පිටත හමන වර්ෂාව බොහෝ බරැතිය. නිදන කාමරය තුළ ගැහෙන හදවත් ද්විත්වයද උසුළාගෙන සිටින්නේ සුළු පටු වේදනාවක් නොවන්නේය. මනුහස් තම සීතල ඇඟිලි තුඩු අගින් නෙත්‍යාගේ කොපුලක් පිරි මැද්දේය. ඇගේ කොපුල් ඔහුගේ ඇඟිලි තුඩු වලටත් වඩා සීතලය. වේගයෙන් හති වැටෙන රෝමාන්තිකයා එය නිවන මඟක් සොයමින් සිටියේය . සිරුර පිටතින් කෙතරම් සීතලක් ඉසිළුවද ඇතුළතින් තමා දැවෙන ගින්න නිවන මඟක් ඔහු සොයමින් සිටියේය. පිටත වර්ෂාව තවමත් එසේමය. විටින් විට අහස් ගැබේ පුපුරා යන අකුණු වලට වඩා විසල් අකුණු ඔහුගේ හදවත තුළ කෙටුවේය. ඉදින් ඔහුට නිවෙන්නට ඕනෑමය. රුවැත්තියගේ උවන ඔහුගේ දෑසට සුව පිරි ඔසුවකි . කඳුළින් පිරුණද වටකුරු දෑසේ ඔහු වෙනුවෙන් ලියැවී තිබෙන ප්‍රේමය ඔහුට සැනසුමකි. වර්ෂාව මධ්‍යයේ මැදියම් රැයක කන්ද උඩරට විසල් නිවසක අඳුරු කාමරයක තවත් දැවෙන්නට නොහැකි වූ දේහදාරියෙක් තම නිවීමේ මඟ සොයමින් සිටියේය.
හැඩිදැඩි ඔහුගේ ගැහෙන හදින් පිටවන සුසුම් පළමුව රුවැත්තියගේ ගෙල සිප ගත්තේය. දෙවනුව සීතල ඇඟිලි තුඩු ඇගේ ගෙල වටා භාවනායෝගීව ගමන් කළේය . කිසිදු ඉක්මනක් , හදිසියක් නොතිබුණු ඔහු පළමුව තම සුසුම් මඟින් ඈ සිප ගනිමින් සිටියේය. වේදනාව දරන්නේ හදවතය.. , වේදනාව දරන්නේ සියොළඟය. තව දුරටත් එකී වේදනාවෙන් මිරිකී යමින් මිය යන්නට ඔහුට අවශ්‍ය නැත. ඇගේ ගෙල මත වූ හැඩිදැඩි ප්‍රේමාන්විත ඇඟිලි තුඩු වල ස්පර්ශය එලෙසම තිබියදී ඔහුගේ විසල් අනෙක් අත් බාහුව ඇගේ බඳ වටා එතී ගියේය. සුසුම් වලට ඉඩ දුන් හෝරාව අවසානය. හදවතින් නැඟී එන ස්පර්ශයක ගැටීමේ සුවය විඳ දරා ගනිමින් තරුණ දේහදාරියාගේ දෙතොළ වසර දොළහකට පමණ පසු තම ස්නේහවන්තියගේ කොපුලක් මත තැවරෙන්නට පටන් ගත්තේය.
ගෙල වටා බැඳී ගිය එක් අතක් ඈ තව තවත් තම අභ්‍යන්තරයට ඇද ගනිද්දී බඳ වටා යැවුණු අනෙක් අත ක්‍රම ක්‍රමයෙන් නාරි දේහයේ ඉහලට ගමන් කළේය.
” ම.. මනූ…!”
මෙතෙක් වේලා ඔහුගේ සුසුම් මතින් නිද්‍රාවකට මෙන් වැටී හුන් රුවැත්තිය හඬ පිට වන නොවන ආකාරයකට කෙඳිරිල්ලක් නැඟුවේය.
” ෂ්ෂ්ෂ්ෂ්…!”
ඔහුගේ මුවින් පිටවුණේ එපමණකි. හේ සිටියේ වෙනම ලොවකය. කිසිදා මත් නොවූ මත් ස්වරයක තනු සොයා ඔහුගේ හදවත කෑ මොර දුන්නේය. හේ දෙතොලේ පහසින් ඇගේ කොපුල මුදා නොහැරියේය . ක්‍රම ක්‍රමයෙන් කඩා හැළෙන වරලස අතරින් ගෙල වටා ඇදී ගිය ඇඟිලි තුඩු ඇගේ රාත්‍රී නිදි වත අතරින් උරපතු ස්පර්ශ කරමින් උන්නේය. අතැඟිලි වලට දැනෙන ස්ත්‍රී දේහයේ සුවදායී සන්තර්පණයට ලොල් වූ රෝමාන්තිකයා එකී ස්ත්‍රී උරපතු මත ඇති නිදි ඇඳුම එහා මෙහා කරමින් ලබා ගත්තාවූ රන්වන් පැහැ ඉඩ හසරෙහි සෙමින් සෙමින් දෙතොල තැවරුවේය .
ඔහු සිටින්නේ දැහැනකට සම වැදී මෙන් ය. වසර ගණනාවක පිපාසිත හදවත ඔහුව එයටම නතු කර ගෙන උන් අතර රන්වන් පැහැ ගත් ස්ත්‍රී උරපතු ඔහුව වශී කරමින් සිටියේය.
ලඟ ලඟම කොහේ හෝ අකුණක් පිපිර ගියේය .
” මනූ…!”
එක් වරම ස්නේහවන්තයාගේ දැහැන බිඳ දැමූ ඈ වහා යහනෙන් ඉවත් වී සිට ගත්තාය. ඉන් පසුව වහා තම උරහිස් නිරාවරණය වෙමින් තිබූ රාත්‍රී නිදි ඇඳුම නිසි පරිදි සකසා ගත්තාය.
” ඇයි මේ..?”
රුවැත්තියගේ කලබලය කිසිදු විටක අපේක්ශා නොකළ තරුණයා වික්ශිප්ත දෑසින් ඈ දෙස බලා සිටියේය.
” ඔයා මොකක්ද මේ කරන්න හදන්නේ ?”
ඇගේ හඬ වෙව්ලීමකට හැරී තිබුණේය.
” ඒයි.. සුදු නෝනා.. ! ඇයි මේ..?”
රුවැත්තියගේ බියපත් වූ උවන දුටු ඔහු සෙමින් සෙමින් හිඳ සිටි යහන මතින් නැඟී සිටියේය.
තවත් බියපත් වූ ඈ වහා අඩියක් පසුපසට තැබුවාය.
” සුදු බෝලේ ..! ඇයි මේ .. ?”
” මනූ එපා.. !”
වික්ශිප්ත දෑසින් ඔහු සෙමින් සෙමින් ඇය ඉදිරියට අඩි තැබුවද එයට සාපේක්ෂව ඈ සෙමින් සෙමින් පසුපසට අඩි තැබුවාය.
” එපා .. මනූ..! එපා..”
” ඇයි ඒ ..? මට කියන්න ඇයි කියලා ?”
” ඒක රිදෙනවා මනූ.. ! ඒක රිදෙනවා.. මට උහුලගන්න බෑ.. අනේ මං මැරෙයි මනූ…!”
සෙමින් සෙමින් පසුපසට අඩි තබා ගිය ඇය නොදැනුවත්වම කාමරයේ බිත්තියට බර වූවාය. ඉදින් ඇගේ පලා යෑම බිත්තිය විසින් වළකා දමා තිබුණේය.
ඔහුගේ හදවත මොහොතකට නතර වුණේය . සොඳුරිය පවසනා වදන් ඔහුව මුළු මුනින්ම ගල් කරනු ලැබුවේය. ඈ සිටින්නේ භීතිකාවකය. ඈ සිටින්නේ අඳුරු , කටුක මතක ගොන්නකය. ඈ සිටින්නේ වේදනාකාරී , කෲරතර අත්දැකීම් ගොඩකය.
ඔහු නැවතත් සෙමින් සෙමින් ඈ දෙසට අඩි තැබුවේය . පසුපස තිබූ බිත්තියට වාරු වී සිටි ඈ හට තවත් පැන යාමට මඟක් නොවීය.
” මනූ… එපා.. මං මැරෙයි මනූ…!”
” මොනා කරන්න ගිහින්ද ? ආ..? “
ඔහු සෙමින් සෙමින් ගොස් ඇගේ සිරුරෙහි ගෑවී නොගෑවී ඇගේ සිරුර වටෙන් දෑතම තබා බිත්තියට බර වූවේය.
” එපා .. මනු ! අනේ.. එපා.. මං ඔයාට වඳින්නං. මට රිදෙනවා. ඒක උහුල ගන්න බෑ මනූ…!”
අහිංසකාවියගේ දෑසින් එක දිගට කඳුළු වැල් රූරා වැටුණු අතර ඈ එක දිගට ප්‍රේමවන්තයා ඉදිරියේ පිණ්සෙණ්ඩු වෙමින් සිටියාය.
” මං කවුද ? “
” ආ.. ?”
” මං කවුද සුදු බෝලේ ? මං කවුද ?”
ඇගේ සිරුර දෙපසින් දෑතම බිත්තියට තද කොට ඇගේ උවනට බර වූ ඔහු ඇගෙන් විමසුවේය.
” මනූ…!”
ඔහු අසනා පැනයට පිළිතුරක් හරිහැටි තෝරා බේරා ගැනීමට නොහැකි වූ ඈ එක දිගට කඳුළු සැළුවාය.
” මං කාගෙද ?”
” මනූ..?”
” මං කාගෙද සුදු බෝලේ ? “
” මනූ..?”
” කියන්න මං කාගෙද ?”
” ම.. මගේ… “
” ඔයාගේ මනූ කවදාවත් ඔයාට රිද්දලා තියනවද සුදු මැණික ..? ආ..?”
ඈ සෙමින් හිස ඔසවා ඔහු දෙස බැලුවාය .
” උත්තර දෙන්න .. , ඔයාගේ මනූ ඔයාව කවදාවත් රිද්දලා තියනවද ? හයියෙන් ඇල්ලුවත් රතු වෙන ඔයාව මං කවදාවත් එහෙම රිදෙන්න අල්ලලාවත් තියනවද ? රෝස මලක් වගේ තිබ්බ මූණ මං රිදෙන්න හපලා තියනවද ? උත්තර දෙන්න සුදු නෝනා.. , මං දිහා බලලා මට උත්තර දෙන්න.. කවදාවත් එක දශමෙකින්වත් මං ඔයාව රිද්දලා තියනවද ?”
ඈ වෙව්ලන දෙතොල් සහිත උවන දෙපසට හරවමින් නැත යැයි පැවසුවාය.
” එහෙනං ඇයි අද එපා කියන්නේ ?”
ඔහු නැවත වතාවක් ඇගේ සවනට කෙඳිරුවේය.
” ම.. මට බයයි මනූ..!”
” ඔයාගේ මනූ ලඟ ඔයා බය වෙන්න ඕනේ නෑ සුදු මැණික…!”
” මට රිදෙයි මනූ..!”
” පොරොන්දු වෙනවා.. රිද්දන්නෑ…!”
” මට දරාගන්න බැරි වෙයි මනූ..!”
” Yaaaa….But you’ll be happy then sweetheart…Trust me..”
” මනූ…!”
” Close your eyes …”
” මනූ…!”
” ප්ලීස්…!”
ඔහු නැවත ඇගේ සවන මත කෙඳිරිල්ලක් නැඟුවේය. අසීමාන්තිකව හදවතින්ම විශ්වාස කෙරූ ස්නේහවන්තයා ඉදිරියේ ඉදින් ඈ , ඇගේ වෙව්ලන දෑස පියා ගත්තාය.
ප්‍රේමවන්තයාගේ සුසුම් සර නැවතත් ඔහුට වඩා ඉස්සර වූයේය. පළමුව එය ඇගේ කොපුල් පුරා ගොස් මුළු උවනම තමන් සතු කරගත්තේය. දෑතම මිට මොළවා තද කර ගත් සිතැත්තිය එය තමා පසුපස බිත්තියට තබා තද කර ගත්තාය. ඔහුගේ ඉල්ලීම පිට වසා ගත් දෑස ඔහුගේ සුසුම් සර හමුවේ තව තවත් තද වී ගියේය.
රෝමාන්තිකයා තව දුරටත් ඉවසීම ප්‍රගුණ කළේය. හේ වටකුරු උවන මත තම දෑස බොහෝ වේලාවක් යවමින් උන්නේය . තද කර ගනිමින් ඈ ආයාසයෙන් පියා සිටින දෑසින් අනතුරුව ඔහුගේ නෙතු ඇගේ නාසයටත් ඉන් පසුව රෝස පැහැයෙන් දිදුළන දෙතොලටත් විතැන් වූයේය . තව දුරටත් බලා හිඳීමේ කිසිදු උවමනාවක් නොමැති තැන ඔහු තව තවත් ඇගේ උවන මතට බර වූයේය. ඉන් පසුව තමාට ප්‍රථමව ඇගේ උවන සිපගත් සුසුම් ස්වර වලට ඔච්චම් කරමින් තම දෙතොල ඇගේ රෝස පැහැයෙන් දිදුළන දෙතොල මතින් තැබුවේය . රුවැත්තියගේ ගැහෙන හෘදස්පන්දනය ඔහුටම දැනුණේය .
හදිසියක් නොමැත. , කලබලයක් නොමැත. ඔහු සෙමින් සෙමින් යන්තමින් රෝස පෙති සිප ගත්තේය . මිනිත්තුවද , දෙකද කාලයක් නොවීය. බලා හිඳීමක් නොවීය. ඈට නොදැනෙන්නට ඈ හැකි පමණ තද කරමින් සිටින රෝස පෙති ඔහු සියුම්ව දිග හරිමින් සිටියේය. වසර ගණනාවකට පෙර සිත් සේ විඳ තිබූ රෝස හාදුව ඔහු නැවත වසර ගණනාවකින් පසු විඳ ගනිමින් සිටියේය . ඉදින් නිවුණේ ඇය පමණක් නොවීය. ඔහුත්ය. ඉදින් දැහැන් ගත වූයේ ඇය පමණක් නොව , ඔහුත්ය. රුවැත්තියගේ තද කරමින් පියා සිටි දෑස ලිහිල් වී ගියේය. මිට මොළවා බිත්තියට තබා තද කරගෙන හුන් දෑතද ක්‍රම ක්‍රමයෙන් ලිහී ගියේය. ඉදින් ඈ නිවෙමින් උන්නාය. සියළු වේදනා සමනය කරමින් , ඔහුගේ වචන ස්ථීර කරමින් ඔහු රෝස පෙති දැනෙන නොදැනෙන තරමට සිප ගනිමින් සිටියේය. රුවැත්තිය ඈටත් නොදැනීම ඔහුගේ දෙතොලේ ප්‍රේමණීය ස්පර්ශයට දැහැන් ගත වී සිටියාය.


