දැනගෙන ව්‍යායාම කරමුද?

නිරෝගී සිරුරක් සඳහා ව්‍යායාම් අතවශ්‍ය සාධකයක් බව අද සියලු දෙනාම දන්න දෙයක්.රට පුරා ඇති ව්‍යායාම් මධ්‍යස්ථාන සහ ඇවිදින මංතීරු මේ සඳහා හොඳම සාක්ෂි සපයනවා.ඒත් මේ ව්‍යායාම් කරන සියලු දෙනා ඒවා කරන්නේ අවබෝධයකින්ද යන්න පිලිබඳ ගැටළු පවතිනවාඅන්‍යයන් කරන නිසාවෙන් නොව ව්‍යායාම් කිරීමේ අරමුණු තමා තේරුම් ගෙන ඒ අනුව තමාට සුදුසු ව්‍යායාම තෝරාගෙන අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීම ඉතාමත් වැදගත්.

ව්‍යායාම් කිරීමේ අරමුණ

  1. සිරුරේ අනවශ්‍ය මේදය දහනය කර බර අඩු කරගැනීම
  2. සිරුර නිරෝගීව තබා ගැනීම
  3. දණහිස් වල ආබාධ,ඔස්ටියෝපොරෝසිස්,ආදී රෝග වලින් වැළකීමට

නිරෝගී බව රැක ගැනීම සඳහා කල හැකි ව්‍යායාම

  • පිහිනීම
  • බයිසිකල් පැදීම
  • ඇවිදීම
  • නර්තනයේ යෙදීම

ස්වායු ව්‍යායාම්

ව්‍යායාම මධ්‍යස්ථානයකදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ විවිධ උපකරණ භාවිතා කිරීමෙන් සිරුරට ව්‍යායාම ලබාදීම වනවා.ඒවා ස්වායු ව්‍යායාම් නම් වෙනවා.එමඟින් හදවත හා පෙණහළු නිරෝගීව තබා ගැනීම සඳහා රුධිර ගමනාගමනය වැඩිවීමෙන් ප්‍රතිඵල ලබාදෙයි.එම ස්ථානවල සිදුකරන ව්‍යායාම් මඟින්.

  • සිරුරේ නම්‍යශිලිබව ඇතිකිරීම
  • පෙනහළු හා හදවත් වල නිරෝගී බව ඇතිකිරීම
  • ආත්ම විශ්වාසය ඇතිවීම වැනි වාසි රැසක් අත්වෙනවා.

ව්‍යායාම් කිරීමට පෙර වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා

  • දියවැඩියාව,අධික රුධිර පීඩනය,හදවත් රෝග සහ වෙනත් දිගුකාලීනව ඖෂධ භාවිතා කරන රෝගයකින් පෙලෙයිනම්.
  • අධික ලෙස තරබාරු නම්
  • වයස අවුරුදු 45 කට වඩා වැඩිනම්
  • තදින්ම දුම් පානයට ඇබ්බැහි වුවකුනම්
  • විවධ සන්ධි කැක්කුම් තිබේනම්
  • ව්‍යායාම් කිරීමට පෙර මේ ගැනත් දැනගන්න
  • ආරම්භයේදී මුලින්ම ඇඟ උණුසුම් කරන සරල ව්‍යායාම් වලින් ඇරඹිය යුතුය.අවසන් කිරීමද එවැනි සරල ව්‍යායාම් වලින් සිදුකල යුතුය.
  • ආහාරගත් විගස ව්‍යායාම් වල යෙදීම සුදුසු නැත.ප්‍රධාන ආහාර වේලකින් පැය දෙකකට පමණ පසු ව්‍යායාම් ඇරඹීම සුදුසු වනවා.
  • ගැලපෙන ඇඳුම් සහ පාවහන් භාවිතා කල යුතු වනවා.පාවහන් පාදයට තද වූ ඒවා නොවිය යුතුයි.
  • රෝගයකින් පෙළෙයි නම් තනිව ව්‍යායාම් නොකිරීම.

ව්‍යායාම් කිරීමේදී මනා සැලසුමකින් යුතුව කාලය යොදාගෙන තම අරමුණ ඉටුවන තෙක් එහි යෙදිය යුතු වනවා.ඒ නිසා බලාපොරොත්තු සහගතව ප්‍රබෝධයෙන් ව්‍යායාම් කිරීමෙන් සාර්ථකව ඉලක්කය කරා ලඟා විය හැකි බවත් අමතක කරන්න එපා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles