මවගේ සිරුර මමීකරණය කර නිවසේ සගවා තබාගත් පුතෙක්

අපි හැමෝම ‘මමීකරණය’ කියන වචනය අහලා තිබුණට, ඒක අපිට අමුතු දෙයක් නෙමෙයි වුණාට, තමන්ගේ අම්මව හරි තාත්තව හරි මමීකරණය කරලා තියාගන්න අපි කවුරුවත් හිතන්නේ නැහැ නේද?

හැබැයි ඔන්න අද අපි කියන්න යන්නෙ ඒ වගේ අමුතු ජාතියේ, හිතන්නෙ නැති විදියෙ කතාවක් තමයි.

මම ඔය උඩින් කිව්වා වගේම අප්‍රසන්න, අමුතුම දෙයක් තමයි මීට දින කිහිපයකට කලින් උතුරු ඉතාලියේ මැන්ටුවා නගරයට ආසන්නව පිහිටි බෝර්ගෝ වර්ජිලියෝ ප්‍රදේශයෙන් වාර්තා වෙන්නෙ. මේ කතාව ඇහුවම ඇත්තටම ඔළුව අවුල් වෙන තරමට ආන්දෝලනාත්මකයි. ඒ වගේම නිකන් පොඩ්ඩක් “මෙහෙම දේවල් මේ ලෝකෙ වෙන්න පුලුවන්ද?” කියලා හිතෙන තරම් අමුතුයි.

මේ සිදුවීමේ ප්‍රධාන චරිතය වෙන්නෙ 57 හැවිරිදි ඉතාලි ජාතිකයෙක්. 

මේ මනුස්සයා 2022 අවුරුද්දෙදි වයස අවුරුදු 82 දී මියගිය තමන්ගේ අම්මා වෙන ග්‍රැසියෙලා ඩාල්’ඔග්ලියෝගේ විශ්‍රාම වැටුප (Pension) ලබාගැනීමේ අරමුණින් කරන්නෙ මහ අමුතුම දෙයක්. සරලවම කිව්වොත් හිතාගන්නවත් බැරි විදියෙ දෙයක්.

 හරිනම් තමන් කරන්නෝන තමන්ගෙ අම්මා මිය ගිය බව අදාළ බලධාරීන්ට දැනුම් දීම උනාට, ඒ වෙනුවට, මෙයා කරලා තියෙන්නේ මැරිච්ච අම්මගෙ ශරීරෙ බෑග්වලින් ආවරණය කරලා නාන කාමරයේ හංගලා තියෙන එක. මේ මනුස්සයා කලින්  හෙද වෘත්තිකයෙක් විදියට සේවය කරමින් ඉඳලා දැන් රැකියා විරහිතව ඉන්න කෙනෙක්. ඒ experience එක නිසාමද කොහෙද මෙයාට පුලුවන් වෙනවා එන්න එන්න දවසෙන් දවස පරණ වෙන අම්මාගේ ශරීරෙන් වෑහෙන තරල සිරින්ජර් එකක් පාවිච්චි කරලා අයින් කරලා අම්මව මමී කෙනෙක් කරලා බාත් රූම් එකේ තියාගන්න. ඉතින් මේ විදියට තමන්ගෙ අම්මා මැරිච්ච විත්තිය අදාල බලධාරීන්ට කියන්නෙ නැතුව මෙයා බලාපොරොත්තු වෙන්නෙ අම්මට හිමිවෙන්නෝන යූරෝ දහස් ගණනක විශ්‍රාම වැටුපක් ලබාගන්න.  මෙයාට එල්ල වෙන චෝදනාව වෙන්නෙත් ඒක. 

මේ මනුස්සයා තමන්ගේ අම්මගෙ විශ්‍රාම වැටුප සහ දේපළ වලට ස්තූතිවන්ත වෙන්න, වාර්ෂිකව යුරෝ 53,000 ක (පවුම් 46,500 ක) ආදායමක් ලබාගෙන තියෙනවාය කියන එකත් මේ අස්සෙම හොයාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ සිද්දිය එළියට එන්නෙ මෙන්න මේ විදියට.

පසුගිය දවසක මෙයාගෙ අම්මගෙ අයිඩෙන්ටිටි කාඩ් එක කල් ඉකුත් වෙලා තියෙනවා. ඉතාලියේදී හැඳුනුම්පතක් අලුත් කිරීම පෞද්ගලිකව කරගන්නෝන දෙයක් නිසා, මේ මනුස්සයා මේක අලුත් කරගන්න ගිහින් මූණ දීපු සිදුවීමක් තමයි මේ මුළු සිදුවීමම එළියට එන්න හේතු වුණේ. 

තමන්ගේ අම්මා වගේ පෙනී ඉන්න, මේ 56 හැවිරිදි පුතා, තමන්ගෙ අම්මගෙ ඇඳුම් ඇඳලා, විග් එකක් දාලා, Lipstick, Nail Polish ගාලා, ආභරණ සහ පැරණි තාලයේ කරාබු පවා දාගෙන ප්‍රාදේශීය සභා කාර්යාලයට ගිහින් තියෙනවා. එහෙම ගිහින් මෙයා අම්මට ගැලපෙන වයසක කාන්තාවකගෙ කට හඬ අනුකරණය කරන්න උත්සාහ කරාට මොකෝ මේ මනුස්සයා ගැන සැක හිතෙන්න හේතුවෙලා තියෙන්නෙ අන්න ඒ කියන්න උත්සහ කරපු වචන කීපෙම තමයි.

