“තාත්තේ.. ඔයා ඉස්සර ගණං වලට දක්ෂ ද?”
තාත්තා මං දිහා බලාගෙන හිටියේ තිගැස්සුණු බැල්මකින්.ඊට පස්සෙ පොඩි හිනාවක්.
“මං දන්නවා ඔයා දක්ෂ නෑ කියලා”
සීයෙන් ළකුණු තුනක් ගත්තු අවුරුදු පහළොවක ළමයෙක්ගේ පරණ පේපර් එකක් තාත්තා දිහාට දික් කරන ගමන් මම කිව්වා. ඒ පේපර් එක අවුරුදු හතලිහකට වඩා පරණ එකක්. මම තාත්තා දිහා බලාගෙන හිටියේ සම්පූර්ණ කතාව දැනගෙන. ඒත් ඒ බව නොදන්න තාත්තා මට ඒ ගැන කියන්න පටන් ගත්තා.
“මං ගෙදර හිටිය අන්තිම දවස. තාත්තා ගණං උගන්නන ගුරුවරයා වෙලත් මට ලකුණු තුනක් විතරක් තියෙනකොට තාත්තට මොනවා හිතෙන්න ඇද්ද? තාත්තා හොඳටම බැනලා මාව පන්තියෙන් එලියට දැම්මම මට හිතුණා ඉස්කෝලෙන් එළියට යන්න. ආයේ හිතුණා නගරෙන්ම එළියට යන්න”
ගෙදරින් පැනලා ආව කොල්ලෙක් ව්‍යාපාරිකයෙක් වෙලා දියුණු වුණු කතාව මගේ තාත්තටත් අයිතියි. හැබැයි ඔහු ඉන්නේ පසුතැවීමක. ඒ ගෙදරින් පැනලා ආව දුක නෙවෙයි.
“මට තාම ලැජ්ජයි. මට මොන දේවල් තිබුණත් මගේ තාත්තට තාමත් මම බූරුවෙක්”
මම මගේ අලුත්ම අදහස් පටන් ගන්නේ අන්න ඒ වෙලාවට.තාත්තාගෙයි මගෙයි ගණිත පන්ති ඇරඹෙන්නේ එහෙම. පොඩි කාලේ තාත්තා මට කතන්දර කියා දුන්නට වඩා උනන්දුවකින් මම තාත්තාගේ මැත්ස් ටීච වෙනවා. තාත්තා හරි උනන්දුවකින් ඉගෙන ගන්න පටන් ගන්නවා. රෑ නැගිටලා බාත්රූම් එකට යනකොට මගේ අහිංසක ගෝලයා ගණං හදන හැටි මට පේනවා.
අන්තිමේ දී තාත්තා මගේ අරමුණට එන්නේ කාලයත් එක්ක සටන් කරලා. එයා එක්කම සටන් කරලා. තමන්ට බෑ කියන හැඟීම පරද්දලා.
“උසස් විද්‍යාල ගණිත විභාගය දහවෙනි ශ්‍රේණිය” අවුරුදු හතලිහකට කලින් ලකුණු තුනක් ගත්තු පේපර් එක තාත්තා ආයෙම ලියනවා.මම ගණිත ගුරුතුමියගෙන් මිදිලා විභාග නිරීක්ෂිකාව වෙලා තාත්තා එක්සෑම් ලියනවා බලන් ඉන්නවා.
“එයා කොපි කළොත් එහෙම.”
පේපර් එක තාත්තාගෙන් අරගෙන ලියුම් කවරයකට දාලා ඈත නගරයකට තැපැල් කරලා යවන මට තියනවා සැලසුමක්.ඕනෑ දුවෙකුට තාත්තා කෙනෙක් වෙනුවෙන් කරන්න හිතෙන ජාතියක් තමයි “සර්ප්‍රයිස්” කියන්නේ.ඒත් මේක වෙනස් සර්ප්‍රයිස් එකක්.
තාත්තාගේ උපන් දිනය දවසේ හවස් වෙලා ගෙදර ඇවිත් දොර අරින තාත්තා සුපුරුදු පරිදි මගේ සර්ප්‍රයිස් ගැටේට අහු වෙනවා. බර්ත්ඩේ පාටියක්!!
එච්චර විතරක් නෙවෙයි.
අසමත් පුතාව අවුරුදු ගාණක් ප්‍රතික්ෂේප කරපු මගේ සීයා ඉන්නෙ ඇස්වල කඳුළු පුරවාගෙන.
“ඔයා අන්තිමේදී පාස්”
හැත්තෑවත් පැනපු මේ විශ්‍රාමික ගණිත ගුරුවරයා අන්තිමේදී තාත්තෙකුගේ කටහඬින් කියනවා. ඒ දෙන්නා වැළඳගෙන බොහෝ වෙලාවක් ඉන්නවා.
තාත්තා ලකුණු අසූ තුනක් අරගෙන පේපර් එක පාස් කරගෙන.
තමන්ට බෑ කියන හැඟීමෙන් මිදිලා තමන්ටම සමාව දෙන්න මගේ තාත්තට අවුරුදු හතලිහක් ගියා. ඔහු අවුරුදු පනස් පහක් වෙලා තමන්ගේ අරමුණට ගියා. පස්සෙන් ඉඳන් ධෛර්යය දෙන්න තරුණ දුවෙක් හිටියා තමයි.
ඒත් ඒක කළේ එයා!
ඉතින්,ඔයා තාම හිතන්නේ ඔයාට බෑ කියලද? නෑ ඔයාට පුලුවන්. මේ ලෝකේ බෑ කියලා කිසිම දෙයක් නෑ.කරන්න තියෙන්නේ අතීතෙ හිර නොවී අනාගතය අල්ලා ගැනීම. තමන් එක්කම සටන් කිරීම.
මට හිතෙනවා ඔයා ඒක කරයි කියලා!!
ඉන්දියානු වීඩියෝවක් ඇසුරිනි.