ඔලියැන්ඩර් – 80

0
50
oleander Flower

” සර්..! අපිට මිනිහගේ ඩීටේල්ස් ටික ලැබුණා. මිනිහා ඩුබායි යනවා කියලා ගිහින් තිබ්බට මුලින්ම ගිහින් තියෙන්නේ මැලේෂියා වලට. එහේ අවුරුදු දෙකක් ඉඳලා. පස්සේ ඩුබායි වලට ගිහින්. ඩුබායි වල මාස හයක් ඉඳලා. එතනින් ඌ ඕමාන් වලට ගිහින්. මේ වෙනකන් ඌ ඉන්නේ එහේ. “

” මට ඌව මෙහෙට ගේන්න ඕනේ. “

” සතියක් දෙන්න සර්. මං ඌව සර්ගේ කකුල් දෙක ලඟටම ගෙනල්ලා දෙන්නම්. “

” හ්ම්ම්..” 

දුරකතන ඇමතුම විසන්ධි තරුණයා නැවත වතාවක් එහි තීරය මත දෑඟිලි එහා මෙහා කර යළි ඇමතුමක් ලබා ගත්තේය. 

” හෙලෝ.. සර්..!” 

” ගුඩ් මෝනින්..!” 

” ගුඩ් මෝනින් සර්..!” 

” දැන්ද නැඟිට්ටේ ?” 

” අනේ නෑ.. මං උදේ හයට කලින් නැඟිට්ටා.. “

” රෑ වෙනකන් පාඩම් කරලත්. ?” 

” පුරුද්දට ඇහැරෙනවා සර්. “

” සඳ..!” 

” ආ.. සර් ?” 

” ඕක නතර කරන්නේ කවද්ද ?” 

” මොකද්ද සර් ?” 

” ඔය සර් කියන එක. ඔෆිස් එකේ ඉද්දි කියලා දැන් ඒක පුරුද්දට ගිහින් ” 

” ඉතිං ඒක නැතුව මං වෙන මොකද්ද කියන්නේ ?” 

” දැන් ඒකත් මගෙන්ද අහන්නේ ?” 

අනෙක් පස සිටි ඈ චිරිස් හඬක් නංවා සිනාසෙන හඬ ඇසුණු ඔහුගේ මුවද මඳ සිනා රැල්ලක් ඇඳී ගියේය. 

” දැන් උදේ ඉඳන් නැඟිටලා මොනවද කළේ. ?” 

”  ඉව්වා. කෑවා. දැන් අමාවීයි මායි අච්චාරුවක් කොටනවා “

” what ?” 

” අච්චාරුවක් අනේ.. අඹයි , ඇඹරැල්ලයි , අන්නාසියි ඔක්කොම දාලා “

” මට නෑ..?” 

” ම්ම්හ්හ්… මේවා කන්න පුලුවන් ලොකු අයට විතරයි. සැර ගොඩාක් දාලා තියෙන්නේ. චූටි බබාලට කන්න බෑ “

” ලඟ පාතක හිටියානම් බබාගේ තරම මං පෙන්නනවා ..”

මෙතෙක් වේලා සිහින් හඬින් සිනාසූ ඈ විසල් හඬක් නඟා සිනාසුණාය . 

” ලඟපාත නැති නිසා තමයි ඉතිං කියන්නේ. ලඟ හිටියානම් කොහෙද හිනා පොදක් නැති ඔය රකුසු මූණෙන් එක පාරක් බැලුවොත් ඇතිනේ ඉතිං “

” ඔයා විහිළු කරලා හදන්නේ මාව ඔතනට ගෙන්නගන්න . “

ඈ දිගින් දිගටම සිනාසුණු අතර දුරකතනයට ආ තවත් ඇමතුමක් ඔහුගේ කතාවට බාධා කළේය. 

” සඳ..! කෝල් එකක් එනවා. මං ආයේ ගන්නම් “

ඇමතුම විසන්ධි කළ ඔහු ඊලඟ ඇමතුමට සම්බන්ධ වූයේය. 

” කියපන්..”

” සර්.. මං ඉන්නේ එතන. “

” ලොකේශන් එක දාහන් “

ඕකේ සර්. “

********************************************

සාප්පු සංකීර්ණයේ විසල් වීදුරු තිරය අතරින් ඉහළට එසැවී යෝධයන් මෙන් පෙනෙන අහස සිප ගන්නා ගොඩනැගිලි දෙස බලා සිටි පහන්‍යා යළි හැරී පසෙක උන් ඉන්දීවර දෙස බැලුවාය. 

” ඇයි ?” 

” ඔයා නිකන් දැන් බෝලයක් වගේ ” 

” ආ..?” 

ඇගේ සිහින් වූ දෙනෙත දුටු ඔහුගේ මුව මත සිනහවක් ඇඳී ගිය අතර අඩි කිහිපයක් ඉදිරියට තබා ඔහු ඈ වෙතට ඇවිද ආවේය. 

” එදා හොස්පිට්ල් එකේදී දැක්කටත් වඩා දැන් බෝල වෙලා. “

මුහුණ ඇඹුල් කර ගත් ඈ වීදුරු තිරයෙන් මෑත් වී නානප්‍රකාර සුපිරි වෙළඳසැල් ඉදිරියෙන් අඩි තැබුවාය. 

” මං කිව්වේ කැත වෙලා කියලා නෙමෙයි. මහත් වෙලා කියලා විතරයි. “

මුවට සිනහවක් නැඟුණද එය තොල්පට තද කරමින් වළකා ගත් ඈ ඔහු දෙස නොබලාම ඉදිරියට අඩි තැබුවාය. 

” පොප් කෝර්න් කමු ?” 

” අනේ එපා. “

තිගැස්සී ඔහු දෙස බැලූ ඈ මුවින් , හිසින් පමණක් නොව දෑතින්ම එය ප්‍රතික්ශේප කළාය. 

” ඔයත් සඳැස්වි වගේ. දැන් කීයක්නම් ජාති කන්න අරන් දුන්නද ? අනේ තව නම් එපා ඉන්දීවර. දැන් හොඳටම ඇති. “

” එහෙනං අපි අතනින් වාඩි වෙමුද ?” 

මඳක් සිනාසුණු ඔහු අවන්හලක් ඉදිරියේ තිබූ මේසයක් ඇයට පෙන්වූයේය. 

සෙමින් ඇවිද ගිය ඈ එහි තිබූ පුටුවක හිඳ ගෙන සැණෙකින් යළි ගැස්සී කුස මතට අත තැබුවාය.

” ඇයි ? ඔයාට අමාරුද ?” 

” නෑ.. එයා දඟලනවා. ටිකක් වෙලා ඇවිද්දනේ. ඒක වෙන්නැති” 

ඉන්දීවර දිළිසෙන දෙනෙතින් පහන්‍යාගේ උවන දෙසත් කුස දෙසත් ආදරණීයව බලා සිටියේය. 

” Shall I ?” 

” sure..”

ඉදින් ඔහු හීන්සීරුවට පිරුණු කුස මත අත තැබූ අතර කුස තුළ දඟලන කුඩා දරු පැටියාගේ සෙළවීම ඔහුට හොඳින්ම තම අතට දැනුණේය. සන්තෝස රටා ගොන්නක් මුහුණ පුරා පැතිර ගිය ඔහු මුව පුරා නැඟි සිනහවෙන් ඈ දෙස බැලූ අතර ඈ ද ඒ අයුරින්ම ඉතිරෙන සිනහවකින් ඔහු දෙස බැලුවාය. නමුදු ක්ෂණිකව දෙදෙනාම ඉදිරියේ වූ පුටුව පසුපසට ඇද එහි වාඩි වූ පුද්ගලයා දුටු ඇගේ මුහුණෙහි තිබූ සිනා රැල්ල සැණකින් අතුරුදන් වී ගොසින් එය භීතියකින් පිරුණි.

” ම.. මල්ලි.!” 

නිහඬවම තමා ඉදිරියේ උන් වැඩිමල් සොයුරියත් , ඈ කුස මත අත තබා සිටින ඔහු දෙසත් කීප වරක් තම ගැඹුරු දෑස විතැන් කළ දේහදාරියා දෑතම පපුව මත බැඳ ගනිමින් හිඳ උන් පුටුවේ පසුපසට බර වූයේය. 

” ම්ම්.. සියත්‍ර..! පහන්‍යව එක්කන් ආවේ මම. ඔයාට කියන්න තියෙන දෙයක් මට කියන්න. “

ඉන්දීවර හිඳ උන් පුටුවෙන් මඳක් ඉදිරියට විත් තමා දෙස එක එල්ලේ බලා සිටින තරුණයා දෙස බලා පැවසුවේය. 

” නෑ.. නෑ.. මල්ලි. මේ අහන්නකෝ.. “

වෙව්ලන කටහඬින් පහන්‍යා වහා මළණුවන් වෙත පැහැදිලි කිරීමක් කිරීමට උත්සාහ ගත්තද ඈ හට වචන පැටළැවුණාය. 

” ඉන්දීවර..! මේ ඉන්නේ මගේ අක්කා. ඒක අමතක කළත් මේ ඉන්නේ වෙන මනුස්සයෙක්ව කසාද බැඳපු කෙනෙක්. ඒකත් අමතක කළත් මේ ඉන්නේ දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්. මං මේ ගොඩාක් හොඳින් කියන්නේ.., මට තමුසෙලා දෙන්නාගේ මූණු දෙක දිහා බලාගෙන මගේ හිත ඇතුළෙ තියන ඒවා එළියට දාන්න බෑ. මෙතන උඹ ඇරෙන්න වෙන එකෙක් හිටියානම් මං මෙහෙම වචන නාස්ති කරන්නෙත් නෑ. මේක නතර කරහන්…”

ඉදිරියේ හිඳ උන් වංශවත් තරුණයාගේ ස්ථීර වදන් ඉන්දීවර වෙත යොමුව තිබූ අතර සියල්ල අතරින් පහන්‍යාගේ දෙනෙතට කඳුළු පිරුණාය. 

” මල්ලී.. ! අහන්න.. එහෙම දෙයක් නෑ. We are just friends . Please …!  “

” පහන්‍යා…!” 

ඇගේ කලබලය හේතුවෙන් ඈ මඳක් සන්සුන් කිරීමට උත්සාහ ගත් ඉන්දීවර යළි සියත්‍ර දෙසට හැරුණේය. 

” මට පහන්‍යාට දරුවෙක් ලැබෙන්න ඉන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. “

” ඉන්දීවර.. ! “

එවර ඇගේ හඬ තවත් උස් වූ අතර ඉදිරියේ හිඳ උන් ප්‍රතාපවත් තරුණයාගේ ගැඹුරු දෑස එක දිගට තරුණ පොලිස් නිලධාරියා මත පතිත වී තිබුණේය. 

” මොනවද ඔයා මේ..?” 

” Wait a minute පහන්‍යා . Please ..!” 

එසේ පැවසූ ඔහු නැවතත් තරුණයාගේ ගැඹුරු දෑස දෙස එක එල්ලේ බැලුවේය. එහි කිසිදු පලායෑමක් හෝ මඟහැරීමක් නොතිබුණේය. 

” සියත්‍ර.. අහපන්.! අනුජ් කියන්නේ හොඳ එකෙක් නෙමෙයි. “

” ඌ කවුද කියන්න මං හොඳට දන්නවා ඉන්දීවර. ඌ ගැන සහතික උඹ මට දෙන්න ඕනේ නෑ. ඌ කොයි ජාතියේ එකෙක් උනත් මේ වෙලාවේ  වරද තියෙන්නේ උඹලා දෙන්නා අතේ. “

” නෑ.. නෑ.. මචං මේ අහපන්. හරි .. උගේ සහතික වැඩක් නෑ. පහන්‍යා මේ රිලේශන්ෂිප් එක ඇතුළේ ඉන්නේ සතුටින් නෙමෙයි බං. ඒක තේරුම් ගනින්කෝ. “

ගැඹුරු දෑස ඔහුගෙන් මිදී මඳකට යළි පහන්‍යා වෙතට වැටිණි. 

” ම.. මල්ලී.. අනේ.. ඉන්දීවර එපා.. ! “

පහන්‍යා ඔවුන් දෙදෙනා ඉදිරියේම පිණ්සෙණ්ඩු වූවාය. 

” ඉන්.. ඉන්දීවර ..! ඔයා මොකද්ද මේ කරන්න හදන්නේ ? “

” ඔයා මොන තත්වෙක හිටියත් මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි පහන්‍යා. මට ඔයාව ඕනේ.. “

ඈ නැවතත් තිගැස්සී ඔහු දෙසත් තමන් දෙස එක එල්ලේ බලා සිටිනා මළණුවන් දෙසත් කඳුළු පිරි දෙනෙතින් වික්ශිප්තව මාරුවෙන් මාරුවට බැලුවාය. 

” ඉන්දීවර මේ අහන්න.. ! මගෙයි අනුජ්ගෙයි රිලේශන්ෂිප් එකේ මොන දේ උනත් , මට අනුජ්ව අතාරින්න හිතුණත් මට ඔයා ගැන බලාපොරොත්තු තියාගන්න බෑ “

” මේ හිටපු පොඩි වෙලාවේ ඔයා හිටියේ මාත් එක්ක සන්තෝසෙන් නෙමෙයිද  පහන්‍යා ?” 

” දෙයියනේ.. ඉන්දීවර .. ! අහන්න. මං .. මං.. සතුටින් හිටියේ. මල්ලි ඉන්නවා කියලා බොරු කියන්න ඕනේ නෑ. මං.. මං ගොඩාක් සතුටින් හිටියේ. මෙච්චර කාලෙකට කවදාවත් මං අනුජ් එක්කවත් එහෙම සන්තෝසෙන් ඉඳලා නෑ. මෙහෙම එළියට එක්කන් එන්න තියා අනුජ් අඩුම මං කෑවද බිව්වද කියලවත් හොයන්නෑ. ඒ ඔක්කොම හරි. හැබැයි ඒකේ තේරුම මං අනුජ්ව දාලා ඔයා ලඟට එනවා කියන එක නෙමෙයි ඉන්දීවර. ඒක මහ පව් සිද්ධ වෙන වැඩක්. “

ඔහුගේ බලාපොරොත්තු සහගත උවන දෙස බලා කඳුළු වැගිරවූ ඈ නැවතත් හිස බිමට බර කර ගත්තාය. 

” පහන්‍යා..! Hey.. listen to me.. please ..!” 

ඉන්දීවර වහා යළිත් ඇගේ අතකින් අල්ලා ගත්තේය. 

කෙතරම් කල් ඇසුරු කළද කිසිදු දිනක තම උවන දෙස කෙලින් නොබලා කතා බස් කරන අනුජ් වත් , තමා සිටින බවක් මායිම් නොකර තමා ඉදිරියේම ඇගේ අයිතිය ලබා ගන්නට උත්සාහ කරන ඔහුත් දෙස බලා සිටි දේහදාරියා පුරුදු නිහඬ හා සන්සුන් බවින් දිගටම මුනිවත රැක්කේය. 

” එපා ඉන්දීවර..! ඔයා පව්.. “

” මං අවුරුදු ගාණක් බලන් හිටියා පහන්‍යා. එදා වගේමයි. එදත් මට මේක කරන්න උනේ නෑ. අද මට මේක අතාරින්න කියන්න එපා. අකමැති තැනක රැඳිලා ඉන්න අවශ්‍ය නෑ පහන්‍යා. අකමැති බැඳීමක හිර වෙලා දුක් විඳින්න එපා. මං ඔයාට එදා වගේම ආදරෙයි…!” 

නැඟෙන ඉකිය හේතුවෙන් එක් අතකින් මුව තදින් වසා ගත් පහන්‍යා හිඳ උන් අසුනෙන් නැඟී සිටියාය. 

” මල්ලි.. මාව ගෙදර එක්කන් යන්න.. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here