ඔලියැන්ඩර් – 43

0
570
oleander Flower

” කවුද මේ ?” 

අනෙක් පසින් නැඟුණේ ගෝරනාඩුවකි. 

” මමද ? මම පහන්‍යා රන්දෙණිගල. “

ඈ නැවත වතාවක් තරුණයා දෙස රවා බැලුවද ඔහු බැල්මක් හෝ පහන්‍යා දෙසට නොහෙළා නිහඬවම ආහාර ගනිමින් සිටියේය. 

” අහ්.. අනේ… සොරි අක්කා.. සියත්‍රගේ ෆෝන් එකෙන් ලේඩීස් වොයිස් එකක් ඇහුණු නිසා මට බය හිතුණා. “

” හ්ම්ම්.. ඇයි ෂෙනාර්යා හදිස්සියේ ? “

එක දිගට පිඟාන මතට මුහුණ බර කරමින් උන් කුඩා ස්ත්‍රී දෑස නැවත වතාවක් පහන්‍යා පැවසූ දේ කන වැකීමෙන් තිගැස්සී ගියේය. 

” හදිස්සියකටම නෙමෙයි අක්කා. අද මායි සියත්‍රයි ඩිනර් අවුට් එකක් යන්න දාගත්තා. සියත්‍ර මාව ගන්න එන්නේ කීයටද අහන්න කතා කළේ .” 

පහන්‍යා රත් වූ දෙනෙතින් මළණුවන් දෙස බැලූ අතර ඔහු වහා අත දිගු කර තම ජංගම දුරකතනය අතට ගත්තේය .

” මං සෙවන් තර්ටි වෙද්දි එනවා. “

එපමණකින් පිළිතුරු බැඳි ඔහු ජංගම දුරකතනය තම සාක්කුවේ බහා හිඳ උන් අසුනෙන් නැඟී සිට දෑත සෝදා ගත්තේය. වේගයෙන් හුස්ම ඉහල පහල යැවූ පහන්‍යාද ආහාර ගැනීම අතරමඟ නවතා හිඳ උන් පුටුවෙන් නැඟිට්ටාය.

” ලන්ච් එකට තෑන්ක්ස්. මං යනවා. “

” ඔහොම ඉන්නවා. “

ඔහුගේ ගමන වහා නතර කළ පහන්‍යා ඔහු මඟ හරස් කරමින් ඉදිරියට ආවාය. 

” ඔයාට මොකද්ද ෂෙනාර්‍යා එක්ක තියන ගණුදෙනුව ?” 

” අපි මැරි කරන්න ඉන්නේ ” 

” what ?” 

පහන්‍යා විසල් හඬකින් කෑගැසූ අතර තිගැස්සුණු දෑසින් ගිලිහිණු කඳුළක් තවමත් හිඳ සිටි සඳැස්වි වහා පිස දැම්මාය.

” ත.. තමුසෙට පිස්සු හැදිලද මල්ලි ? එ.. එතකොට මේ කෙල්ලට මොකද්ද වෙන්නේ ?” 

සඳැස්වි දෙසට අත දිගු කර පහන්‍යා නැවත වතාවක් කෑ ගැසූ අතර ඇගේ මුහුණ දෙස කෙලින් නොබැලූ ඔහු දිගටම ඉවත බලා සිටියේය. 

” එයාට යුනිවර්සිටි ඉවර වෙනකන් ඉන්න තැන තියනවා. ජොබ් එක තියනවා. තව මොනාහරි ඕනෙනං ඒවත් ඕන විදිහට ලැබෙයි. සල්ලි ඕනෙනං ඒත් එහෙමයි “

” මල්ලී….!” 

පමණට වඩා කෑගැසූ පහන්‍යා එක වරම ඔහු හට දැඩි අතුල් පහරක් ගැසූ අතර ක්ෂණිකව හිඳ උන් පුටුවෙන් නැඟී සිටි සඳැස්වි පහන්‍යාගේ අතෙහි එල්ලුණාය.

” අනේ.. එපා.. මැඩම් එපා..” 

ඉකි ගසමින් හඬා වැළපෙමින් පහන්‍යාගේ අතෙහි එල්ලී ආයාචනා කරන කුඩා යුවතිය දෙස විසල් කරගත් නෙතින් බැලූ පහන්‍යා යළිත් කෝපාවිශ්ටව තරුණයා දෙසට හැරුණාය. 

” ත.. තමුසෙත් ඒ පාර අම්මායි , තාත්තයි වගේ වෙලාද ? හැමදේම.. හැමදේම සල්ලි වලට අරගන්න ? මේ සෙල්ලං බඩුවක් කියලා හිතුවද ?  දවසට දෙකට සල්ලි වලට කෙල්ලෙක් ඕනෙනං ගිහින් ෂෙනාර්‍යාගෙන්ම ඉල්ල ගන්න තිබ්බනේ. එයා දන්නවා ඔය ක්ලබ් ගාණේ නටන ඕන තරම් ඒ වගේ ජාතියේ ගෑනුන්ව. ලැජ්ජයි.. මටම ලැජ්ජයි. තමුසේ මේ තරම් චීප් වැඩක් කරයි කියලා මං හිතුවේ නෑ. මේ කෙල්ල ලඟ ඉද්දි තමුසේ හිනා වෙනකොට මං හිතුවේ මේ කෙල්ල වෙනුවෙන් පණ උනත් දෙයි කියලා. එදා මේ කෙල්ලගේ ගෙදරින් මං එන්න ආවේ මොනව උනත් තමුසෙලා දෙන්නා වෙනුවෙන් මං ඉන්නවා කියලා හිතාගෙන . ඇයි ඕයි මෙහෙම මේ අසරණී එක්ක සෙල්ලං කරන්නේ ? මට ..මට මෙහෙම දෙයක් උනානං කොහොමද ? සල්ලි කීයක් ඕනෙද අහලා අනුජ් මාව දාලා ගියානං තමුසේ ඒකටත් ගාණක් කියනවද ? ආ..?” 

” අක්කා…!” 

එවර මෙතෙක් වේලා නිහඬව උන් තරුණයාගේ කටහඬ පහන්‍යාගේ හඬටත් වඩා විසල් වී ගුගුරා හැළුණේය. 

” ඔය කටින් මට අක්කා කියලා කතා කරන්නෙපා. අප්පිරියයි මට.. “

එසේ පැවසූ පහන්‍යා වහා ඉවත බලා ගත් අතර  තව දුරටත් නිවස තුළ රැඳීමට නොහැකි වූ ඔහු වහා ඉන් පිටතට විත් මෝටර් රථයට ගොඩ වූයේය .

” මොකද්ද උනේ ? “

පහන්‍යා එවර තවමත් හඬා වැළපෙන කුඩා යුවතිය දෙසට හැරුණාය. 

” සඳැස්වි .. ! මොකද්ද උනේ ?” 

හඬා වැළපෙන ඇගේ දෙවුරින්ම අල්ලා ගත් පහන්‍යා නැවත වතාවක් ඇගේ උවන දෙස බලා ඇසුවද , තමා කිසිත් නොදන්නා බව හඟවමින් ඈ හිස දෙපසට සැළුවාය. 

” උනේ මොකද්ද කියලා මම දන්නෙත් නෑ මැඩම්.  මං ඉන්නේ තාම එයා මට මෙහෙම දෙයක් කළාද කියලා විශ්වාස කරගන්න බැරුව. “

” අනේ.. දෙයියනේ…!” 

පහන්‍යා වහා ඉකි ගසන යුවතියව වැළඳ ගත්තාය. 

” මෙහෙ එන්න.. වාඩිවෙන්නකෝ ” 

හෙමින් සීරුවේ ඇගේ අතින් අල්ලා යළිත් අසල වූ පුටුවෙන් ඈ වාඩි කෙරෙවූ පහන්‍යා අනෙක් පස තිබූ තවත් පුටුවක් ඈ සමීපයට ගෙන එහි වාඩි වී ඇගේ දෑතින් අල්ලා ගත්තාය. 

” මොකක් හරි දේකට ඔය දෙන්නා තරහා උනාද ?” 

ඈ නැවත වතාවක් හිස දෙපසට සළා නැත යැයි පැවසුවාය. 

” මං හිතන්නේ මැඩම් උත්පලා දැනගෙන තියනවා. “

” අම්මා..?  හරි ඊට පස්සේ ?  “

” දවසක් මැඩම් සර්ගේ රූම් එකට ආවා. ඇතුළේ මොකක් හරි කතාවක් ගිහින් තිබ්බා. සර්ගේ රූම් එකේ තිබ්බ ඩෙකෝ එකක් පවා සර් කුඩු කරලා තිබ්බා. එදා ඔෆිස් එකෙන් ගියා ගියාමයි මං දවස් හතරක් යනකන් දැක්කෙ නෑ. ෆෝන් ආන්සර් කළෙත් නැ . පස්සේ දවසක රෑක මහීල් අයියගේ ෆෝන් එකෙන් කතා කරලා කිව්වා එයාට පාඩුවේ ඉන්න දෙන්න කියලා. එච්චරයි මැඩම්. මං වෙන මුකුත් දන්නෑ. “

” අනේ.. දෙයියනේ කෙල්ලේ !  එතකොට මල්ලි ඔයාගේ ඇනෙක්ස් එකට ආවෙම නැද්ද ? ” 

ඈ යළිත් වරක් නැත යැයි පැවසීමට හිස සැලුවාය. 

” මං දැන් ශාක්‍යා අක්කාගේ ගෙදර නෙමෙයි ඉන්නේ “

” එහෙනං ?” 

” යාලුවෝ දෙන්නෙක් එක්ක වෙන බෝඩිමක. “

” ඔයා මොන එහෙකටද ඇනෙක්ස් එකෙන් ගියේ?” 

” එයා මට ආදරේ කරේ නෑලු අක්කේ. ඉතිං එයා අරන් දීපු ඇනෙක්ස් එකේ ඉන්න මට හිත දුන්නෑ. ජොබ් එකෙන් අයින් වෙන්නත් මං resignation දීලා තියෙන්නේ. මිස්ටර් ගන්කන්ද කිව්වා එහෙම අයින් වෙනවානං මාස හතරකට කලින් කියන්න ඕනේ කියලා. ඉතිං මේ මාස හතර විතරක් ජොබ් එකේ ඉන්නවා කියලා හිත හදන් ඉන්නේ. “

” මේ ඔක්කොම පිටි පස්සේ ඉන්නේ අපේ අම්මා වෙන්නැති . එයාලා හැමදේම මනින්නේ සල්ලි වලින්. ඔය මඩ ගොඩට වැටෙන්න ආස නැති නිසයි මං බිස්නස් එක පැත්ත පළාතෙවත් නොයන්නේ කෙල්ලේ.  ඔයා මල්ලිගෙන් අහන්න එපැයි ඇයි මෙහෙම කළේ කියලා ? එයා ඔයාට උත්තරයක් දෙන්න ඕනනේ ?” 

” මං මුකුත් ඇහුවේ නෑ. මං ආදරේ කළේ නෑ සඳැස්වි . මං කිසිම තැනක ඔයාට එහෙම කියලා තියනවද ?  කියලා අහපු වෙලේම මගේ හිත කැඩුණා අක්කේ. ඊට එහා එයාගෙන් තව මොනා බලාපොරොත්තු වෙන්නද ? තව මොනවට එයාගෙන් උත්තර ගන්නද ?  

 එයාට බනින්න එපා අක්කේ. එයා මට ආදරේ කළේ නැති උනාට කමක් නෑ. මං එයාට ආදරේ කළානේ. මගේ මුළු ජීවිත කාලෙටම ඒක ඇති. මගේ ගේයි , ඉඩමයි උගස් තියලා අම්මයි , නංගියි , මායි අවුරුදු පහක් තිස්සේ නොවිඳිනා දුක් වින්ඳා අක්කේ. සර්ට පින් සිද්ධ වෙන්න මගේ අම්මයි , නංගියි දැන් ආයෙම අපේ ගෙදර ඉන්නවා. නංගිට හොඳට උගන්නන්න ඕනේ අක්කේ. ඊට පස්සේ මං මැරුණත් කමක් නෑ. “

” අනේ ළමයෝ…” 

පහන්‍යා නැවත වතාවක් හඬා වැළපෙන යුවතියව වැළඳ ගත්තාය. 

*******************************************-

සුපුරුදු සමාජ ශාලාවේ ප්‍රභූ පර්‍යන්තයේ අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සිරුරට ලබා ගත් දේහදාරී තරුණයා අඩවන් වූ දෑසින් සෝපාවකට බර වී සිටියේය. ඔහුගේ සියළු ක්‍රියා පිළිබඳව සූක්ෂමව බලා උන් මත් වුණු ස්ත්‍රී දෑස තව දුරටත් ඔහුට මත් වීමට උදව් කළා විනා ඉන් ගැලවීමට ඉඩක් සැලස්වූයේ නොමැත. 

අධික මත් ගතියකින් සහ සිහි විකල් බවකින් පිරුණු ඔහු හිඳ උන් සෝපාවේ ඉහල හිස තබා දෑස පියා ගත් අතර ඔහු වෙතට සෙමින් පහත් වූ සරාගී උමතු ලඳ ඔහුගේ කොපුලක් මත සෙමින් හාදුවක් තැබුවාය. 

” සඳ…!” 

කෙඳිරිලි ස්වරයක් මුවින් පිට වුණිද දෑස විවර කර ගත නොහැකි වූ ඔහු දිගටම අඩපණ වී සිටියේය. ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ කොපුල මත තව තවත් බර වූ තරුණිය සෙමින් ඔහුගේ අතක් ගෙන තම බඳ වටා තද කර ගත්තාය. ඉන් පසුව සීරුවට ඔහුගේ දෙතොල් මත හාදුවක් තබමින් එය ජායාරූප ගත කර ගත්තාය. 

” මං ඔයාට ආදරෙයි සර්..!” 

ක්ෂණිකව දෑස හැර තම සිරුර මත උන් තරුණියව පසෙකට තල්ලු කළ ඔහු වහා හිඳ උන් සෝපාවෙන් නැඟී සිටියද ඒ වන විටත් ෂෙනාර්‍යා දේවනාරායනගේ සමාජ මාධ්‍ය ගිණුම් වල ඔවුන් දෙදෙනාගේ ජායාරූප with my future husband යන ප්‍රකාශය යටතේ සියත්‍ර රන්දෙණිගලගේ නාමය සමඟ උඩුගත වී තිබුණේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here