නොගැළපෙන ප්‍රේම සබඳතාවයක් කලින්ම හඳුනා ගත හැකි ඉඟි 8 ක්.

පෙම්වතාගේ යම් යම් අඩුපාඩු දකින ඔබ නිහඬව සිටියත් ,යම් දවසක ඒ දේවල් විශාල ගැටලු දක්වා යන්නට පුලුවන්. එහෙම සබඳතාවක් ,නැත්තම් toxic relationship එකක් හඳුනගන්නෙ කොහොමද කියලා තමයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ

කොන්දේසි විරහිත සහ ගැටලු අවම ආදර සම්බන්ධයකට ඕනෑම තරුණියක් කැමතියි.ඔබේ පෙම්වතාගේ සමහර හැසිරීම් සහ ඔබ වැඩිය නොසලකා හරින අඩුපාඩු යම් දිනයක ඔබටම හානිකර වෙන්න පුලුවන් .එහෙම හැසිරීම් මොනවද කියලා දැන් අපි බලමු

පාලනය කල නොහැකි කෝපය

ඔබේ පෙම්වතාට ඉතා කුඩා දේටත් තරහ යනවා නම්, එය ඔහුටම පාලනය කරගත නොහැකි තත්වයක ඇත්නම් ඔබ ඒ ගැන සැලකිලිමත් වන්න ඕන.ඒ කෝපයට ඔබ නොහිතන දුරක් යා හැකියි වගේම ඔහු ඒ ගැන කිසිවිටකත් ඔබෙන් සමාව ගන්නේ හෝ පසුතැවිලි වන්නේත් නැත්නම් ඒ ගැන ඔබ සිතිය යුතු වෙනවා.

ගෞරව නොකිරීම

ඔබේ පෙම්වතා ඔබට නිසි ගෞරවයක් ලබා නොදෙනවා නම් , ඔබව කිසිව විටකත් අගය නොකරනවා නම් , අවස්ථාවක් ලැබෙන හැම වෙලාවෙම ඔබව පහත් කොට සලකනවා නම් ඒක ඔබ හිතන්නම ඕන කාරණාවක්. ඔබගේ සියලු කතා සහ අදහස් මෝඩ හා මෝඩ ලෙස සලකා බලමින් ,ඔබට තනිව කිසිවක් කිරීමට ශක්තියක් නැති බව පැවසීම වගේම මිතුරන් ඉදිරියේ ඔබව හෑල්ලුවට ලක් කරනවා නම් ඔබට කවදාවත් ඔහුගෙන් ඔබ බලාපොරොත්තු වෙන ගෞරවය නම් ලබාගන්න වෙන්නෙ නෑ

ඔබව පාලනය කිරීම

ඔබ අඳින පලඳින දේ , ඔබ ඇසුරු කල යුතු මිතුරන් ගැන ඔහු වාරණ පනවනවා නම් ,ඔබේ ඇමතුම් ප්‍රමාද වීම ගැන ඔහු නිතර ප්‍රශ්න කරනවා නම් ,ඔබේ දුරකථනයට ඔහු පුරුද්දක් ලෙස එබෙනවා නම් එය එතරම් හොඳ දෙයක් නෙමෙයි.ඔහු සෑම විටම ඔබට ප්‍රශ්න වලින් බරක් වෙනවා වගේම ඔහු සෑම දෙයක්ම දන්නා බවට ඔබට පෙන්වන්න උත්සහ කරනවා. ඔබේ සහකරු සමඟ දේවල් බෙදා ගැනීම සතුටක් උනත් මෙහිදි ඔහු එය කිරීමට ඔබට බල කරනවා. එය අවසන් වන්නේ ඔබට සැමවිටම ඔහුට බය වෙමින් ජීවත් වන්නට වීමයි.එම නිසා එවන් තත්වයක් යටතේ ජිවිත කාලයම ගෙවනවාද යන්න ඔබ තීරණය කලයුතු වෙනවා

