කාන්තා ඔබට ගැලපෙන වාහනයක තිබිය යුතු අමතර උපාංග ගැන දැනුවත්වෙමු

කාන්තා ඔබ යම් නිෂ්පාදනයක් මිලදී ගැනීමේදී එම නිෂ්පාදනය ඔබට ගැලපෙන ,කාන්තා ඔබේ සුවිශේෂී අනන්‍යතා හදුනා ගනිමින් නිපදවා ඇති නිෂ්පාදනයක් දැයි පිළීබදව විමසිලිමත් වන බව අප දන්නවා. රැකියාවේ නියුතු බොහෝ තරුණියන්ගේ ඊලග සිහිනය මුදල් ටිකක් එකතු කරන් තමන්ටම කියල අලුතෙන් වාහනයක් මිලදී ගැනීමයි.එහිදීත් කාන්තා ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන ගුණාංග සහිතව නිෂ්පාදනය කර ඇති වාහනයක් කෙරෙහි අවධානය යොමු කිරීම ඔබට වඩාත් වාසිදායක වේවී.

නමුත් අදටත් බොහෝ කාන්තාවන් අවධානය යොමු කරන්නේ වාහනයේ බාහිර අලන්කාරය හා වර්ණය ගැන පමණයි.නමුත් smart තරුණියක් ලෙස ඔබ වාහනයක් මිලදී ගැනීමේදී වාහනයේ  බාහිර පෙනුම, වාහනයේ මුලික අංග පමණක් නොව මිලදී ගන්න සිතන වාහනයේ අමතර උපාංග පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්. විශේෂයෙන්ම කාන්තා ඔබ වාහනයක් මිලදී ගැනීමේදී එහි වර්ගය, විලාසිතාව, වර්ණය, නඩත්තුකිරීමේ පහසුව සහ ආරක්ෂාවට පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත්. ඔබ නිතර ගමන් බිමන් යන්නේ තනිව නම් හදිසි අවස්ථාවකට පහසුවෙන් මුහුණ දීමට හැකියාව ලැබෙන ආරක්ෂිත අමතර උපාංග වාහනයට සවිකර ගැනිම ණුවනැති තීරණයක් වේවී.

ඒ නිසාමයි අපි හිතුවෙ කාන්තා ඔබ වාහනයක් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු අමතර උපාංග පිළිබදව ඔබ දැනුවත් කරන්න. ඉතින් ඔබත් ලගදී වාහනයක් මිලදී ගන්න සැලසුම් කරනව නම් පහත ඇති අමතර උපාංග මිලදී ගන්න සැලසුම් කරන වාහනයේ තිබෙනවාදැයි පිළිබඳව අවධානය යොමුකිරීම වඩාත් උචිත වේවී.

Reverse Sensor

parking_sensors_2

රිවර්ස් සෙන්සර් එනම් පසුපසට පැදවීමේදී රියේ පසුභාගය පෙන්වන කැමරාව සහිත දැනුම් දීමේ පද්ධතිය සුළු ඉඩක තනිවම රිවර්ස් කිරීමේදී ඉතාමත්ම ප්‍රයෝජනවත්. බොහෝ නවතම වාහනවල මෙය inbuilt උපාංගයක් ලෙස පැමණේ. එසේ නොමැති නම් මෙම පද්ධතියක් සවිකරවාගත හැකියි.

ඉඩකඩ ඇති ඇසුරුම් කලාපයක් (storage space)

honda-accord-boot-space

ඔබට නිවසට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනයෑමේදී වගේම විනෝද චාරිකාවක් යෑමේදීද මෙය ඉතාමත් ප්‍රයෝජනවත්. Hatchback කාර්වල මෙම පහසුකම වැඩියෙන්ම තිබනවා. Automatic trunk එහෙම නැතිනම් ස්වයංක්‍රීයව පිටුපස දොරටුව විවර කිරීමේ පහසුකම තිබීමත් අතින් කටින් බඩු එල්ලාගෙන පැමිණෙනවිටකදී වඩාත් ප්‍රයෝජනවත්.

හොඳ GPS system එකක්

තනිවම ගමනක් යනවිට වගේම පාරක් අහගන්න කෙනෙක් නැති වෙලාවකදිත් GPS system ඉතාමත් ප්‍රයෝජනවත්. මේ සඳහා පුළුල් තිරයක් ලැබෙන නිසා දුරකතනයේ GPS එක පාවිච්චිකිරීම අවශ්‍යවන්නේ නැහැ.

Bluetooth connectivity

බොහෝ කාන්තාවන් දැන් iPod and smartphone භාවිතාකරනවා. වාහනයේ Bluetooth පහසුකම තිබෙනවානම් මෙම දුරකතන හරහා ඇමතුම් ලබාගත හැකියි. කාරයේ හෝ දුරකතනයේ voice commands නැතිනම් හඬ මඟින් පාලනය කිරීමද මේ හරහාකරන්න පුළුවන්.

ආරක්ෂක උපාංග

මධ්‍යම අගුලුලෑම (center locking), airbags වැනි ආරක්ෂිත උපාංග තිබීම වැදගත්. ඒ වගේම ඔබට කුඩා දරුවන් සිටිනවා නම් baby locking වැනි උපාංග තිබීම වගේම baby seat එක ආරක්ෂිතව තැබියහැකිවීමත් වැදගත්.

හොඳ warranty එකක්

හොඳ වගකීමේ සහතිකයක් කියන්නෙ පොතේ හැටියටම අමතර උපාංගයක් නොවුණත් වාහනයේ යහපත් පැවැත්මට ඉතාමත් වැදගත්. හිතේ කරදරයක් නැතිව සැහැල්ලුවෙන් සහ විශ්වාසයෙන්යුතුව වාහනය පදවන්න එවිට ඔබට පුළුවන්.

ධාරක (holders) සහ කණ්ණාඩි

මෙවා ප්‍රධානතම අමතර උපාංග නොවුණත් ප්‍රායෝගිකව අවශ්‍යවන උපංගයි. කෝප්ප සහ බෝතල් තබන තැන් (Cup/ bottle holders) සහ වාහන බලපත්‍ර ආදී ලියකියවිලි තැබීමට cubby hole එකක් තිබීම වැදගත්. ඒවගේම හදිසියකට මුණ බලාගන්න sunshade එකේ කණ්ණාඩියක් තිබීමත් ප්‍රයෝජනවත්.

මෙම අමතර උපාංග තිබීම ඔබට අමතර සවියක්.  ඒ නිසා වාහනයක් ගන්න කලියෙන් ඔබේ අවශ්‍යතාවන්ට ගැලපෙන අමතර උපාංග තිබෙනවාදැයි පරීක්ෂාකර බලන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles