දෑත දරා – 79

විශ්ව ඇමතුමට සම්බන්ධ වූයේ නැත. මනුර්‍යා කිහිප වතාවක්ම උත්සාහ කලාය. මනුජ වහා නිවසින් පිටව යට සූදානම් වූයේය.

“ අයියේ .. පොඩ්ඩක් කලබල නොවී ඉන්න .. සින්දූපාට අවුලක් තිබුනේ නෑ උදේ වෙද්දී .. සමහරවිට විශ්ව අයියලා එමින් ගමන් වෙන්න ඇති…මෙවෙලේ ඔයා එහෙට ගිහින් කලබලයක් ඇති කරනවාට වඩා, ඉවසීමෙන් ඉන්න එක නේද හොඳ ?… “

මනුජ ආපසු හැරී නැවතුනේය. ගත් අඩිය ආපස්සට තැබුවේය. තමා ගත් තීරණය වෙනස් නොකර යුතු බව ඉටා ගත්තේය.


“ අම්මලා කෝ ?…”

“ අද අම්මාගේ චැනල් එක . විමුක්ති අම්මලාව එක්ක ගියා…”


මනුජ තිගැස්සුණෙය. තමාට සියල්ල අමතකව ගොස් ඇති බව ඔහුට වැටහෙන්නේය. සියල්ල අමතකව ගොස් ඇතැයි කියනවාටත් වඩා සියල්ල පැටලී, අපැහැදිලිව ගොස් ඇති බව පැවසීම නිවැරදිය.

“ දෝණි …”

“ අඬලා අඬලා එයත් ගියා.. සාරතී ආන්ටිත් ගියා…”

මනුජ සුසුමක් හෙලුවේය. සියල්ල කෙලෙසින් ගලපාගෙන කලමණාකරණය කරගන්නටදැයි වැටහෙන්නේ නැත. මනුජ ආපසු කාමරය තුලට වූයේය. සින්දූපා සුවෙන් ඇතැයි වන හැගීමක් ඔහුට නිරායාසයෙන් දැනෙන්නට ගත්තේය. මනුජ සිගරැට්ටුවක් දල්වාගෙන ඒ හැඟීම තව තවත් ඔහු තුලම වැඩෙන්නට දුන්නේය.

“ ඔයාව මේ මානසික වදයෙන් මුදවලා දාන්නම් මම සින්දූ ..  ඔයා මටයි, දෝණිටයි දෙන්නාටම වෛර කරන තැණක මම මේ හැමදේම නවත්තන්නම් සින්දූ .. එතනින් පස්සේ  හැමදවසකම ඔයා සතුටින් ඉඳීවි … ඔයා .. ඔයා ලේසියෙන් මිනිහෙක් විශ්වාස නොකරාවි … ඒත් මට විශ්වාසයි, මම දන්නවා… ඔයා එක මිනිහෙක් විශ්වාස කරලා ජීවිතේ ලස්සනටම ජිවත් වෙවී .. මම වගේ රැවටිලිකාර මිනිහෙක්ගෙන් ඔයා බේරුණා කියලා, ඔයා ඒ මිනිහා එක්ක කියාවි … හ්හ් … ඔයා කවදාවත් මම ආදරේ කර තරම් දැණගන්න එකක් නැහැ සින්දූ …”

මනුජ යලි යහනේ පෙරලුනේය. ඔහුට දැනෙන්නේ සියල්ල අවසන් බවය. ජීවිතය ඇතැම් කල් හී මෙවන් අපහසුතාවල ගිලෙන බවට සැක නැත. එහෙත් මනුජ සිටින්නේ මුලු ජීවිතයම මෙතැනින් අවසන් වේවිදැ බියක් හදවත තුල මැවෙන තත්වයකය.

සින්දූපා ඇගේ කාමරය වෙත ඇවිද ආවේ හෙදියන් දෙදෙනාගේ උපකාරයෙනි. ඔ ඔවුන් දෙදෙනාට ස්තූතිවන්ත වූවාය.

අම්මා පිටුපසින් තාත්තා වන සේ ඇගේ කාමරයට ඇතුලු වෙද්දී ඕ ඔවුන් දෙදෙනා දෙසම මද සිනහවක් සම්ඟින් බැළුවාය.

“ කොහොමද පුතේ ?..”

“ හොඳටම හොඳයි අම්මේ… මට දැන් එහෙම අමාරුවක්ම නෑ ..කිව්වාට අහන්නේ නෑනේ ඉතින් .. ඒක පොඩි අන්ස්ටේබල් වීමක් නේ …”

“ සුප් එකක් බීලා ඉමු හොඳේ .. පහල හදනවා …”

සින්දූපා හිස සැළුවාය. ඉන් පසුව තාත්තා දෙස බැළුවාය.

“ තාත්තේ …. පුලුවන් ඉක්මනට මට නැන්දි ළැඟට යන වැඩේ ලෑස්ති කරලා දෙන්න හොඳේ … මං ඩොකියුමන්ට්ස් ආයේ ක්ලියර් කර කර ඉන්නේ නෑ … සේවය හැර ගියා සේ සැළකෙන්න යනවා..ඔව්වා ඔක්කොම ඇපෲව් කරගෙන යන්න ගියොත් මට යන්න වෙන්නේ නෑ …. ඒ නිසා ඒක අතාරිනවා.. එහෙ ගිහින් සෙට්ල් වෙලා ඉඳලා, ආයේම ඇවිල්ලා මම මෙහෙ වැඩ බාරගන්නම් තාත්තේ.. එතකල්, ඔයා මේ විදියට දේවල් බලාගන්න …”

සින්දූපාගේ පියා විමතියෙන් මෙන් සින්දූපා දෙස බලා උන්නේය. සින්දූපා එය හැඳින්නාය.

“ මම හොඳින් තාත්තේ… මට තේරෙනවා , සමහර වෙලාවට අපි හරියි කියලා හිතාගෙන ඉන්න සමහර දේවල් කොච්චරක් නම් වැරදියිද කියලා මට තේරුනා තාත්තේ .. මට සමාවෙන්න , මම ඔයා කියපු දේවල් වලට තරහ අරන් ඔයා එක්ක හැප්පුණාට.. සමහර මිනිස්සු අපේ ජීවිතේට එන්නෙම , ඒගොල්ලෝ යන දොරත් ඇරගෙනමය් .. අපි විතරක් දොරවල් වහගෙන ඒ අයව නවත්තගන්න හැදුවට තේරුමක් නෑ .. මං චුට්ටක් කලබල වුන නිසයි එහෙම වුනේ තාත්තේ..  පැනික් ඇටෑක් කියන්නේ මට නුහුරු දෙයකුත් නෙවෙයි නේ …. මම ආයේ එහෙම වෙන්නේ නෑ …. මම මිනිස්සු ගැන තේරුම් ගත්තා….”

සින්දූපාගේ අම්මා ඇ්ය වෙත ඇවිද ආවාය. ඇගේ හිස සිම්බාය.

“ මොකක්ද මගේ පුතේ වුනේ ?…”

“ ඒ දේවල් ඉවරයි අම්මේ…….”

“ පුතා කලබල වුනේ මොකකටද ?..”

“ කලබලයක් නෙවෙයි .. ඒක .. මට . මට .. විශ්වාස කරගන්න බැරිව ගිය දෙයක් .. ඒ නිසයි … මට ඇඬෙන එක නවත්තගන්න බැරිව ගියා එවෙලේ…”

“ හරි හරි .. දැන් ආයේ .. ඒක මතක් කරන්න එපා ..”

“ අම්මේ .. මනුජ .. එයා ආයේ එයාගේ එක්ස් වයිෆ් එක්ක සෙට්ල් වෙලා අම්මේ.. එයා.. එයාගේ මුලු ජීවිතේම ආදරේ කලේ ඒ ගර්ල්ටම විතරයිලු .. එයාට මම හොඳයිලු .. ඒත් .. ඒත් …”

සින්දූපා අම්මා වැලඳගත්තාය. සින්දූපාගේ පියා උන්නේ කුමක් සිදුවන්නේදැයි විශ්වාස කරගන්නට නොහැකිවය.

එලෙස නම්, තමා විසින් සිදු කරන්නට උත්සාහ කරන ලද සැලැස්ම සාර්තක වී ඇත්තේ එලෙසින් ය. මනුජ.., ඔහු තම දියණියව මෙලෙසින් හඬවන්නට තරම් අයෙකු වූයේ කෙලෙසද?

සින්දූපාගේ පියාගේ සිතුවිලි ක්‍රියා කරමින් තිබුනේ පෙරට වඩා වෙනස්ම දෙසකටය.

ඔහු කාමරයෙන් පිටතට ගියේය. සාලය පුරා වේගවත් අඩි තබමින් ඇවිද්දේය.  අනතුරුව පහල තට්ටුවට බැස්සේය. ජංගම දුරකතනය ගෙන නිර්ධා ඇමතුවේය.

“ අංකල් ..”

“ඔය ළමයා කොහේද ?..”

“ මම ට්‍රීට්මන්ට්ස් වලට ගිහින් ගෙදර ආවා විතරයි අංකල් …”

සින්දූපාගේ පියා ඉන් පසුව කුමක් විමසන්නටදැයි සිතමින් මොහොතක් කල්පනා කලේය. ඇය විවාහකව ඉන්නා බවක් පැවසූ බවත් සිහියට ආවේය.

“ හෙලෝ ..”

“ ඔව් දරුවෝ .. ඒ වැඩ ටික කරගත්තාද බලන්න මම ගත්තේ … මට හොයලා බලන්න බැරි වුනා .. අපේ දරුවා හදිසියේම අසනීප වෙලා ඇඩ්මිට් කරන්න වුනා …”

සින්දූපාගේ පියා වැඩිපුර නොසිතාම කීවේය. ඉන් පසුව නිර්ධාගේ කලබල හඬ ඇසුනි.

“ කවුද ?… සින්දූපා ?… ඇයි .. මොකක් වුනාද ?…”

“  එයා මොකක් හරි දෙයක් ගැන වද වෙනවා.. ඒ නිසා පොඩි මෙන්ටල්  අන්ස්ටේබල් ගතියක් ඇවිල්ලා …. දැණ් ගෙදර ..”

“ අංකල් ?…  ඊස් ශී ඕකේ ?… ඊස් දෙයාර් එනිතින්ග් අයි කැන් ඩූ ෆොර් හර් ?…”

“ නතින් දරුවෝ .. ඔය දරුවා කරන්න තියෙන දේවල් කරලා තියෙන්නේ..”

සින්දූපාගේ පියා ඇමතුම විසන්ධි කලේය.

“ දැනට දුක් වින්දාට කමක් නෑ.. දරුවාට මේකෙන් හොඳක් වේවි ..”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles