දෑත දරා – 73

සින්දූපා නින්දෙන් ඇහැරෙන විට උදෑසන දහය පසුවී තිබුණි. ඕ විසන්ධිව ගිය ජංගම දුරකතනය සොයා ගත්තාය. මනුජ සමඟ ඇමතුමේ සිටියදීම නින්දට වැටී ඇත. ඕ මනුජට ඇමතුමක් ගන්නට පෙර විශ්වගෙන් පැමිණ තිබූ වට්සැප් පණිවිඩය විවෘත කලාය.

” නංගී… මේක අය්යා කෙනෙක් නංගී කෙනෙක්ට එවන්න වටින ජාතියේ මැසේජ් එකක් නෙවෙයි… අක්කගෙනුත් බැණුම් අහ අහා මම මේක ටයිප් කරන්නේ… ඒවුනත්, මේක අද ඔයාට නොකිව්වොත් මම සදාකල් පසුතැවේවි සමහරවිට… නංගී.. මනුජ ගැන මම කියපු දේවල් ඔයාට අමතක නැතුව ඇති…  ඒත්, මේ කියන්න යන එක් හොඳට අහන්න… මිනිස්සුන්ගේ ජීවිත වල, යම් කාලයක් එනවා ඒ කාලේ ජීවිතේ වෙන හැමදේම වෙන්නේ නරකට…. නපුරට  … එහෙම වුනාම   අපිට පේන්නේ ඒ මිනිහා කවදාවත් හොඳකට, යහපතකට පෙරලෙන එකක් නෑ කියලා…

ඒත්, එක තත්පරේකට පස්සේ… හැමදේම වෙනස් වෙනවා… හරියට දෝණි අසනීප වුන වෙලේ , කෑම්ප් එකේ ඩොක්ටර්වත් මඟෑරගෙන, මනුජ දියතලාවට ආවා වගේ.. ඒ ඇවිල්ලා ඔයා එක්ක පැටලුනා වගේ….. මනුජ වෙනස් වෙලා නංගී… ඌට උගේ හීන ඇරෙන්න වෙන කිසිම දෙයක් පෙනුනේ නෑ ඔයා හම්බෙනකල්…  මං හොඳටම දන්නවා, ඌ අප්පච්චී කෙනෙක් විදියට දෝණිව ගුලි කරගන්නත් ඒ වෙනස හේතුවක්.. ඔයා හේතුවක් …..

සින්දූපා … මනුජට කතා කරන්න.. ඌ එක්ක යන්න… ඉඳලා රෙජිස්ටර් වෙන්න …. මං අත්සන් කරන්න එන්නම් විට්නස්…. විමුක්ති සයින් කරාවි එහෙන් …..

උඹ උඹේ ජීවිතේ වෙනුවෙන් ෆයිට් කරපං නංගී..

මේ ඔක්කොම දාලා උඹ  රට ගියාම මාමාට   සැනසීමක් ලැබෙයි කියලා උඹ හිතනවා නම්, ඒක එහෙම වෙන්නෙත් නෑ නංගී.. උඹ එහෙට වෙලා හූල්ලන වාරයක් ගානේ මාමා විඳවනවා..නැන්දා විඳවනවා…. මැරෙනකල් සැනසීමක් ලැබෙන්නේ නෑ..

ඒත්, උඹ මනුජයා එක්ක සැනසීමෙන් ඉන්න බව දැක්කට පස්සේ, ටික කාලෙකින් ඒ දෙන්නම හිත සතුටට හරවා ගනීවි… මැරෙන්න කලින් ඒ දෙන්නා සෑහෙන්නම සතුටින් ඉඳී…

නංගී… මනුජ එක්ක යන්න… ඌ අද කොළඹ ඒවි ….. කතා කරගෙන යන්න.. මං හරි එන්නම්.. එක්ක යන්න…..”

සින්දූපා ලැම මිරිකා ගත්තාය. යළි වතාවක් විශ්වගේ පණිවිඩය අග සිට මුලටත්, යලි මුල සිට අගටත් කියවා දැම්මාය.

නංගී… මනුජ එක්ක යන්න… ඌ අද කොළඹ ඒවි ….. කතා කරගෙන යන්න.. මං හරි එන්නම්.. එක්ක යන්න…..”

යළි දුටුවේත්, හිත පුරා ඇසුනේත් එයම පමණි. සින්දූපා ජංගම දුරකතනය යහන මතම දමා, ජනේලයෙන් පහත බැලුවාය. යළි අහස දෙස  ඔහේ බැලුවාය. සියල්ල සන්සුන් වුවද තම අභ්‍යන්තරය ඉතා කලබලයක බව ඇයට දැනෙන්නට ගත්තේ එතැන් පටන් ය.

සින්දූපා මනුජට ඇමතුම් කිහිපයක්ම ගත්තාය. එහෙත් පිළිතුරු ලැබුනේ නැත.

ඉන් ඇයගේ සිත තුළ වූ කලබලය තව් වැඩි  වුනේය.

සින්දූපා ගත දොවාගෙන පහල තට්ටුවට ගියේ පඩිපෙලෙහි අත් වාරුවට වැඩිපුර බර දෙමිනි. පාදයෙන් තවම යම් වේදනාවක් දැනේ.

” ඔයා නැගිට්ටද පුතේ ? උදේට බෙහෙත් ටික බොන්නත් එක්ක මම ඇහැරවන්න හැදුවේ… ආයේ තේ ඕනි නෑනේ…?”

“අම්මේ… කෝ තාත්තා…”

සින්දූපා වහා විමසුවාය. ඇයට දැනෙන්නේ නිවස තුලම තමාට  එරෙහි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවය.

” තාත්තා වැඩකට ගියානේ ?……”

“අම්මේ… මම රට යන්නේ නෑ.. මට රට යන්න බෑ…  අම්මලා මම මනුජ එක්ක සෙට්ල් වෙන එකට අකමැති නම්, කොච්චරක් කල් වුනත් මම මෙහෙම තනියෙන්ම ඉන්නම් අම්මේ… හැබැයි , මම යන්නේ නෑ මෙහෙන්.. ඒ වගේම  මම වෙන කාටවත් ආදරේ කරන්නෙවත් කසාද බඳින්නේවත් නෑ……  මට එහෙම බල කරන්නත් එපා..”

සින්දූපා ඉතා ආයාචනාත්මකව කීවාය. අම්මා  ඇය  ඇය දෙස බලා උන්නේ සිතාගන්නට  නොහැකිවය. ඇය මෙතරම් නොබියව ගත් තීරණය කියන්නිය.

” පුතේ…ඇයි මේ ?……”

“ඊයේ අපි සෑහෙන්නම රණ්ඩුකලානේ අම්මේ… ඔයාලා මට බැන්නා.. විශ්ව අය්යට අපහාස කලා… මනුජට බැන්නා… ඒත්… එයාලා කවුරුත් වැරදි නෑ අම්මේ… මමයි වරදක් කලා නම් කලේ…. මමයි මනුජව පොළබවගත්තේ… මං ආදරේ පෙන්නද්දී  එයා දියවුණා අම්මේ… මිනිහෙක්නේ ඒ… තාත්තෙක් .. ඒක හරි.. ඒත් මිනිහෙක් නේ….මං දන්නවා ඔයාල එයාගේ එක්ස් වයිෆ් ව මෙහෙ ගෙන්නගෙන  , දරුවාව ඉස්සර කරගෙන ලොකු නාඩගමක් කරන්න යන්නේ කියලා… ඕනි දෙයක් කරන්න උත්සාහ කරන්න අම්මේ.. එයා ඒ ඕනි එකක් එක්ක හැප්පෙයි.. හැබැයි එයා  ඔයාලා දෙන්නට ඔලුව උස්සන් සමාජේ යන්න බැරි කරන්නේ නෑ.. ඔයාලාගේ ස්ටේටස් නැතිකරන්නේ නෑ.. මට එහෙම කරන්න හිතක් ආවත් එයා ඒකට ඉඩ දෙන එකක් නෑ.. එහෙම වුනා කියලා .. අම්මලා  හිතන දේ වෙන්නෙත් නෑ…”.. අම්මලා  හිතන දේ වෙන්නෙත් නෑ…”

සින්දූපා මුළුතැන්ගෙය වෙතට ඇවිද ගියාය.

සින්දූපා ගේ මව අසුනකට  වැටුනාය. කොහොම විසඳාගන්නටදැයි නොවැටහෙන ප්‍රශ්නයක් මැදට තමා වැටී  ඇති බව ඇයටද දැනෙයි.  එක් පසෙක දියණියය. අනෙක් පස දැඩි තීරණයක් සමඟ ස්වාමිපුරුෂයාය. ඒත් සමඟම ඇයට මනුජගේ වෙහෙසුණු මුහුණද සිහියට ආවේය. සැබවින්ම ඔහු කවුරුන්ද ?

සින්දූපා ගේ පියා නිවසට එන්නට බලාපොරොත්තුවෙන් උන්නේ අප්‍රමාණ සැනසීමක් එක්කය. මනුජම නිවසටම විත්, සින්දූපා සමඟ සම්බන්ධතාවය නවත්වන්නට තීරණය කෙරූ බව පැවසූ පසු, දැනුණ සැනසීම පැය කිහිපයක් තුළ ක්ශයව යන බවක් ඔහුට දැනෙයි.

” මමවත්, සින්දූපා වත් වරදක් කලා කියලා මට හිතෙන්නේ නෑ.. ඒත්, ත්වදුරටත් මම එහෙම හිතන එකෙන් සින්දූපා ට හොඳක් වෙන්නේ නැති බව මට පැහැදිළියි.. අහිමිවිම් , දරාගැනීම් කියන එකේදි අංකල්, මම ටිකක් එක්ස්පර්ට්… මං හිතනවා මට පුලුවන් කියලා… අමාරුයි..පුලුවන් ඒත්… ඒ හින්දා මම මේකේ බර අදින්න තීරණය කලා…

හැබැයි.. සින්දූපා පැත්තෙන් ඒක එහෙම නෑ ඇති… එයා පහුගිය කාලෙම එහෙම ලොකු සම්බන්ධතා වල ඉඳලා නෑ… අපි දෙන්නා අතරේ කතාබහ කාලේ කෙටි වුනත්, බොන්ඩ් එක තදයි දැනෙනවා.. ඒ නිසා සින්දූපා ට  මේක  අනිවාර්‍යෙන්ම ශොක් එකක්.. ඔයාලා දෙන්නාට බාරයි එයාව…මැටියෙන් හරි සිමෙන්තියෙන් හරි කමක් නෑ එයාව හය්යෙන් හදාගන්න වෙනවා ඔය දෙන්නට…

මම මගේ තාලෙට, අයින් වෙන්නම්.. මෙතනින් එහාට… ඕගොල්ලොවත්, මේකට සම්බන්ධ නෑ.. මට කියන්න උවමනා උනේ සින්දූපා ව හය්යෙන් අල්ලගන්න කියලා…විශ්වලාවත් මින් ඉස්සරහට මම කරන දේ දන්නේ නෑ…”

මනුජගේ හඬ ඉතා පැහැදිළි ව සින්දූපා ගේ පියාට දෝංකාර දෙමින් ඇසුනේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles