අංගාර – 12

0
835

 චරක දින දෙකක පිලිපීන සංචාරය නිම කර පැමිණියේ වෙනදා නොවූ උත්කර්ශයකිනි. වෙනදා විදෙස් සංචාරයක් අතර වාරයේ ගෙවාදමන ජීවිතය ඔහු කෙරෙන් ඈත් වී තිබුනේය. ඔහු ගමන පුරාවටම උන්නේ නැවුම් ප්‍රහර්ශයක් ගොඩ නංවා ගනිමිනි.  වෙනදා වූ කාර්‍යබහුල බවද, පීඩනයද අඩු නැතිව තිබියදී ඔහු හැකි සෑම විටම විහඟිව සම්බන්ධ කරගන්නට කටයුතු කරමින් උන්නේය.

” වැඩ ටික කරගන්න අයියේ… ඔයා පැයකට කලිනුත් කෝල් කරා…”

” දැන් මං කතා කරන එකද කරදරේ /?..”

“ඔයා වෙනදාට අබ්‍රෝඩ් ගියාම මෙහෙම නෑනේ ..”

” දැන් වෙනස් .. අපි ඇග්‍රීමන්ට් එක සයින් කරා.. දැන් විශේෂ වැඩක් නෑ ඉතින් ….එලියට යන්නත් කම්මැලියි මට …”

” චායා කෝ ?…”

” එයා එලියට ගියා …”

වැඩ කටයුතු අවසන් වූ වහාම චරක විතාරන අමාත්‍යවරයා පෙරලා ලංකාවට පැමිණෙමින් උන්නේය.

” කෝ අසේල ?.. ඇයි උඹ ?…”

චරකගේ නිත්‍ය රියැදුරා වෙනුවට පැමිණ වුන් මිතුරා දෙස චරක මෙන්ම චායාද හෙලුවේ විමසිලිමත් බැල්මකි. පිළිතුරු වෙනුවට මිතුරා චරකගේ ගමන් බෑගය ගෙන කැබ් රියේ පිටුපසට දැම්මේය. දෙදෙනාට වාහනයට නඟින්නට සන් කරමින් කැබ් රියට ගොඩ වූයේය.

” මොකක්ද වුනේ අයියේ ?…”

” කලබල වෙන්න දෙයක් නෑ ..අසේලයාට පොඩි අවුලක් වෙලා ..”

” මොකක් ?… ඌ මට ඊයෙත් කතා කලානේ?.. මොකක්ද වෙලා තියෙන්නේ ?..”

” ඌ උදේ එන්න ලෑස්ති වෙලා වෙහිකල් එක මඟ දාලා පාරේ එහා පැත්තට ක්‍රොස් කරන්න ගිහින් .. එවෙලේ  කැබ් එකක වැදිලා … තවම සිහිය නෑ… ඒත්, සිටුවේශන් නොට් සෝ මච් ඩේන්ජරස් කියලා ඩොක්ටර්ස්ලා කියනවා… අපේ උන් එතන ඉන්නවා.. අසේලයාගේ වයිෆරේත් එතන ..”

 චරක අසුනේ පිටුපසට හේත්තු වූයේය. අසේල වසර දහයකට එහා විශ්වසනීයම රියැදුරාය. ඔහු තම පියාගේ රියැදුරා වූ රංජිගේ සොහොයුරියගේ පුතෙකි. අසේලව තමාගේ රියැදුරු ලෙස තෝරාගත්තේ ඒ විශ්වාසයද සමඟින් බව චරකට සැනින් සිහි විය. තම ජීවිතයේ වූ සියලු සුදු, කලු, අලු නිමේෂ දැන උන් අසේල ඒ ගැන තමා සමඟ හෝ කතා බස් නොකරන්නට පරෙස්සම් වෙමින් රහස් රැකි අයෙකු බව සැනින් චරකට සිහි වූයේය.

” කොහෙද ඌ ඉන්නේ?..”

” කොළඹ ..”

” යමං .. මාව එතනින් දාලා උඹ මෙයාව ගෙදරට දාපං පුලුවන් නම් ..”

” පිස්සුද බං මෙවෙලේ එතනට යන්න …  අනෙක උඹ මේ ෆ්ලයිට් එකෙන් බැස්සා විතරනේ .. නින්දක් දාලා වරෙන් .. මෙවෙලේ එතන වැඩ ටික බලන්න ඕනෙවටත් වඩා කට්ටිය ඉන්නවානේ …”

එහෙත් චරකගේ කෝපාග්නි වචන හමුවේ මිතුරා ගමන් මඟ වෙනස් කලේය. චායා කිසිත් නොපවසා උන්නේ ඇයටද අසේලගේ සැබෑ තත්වය දැන ගැනීමේ දැඩි උවමනාවක් වූ නිසාය.

” හිතේ තියෙන දුක ගහකට ගලකට හරි කියන්න මිස් .. ඔය වයසට ඔහොම තනියෙන් හූල්ලන එක හොඳ නෑ…”

ඉදිරිපස කණ්ණාඩියෙන් තමා දෙස අනවසරයෙන් බලමින් වැඩිහිටි සහෝදරයෙකුගේ හඬක්ද ආඩ්‍ය කරගනිමින් පැවසූ අසේලගේ හඬ චායාට ඇසුනේය. ඕ අයහපතක් සිදු නොවනවාය යන හැඟීම ඉතා තදින් සිතේ තැන්පත් කරගන්නට උත්සාහ කලේය.

