිල්ලා තියෙන්නේ…. මට අක්කවත් කිව්වේ නෑ.. මම නිලූ මිස්ට කෝල් කර වෙලේ එයා සැකෙන් වගේ කිව්වේ ඒත් මට.. මං දන්නවාද කියලා අහ අහා…”
“විශ්ව…”
මනුජ අසුනට වැටුනේය. ඔහු මතට යම් පීඩනයක වැටුනා නම් ඒ තමා නිසාය.
” කලබල නොවී උන්න සින්දූ .. මම ගිහින් බලලා විස්තරයක් කියන්නම්…”
“අනේ .. මෙහෙ ගේන්න හරි ඕනි නම් එහෙම කරමු… මං .. මං තාත්තටත් කියන්නම්…”
මනුජ සියලු වැඩ පසෙකලා රෝහලට පිටත් වූයේය. විශ්වගේ බිරිඳ රෝහල් කොරිඩෝවේදී මුණ ගැසුණි. ඕ කඳුළු පුරවාගෙන මනුජ අසලින් සිට ගත්තාය. බිම බලාගෙනම උන්නාය.
” නංගී… මොකක්ද වුනේ… ? ඇයි මට නිකමට නොකිව්වේ…?”
විශ්ව සහ ඇගේ ජීවිතය තුළ මනුජ කෙතරම් වැදගත් අයෙකුව උන්නාදැයි දැන උන් ඇයට හැඬුනි. වෛද්‍ය ශිෂ්‍යකුව සිටි කාලයෙ සහ සීමාවාසි වෛද්‍යවරයකුව ලැබූ වැටුපෙන් ඉටුකල නොහැකි වගකීම් සමුදායක් විශ්වගේ කර මත වූ සමයක, මනුජ සියල්ල වෙනුවෙන් උපකාර කල මිතුරා විය. නිර්ධා සහ මනුජගේ වෙන් වීමෙන් පසු මනුජගේ ජීවිතය වෙනුවෙන් විශ්ව සහ තමා උන්නේ කොහොමදැයි ඇයට අමතක නැත.සියල්ල කුඩුපට්ටම් ව ගියේ සින්දූපා සහ මනුජ අතරේ ගොඩ නැඟුණු හිතවත්කම එක්කය. ඒ මැදට විශ්වට හිර වෙන්නට වීම එක්කය.
” මට ඌ අතාරිනවට වඩා ලේසි එක අතකට මාව අතාරින එක…. අනෙක් අතින් සින්දූ ට නරකක් , නපුරක් වෙන්න ඉඩ ඇරලා බලන් ඉන්නෙක…. ශිට් .. කරුමේ…”
විශ්වගේ හඬ ඇයට ඇසෙමින් නෑසෙමින් තිබුනේය.
” නංගී….”
මනුජ නිසොල්මන්ගේ සිටින ඇගේ උරිස්සෙන් අල්ලා කතා කලේය
” අනේ.. අනේ.. මට මගේ විශ්වව ගෙනල්ලා දෙන්න අය්යේ… මට.. මට වෙන කවුරුත්ම නෑනේ අය්යේ.. ඔයා දන්නවානේ…. අනේ… අනේ… එයා.. එයා තාම ඇස් ඇරලා බලනවා විතරයි….. අනේ.. “
ඕ සීතලව ගොස් ඇති බව මනුජට දැණුනේය. මනුජ ඇය අල්ලාගෙන අසල අසුනක හිඳෙව්වේය.
” ඔක්කොම අය්යා බලාගන්නම් .. හරිනේ… මට සමාවෙනවා.. මං හින්දා මේ ඔක්කොම … මං ඌව අතෑරිය නිසා….. අපි ඔක්කොමලා පිස්සු වැටිලානේ උන්නේ නංගී…”
“මම.. මම විශ්වට කිව්වා ඔයාගේ ප්‍රශ්න වලින් ඈත් වෙන්න කියලා.. අය්යේ.. මම එයා එක්ක රණ්ඩු කරා…මුලදි එයා කැමතිත උන් නෑ අය්යේ.. ඔයා..සින්දූ එක්ක.. සෙට් වෙනවට.. ඔයා නිසා සින්දූ දුක් විඳී කියලා.. එයා හරියට බය උනා…… එයා.. එයා ….පස්සේ… කිව්වේම.. ඔයාට හරියන්නේ සින්දූ එක්ක කියලා… ඒත්.. ඒත්… මාමාගේ වචන වලින් …එයා ආයෙම බිඳුණා… කුඩු උනා… මාත් එයාට බැන්නා… ඔයාව අතාරින්න කියලා රණ්ඩු කලා…. බැන්නා.. අනේ… අය්යේ…”
“මේ බලන්න… විශ්වගේ ගෙදරට කිව්වාද?”
” නෑ අය්යේ.. අම්මගේ සීනි වැඩි වෙලා තිබ්බේ …. මං .. මං කිව්වේ නෑ ඒ නිසා.. නංගී දිගටම කතා කරනවා අය්යා කතා කලේ නෑ කිය කියා…. පස්සේ මම ඒ මල්ලිට කිව්වා උදේ… එයා කිව්වා එන්න කියලා හිතෙනවා නම් කියන්න කියලා.. ඒත් නංගී ප්‍රෙග්නන්ට් අය්යේ.. එයාට ට්‍රැවලිම් හොඳ නෑ කියලා තිබ්බා… ඒ නිසා මම මල්ලිට කිව්වා මම බලාගන්නම් කියලා…”
“මටවත් , සින්දූටවත් නොකියා…?”
” මං.. මං… ඔයාලා දෙන්නට බැණ බැණ .. ඔයාලගේ ජීවිත අපෙන් ඈතට යන්න හිත හිත ඉඳලා… කොහොමද අය්යේ.. උදව් ඉල්ලන්නේ .?”
මනුජ කඳවුරේ සගයෙකු ගෙන්වාගෙන, ඇයව තම නිවසට යැව්වේය. සාරතී අමතා ඇය ගැන කීවේය. සින්දූපා අමතා විශ්වගේ තත්වය සොයා බලන්නට කීවේය. ඉන් පසුව රෝහල් අධ්‍යක්ෂක මිතුරා මුණ් ගැසුනේය.
” අයි සි යූ තියන් ඉන්නේ වැඩි පරෙස්සමට මචං…. කොල්ලා ස්ටේබල්…. “
මනුජ ට ඔහු සමඟ සින්දූපා වෙනුවෙන් ගැටුම් තිබුණි. එහෙත්, ඒ බව මොහොතකට අමතක කලේය.
” මොකක්ද අපෙන් වෙන්නෝනා ?”
” මුකුත්ම නෑ… ඔක්කොම අන්ඩර් කන්ට්‍රෝල් …”
මනුජ නිවසට ගොස් විශ්වගේ බිරිඳට සැබෑ තතු පවසා ඇය අස්වැසුවේය. දියණිය නැන්දාගෙන් ඇමතුමක් පැමිණියේ නැති බව පවසමින් හඬන්නට පටන් ගත් නිසා ඇයට ඇමතුම් කිහිපයක්ම ගන්නට උත්සාහ කලේය එහෙත් පිළිතුරු ලැබුනේ නැත.
” අම්මේ.. මනුර්‍යා කතා කලාද ?”
“ඊයේ කතා කලා පුතේ… අද ඒගොල්ලෝ කොහෙද මන්දා ඇවිදින්න යනවා කිව්වා.. ඒ යන දිහාවට සිග්නල් ටිකක් අඩුයි කිව්වා… ආයේ ඇවිල්ලා ගන්නම් කියලා කිව්වා..”
“හා හරි හරි.. දෝණි මේ කෑ ගහනවා…”
“අනේ…දරුවාට කතා කරන්නම් මම.. කෝ දෙන්න…”
“අම්මගේ චැනල් එක හෙට.. ..”
“හරි පුතේ…”
මනුජ ජංගම දුරකතනය දියණියට දුන්නේය.
“අම්මා.. ආච්චි එන්නකෝ… මෙහේ.. අප්පච්චී ට වැඩනේ…”
මනුජට දියණියගේ හඬ ඇසුණි. ඔහු සුසුමක් සමඟ පසෙකට ඇවිද ගියේය
ජීවිතය තනිව සමබර කර ගැනීම පහසු නොවේ.
හවස විශ්වට සවි කට තිබූ යන්ත්‍ර බොහෝමයක් ගලවා තිබුණි. ඔහු පැහැදිළි හඬින් කතා කලේය. මනුජ ඔහුගේ අතක් තදින් අල්ලා ගත්තේය
” තෝ පිස්සු *&%– … ආයේ මෙහෙම වෙන්න බෑ… හිත සන්සුන්ව තියාගනින්..”
විශ්ව සිනාසුනේය. විශ්වගේ බිරිඳ අසීරුවෙන් සිනාසෙමින් උන්නාය. විශ්ව ඇය දෙසබැලුවේය.
” දැන් ඔක්කොම හරි …. අඬන්නෙපා …ඔයා…”