 “එයා කාන්තා කටහඬකින් කතා කරන්න ගත්තට  ඉඳහිට පිරිමි ස්වර කිහිපයක් එළියට ආවා” කියලා නගරාධිපති ෆ්‍රැන්චෙස්කෝ අපෝර්ටි පසුව මාධ්‍යයට කියලා තියෙනවා.

හැබැයි, එතන සේවය භාරව හිටපු නිලධාරියා මේක දැකලා සැක කරන්නේ පුතාගේ මේ පෙනුම නිසාමයි. මොකද මේ මනුස්සයා දාගෙන උන්න විග් එකට පහලින් කලු කෙස් ටිකක් දකින්න ලැබිච්ච එක. ඒ කලු කෙස් ටික තමයි මේ officer ට මේ මනුස්සයා ගැන සැක හිතන්න හේතුවෙලා තියෙන්නෙ.  ඒ වගේම මේ ‘වයෝවෘද්ධ කාන්තාවගේ’ බෙල්ල “තරමක් මහත වැඩි කියන එකත් බෙල්ලෙ තිබ්බ රැළි පවා අමුතු බවත්” නිලධාරියාට තේරිලා තියෙනවා. ඒ වගේම මේ කාන්තාවගෙ අත්වල හම 85 හැවිරිදි කාන්තාවකගේ හමකට වඩා තරුණ හමක් විදියට තමයි මේ officer ට පෙනිලා තියෙන්නෙ.

මෙන්න මේ වගේ සැක හිතෙන කාරණා කීපයක් හන්දම තමයි මේ මනුස්සයා පොලිසියට මේ ගැන කියන්න කටයුතු කරලා තියෙන්නෙ.

මේ ගැන දැනගත්තු පොලීසිය, සැකකරුට පොලීසියට එන්න කියලා කතා කරනවා. 

ඔයාලා හිතන්නෙ මෙයා පොලිසියට කොහොම යන්න ඇති කියලද?

පොලිසිය ඉස්සරහදිත් බොරුවක් කරන්න කිසිමාකාරයකින් බය උනේ නැති මේ පුතා අම්මා විදියටම වෙස් ගෙන තමන්ගේ කාර් එකෙන්ම පොලීසියට ඇවිත් තියෙනවා.

 පොලීසියේ නිලධාරීන් කැමරා මඟින් මේ සිදුවීම නිරීක්ෂණය කරලා, මේ ‘කාන්තාවට’ රියදුරු බලපත්‍රයක් (Driving License) තියෙනවද කියලා පරීක්ෂා කරනවා. පරීක්ෂාවේදී හොයාගන්න පුලුවන් වෙනවා එයාට රියදුරු බලපත්‍රයක් නෑ කියන එක. 

ඒකත් වරදක්නෙ. 

අන්න ඒ කාරණාව මුල් කරගෙන ඊට පස්සේ පොලීසිය මේ මනුස්සයගෙ නිවස පරීක්ෂා කරනවා. එතනදි තමයි මමීකරණය කර තිබ්බ අම්මගෙ සිරුර බාත් රූම් එකේ හංගලා තියෙද්දි හොයාගන්න පුලුවන් වෙන්නෙ.

මේ සිදුවීමෙන් පස්සෙ අම්මගෙ මරණයට හේතුව හොයන්න පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා.

මේ වෙද්දි මේ පුතාව මළ සිරුරක් සඟවා තැබීම, රාජ්‍යයට එරෙහිව වංචා කිරීම, අනුකරණය කිරීම සහ පොදු ලේඛනයක් ව්‍යාජ ලෙස සකස් කිරීම යන චෝදනා යටතේ බන්ධනාගාර ගත කරලා තියෙනවා. 

හැබැයි මෙහෙම දෙයක් වෙච්ච පලවෙනි වතාව නම් මේක නෙවෙයි. 

මියගිය විශ්‍රාමිකයෙකුගේ දේහය එයාලගෙ දරුවන් විසින් එයාලට ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හංගලා තිබ්බ අවස්තා කීපයක්ම තව වාර්තා වෙනවා. 2023 දී වෙරෝනා වලදිත් මනුස්සයෙක් තමන්ගෙ අම්මගෙ මළ සිරුර අවුරුදු පහක් නිවසේ තබාගෙන අම්මගෙ විශ්‍රාම වැටුප ලබාගෙන තියෙනවා කියන එක සොයාගෙන තියෙනවා.

 ඇත්තටම මේ තරම් අමුතු දේවල් ලෝකේ වෙනවද? කියලා මේක කියවන ඔයාලට හිතෙන්න පුළුවන්.

මේ වගේ දේවල් ඇහුවම අපිට හිතෙන්නේ, මේ සිදුවීම් පිටිපස්සේ තිබුණේ මුදලට තියෙන ලෝභකම විතරක් නෙවෙයි එක්තරා විදියක මානසික ගැටලුවකුත් මේකට හේතුවෙන්න ඇති කියලා.

ඒ වගේම මේක අපිට මතක් කරලා දෙනවා Raatsasan ෆිල්ම් එකේ වුණා වගේ, මියගිය කෙනෙක්ගේ අනන්‍යතාවය භාවිත කරමින් අපරාධ කරන මානසික විකෘතිතා තියෙන මිනිස්සු තවමත් අප අතරේ ඉන්න පුළුවන් කියන බිහිසුණු ඇත්ත!

Related Articles

Don't Miss


Latest Articles