දරුවෙක් එක්ක ජීවිතය සොයා ගිය තනිකඩ පියෙකුගේ කතාව – Hi Nanna

Hi Nanna චිත්‍රපටය ගැන මම අමුතුවෙන් දෙයක් කියන්න ඕන කියල මම හිතන්නෙ නෑ. රිලීස් වුන ගමන්ම සමාජ මාද්‍යවල එහෙ මෙහෙ ගිය ලස්සන අදහස්, නිර්මාන ඇතුලෙ මේ Hi Nanna චිත්‍රපටයට ලොකු ඉඩක් වෙන් වෙලා තිබුනා. මිනිස්සු ආදරයෙන් වැලඳගත්ත අපූරු චිත්‍රපටයක් කියල අපි ආයෙ අමුතුවෙන් මේ චිත්‍රපටය ලේබල් කරන්න උවමනා නෑ.

ඒත් අපි අතරෙත් තවමත් මේ චිත්‍රපටය බලපු නැති අය ඉන්නවනම් ඔන්න ඔයාලා වෙනුවෙන් තමයි මේ ලිපිය. ඉතින් ලිපිය කියවල මේ චිත්‍රපටය බලන්නම කියල මුලින්ම මතක් කරන්න මම කැමතියි.

විරාජ් කියන්නෙ මුම්බායි වල ජීවත් වෙන ‍ජනප්‍රිය Fashion Photographer කෙනෙක්. සිසිටික් ෆයිබ්‍රොසිස් කියන රෝගය එක්ක සටන් කරන අවුරුදු හයක පුංචි දුව වෙන මහි වටේ තමයි විරාජ්ගෙ මුලු ජීවිතේම කැරකෙන්නෙ. තාත්තා කෙනෙක් කියන්නෙ විරාජ් වගේ කෙනෙක්ට කියල ඕනම දුවෙක්ට මේ චිත්‍රපටය බලද්දි හිතෙන්න පුලුවන්.

එයාලා ජීවත්වෙන්නෙ මහිගෙ සීය වෙන ජයරාම්ගෙ ගෙදර. මහීගෙ අම්මා ඒ කියන්නෙ විරාජ්ගෙ බිරිඳ එයාලා එක්ක නෑ. ඇත්තටම එයාට මොකද උනේ කියල අපි මේ කතාව මුලදි දන්නෙ නෑ. මහී හැමතිස්සෙම එයාගෙ තාත්තගෙන් අහනව අම්මා ගැන කියන්න කියල. විරාජ් හැම තිස්සෙම ඒක මගාරින්නෙ ඔයා හොඳට විභාගවලට ලකුණු ගත්තොත් විතරක් මම ඒ කතාව කියන්නම් කියල. ඉතින් මහී හොඳටම මහන්සි වෙලා වැඩි ලකුණු ගන්නව. ඒ තමන්ගෙ අම්මගෙ කතාව දැනගන්න තියෙන ආසාවට. ඒ උනාට විරාජ් එයාගෙ පොරොන්දුව ඒ විදියටම ඉස්ට කරන්නෙ නෑ. තමන් මෙච්චර මහන්සි වෙලා තාත්තා කියන දේ කරත් තාත්තා පොරොන්දු වෙච්ච විදියට අම්මා ගැන කියන්නෙ නෑ කියල දුක හිතුන මහී එයාගෙ සුරතල් බල්ලා වෙච්ච ප්ලුටො එක්ක ගෙදරින් එලියට යනව.

මෙහෙම යන වෙලාවක මුම්බායි ට්‍රැෆික් එකේදි ඇක්සිඩන්ට් වෙන්න ගිය මහීව බේරගන්නෙ යශ්නාව මහීට හම්බුවෙනවා. මේ යශ්නගෙ චරිතෙ රඟපාන්නෙ ලස්සනම ලස්සන මෘනාල් තාකුර්.

යශ්නා එක්ක යාලු වෙන මහී තමන්ගෙයි තාත්තගෙයි කතාව යශ්නට කියනව. එයා යශ්නව කැමතිකරවගන්නව තාත්තගෙන් අහන්න තමන්ගෙ අම්මට මොකද උනේ කියල. අන්න ඒ මොහොතෙදි තමයි අපිට දැනගන්නෙ ලැබෙන්නෙ ඇත්තටම මේ මහීගෙ අම්මාගෙයි විරාජ්ගෙයි කතාව මොකද්ද කියල.

මහීගෙ අම්මගෙ නම වර්ශා කියල තමයි මෙතනදි කියන්නෙ.

විරාජ්ට වර්ශව හම්බුවෙන්නෙ කුනූර් වලදි. ඒ දවස්වල විරාජ් සල්ලි අපහසුතා එක්ක තමයි ජීවත්වෙන්නෙත්. ජීවිත අරගලයක ඉද්දි උනත් වර්ශාව දකින පලමු මොහොතෙදිම වර්ශා ගැන ආදරයක් හිතෙන එක වලක්වගන්න විරාජ්ට පුලුවන් වෙන්නෙ නෑ. ඒ උනාට වර්ශා කවදාවත් මේ ආදරය පිලිගන්න කැමති වෙන්නෙ නෑ. වර්ශා ආදරය කියන කන්සෙප්ට් එක බොරුවක්, පදනම නැති දෙයක් විදියට දකින කෙනෙක්. විරාජ් කොච්චර හොඳ මනුස්සයෙක් උනත් ආදරේ කියන්නෙම වේදනාවක් කියල තමයි වර්ශා හිතාගෙන ඉන්නෙ.

ඒකට තව හේතුවක් තමයි වර්ශගෙ මව් දෙමව්පියන් අතර නිතරම වෙන අඩ දබර සහ ඒ නිසාම එයාලා දෙන්න දික්කසාදයකට යන්න බලාපොරොත්තුවෙන් හිඳීම. හැබැයි ආදරය කරන්න අකමැති උනාට කුනූර් වල ඉන්න කාලෙ ඇතුලදි විරාජ්ගෙ හොඳ යාලුවෙක් විදියට ලගින් ඉන්න වර්ශා පොරොන්දු වෙනවා.

ඒත් ඉතින් ආදරයක් හිත ඇතුලෙ උපදින්නෙ කලින් කියල නෙවෙයිනෙ. ඒ විදියට විරාජ්ගෙ හොඳ ගතිගුණ දැනගන්න වර්ශා ටිකෙන් ටික විරාජ් එක්ක ආදරයෙන් බැඳෙනවා. විරාජ් ලඟ ඒ වෙද්දි ඉන්න ප්ලුටො පොඩි බලු පැටියෙක්. ආර්තික ප්‍රශ්න අරව මේව හන්ද විරාජ් ප්ලුටොව වෙන ධනවත් පවුලකට අරන් හදාගන්න දෙනවා. විරාජ් ගෙ ඒ වගකීම් රහිත වැඩේට හිත රිද්දගන්න වර්ශා විරාජ් එක්ක තරහ වෙලා මුම්බායි වලට යනවා.

ඔච්චර පොඩි දේකට තරහවෙන්න ඕන ද කියල හිතන විරාජ් වර්ශාව හම්බෙන්න මුම්බායි වලට යනව. හැබැයි තනියෙන් නම් නෙවෙයි. ප්ලුටො එක්ක. මුම්බායිවල වර්ශගෙ අපාට්මන්ට් එක ලඟට ප්ලුටො එක්ක යන විරාජ් ව දකින වර්ශා ආපහු එයාලගෙ ආදරේ පටන් ගන්න කැමති වෙනවා.

ඒ උනාට වර්ශගෙ අම්මා මේ දෙන්නගෙ මේ සම්බන්දෙට කැමති වෙන්නෙ නෑ.

ඒකට හේතුව තමයි මේ කොල්ල දුප්පත් සහ තමන්ට ගැලපෙන්නෙ නෑ. ඒ උනාට ඒ කිසිම දෙයක් හිතන්නෙ නැති වර්ශ තමන්ගෙ අම්මලගෙ ගෙදර අතෑරල ඇවිල්ල විරාජ්ව කසාද බඳිනවා. ආදරේ කියන දේ පොඩ්ඩක්වත් විශ්වාස නොකල කෙල්ලෙක් ආදරේ වෙනුවෙන් එච්චර ලොකු පරිත්‍යාගයක් කරනවා.

අවුරුදු තුනක ලස්සන මැරේජ් ලයිෆ් එකක් දෙන්න ගත කරන අතරවාරයෙම විරාජ් එයාගෙම කියල ස්ටුඩියො එකකුත් පටන් ගන්නවා. මේ කාලෙදිම තමයි විරාජ් වර්ශට කියන්නෙ එයා තාත්තා කෙනෙක් වෙන්න ආස බව. ඒ උනාට තමන්ගෙ මව් දෙමව්පියන්ගෙ ප්‍රශ්න නිසා හිත රිද්දගෙන උන්න වර්ශා දරුවෙක් හදන්න එකපාර කැමති වෙන්නෙ නෑ. ඒත් විරාජ්ගෙ ඉල්ලීම මත ඒකට එකඟ වෙන වර්ශා ප්‍රෙග්නන්ට් වෙනව.හැමදේම හොඳට වෙයි කියල හිතුවට එහෙමම වෙන්නෙ නෑ.

ප්‍රෙග්නන්සි එකත් එක්ක හොස්පිටල් ගියාම තමයි දැනගන්නෙ වර්ශාට මේ දරු උපත මාරාන්තික වෙන්න පුලුවන් බව.

මේ අතීත කතාව මෙහෙම ගලාගෙන යද්දි ආයෙම අපි වර්තමාන කතාවට එනවා. තමන්ගෙ ඇස්වල කඳුලු පුරවගෙන කතාව කියන තාත්ත ගැන දුක හිතුන මහී විරාජ්ට කියනව තව ඒ ගැන කියන්න ඕන නැති බව. ඒත් යශ්නාගෙ බලපෑම මත විරාජ් කතාව ඉවර කරන්නෙ තමන් සහ වර්ශ දරුණු අනතුරකට මූන දුන්න බවත් ඒකෙන් වර්ශා මැරුන බවත් කියල.

මේ කතාව දැනගත්තයින් පස්සෙ යශ්නා මහීට තව ගොඩක් ආදරය වෙනවා. ඒ උනාට යශ්නගෙ දෙමව්පියන් මේ සම්බන්දෙට එච්චර කැමති වෙන්නෙ නෑ. මොකද මහී ලෙඩ දරුවෙක්. ඒ බව සහ මහීට ජීවත්වෙන්න තියෙන අවම අවස්තාව ගැන යශ්නා දැනගත්තොත් එයා තමන්ගෙ අනාගතය ගැන නොහිත මහී වෙනුවෙන් ජීවිතය කැපකරාවි කියන බය නිසාම ඒ දෙමව්පියන් විරාජ්ට කියනව යශ්නගෙ ජීවිතෙන් ඈත්වෙන්න කියල.

ඒත් දෛවය දේවල් තීරණය කරන්නෙ අපිට ඕන විදියට නෙවෙයිනෙ. විරාජ් ඒ කතාව අහල ඈත්වෙල ගියාට ප්ලූටො නිසාම මේ ගොල්ලො ආයෙ එකතුවෙනවා. මේ අතරවාරෙ යශ්නා තමන්ගෙ දෙමව්පියන්ගෙ කීමට විවාහ වෙන්න යනව දොස්තර කෙනෙක්ව.

මේ විවාහ මංග්ලයය තියෙන්නෙ ගෝවවල. විරාජ් ආපහු මහී එක්ක මුම්බායි යන්න හදනවා. ඒ යන ගමන්ගෙ හුස්ම ගන්න අපහසු වෙලා මහීව රෝහලට ඇතුලත් කරන්න වෙනවා. මහීට අසනීප බව දැනගන්න යශ්නා තමන්ගෙ විවාහය ගැන හිතන්නෙවත් නැතුව මහී වෙනුවෙන් ඉස්පිරිතාලෙට එනවා. මහී අසනීප වෙලා ඉස්පිරිතාලෙ ඉන්න බව යශ්නට ඇවීත් කියන්නෙ යශ්නගෙ තාත්තා.

කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගැහෙන්නෙ යශ්නාගෙ තාත්තගෙ මූණ තිරයේදි පෙන්නුවට පස්සෙ.

ඒ Plot twist එක දැනගන්න මේ ලස්සන චිත්‍රපටය බලන්න.

මේක ආදරේ සුන්දර කැපකිරීම් ගැන ලස්සනට කතාකරන හැඟුම්බර කතාවක්!

Related Articles

Don't Miss


Latest Articles