අසේලගේ තත්වය වූයේ යහපත් අතට බරවය. එහෙත් ඔහු දැඩිසත්කාර ඒකකයේම රඳවා තිබුණි. අවශ්‍ය සියලු දේ සිදුකරන මෙන් චරක රෝහල් අධ්කාරිවරයා හමුවී පෞද්ගලිකවම ඉල්ලා  සිටියේය. එයට ලැබුණු ධනාත්මක ප්‍රතිචාර හමුවේ චරකගේ සිතෙහි වූ කණස්සල්ල මදකින්  අඩු විය.

” කොහොම වුනත් ඌට සෑහෙන්නම කාලයක් බෙඩ් රෙස්ට් ඉන්න වෙනවා… කකුල් දෙකම හතරට වෙන්න කැඩිලා.. වම් අත තුනට කැඩිලා … මට හිතාගන්න බැරි, මෙච්චර කාලෙකට කැබ් එක යන්තම් හීරෙන්නවත් ගාවලා නැති මූ අසිහියෙන් පාර පැන්නේ කොහේ යන්නද කියලා…”

නිවසට පැමිණි චරක අම්මා සහ තාත්තාට තොරතුරු කීවේය. රංජි ද නිවසට පැමිණ උන්නේය.

” කොල්ලා එහෙම අසිහියෙන් වැඩ කරන එකෙක් නොවෙච්චි සර් .. මට හිතාගන්නත් බැරි ඔච්චර කලබලෙන් වාහනේ පෙනි පෙනි ගිය ගමන ..”

” දැන් ඒ මොක වුනත් කතා කරලා  තේරුමක් නෑ රංජි .. කොල්ලාගේ ජීවිතේට තියෙන අනතුර අවම නම්, අපි ඉතුරු දේවල් පියවරෙන් පියවර බලමු … මං කොල්ලව අතාරින්නේ නෑ…”

” ඒක ආයේ මම නොදන්නවයැ සර් … මං මේ හිතේ කලබලේට කියෙව්වේ….?”

චරක විහඟි ගේ හිස පිරිමදිමින් උන්නේ ඇයට බලෙන්ම නින්දට යන්නට බල කරමිනි.

” ආයේ චායා එක්ක එහෙ මෙහෙ දුවන්න ඕනි නෑ .. එතනට පහලින් කවුරු හරි අපොයින්ට් කරගන්න කියලා මම චායාට කිව්වා. … “

” අනේ අයියේ .. මට තවම කිසිම අමාරුවක් නෑ .. මට මෙහෙම ගෙදෙට්ට වෙලා ඉන්න බෑ අනේ.. අනෙක, මට අයියා ලඟට වෙලා ඉන්නයි ඕනි ..”

” ළඟට වෙලා ඉන්න පුලුවන් .. මම ගෙදර එනවා පුලුවන් හැම වෙලාවෙම …”

චරක විහඟිව සම්පූර්ණයෙන්ම නතු කරගෙන උන්නේය. නිතරම හිතට දැනෙන පසුතැවීමෙන් මිදෙන්නට කල හැකිව තිබුනේ, ඒ පසුතැවීම ඇය ඉදිරියේ පවසමින් සිත නිදහස් කර ගැනීමය.

” අම්මා කියනවා අයියේ හෙමින් සීරුවේ පොඩිවට එන්ගේමන්ට් එකක් පබ්ලිශ් කරන්නෝනා කියලා…”

” නෑ ඕනි නෑ … “

” ඒත් අයියේ..”

” රටේ ලෝකේ උන්ට අණබෙර ගහන්න දෙයක් නෑ… වෙන්න ඕනි දේ වෙලානෙ තියෙන්නේ.. ආයේ මොකටද විගඩම් …”

විහඟි ඉන් හිත රිදවා ගත්තාය. සිහින විය. ඒ සිහින ඉටු කරගනු වස් , චරක රිදෙන කිසිවක් කරන්නට විහඟිට අවැසි වූයේ නැත. එනිසාම වෙන් වන්නට සිදු වෙන ඕනෑම මොහොතක සාපය තමා මත දරාගන්නට ඕ ඉටා උන්නාය. නොසිතූ පරිද්දෙන් එවන් අවස්තාවක් උදා වූ විට  ඕ සියල්ල අතැර දුරටද ගියාය. එහෙත් දැන් හිත ඉල්ලන්නේ අයිතිවාසිකම් වල උණුහුමය. චරක නම් වූ කඩවසම් අමාත්‍යවරයාගේ පතිණිය වී සමාජය තුල හිස ඔසවා ගමන් කිරීමේ ආශාවය.

” මොකද හූල්ලන්නේ ?..

” එහෙම මුකුත් නෑ..”

” දෙවෙනි පාරට මේ අහන්නේ ?… මොකකද ප්‍රශ්නේ කියන්න නංගී ?..”

” මාව තමයි ඔයා බැඳලා තියෙන්නේ කියලා මිනිස්සු දැනගත්තොත් ඔයාගේ පොලිටිකල් කැරියර් එකට බැක්වර්ඩ් ඉෆෙක්ට් එකක් ඇති වේවිද අයියේ ?.. මෙච්චර ඉක්මනට මම ප්‍රෙග්නන්ට් කියලා .. දැනගන්න එකෙන් ඔයාව විවේචනය වේවිද ?..”

චරක සිනාසුණේ ඇයට නොපෙනෙන්නටය. රිදවා ගන්නට ඇත්තේ කොතැනකින්දැයි චරකට වැටහේ.

” ලබන සති දෙක ඇතුලත එන්ගේජ්මන්ට් එක ටිකක් පෙනුමට  ගන්න ඕනි .. බලලා ඇරේන්ජ් කරලා දෙනවාද නංගී ?.. අසේලයා ඔලුව උස්සලා වචන දෙක තුනක් කතා කලාට පස්සේ .. දවසක ..”

ඔහු චායාට පණීවිඩයක් යැව්වේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here