චරක පිළියන්දලට ළඟා වනවිට සවස හත පසුවී තිබුණී. ඒ අතරවාරයේ එක දිගට චායා සස්මිතගේ ජංගම දුරකතනය ගත් ඇමතුම් නිසා චරක උන්නේ කෝපය දරා ගන්නට නොහැකිවය. එවෙලෙහි සස්මිත ළඟක උන්නා නම් අනිවාර්‍යෙන්ම ඔහු තමා අතින් මිය යන බව චරක තීරණය කර තිබුණි.
” කෝ අරූ .. කතා කලාද ?..”
” වචනයක් කියන්නේ නෑ සර් … අපේ ලයියා ඌට දෙක තුනක් ඇන්නා .. එවෙලේ මැඩම්ගේ නම කිය කියා එක එක විකාර කියෙව්වා…”
” බල්ලෙක් යකෝ මූ ..”
” සර් .. කතා කරලා බලලා, වෙන්න තියෙන දේ අපට බාරදෙන්න …”
ඔහු එලෙසින් පවසද්දී, චරක එය නෑසුණා සේ සස්මිත රඳවා උන් කාමරයට පිවිසියේය. සස්මිත උන්නේ දෑස් පියාගෙන වුවද, චරක පැමීණි බව ඇසී මෙන් දෑස් විවර කලේය. යළි දෑස් වසා ගත්තේය.
චරක අසුනක් ගෙන සස්මිත ඉදිරියේ හිඳ ගත්තේය.
” ඇස් දෙක ඇරලා, මගේ දිහා කෙලින් බලලා, පිරිමියෙක් වගේ කතා අක්‍රලා මේ ප්‍රශ්නේ විසඳගමු .. ඒක තමයි මෙවෙලේ උඹට ලේසිම වැඩේ.. එහෙම කතා කරාම මම තීරණය කරන්නම් , උඹට කරන්නේ මොකද්ද කියලා.. හැබැයි උබ කතා නොකර ඉන්නවා නම්, මං උඹව මරනවා…”
චරක, දත්මිටි කමින් කීවේ සස්මිත වෙත නැඹුරු වී ඔහුගේ නිකටින් අල්ලා සොලවා හරිමිනි. සස්මිත කිසිඳු හැඟීමක් නොපෙන්වා උන්නේය. මරණය වෙනුවෙන් සූදානම් වීම එක් විකල්පයක් ලෙසින් සිතට තදින් ඒත්තු ගන්වා ගන්නට ගෙවුණු පැය කිහිපය සස්මිතට ප්‍රමාණවත් විය. විජේසිරිගේ අහිමිවීමටද පසුව, තමා පිළිබඳව සොයා බලන්නට සිටින්නේ චායා සහ තවත් කිහිප දෙනෙකි. ඉන් මිතුරන් කිහිප දෙනා පහසුවෙන් ඉවත් කල හැක. ඔවුන් සිටින්නේ ඔවුන්ගේ ජීවන සටන් වලය. එනිසාම තම අතුරුන්දන් වීම මාස ගණනාවක් යන තුරු ඔවුන්ට නිරාවරනය නොවේ. කලබල වන්නී, චායාය. එහෙත් චරක ඇය පාලනය කර ගත හැකි කුමක්ම හෝ තුරුම්පුවක් සපයා ගනු ඇත
” හරි … උඹ කවුද ?…”
සස්මිත චරක දෙස බලා, එයට පිළිතුරු දීම අවැසි නොවන බවක් පෙන්වා ඉවත බැලුවේය. චරක උස් හඬින් සිනාසී එය උමතු බැල්මකින් නවතා දැම්මේය.
” උඹට සිංහල තේරෙනවා නේද බල්ලෝ ?.. ඈ…”
” සර් … මේක තේරුමක් නැති කාලේ කෑමක් සර් … ආයේ මට අමුතුවෙන් සර්ට කියන්නවත්, සර්ගෙන් අහන්නවත් දෙයක් නැහැ …”
සස්මිත පහත් හඬකින් කීවේය. එහෙත් චරක ඉන් කිපුනේය. ඔහු අසුනෙන් නැගිට, සස්මිතට අතුල් පහර කිහිපයක්ම එල්ල කලේය. සස්මිතගේ යටි තොළ පැලී රුධිරයේ රස දැනෙද්දී සස්මිත හිස පසෙකට හරවා චරකගෙන් ගැලවෙන්නට උත්සාහ කලේය. චරක සස්මිතගේ මදක් දිගට තිබූ හිසකේ පිටුපසට වන්නට අල්ල හිස පිටුපසටම නැඹුරු කරගෙන මුහුණටම එබුණේය.
” උඹ තාම මගේ හැටි නොදැන ඔය ගැම්මෙන් ඉන්නේ බල්ලෝ …”
සස්මිත ගැලවෙන්නට උත්සාහ නොකරම උන්නේය. මද වේලාවකින් චරක ඔහුව මුදා හැරියේය.
” කියපං .. විජේසිරි එක්ක උඹට තියෙන සම්බන්ධේ වෙනකල් ඔක්කොම කියපං … මේක මතක තියාගනින් … උඹ කල් ගන්න ගන්න , චායා වගේම විජේසිරි ගෙදර අනෙක් උනුත් විඳවයි ….”
චරක එවෙලෙහි නොතිබූ සැලැස්මක් එලියට ඇදීමට සැලසුම් කලේය. විජේසිරිගේ පවුලේ අයවලුන්ද පැහැර ගැනීම මෙවෙලෙහි ප්‍රායෝගිකය. ඔහු එතැනම හිඳ මිතුරා ඇමතුවේය.
” අර විජේසිරිගේ ගෙදර උන්ව ගනින් … මෙහෙටම ගෙනෙන් …”
සස්මිත චරක දෙස බලා උන්නේ ඔහු නවතන්නට තමාට කල හැකි කිසිවක් නොමැති බව සිතමිනි.
” මොකක්ද *&6 කියන්නේ ?… කොහොමද එහෙම වෙන්නේ ?… කොහොම හරි උනව හොයාගනින් යකෝ.. උඹ කිව්වානේ සැකයක් නොහිතෙන්න ඔක්කොම කලේ කියලා.. අනෙක උඹ කාවහරි දැම්මේවත් නැද්ද යකෝ .. මං උඹට මුල ඉඳන්ම කියලා තිබුණානේ යකෝ.. බලප්ං … හෙට උදේ වෙද්දී විසඳගන්න තිබුණ ප්‍රශ්නෙනේ මේ යකෝ….”
චරක කෝපයෙන් කෑ ගැසුවේය. ඒ කෝපය යලි සස්මිත මතින් පිටවිය. පිටතින් පැමිණි දෙදෙනෙකි චරකව නවතා නොගන්නට ඔහු නවතින්නට තිබුනේ සස්මිතගේ මුව රුධිරයෙන් පිරි යන තරමටම ඔහුට පහර දී අවසනය.
” සර් …”
” මූගේ අර විජේසිරි කියන එකාගේ ගෙදර උන් ගෙදරින් පැනගෙනලූ යකෝ .. මුං ..මූ .. එක්කෝ මං මූව මරනවාලයියා .. මට මූ වලලන්න තැනක් හොයපං …”
සස්මිත චරක සහ අනෙක් දෙදෙනා දෙස බැලුවේය. දෑස් විවර කර ගැනීමට අපහසුය. කොපුල් සහ ගෙලද , හිසද රිදුම් දෙයි. කලකට පෙර බන්ධනාගාරයේදී විඳි වේදනා සිහිවෙයි.
” සර් … පොඩ්ඩක් කලබල නොවී ඉමුකෝ… සර් කිව්වනේ මේකට මොකක් අහ්‍රි පාරක් ඇති කියලා.. අපේ සරුත් එනවා කිව්වානේ රෑ වෙලා..”
” ආයේ ඉවසන්න දෙයක් නෑ … මම තීරණය කරලා ඉවරයි …”
” සර් … චායා මැඩම්ව මේකට ගාවගන්නෙපා සර් .. සර් මේ කරන්න යන දෙයින්, චායා මැඩම්ව ඉස් ඉස්සෙල්ලම සැක කරන්නේ සර්ව … සර් එක්කයි මූ ඉන්නේ කියලානේ දැනට මැඩම් දන්නේ…. එහෙව් එකේ , සර් එහෙ මෙහෙ වෙන වාරයක් ගානේ මැඩම් සර් පස්සෙන් වැටෙනවානේ.. අනෙක, මැඩම් කොහොම කෙනෙක්ද කියලා අපි නොදන්නවා නෙවෙයිනේ .. මැඩම්ගේ හිතේ හය්යෙන් මේක මහා ව්‍යසනයක් ගානට පෙරලෙන්න වුනත් පුලුවන් නේ සර් .. පොලිසි යන්න ගියොත් ප්‍රශ්නයක්, සෝෂල් මීඩියා වලින් ප්‍රසිද්ධ වුනොත් ඒකත් ප්‍රශ්නයක් .. ඔක්කොටම වඩා මැඩම් මේ ප්‍රශ්නේ පස්සෙන් එලවන්න ගත්තොත් … සර් .. ඒකෙන් සහෝදරකම් වුනත් නැති වෙන්න පුලුවන් ..අපි මෙවෙලේ සැලකිලිමත් වෙලා වැඩ කරන්න ඕනි සර් ..”
චරක හිස සලමින් සන්සුන් වන්නට උත්සාහ කලේය. චායා ගැන දැනෙන කෝපයද, විහඟි ගැන දැනෙන කෝපයද පැවසීමට වචන නැත. තමා විහඟිට බැණ වැදුනේ කෙලෙසින්දැයි සිහි වෙද්දී චරක මොහොතක් සන්සුන් වූයේය. කාමරයෙන් පිටතට ගියේය. විහඟිට ඇමතුමක් ගත්තේ. සැනින් පිළිතුරු ලැබුණි. චරකට කිසිවක් පැවසීමට ඉඩක් හෝ ලැබුනේ නැත.
” .. අයියේ .. මම කියන දේ එක විනාඩි පහක් අහන්න .. මම කල දේ හරි කියන්නේ නැහැ මම .. මට සමාව ඉල්ලන්නේත් නැහැ… ඒත් මෙවෙලේ මම ගෙදරින් එලියට බහින එක ඔයාට හොඳ නෑ . අම්මලට හොඳක් නෑ ..ඔයා කිව්වත් වගේ ආතක් පාතක් නැති මට, ඔය මොකත් එකය් අයියේ . ඒත් ඔයා එහෙම නෙවෙයි .. මට තව මාස දෙකක් කල් දෙන්න අයියේ … දරුවා ලැබුන ගමන්, මම යන්නම් අයියේ … එතකොට ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව වරද මගේ පැත්තට දාන්න පුලුවන්නේ … චායාට වුනත්, කිසි ප්‍රශ්නයක් නැතුව මාව අතෑරලා දාන්න පුලුවන් වෙයි … අයියේ .. මෙහෙම එක පාරටම , මම ගියොත් මට ඩිලිවරි එක කරන්න වෙන්නේ තනියම අයියේ .. අනේ මට ඒකට බයයි …මං දන්නවා, ඔයාට මං ලඟ ඉන්න නොහිතෙන තරමට මාව අප්පිරිය ඇති. ඒත් , එතකල් අම්මලා හරි මාව බලාගනි නේ අයියේ ..ප්ලීස් .. දරුවා වෙනුවෙන්…”
චරකගේ හිස පුපුරා යන්නට දැනෙමින් තිබුණ වේදනාව දෙගුණ තෙගුණ වෙමින් දැනෙන්නට ගත්තේය.


