ඩෙසර්ට් එකක් ඉක්මනින් වගේම පහසුවෙන් හදා ගන්න තියෙනවා නම් හොඳයි නේද? ඒ වගේම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදන්න පුලුවන් නම් පර්ස් එකටත් වාසියක්.ඒ නිසා අපි අද කියන්නේ ඒ විදියට හදා ගන්න පුලුවන් ඩෙසර්ට් වර්ග කිහිපයක් ගැන.
නෙක්ටෝ පුඩිම
අවශ්‍ය දේවල්
- නෙක්ටෝ බෝතල් 1
- සීනි තේ හැදි 2
- ජෙලටින් තේ හැදි 4
- ටින්කිරි ටින් බාගයයි
සාදන ආකාරය
- නෙක්ටෝ වලින් 1/4 ගෙන ජෙලටින් ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගන්න.
- දියවූ පසු ලිපෙන් බාගන්න.
- ඉතුරු නෙක්ටෝ ටික කලවම් කරගන්න.
- නැවත ලිප තබා සීනි සහ ටින් කිරි එක් කර හොඳින් ක්‍රීම් කර ගන්න.
- ලිපෙන් බාගෙන දීසියක දමා සෙට් වෙන්නට හරින්න.
රුලං ටොෆි
අවශ්‍ය ද්‍රව්‍ය
- රුලං 500g
- ඇස්ට්‍රා 100g
- ටින්කිරි ටින් බාගයක්
- සීනි 250g
සාදන ආකාරය
- රුලං රන්වන් පාට නොවන සේ යන්තම් බැද ගන්න.
- බටර්, සීනි, ටින් කිරි එකට කලවම් කර බැදගත් රුලං කලවම් කර ගන්න.
- ඉන්පසු බටර් ගාගත් තැටියක දමා කෑලි කපා ගන්න.
ගී කේක් (බොම්බේ ස්වීට්)
අවශ්‍ය ද්‍රව්‍ය
- එලඟි තෙල් 1/4 හෝ ඊට වැඩියෙන්
- බේකිං පවුඩර් තේ හැදි 2
- පිටි 500g
- සීනි 500g
සාදන ක්‍රමය
- පිටි හා බේකින් පවුඩර් එකට හලා ගන්න
- එයටම එළඟිතෙල් සහ සීනි හොඳින් කලවම් කරන්න.
- සිනිඳු මිශ්‍රණයක් සාදා ගන්න.
- කුඩා බෝල සාදා මැද කුඩා වලක් සදන්න.
- මිදි හෝ රට ඉඳි කැබැල්ලක් බිත්තර සුදු මදවල ගිල්වා තවරා අලවා ගන්න
- 150 උෂ්ණත්වයට විනාඩි හතලිස් පහක් බේක් කර ගන්න.
(මෙයට බටර් ගන්නවා නම් 150g පමණ ප්‍රමාණයක් ඩබල් බොයිල් කර ගන්න.)