අංක විද්‍යාවෙන් හෙළිකරන ඔබේ චරිත ලක්ෂණ නිවැරදි ද?

අංක විද්‍යාව කියන්නේ ගණිතමය සංකල්ප පදනම් කර ගත් පැරණි විද්‍යාවක්. අතීතයේ සිට පැවත එන මෙවැනි විද්‍යා පිළිබද විශ්වාසයක් වගේම පිළිගැනීමකුත් වර්තමානයේ පවා සමාජය තුල පවතිනවා. ඕනෑම දෙයක යහපතක් තිබිය හැකියි. ජීවිතේට බාධාවක් නොවන ලෙස අගතිගාමී නොවී විශ්වාස කරන ඕනෑම දෙයකින් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් නිසා අංක විද්‍යාවත් අපේ යහපතට යොදා ගන්න හැකි විද්‍යාවක්. අංක විද්‍යාවට නූතන ගණිතයේ පියා වූ පයිතගරස්ගෙන් ලැබුණු දායකත්වය නිසා මෙය බටහිර විද්‍යාවක් ලෙස හැඳින්වෙනවා.අංක විද්‍යාව බැබිලෝනියන් ශිෂ්ටාචාරය දක්වා දිවෙන්නක්.

හිබෲ ක්‍රමය
චාල්ඩියන් ක්‍රමය
වෙයිරෝ ක්‍රමය ලෙස අංක විද්‍යාත්මක ක්‍රම පවතිනවා.

අංක විද්‍යාවට අනුව සෞරග්‍රහ මණ්ඩලයට ලැබෙන අංක

1 – හිරු
2 – සඳු
3 – බ්‍රහස්පති
4 – රාහු / යුරේනස්
5 – බුධ
6 – සිකුරු
7 – කේතු / නෙප්චූන්,
8 – සෙනසුරු
9 – කුජ

ඔබට හිමි අංකය ලබා ගන්න ඔබේ උපන් දිනය(වර්ෂය,මාසය සහ දිනය) එකට එකතු කරන්න ඕනෑ.එය අවසාන එක් ඉලක්කමකට එනතුරු එකට එකතු කරන්න
ඉන්පසු ඔබේ අංකය ඔබට ලැබෙනවා.

මේ එක් එක් අංකය අනුව ඔබේ චරිත ලක්ෂණ මේ ආකාරයෙන් විස්තර වෙනවා.

අංක 1

ඉතා නිර්මාණශීලියි.ස්වාධීනයි.නායකත්වය ගනී.මුරණ්ඩු ස්වභාවයක් ගන්නවා.

අංක 2

කලාවට ප්‍රිය කරනවා. එහෙත් පාලනය වීමට කැමැත්තක් ඇති අය වෙනවා.

අංක 3

ශක්තිමත්, දියුණු වීමට කැමතියි.ආඩම්බර ගති ලක්ෂණ ඇති අය වෙනවා.

අංක 4

දරා ගැනීමේ ශක්තිය ඇති අයයි.ප්‍රායෝගික බුද්ධියක් ඇත.

අංක 5

හැඟීම්බර සහ ඉක්මන් තීරණ ගන්නා අය වෙනවා.සැපපහසු ජීවිතයක් ප්‍රිය කරනවා.

අංක 6

විශ්වාසනීය ආදරණීය පුද්ගලයන්ට හිමි අංකයයි

අංක 7

දාර්ශනික සහ දැඩි බවක් ඇති පුද්ගලයන් වෙනවා

අංක 8

ප්‍රබල ආත්ම ශක්තියක් ඇති අයයි. අධිෂ්ඨානය ඉතා ඉහළයි.

අංක 9

පරාජය පිළි නොගෙන සටන් කරමින් ජයග්‍රහණය වෙත යන්නන් වෙනවා.

පයිතගරස් චක්‍රයට අනුව නමෙන් හෙළි වන ඔබේ ලක්ෂණ.

පහත රූපයේ දැක්වෙන්නේ එක් එක් අංකයට හිමි පයිතගරස් අංකයි. ඔබේ සම්පූර්ණ නම ලියාගෙන ඒ ඒ අකුරට හිමි අංකය පහතින් ලියන්න.ඉන්පසු අංක සියල්ල අවසාන තනි අංකයක් වන තුරුම එකතු කරන්න.

ඒවාට අනුව ඔබේ චරිත ලක්ෂණ පහත පරිදි වෙනවා.

1 – වාසනාවන්තයි.ධෛර්යවන්තයි, ස්වාධීනයි.අවංකයි හුදකලාව ප්‍රිය කරනවා කථාවට මෙන්ම ක්‍රියාවටද දක්ෂයි,

2 – මිත්‍රත්වයට ප්‍රිය සුන්දර පුද්ගලයන් වෙනවා, නිදහස අගය කරනවා,සංවේදි සහ කරුණාවන්ත පුද්ගලයන් වෙනවා.

3 -කෙළිලොල්, ක්‍රියාශීලී, ප්‍රීතිමත් පුද්ගලයන් වෙනවා. පරිත්‍යාගශීලි සහ දර්ශනවාදීන් නිසා පාලකයන් වීමට සුදුසුයි

4 ඉවසිලිවන්ත, විශ්වාසවන්ත නම්‍යශීලී අයයි, සංවේදීබව, අවංක බව සත්‍යවාදී බව යහපත් ගුණාංග වුවත් හිතුවක්කාරකම ද අධිකයි.

5- උගත් ,ධෛර්යවන්ත අය වෙනවා .අවස්ථාවාදී ගති තිබුණත් කඩිසරයි

6 සාමකාමී සහජීවනයෙන් යුතු අයයි.විශ්වාසවන්ත නිසා ජීවිතය සමබර වෙනවා. පරාර්ථකාමී ගුණය නිසා දුර දිග නොබලා තීරණ ගන්නවා.මතක ශක්තියෙන් ඉහළ,උත්සාහවන්ත ,අධි සංවේදී ගුණයෙන් යුක්තයි.

7 – තැන්පත්,චරිතවත්, විශ්වාසවන්ත උගත් පුද්ගලයන් වෙනවා. සංවේදී ගුණය ඇති නිහඬ අයයි.

8 – සමාජ සේවයට යොමු වන ජීවිතයේ කරදර කම්කටොළු බහුල කරුණාවන්ත පුද්ගලයන් වෙනවා. විනය ගරුකයි.

9 – නිදහස් අදහස් සහිත කලහකාරී අයයි.ව්‍යාපාර වලට දක්ෂ ක්‍රියාශීලී අයට මේ අංකය හිමි වෙනවා. දුරදිග නොබලා තීරණේ ගැනීම සහ ඊර්ෂ්‍යාව සහිත වීම නිසා තමන්ගේ ආත්ම සංයමය මේ අංකය හිමි අයට ඉතාම වැදගත්.

අංක විද්‍යාව මෙවැනි කුතුහලය සහ පුදුමයන් සහිත අනාවැකි ඔබට ඉදිරිපත් කරන විද්‍යාවක්.එහි සත්‍යතාවය ද නැතිවා නොවේ. ඔබ මෙයට ප්‍රිය කරනවා නම් මේ අංක විද්‍යාත්මක දේවල් ඔබ සම්බන්ධයෙන් ගණනය කර බලා ඔබ සම්බන්ධව මෙහි සත්‍යතාවය ඔබට ම දැන ගන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles