සස්මිත එලෙසින් විමසද්දී චායා නැගිට ඔහුව තම බඳට වන සේ නතු කරගත්තාය. සස්මිත එක් අතක් ඇගේ බඳ වටා යවා තවත් ඇගේ කුසටම නතු වූයේය.
“මම යකාට කතා කරලා ඔයාට බොරුවක් කියන්න දේවල් හැදුවා… මං ඒ වෙද්දී තේරුම් අරන් උන්නේ මගේ ජීවිතේ ඉවරයි කියලා…”
වසර ගණනාවකට එපිට අතීතයේ සිදුවීම් වුවත්, චායාට එම සිදුවීම් හී බර හිසින් බිම තැබීමට හැකිව තිබුණේ නැත. සස්මිත සියලු සම්බන්ධතාවලින් මිදී එක් වරම අතුරුදන් වීම, ඔහු විදෙස් ගත වූ බවට වන ආරංචිය දැනගන්නට ලැබීම. ඔහුගේ මිතුරන් ඔහු පිළිබඳවම තමාගේ බලාපොරොත්තු අත් හරින ලෙසට පැවසූ ආකාරය . මේ කිසිවක් චායාට අමතකව තිබුනේ නැත. මෙවෙලෙහි මෙලෙසින් සස්මිත අතින් ඒවා සිහිපත් වීම මරණීය නොවේයැ්‍ි කිව නොහැක. එහෙත්. සස්මිත ඊට වඩා වේදනාවක් උහුලන්නේය.
” යකා කිව්වා ඔයා පිස්සු වැටිලා ඉන්නේ කියලා.. මං ඌට ඇත්ත හැමදේම කිව්වා.. අපි එකඟ උනා, ඔයා මගේ ජීවිතෙන් ඈතට යන්නෝනා කියලා චායා…”
චායා සස්මිතගේ හිස පිරිමදිමින් තම කඳුලු නවතාගනිමින් උන්නාය.
” පහුවෙනිදා අම්මා පොලිසියට කියලා තිබුණා මම ඉන්න දිහාව.. පොලිසියෙන් මාව ඇරෙස්ට් කලා.. අම්මා, තාත්තා , අක්කා, කිසිම කෙනෙක් මාව බලන්න නඩු කියන්න ආවේනෑ චායා.. මම බාප්පව මැරුවය, පුංචිවයි දරුවයිත් මැරුවාය කියලා ඒගොල්ලෝ එකතු වෙලා ඔප්පු කලා.. ඒගොල්ලෝ කිව්වේ බාප්පලා .. මම ඇතුලට ගියා… අම්මලා රට ගිහින් තිබුණා . මං දන්නේ නෑ කොහොමද ඒ ගියේ කියලා…”
සස්මිතගේ හඬ වෙවුලන්නට ගෙන තිබුණි. මෙම කතාව අවසන් කිරීමට ඇත්තේ තවත් ටික වේලාවකි.
” ඇතුලට ගියා කීව එක ඔයාට තේරුනාද මැණික..”
” හ්ම්ම්…”
” මාව යැව්වේ වැලිකඩ … එහෙ ජීවිතේ පොඩ්ඩක්වත් ලේසි වුනේ නෑ චායා… කන්න ණෑ.. අඳින්න නෑ.. නාන්න නෑ… නෑ කියන්නේ නෑ කියනෙකට නෙවෙයි .. තියෙනවා, ඒත් මදි..තිබ්බ හීන වල විදියට එහෙව් අඩියකට වැටෙන්න වෙච්ච එක මට හිතාගන්න බැරි වුනා… අම්මලා මාව ඇතෑරපු එක, මම ඔයාව අතෑරපු එක . ඒ කිසිම දෙයක් මට පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් උනේ නැහැ චායා….. මං පුංචිට අතක්වත් තිබ්බේ නෑ කියලා, මා කියාගන්න බැරිව ගිය එක ගැනත් මට මහා කලකිරීමක් තිබුනා.. ඒ වගේම, මම වක්‍රාකාරයෙන් පුංචිව, ඒ බබාව, සීයාව මරාගත්තා කියන හැඟිම මට සැනසීමෙන් ඉන්න දුන්නේම නැහැ …”
” අපි දැන් නවතිමු සස්මිත ..ඔය ඇති …”
චායා සස්මිතගේ දෑස් හී තෙත් තම කුස මත තැවරෙද්දී එලෙස කීවාය. දෙදෙනා එකිනෙකා තුල වූ සංවේදනයන් ඔහේ හුවමාරු වෙන්නට දී දුන්නෝය.
එක්වරම සස්මිතගේ ජංගම දුරකතනය නාද වූයේය. චායා එය වෙත එබුණාය. ඇමතුම අයියාගෙන් බව පෙනෙද්දී හිත ගැස්සුණේය. ඕ වහා සස්මිතට ඒ බව කීවාය.
” සර් ..”
” උඹ රෑ වෙනවාද බං ?..”
” නෑ සර් .. මම එන්නම් …”
” මට පොඩ්ඩක් කොට්ටාවට ගිහින් එන්නෝනා බං ..පුලුවන් නම් වරෙං..උඹ රෑ වෙනවා නම් කියහං .. අවුලක් නෑ මට යන්න පුලුවන් ..”
” මම එන්නම් සර් …”
සස්මිත එලෙසින් පවසා ඇමතුම විසන්ධි කලේය. චායා වෙත එබී ඕ ඉම්බේය.
” හතටත් වෙලා… නැගිටින්න මැණික යමූ ..”
ඔහු යලි ඈ ඉම්බේය. පෙරලා චායාගෙන්ද හාදුම ලැබුණි.
” ඔයාට හෙල ගෝ එකක් දාලා දීලා… මම වෙනම යන්නම් …. “
චායා හිස සැලුවාය.
” දැන් ආයේ මම මුකුත් අහන්නේ නෑ … රෑට කතා කරනවාද මා එක්ක ?…”
සස්මිත කුඩා කොල්ලෙකු මෙන් විමසුවේය. චායා හිස සලමින් ඔහුගේ හිස පිරිමැද්දේය. චායාගේ සන්සුන් හැසිරීම නිසා සස්මිත යම් සැනසීමක් වින්දා වුවද, යම් කටුවක් ඇමිණෙමින් ඔහුව කලබල කරමින් තිබුණේය.
” විජේසිරි අංකල්ට මම ණය ඇයිද දන්නවාද චායා… මගේ මිනිස්සු ඔක්කොමලා, මාව අතැරිය වෙලේ, කිසිම කොන්දේසියක් නැතිව අංකල් මාව අල්ලගත්තා.. බලාගත්තා.. මාව බලන්න ආවා.. ම්ම ඔයා ගැන විස්තර කිව්වාම මට ඔයා ගැන විස්තර අහලා හොයලා කිව්වා.. ඔයාලෑ තාත්තා අංකල්ගේ හොඳ යාලුවෙක් වුන එක ගැන අංකල් හරි සතුටින් උන්නේ..”
සස්මිත එක්වරම සිහිව මෙන් එලෙස කිවේ , කමිසයේ බොත්තම් පියවා අවසන් අක්‍රමිනි.
” මම කවදාවත්ම රට ගිහිල්ලා නෑ චායා… ඒ කතා ඔක්කොම මම කිව්වේ විජේසිරි අංකල් කීව පිළිවෙලට… ඔයා එදා මගෙන් රටද උන්නේ අහද්දි, මම ඒකට ඔව් කියලා කිව්වේ පොඩ්ඩක්වත් කැමැත්තෙන් නෙවෙයි චායා .. මට සමාවෙන්න …”
චායා හිසකේ හිස මුදුනට වන සේ ගැටගසා ගත්තාය. සස්මිතගේ පිටිපසින් ඔහුව වැලඳගත්තාය.
” ඔයා කරන කියන හැමදේටම මොකක් හරිම හේතුවක් තියෙනවා කියලා මට තේරෙනවා මගේ මහත්තයෝ … අපි හෙමි හෙමින් මේ නූල් ලිහා ගමු .. වෙච්ච දේවල් ගැන පසුතැවිලා දැන් කිසිම දෙයක් නිවැරදි කරන්න බැහැ.. ඒත්, මම ඔයාට පොරොන්දු වෙනවා… කවදාමහරි දවසක, අපි දෙන්නා මැරෙන්න ක්ලෛන්, මම ඔයාට අම්මට අම්මේ කියන ඉඩ හදලා දෙනවා… ඒක චායා පොරොන්දු වෙනවා….. ඔයා කල වරද ගැන මගේ පපුව රිදෙන්නේ නෑ නෙවෙයි .. ඒත්, දැන් ඒක නිවැරදි කරන්න අපට මුකුත්ම කරන්න බෑ කියනෙක, මම තේරුම් ගන්න උත්සාහ කරන ගමන් ඉන්නේ… ඒක මම කොහොමම හරි තේරුම් ගන්නවා ..”
සස්මිත යුවතිය තමා ඉදිරියට ගත්තේය. තම අවශ්‍යතාවය නිසාවෙන් අම්මලාගෙන් දුරස්ව සිටිනවා මිසෙක, ඔවුන්ට තමා හා අමනාප නොමැති බව පවසා ගත නොහැකිවීමේ වේදනාවෙන් ඇගේ හිස් මූදුන ඉම්බේය.
“අපි යමූ ..ම්ම්… හෙල ගෝ එකක් දානවා මම ඔයාට ….”
චායා හොර පූසියක මෙන් කාමරයට රිංගා ගන්නා අයුරුත්, ඉන් විනාඩි කිහිපයකට පමණ පසු, සස්මිත පැමින, පැමිණි බවට තමාට ඇමතුමක් ලබා දි නිවසේ පිටුපස ඇති අඹ ගස බංකුවේ හිඳගනු චරක බලා උන්නේය්. චායගෙ කාමරය දෙස ඔහු හිස ඔසවා බලමින් ඇමතුමක් ගන්නා ආකාරය දුටු චරකගේ ඉවසීම අවසන් උයේය.


