අලුත් අවුරුදු තේ මේසයට අලුවා වර්ග 4ක්.

අලුවා,අප කොයි කා අතරත් අතිශයින්ම ජනප්‍රිය රසවත් රස කැවිලි වර්ගයක්.නමුත් එකම නම තිබුණත් අලුවා සැදීමට ක්‍රම රැසක් තිබෙනවා.ඉන් ක්‍රම කිහිපයක් අප මේ ලිපියෙන් ඔබට ගෙන එනවා.ඉතින් ඉක්මනින්ම හදලා රස බලමු නේද ?

පැණි අලුවා

මේ දේවල් සූදානම් කරගන්න.

  • හාල් පිටි ග්‍රෑම් 750 ක්
  • කිතුල් පැණි බෝතල් බාගයක්
  • සීනි ග්‍රෑම් 100 ක්
  • කජු ග්‍රැම් 75
  • ලුණු කුඩු තේ හැඳි බාගයක්
  • කුඩුකරගත් කරඳමුන්ගු කරල් 3 ක්

සාදන ක්‍රමය

  • හාල් පිටි හොඳින් බැද ගන්න.(නොකඩවා හැඳි ගාමින් බැද ගත යුතුයි.)
  • පිටි නියම පදමට බැදුනු පසු පිටිවලින් විශේශ සුවඳක් එනවා .ස්වල්පයක් ලිපට දැමූ විට ඉක්මනින් ගිනිගන්නවා.බැදුනු පසු ලිපෙන් බා කැට ඇත්නම් පොඩිකර පිටි හලාගන්න.
  • ග්‍රෑම් 150 ක් පමණ වෙන් කර තබන්න.
  • බඳුනකට පැණි සහ සීනි එකතුකර වතුර කෝප්ප හතරෙන් එකක් දමා බුබුලු එනතුරු උතුරුවන්න.
  • මෙම පැණි බඳුනෙන් ටිකක් ගෙන ඇල් වතුර පීරිසියකට දැමූ පසු පැණි ටික විසිරී නොමැති ආකාරයට තිබේ නම් පත් පැණි ආකාරයට පැණි උනු වී තිබෙනවා.
  • ඒ වෙලාවෙදී බඳුන ලිපෙන් ඉවත් කරන්න.
  • පැණි වලින් ටිකක් වෙනත් බඳුනකට දමා තබා ගන්න.
  • ඉන්පසු එම බඳුනට කජු,කරදමුන්ගු,ලුණු එකතුකර හොදින් කලවම් කර පිටිවලින් ටිකෙන් ටික එකතු කර හොඳින් කලවම් කරන්න.
  • පිටි ඉසගත් ලෑල්ලක තුනීකර ඉක්මනින් කපාගන්න.

සීනි අලුවා

මේ දේවල් සූදානම් කරගන්න.

  • හාල් පිටි ග්‍රෑම් 500 ක්
  • සීනි ග්‍රෑම් 400ක්
  • කජු ග්‍රෑම් 50ක්
  • කුඩුකරගත් කරඳමුන්ගු කරල් 2 ක්
  • ලුණු කුඩු තේ හැඳි බාගයක්
  • ටින් කිරි මේස හැඳි 1 ක්

සාදන ක්‍රමය

  • ඉහත ආකාරයට පිටි සකසා ගන්න.
  • කොටසක් පෙර පරිදිම වෙන් කරන්න.
  • කජු කුඩා කොටස් ලෙස කපාගන්න.
  • බඳුනක් ලිප තබා සීනි දමා වතුර කෝප්ප එකහමාරක් පමණ දමන්න.
  • වතුර සීනි මට්ටමේ තිබිය යුතුයි.
  • සීනි හොඳින් උනුකරගන්න.
  • බුබුලු එනවිටම ටින්කිරි එකතු කරන්න.
  • ලිපෙන් බා කජු එකතු කරන්න.
  • කරඳමුන්ගු සහ ලුනු එකතු කරන්න.
  • තරමක් නිවෙන්නට හැර පිටි ටිකෙන් ටික එකතු කරන්න.
  • යාන්තමට දියාරුවට ආ පසු පිටි ඉසගත් ලෑල්ලක් මත අතුරා ඉක්මනින් කපාගන්න.

මීගමු අලුවා

මේ දේවල් සූදානම් කරගන්න.

  • හාල් පිටි ග්‍රෑම් 750
  • පොල් පැණි බෝතල් 1
  • කජු මද ග්‍රෑම් 25
  • ලුනු කුඩු ටිකක්

සාදන ක්‍රමය

  • හාල් පිටි ලා දුඹුරු වනතෙක් බදින්න.
  • පොල් පැණි බඳුනකට දමා හොඳින් උණු කරන්න.
  • පත් පැණි වන තෙක් උණු කරන්න.
  • පත් පැණි බැලීම සඳහා වතුර ටිකකට පැණි
  • බින්දුවක් දෙකක් වක් කරන්න. එවිට පැණි විසිරෙන්නේ නැතිව තිබේ නම් පත් පැණි ආකාරයට උණු වී ඇත.
  • මෙම අවස්ථාවේ ලිප නිවා බැදගත් හාල් පිටි වලින් ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් දමන්න.එයට ලියා ගත් කජු මද එකතු කරන්න.
  • හොඳින් හැඳි ගාමින් මිශ්‍ර කර කෑලි කැපිය හැකි පදමට එන විට පිටි ටිකක් ඉස ගත් ලෑල්ලක මිශ්‍රණය දමා තුනීකර අලුවා හැඩයට කපන්න.

තල අලුවා

මේ දේවල් සූදානම් කරගන්න.

  • හාල් පිටි ග්‍රෑම් 500 ක්
  • සීනි ග්‍රෑම් 400ක්
  • තල ග්‍රෑම් 100ක්
  • කුඩුකරගත් කරඳමුන්ගු කරල් 2 ක්
  • ලුණු කුඩු තේ හැඳි බාගයක්

සාදන ක්‍රමය

  • ඉහත ආකාරයට පිටි සකසා ගන්න.
  • කොටසක් පෙර පරිදිම වෙන් කරන්න.
  • තල ටික තරමක් බැද ගන්න.
  • බඳුනක් ලිප තබා සීනි දමා වතුර කෝප්ප එකහමාරක් පමණ දමන්න.
  • වතුර සීනි මට්ටමේ තිබිය යුතුයි.
  • සීනි හොඳින් උනුකරගන්න.
  • ලිපෙන් බා තල එකතු කරන්න.
  • කරඳමුන්ගු සහ ලුනු එකතු කරන්න.
  • තරමක් නිවෙන්නට හැර පිටි ටිකෙන් ටික එකතු කරන්න.
  • යාන්තමට දියාරුවට ආ පසු පිටි ඉසගත් ලෑල්ලක් මත අතුරා ඉක්මනින් කපාගන්න.

දැන් ඔන්න අලුවා සූදානම්.උණු උණුවේ තේ සාදා අලුවා දීසියකට දමා තේ මේසයට යවන්න .
සිනහා ඉතිරෙන ලස්සන සැන්දෑවක අසිරිය විඳ ගන්නට ඔබට හැකි වේවි.

Related Articles

Don't Miss


Latest Articles