විනාඩි 5න් office යන්න ලෑස්තිවෙමු

උදේට ඇහැරෙන්නෙම හරිම අමාරුවෙන්, උයන පිහන වැඩත් ඉවරවෙලා තව මොනව ලෑස්ති වෙන්නද කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒවුණත් විනාඩියක් අරගෙන තියෙන මූණ තව චුට්ටක් ලස්සන කරගෙන ගියොත් දවසේ එන ප්‍රශ්න මැද්දෙත් බයනැතිව ඔලුවකෙලින් තියාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම වැඩමුළුවකට වගේ අවස්ථාවකට සහභාගීවෙනවා නම් හොඳටඇඳල යන එක හොඳයි. හැබැයි තොරණක්වගේ නෙමෙයි. බලන්න මේ විදිහට පොඩි office makeup කරන එක කොයිතරම් පහසුද කියල.

අනිවාර්යයෙන්ම උදේට මූණෙ මොනවගාන්නත් කලින් face wash එකක් යොදා ඇල්මැරුණු වතුරෙන් මුහුණසෝදා පිරිසිදු තුවායකින් තෙත මාත්තුකරන්න. උණුවතුරෙන් මුහුණ සේදීම සුදුසු නැහැ. ඉන්පසුව Moisturizer එකක් ආලේපකරන්න. හැකිනම් ඊටපසු sunscreen ආලේපකිරීම වඩාත් සුදුදුයි. මෙම ක්‍රමය හැමදාම පුරුද්දක් විදිහටකරන්න. එය ඔබේ තරුණ පෙනුම රැකගන්න ලොකු උදව්වකවේවි.

Foundation භාවිතාකරීම කොහත්ම අවශ්‍ය නොවේ. ඔබට අවශ්‍යනම් BB cream ආලේප කිරීමට brushes සහ  sponges අනවශ්‍යයි. ඇඟිලිතුඩුවලින් ඉක්මනින් ආලේපකල හැකයි. නැතිනම් ඇස්යටට, අලුතෙන් ආපු කුරුළෑ මත සහ කැළැල් හෝ අවපැහැවී ඇති සම සඳහා එකක් ආලේපකිරීම ප්‍රමාණවත්.

කාජල් හෝ අයිලයිනර් මඟින් ඇස්වල යටි පිල්ලම් අඳින්න. වැඩිය තදින් කළු පැහැ තද රේඛා ඇඳීමෙන් දාඩිය සමඟ එකතු වූවිට වැක්කෙරුණු අවලස්සන පෙනුමක් ලබාදිය හැකිනිසා සාමාන්‍ය ලෙස ඇස් යට රේඛාව පෙනෙන සේ අඳින්න. Eye brows ඝනකම අඩු අයෙක් නම් Eye brow පැන්සලක් භාවියෙන් එය සකසාගන්න. Mascara ස්වල්පයක් ද ආලේපකරන්න අමතක කරන්න එපා.

Matt තොල් ආලේපනයක් හෝ ලා පැහැ lip balm එකක් භාවිතාකර දෙතොල්වලට ලස්සන පැහැයක් ලබාදෙන්න. වෙලාව තිබෙනවානම් ඔබට ලා දුඹුරු පාට eyeshadow එකක් හෝ  කම්මුල් ලස්සන කරන්න blusher ස්වල්පයක් එක්කරගතහැකියි.

Smudge වීම හැකිතරම් අවමකකරගන්න. ඔබට හැකි නම් පැය කිහිපයකට වරක් නැවත තොල් ආලේපනය, BB cream ආලේපකරන්න. මතක ඇතිව ගෙදර ආපුගමන් මේකප් සියල්ල ඉවත්කර මුහුණ පිරිසිදුකරන්න.

මේ වගේ පුංචි මේකප් එකකට විනාඩි 5 ක්වත් වැයවන්නේ නැති නමුත් දවස පුරා ඔබව ලස්සනට සහ විශ්වාසයෙන් රාජකාරියේ යෙදෙන්න පුළුවන්.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles