කියවන්න පොතක් – මැජික් පාට පෙට්ටිය

තනුජා අයගම මහත්මිය ශ්‍රී ලංකාවේ ළමා සාහිත්‍ය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන සාහිත්‍යවේදිනියක්.1997 වසරේදී ”චූටි කවිතරු” කෘතිය ප්‍රකාශයට පත්කරමින් කතුවරියක වූ ඇය පළමුවරට වරට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමිකර ගත්තේ 2012 දී. බොහෝ වසරවල රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ළමා සාහිත්‍ය වෙනුවෙන් සම්මානය හිමි වන්නේ ඇගේ නමට.පියාගේ කවීත්වය නිසා උපන් සාහිත්‍යමය සිතුවිලි නිසා සාහිත්‍යයට පිවිසීම පහසු වූ බව පවසන තනුජා මහත්මිය ළමා කෘති විශාල ප්‍රමාණයක් රචනා කර තිබෙනවා.

අහස් ගමට ගිය පුංචි සිත්තරා,මුහුද සහ දෝණි, ඉර එළිය, මගේ ගුරුතුමා, කවුද හැඩ, පුංචි බිංදු, හරි පුදුමයි! හරි පුදුමයි! වැනි කෘතින් ඇය නිර්මාණය කළ ළමා කෘතින් අතරින් කිහිපයක්.

තනුජා අයගම මහත්මිය තවත් අපූරු ළමා කෘතියක් “මැජික් පාට පෙට්ටිය” නමින් නිකුත් කරන්නේ පසුගිය වර්ෂය අගදී.

දරුවන්ව අලවා තබා ගන්නට සමත් රසය ඇගේ හැම පොතකම මෙන් මෙහි ද අඩු නැතුව තිබෙනවා.

දන්න මැජික් එකක් නැතේ
පාට කූරු වැඩක් නැතේ”

මේ වගේ දරුවන් ඉතා කැමැත්තෙන් රස විඳින රසවත් කෙටි වාක්‍ය සහිත මැජික් පාට පෙට්ටියේ කතාවත් හරිම අපූරුයි.සහන්ගේ තාත්තා සහන්ට අරුම පුදුම තෑග්ගක් වුණු ඒ මැජික් පාට පෙට්ටියක්. පාට පෙට්ටිය මැජික් වැඩ කරන්නේ සහන් නොසිතන වේලාවල් වලදී. මේ නිසා සහන්ගේ ජීවිතය තුළ සිදුවෙන වෙනස්කම් සියුම් ලෙස දරුවන්ට ගෝචර වෙන ලෙස ලියා තබන්නට කතුවරිය සමත් වෙනවා.

දරුවන්ගේ නෙත් පැහැර ගන්නට සමත් වෙන චිත්‍ර මේ කෘතිය වෙනුවෙන් අඳින්නේ යොවුන් චිත්‍ර ශිල්පිනියක වන විරංගා ශනාලි විසින්. තමන්ටම ආවේණික සිතුවම් සමඟ සමාජ ජාලාවල විංගි ජයලත් ලෙස ප්‍රසිද්ධියට පත් විරංගා ද ළමා චිත්‍ර ශිල්පිනියකගේ ආරම්භය වඩා සාර්ථකව මේ කෘතිය තුළින් ලබා ගන්නවා.තනුජා අයගම මහත්මිය වැනි ප්‍රවීණ ලේඛිකාවක සමඟ එක් වී කටයුතු කරන්නට ලැබීම විංගිගේ ගමනට ලැබුණු ආලෝකයක් බවත් නොකියාම බැහැ.

ඔබේ දරුවන් වෙනුවෙන් හැදෑරීම් සහිතව ළමා සාහිත්‍යකරණයේ යෙදෙන,ශ්‍රී ලාංකීය ළමා සහ යොවුන් සාහිත්‍ය වෙනුවෙන් බොහෝ කැප වී කටයුතු කරන තනුජා අයගම වැනි සාහිත්‍යවේදිනියකගේ ළමා කෘතීන් ඔබේ දරුවන්ට ලබා දෙන්න හැම ස්මාර්ට් අම්මා කෙනෙකුම උනන්දු වෙනවා නම් එය අපට සතුටක්.
දරුවන්ට නිතරම “හොඳ පොත්” ලබා දී සාහිත්‍ය රසයෙන් පෝෂණය කිරීම ඔබේ වගකීමක්.

මැජික් පාට පෙට්ටිය ග්‍රැෆිකෙයා ප්‍රකාශනයක්.

Related Articles

Don't Miss


Latest Articles