පසළොස්වක මල් – 93

0
46

” මින්දුලා ගැන ශමෙල් ගැන හොයලා බැලුවම මට තේරුණා මේ මරණ පිටි පස්සේ ඉන්නේ එයා කියලා. දුමී..! ප්‍රශ්නෙයි , උත්‍තරෙයි දෙකම ශමෙල් ඉස්සරහා තිබ්බම එයාට උත්තර තෝරගන්නව ඇරෙන්න වෙන විකල්පයක් තිබ්බේ නෑ. එයා හිටියේ සෑහෙන්න කඩන් වැටිලා. එයා මට කිව්වා කැමති දෙයක් කරන්න කියලා. ඒ කියන්නේ ඒ ටයිම් එක වෙද්දි එයා පොලීසියට උනත් බාර වෙන්න පස්ස ගැහුවේ නෑ. “

” හැමදේම දැනගත්තට පස්සේ ඔයා අවුරුදු ගාණක් අන්කල් ශමෙල්ව ආරක්ෂා කළා ? එක පාරක්වත් .. මං අහන්නේ එකම එක පාරක්වත් ඔයා ආදරේ කරපු කෙනාව මරලා දැම්මේ මේ මිනීමරුවා කියන එක ඔයාට තරහක් ගෙනත් දුන්නැද්ද ලොකූ ? ඔයා හිටියේ සිංදුමී අක්කව මැරි කරලා. ඔයා එයාට ආදරේ කළා. එහෙම කෙනාව මරලා දාපු මනුස්සයා එක්ක ඔයාට තරහක් ආවෙම නැද්ද ?” 

අස්නක තවත් කෝපි උගුරක් තොල ගා කෝප්පය පීරිසිය මත තබා කඳුළින් තෙත්ව ඇති මිහිදුමීගේ දෑස දෙස බැලුවේය.

” නෑ.. “

ඈ දිගටම එක එල්ලයේ ඔහුගේ වත දෙස බලා සිටියාය.

” මං මින්දුලාව අඳුරගෙන හිටියා දුමී. එදා registration එක දවසේ මාත් මින්දුලාට ආදරේ කරා කියලා ඔයාට කිව්වට ඒ කෙල්ල ගැන මගේ හිතේ තිබ්බේ නංගි කෙනෙක්ට තිබ්බ ආදරයක් විතරයි. එතනින් එහා දෙයක් නෙමෙයි . මින්දුලා කියන්නේ හරි අහිංසක කෙල්ලෙක් දුමී. පෙනුමත් එහෙමයි . පොඩි හා පැටියෙක් වගේ. මින්දුලා සුයිසයිඩ් කරන් කියන ආරංචිය එක්ක මගේ හිත කොච්චර රිදුණද කියලා ඔයාට තේරෙන්නෑ. ඒ වේදනාව වචනෙන් කියන්න අමාරුයි. මින්දුලාගේ ෆියුනරල් එකේදී භරණයි , ආන්ටි විශාඛායි කෑගගහා විඳවපු තරම් ඔයා දන්නෑ දුමී. ඒ මිනිස්සු දෙන්නා අඬපු හැටි හිතක් පපුවක් තියන මනුස්සයෙක්ට බලන් ඉන්න පුලුවන් දෙයක් නෙමෙයි. ජීවිතේට ඇස් වලින් කඳුළක් වැටිලා නැති මගේ ඇස් වලටත් එදා භරණගෙයි , ආන්ටි විශාඛාගෙයි ඇඬිල්ල දැකලා කඳුළු ආවා. ඒක මතක් කරන්නවත් පුලුවන් සිද්ධියක් නෙමෙයි දුමී .. ” 

මිහිදුමීගේ දෑස් අඟින් කඳුළු කැට පේළියක් කොපුල දිගේ ගලා බසිද්දී අස්නක දෑඟිලි මතින් තදට නළල තෙරපවා ගත්‍තේය. 

” ප්‍රාර්ථනාගේ කතාවෙන් මං දැනගත්තා මේ කට්ටිය පිටි පස්සෙ කැරකෙන්නේ මින්දුලාගේ මරණේ තමා කියලා. ඒ වෙද්දි සිංදුමීගේ හැසිරීම එක්ක මගේ හිතේ එයා ගැන කිසිම පැහැදීමක් ඉතිරි වෙලා තිබ්බේ නෑ දුමී. ඔයා මෙන්න මේ කාරණේදී මං මහ හිතක් පපුවක් නැති මිනිහෙක් කියල හිතයි. ඒත්.. මට හංගන්න දෙයක් නෑ. ශමෙල්ව මීට් උනාම මගේ ළඟ වැඳ වැටිලා එයාගේ හිතේ මින්දුලා ගැන තිබ්බ ආදරේ ගැන කිව්වම මට ශමෙල්ට දඬුවමක් දෙන්න හිතුණේ නෑ දුමී. ශමෙල් කියන්නේ නියම ආදරවන්තයෙක් . මින්දුලා නැති උනා කියලා නෑ. එයා මේ අද වෙනකන් මින්දුලා ගැන එයාගේ හිතේ තිබ්බ ආදරේ නැති කරගත්තේ නෑ. අපේ registration එකට කලින් මං ශමෙල්ගෙන් ඇහුවා ඇයි වෙන කාවවත් මැරි කළේ නැත්තේ කියලා. ? අඩුම එෆෙයාර් එකක්වත් ? එතකොට මට දීපු උත්තරෙ දන්නවද ?  මගේ ළඟ වෙන කාටවත් දෙන්න ආදරයක් නෑ අස්නක. ඒ ඔක්කොම මං මින්දුලාට දීලා ඉවරයි. “

නිහඬවම විසල් වීදුරු තිරයෙන් එපිට බලා සිටිනා මිහිදුමී දෙස බැලූ ඔහු නැවතත් දිගු හුස්මක් හෙළුවේය.

” මේ හැමදේම මාමාත් මුල ඉඳන් දැනන් හිටියා.” 

“ඔව්. හැබැයි මං ඒක දැනගත්තේ අපේ registration එකෙන් පස්සේ. සිංදුමීගේ මරණේ ඇස් දෙකට දැකපු එකම කෙනා ඔයා. සිංදුමීගේ මරණෙන් පස්සේ ශමෙල් කෙලින්ම ගිහින් තියෙන්නේ භරණව මීට් වෙන්න. එතනදි වෙච්ච හැමදේම ශමෙල් භරණට කියලා තිබුණා. ඊටත් පස්සෙ තමයි එයාලා ඔයා ගැන හොයලා තිබ්බේ. ඔයා මහවලතැන්න පවුලේ දරුවෙක් වගේ හැදෙන්න පළවෙනි හේතුව ශමෙල්. අපිට ඒක අමතක කරන්න බෑ. “

” සිංදුමී අක්කගේ මරණෙන් පස්සේ මේ දේවල් දැනගෙනත් ඔයා අන්කල් ශමෙල්ව රැක්කා. “

” දුමී..! මට එයාට දඬුවමක් දෙන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ. එච්චරයි.. “

” මාමා කවදාවත් කැමති උනේ නෑ මං සිංදුමී අක්කා ගැන කතා කරනවට. මං සිංදුමී අක්කගේ මරණේ ගැන හොයන්නමයි කොළඹ ආවේ කියලා දැනගත්තම මාමා කලබල උනු හැටි මට මතකයි. එයා අඬ අඬා කිව්වා සිංදුමීගේ මරණේ ගැන හොයන්න එපා කියලා. එයා බය වෙන්නැති මේ දේවල් ගැන මං දැනගනී කියලා. ඊටත් පස්සේ එයා බය වෙන්නැති එයාගේ නංගිගේ මරණෙට පලි ගත්‍තු එයාගේ යාළුවට හිරේ යන්න වෙයි කියලා “

ඈ දෑසින් ගිලිහුණු කඳුළු කැටයක් පිස දැමූ අතර ඔහු සෙමින් ඇගේ අතකින් අල්ලා ගත්තේය.

” දුමී.. ! මේ කතාවේ වැඩිපුරම දුකක් , වේදනාවක් විඳලා තියෙන්නේ ශමෙල්. භරණට , ආන්ටි විශාඛාට කෑගහලා , අඬලා දොඬලා හරි එයාලගේ වේදනාව පිට කරගන්න පුලුවන් උනාට ශමෙල්ට අඩුම කාටවත් පේන්න වත් අඬන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. පිටින් හිනාවෙලා , සතුටින් හිටියට මං ශමෙල්ව අඳුරගෙන හිටපු අවුරුදු ගාණෙම එයා හිත ඇතුළෙන් විඳවපු හැටි මං බලන් හිටියා දුමී. මේ කතාව සම්පූර්ණයෙන්ම දැනගෙන හිටියේ භරණයි , ශමෙලුයි , මමයි විතරයි. හැබැයි භරණ මේ කතාව දන්නවා කියලවත් , මම මේ කතාව දන්නවා කියලවත් අපි දෙන්නාට දෙන්නා එදා registration එක වෙනකන් දැනගෙන හිටියෙ නෑ. හැබැයි අපි දෙන්නම ශමෙල්ව රැක්කා. ඔයාගේ පැත්තෙන් බැලුවොත් ඒක හරි. ඒ හින්දමයි මුලින්ම ශමෙල්ව අපේ ගෙදරදි මුණ ගැහුණු වෙලාවෙත් අපි දෙන්නා එදා අඳුරගත්තු විදිහට හැසිරුණේ. හැමදේම අතීතෙට බාර දීලා ඉන්න කියපු නිසාම ඔයා අපේ ගෙදරට ආපු වෙලාවෙදිවත් ශමෙල් මට කිව්වෙ නෑ ඔයා සිංදුමීගේ නංගි කියන එක. ඔයා එදා මාත් එක්ක තරහ වෙලා අපේ ගෙදරින් ගිය දවසේ ඔයාව හොයාගෙන පිස්සෙක් වගේ භරණ අපේ ගෙදර ආවම තමයි මටයි ශමෙල්ටයි ගොඩක් දේවල් තේරුම් ගියේ. එයා එදා මට කිව්වේ ඔයා සිංදුමීගේ නංගි කියලා දැනගන්න එක අනවශ්‍ය දෙයක් කියලා හිතුණයි කියලා. මං ඔයා ගැන මුලින්ම ඔයාලගේ ගෙදරදි ප්‍රපෝසල් එකක් ගෙනාපු එක ආරංචි උනාමත් එයා ඒක හංගන් ඉඳලා තියෙන්නේ කවදාවත් ඔයාවත් , මමවත් මේ දේවල් ගැන හාරාවුස්සන්නැති වෙයි කියලා හිතලා. 

ඒත්.. හැමදේම අනිත් පැත්ත පෙරළුණේ ඔයා හැමදේම හොයාගත්තු නිසා. අන්තිම මොහොතේ ඔයා ශමෙල් ගැන දැනගන්න කලින් මට ඕන උනේ ශමෙල්ව රටින් පිට කරන්න. ඒත්.. ඔයා ඉක්මන් උනොත් මේ දේවල් මං බාරගන්නවා කියලා මං ශමෙල්ට කට වචනෙන් නිකමට කිව්වේ. ඒක ගැන මං ලොකුවට හිතුවේ නෑ. ඒත්.. එදා registration එක දවසේ උදේ ඔයා අර ලියුම පෙන්නද්දි , ශමෙල් ඒ වෙනකොටත් එයාපෝට් එකට යන ගමන් කියලා දැනන් හිටපු මං හැමදේම බාර ගත්තේ ඔයාව කන්ට්‍රෝල් කරන්න ඕන නිසා. “

” කන්ට්‍රෝල් කරන්න ?” 

මිහිදුමීගේ පැනය හමුවේ එතෙක් ඇගේ උවන මත තිබූ ඔහුගේ දෑස සෙමින් බිමට බර විය. 

” ඔයා අපේ කසාදෙම ඇපේට තිබ්බා ලොකූ. “

” දුමී.. !” 

ඇගේ කෝපය නිවීමට ඔහු මන්ද ස්වරයකින් ඇමතුවද ඈ එය නොසලකා හැරියාය.

” ඒ වෙලාවේ මට කොච්චර රිදුණද කියලා ඔයා දන්නවද ? ඔයා රූම් එකෙන් එළියට ආවම මං මාමට කතා කළා. මට හිතුණෙම එවෙලෙම මං මැරිලා ගියානං හොඳයි කියලා. මං මාමාගේ අතේ එල්ලිලා කිව්වෙත් මට මැරෙන්න ඕනේ කියලා. ඊට පස්සෙ තමා එයා අන්කල් ශමෙල්ට කෝල් එකක් ගත්තේ. මේ දේවල් හැමදේම මං දැනගත්තේ ඒ වෙලාවෙදි. මං දන්නවා ඔයා තමයි හොඳම කියලා ඒත්.. ඒ වෙලාවේ මගෙ හිත සෑහෙන්න රිදුණා. අනික ඔයා ඒ දවස් ටිකේම හැසිරුණේ නරක විදිහට. ආයේ මට ඔයා තමුසේ කියලත් කිව්වා. “

” ඒයි .. ඒයි .. දුමී.. ප්ලීස්..!” 

ඇගේ දෑත දෝතින්ම අල්ලා ගත් ඔහුගේ උවන දෙස බලා ඈ සුරුස් හඬින් නාසය ඉහලට ඇද්දාය. 

” ඒ මගේ අක්කා ලොකූ.. !” 

” ඒ ගැන දන්න නිසා තමයි මං ඔයාට මේ කිසිම දේකට එපා නොකියන්නේ. “

” ඔයා හරි හොඳයි. ඒක මං පිළිගන්නවා. මං සිංදුමී අක්කා වෙනුවෙන් මේ නඩුවට යද්දි , ඔයා අන්කල් ශමෙල් වෙනුවෙන් මේකට යනවා. කවදාවත් ඔයා මට මේක නතර කරන්න කියලා නෑ. අපි දෙන්නා එක ගෙදර ඉඳන් විරුද්ධ පැති දෙකට වෙන වෙනම සපෝට් කරනවා. ඔයා මේ වෙනකන් මට වචනෙකින්වත් ඒකට වරදක් කියලා නෑ. මං මගේ අක්කා ගැන හිතද්දි , ඔයා අනකල් ශමෙල් ගැන හිතනවා. නඩුවට එද්දි අඩුම ඔයා මාව ඔයාගේ වාහනේවත් දාගෙන එන්නෑ. ඔයා මේ හැමතැනදිම මට මං වෙන්න දුන්නා ලොකූ. අපේ කසාදේ ඇතුළේ වගේම ඒකෙන් පිටදිත් මට මං වෙන්න ඉඩ ඔයා දුන්නා. මේ ලෝකේ ගොඩක් ගෑනුන්ට නොලැබෙන දෙයක් ඒක. “

අස්නක හෙමින්සීරුවට ඇගේ කොපුල් මත ඇති කඳුළු බිඳු පිස දැමුවේය.

” ඔයයි , මායි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් තමයි දුමී. ඒත්.. මෙතනදි අපි දෙන්නා ඉන්නේ දෙපැත්තක. හැඟීමකින්වත් ඔයාට බලපෑමක් නොවෙන්න ඕන නිසයි යන්නේ එකම තැනට උනාට මං මගේ වෙහිකල් එකවත් ඔයා එක්ක ශෙයා කර නොගන්නේ. උසාවියේ ගෙවෙන පොඩි වෙලාවේ මං ඔයාගේ අනිත් පැත්තෙන් හිට ගත්තට උසාවියෙන් එළියට ආපු මොහොතේ ඉඳන් මං ඉන්නේ ඔයත් එක්ක දුමී..  ඔයාට හැමදේම කිව්වට පස්සෙ උනත් ශමෙල්ට තිබුණා හිටියා වගේ ඉන්න. ඒත්  එයාම ගිහිල්ලා පොලීසියට බාර උනේ ඔයාගේ හිතේ සැනසිල්ල ගැන හිතලා දුමී. ඇහුවම කිව්වේ , මොනව උනත් මං පවක් කළා. ඒකට විඳවන්න ඕනේ කියලා. 

මට තවමත් මේ සිද්ධියේ ලොකුම අසාධාරණේ උනේ , ලොකුම වේදනාව වින්ඳේ ශමෙල් කියන එක අමතක කරන්න බෑ. ඒක ඉස්සරහටත් කරන්න බැරි වෙයි. ඔයා අක්කගේ මිනීමරුවට පනිශ්මන්ට් එකක් දෙන්න උපරිම ට්‍රයි කරද්දි , පොඩි කෙල්ලෙක්ට ආදරේ කරලා , ඒක කියාගන්නවත් බැරුව මැරි මැරී ජීවත්වෙච්ච මනුස්සයෙක් මේ දේවල් වලින් නිදහස් කරගන්න මං මගේ උපරිමෙන් ට්‍රයි කරනවා. ඒක අදාල වෙන්නේ උසාවියේ ඇතුළෙදි විතරයි. එතනින් එහා ඔයා එක්ක ඕනෙම වෙලාවක කිසිම කොන්දේසියක් නැතුව මං හිට ගන්නවා. මොකද ඔයා මගේ පණ. මං ඔයාට ගොඩක් ආදරෙයි. මං ජීවත් වෙලා ඉන්නකන් ඔයාට වචනෙකින්වත් හානියක් , රිදීමක් වෙන්න ඉඩක් තියන්නෑ.  හරි.. ටයිම් එක හරි. අපි දැන් යමුද ? “

අත් ඔරලෝසුව දෙස බලා එසේ පැවසූ ඔහු මේසය මත තිබූ ජංගම දුරකතයත් , යතුරු කැරැල්ලත් අතට ගෙන හිඳ උන් අසුනෙන් නැඟිට ගත්තේය. 

” ලොකූ..!” 

තමා උන් අසුනෙන් නැඟිට ගත් මිහිදුමී සීරුවට ඔහුගේ අතක් දෝතින්ම අල්ලා ගත්තාය. 

”  මගේ කා එක මෙතන පාක් එකේ තිබිච්ච දෙන්.  අපි දෙන්නා මෙතන ඉඳන් මේ ගමනත් එකට යං…”

සිහින් සිනහවක් නැඟූ ඔහු හෙමිහිට ඇගේ නාසයට තට්ටුවක් දැමුවේය. 

” යං.. “

ඇගේ අතැඟිලි මත තම අතැඟිලි පටළවා ගත් අස්නක විජේසිංහ ප්‍රිය බිරින්ඳෑ වූ මිහිදුමී දම්සේයා විජේසිංහ සමඟ අවන්හලෙන් පිටතට අඩි තැබුවේය. 

වෙන වෙනම ගිය ගමන එකට යන්න මිහිදුමී තීරණේ කළේ අස්නකගේ තීරණේට සහය පළ කරන්නද ?  ශමෙල්ට අවසානයේ මොන තීරණයක් ලැබේවිද ? ඔබ තීරණය කරන්න.. 

නීතියේත්.. කර්මයේත්.. ස්වභාවදහමේත්.. එකම තීරකයා ඔබයි…. ! 

පසුවදනින් හමුවෙමු. 

– අවසානයි –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here