වංචා කිරීම

ඔහු යම් යම් දේවල් සඟවා ඔබට හසු වී ඇත්නම් එය හොඳ දෙයක් නෙමෙයි.ඒ වගේම එය සාධාරණීකරනය කරන්නට ඔහුට එක පිට එක නිදහසට කරුණුත් කියනවා නම් ,ඔහුගේ වරද සඟවා ගන්නට බොරු කෝපයක් පෙන්වමින් ඔබව බය කරන්නට උත්සහ කරනවා නම් ඒ ගැන ඔබ හිතන්නට ඕන. වංචා කරන පුද්ගලයා විෂ සහිත වන අතර ඔහු වරක් දෙවරක් ඔබව රවටා ඇත්නම් එය ආයෙ නොකරාවි යයි ඔබට විශ්වාස කල නොහැකි නිසා ඒ ගැනත් ඔබට දෙපාරක් හිතන්න වෙනවා

ඊර්ෂ්‍යාකාරී බව

ඔබ යම් වැරැද්දක් නොකරම, ඔහු ඔබට දොස් පවරන්නට පෙළඹෙනවා නම් ඒ ගැන නොහිතා ඉන්නට එපා. මූල්‍යමය අතින් ,සුදුසුකම් අතින් ,පෙනුමෙන් ඔබ ඔහුට වඩා සුලු ප්‍රමාණයක් හෝ ඉදිරියෙන් ඉන්නවා නම් ඔබ ගැන යම් ඊර්ෂ්‍යාවක් ඔහුට තිබිය හැකිය. ඔබ ඔහුව අත්හරිනු ඇතැයි සිතමින් ඔබව බ්ලැක්මේල් කිරීමටද පෙළඹෙනු ඇත. එය දිනක හානිකර තත්වයක් දක්වා වර්ධනය විය හැකි නිසා එවැනි තත්වයක් නොසලකා හරින්නට එපා

අසත්‍යභාවය

මෙම පුද්ගලයා ඔබට ඇත්තක් ඒත්තු ගැන්වූවත් ඔබට කිසි විටෙකත් විශ්වාස කරන්න පුලුවන් වෙන්නෙ නෑ.ඔහු කියන්නේ ඇත්ත නෙමෙයි කියලා ඔබටම තේරුම් යනවා. ඔහු පුලුවන් හැම වෙලාවෙම බොරු කීමට ඉඩ ඇති අතරම ඔහු ඔහුගේ දුරකථනය පවා ඔබෙන් සැඟවීමට උත්සහ ගන්නවා.ඒ නිසා ඔහු කිසි විටෙකත් වෙනස් වන බවනම් ඔබට විශ්වාස කරන්නට බෑ.ආදර සබඳතාවක් පවතින්නේ විශ්වාසය සහ අවංක භාවය මත නිසා මේ ගැන ඔබට හිතන්නම වෙනවා

ඔබ මතම යැපීම

ඔහුගේ සියලු මූල්‍යයම අවශ්‍යතා ඔබ මත රඳා පවතිනවා නම් ඒ ගැන ඔබ නොසලකා හරින්නට එපා.ඔහුට මූල්‍යමය ගැටලු ඉඳහිට ඇතිවෙන්නට පුලුවන් වගේම එවිට ඔහුට සහය වීම ඔබේ යුතුකමක්. මේ කියන්නේ ඔබ දෙදෙනාගේ හමුවීම් වලදී වගේම ඔහුගේ වෙනත් වියදම් වලටත් ඔබෙන්ම මුදල් බලාපොරොත්තු වීම ගැනයි.ඒ විතරක් නෙමෙයි ඔහු කිසි විටකත් ඔබ ඔහුට වියදම් කිරීම ගැන සෑහිමකටත් පත් නොවෙනවා නම් ,ඔහු ඔබෙන් හොඳම දේත් බලාපොරොත්තු වෙනවා නම් එය එතරම් හොඳ දෙයක් නෙමෙයි.

ඉවසීම ඔබටම බාර කිරීම

මෙය වඩාත් නරක දෙයක්.යම් ගැටලුවකදි ඉවසීමේ කාර්‍යභාරය ඔහු ඔබටම බාර කරනවා නම් ඒ ගැන ඔබ හිතන්නම ඕනේ.ඔහුත් යම් අවස්ථා වලදි ඉවසිය යුතුයි වගේම ඔබ දෙදෙනා විවාහයක් දක්වා යෑමෙන් පසු ඔහුගේ ඉවසීම වැදගත්. ඉවසීම ඔබටම බාර කරමින් ඔහු ආත්මාර්තකාමි ලෙස ගැටුම් දුර දිග ගෙනියනවා නම් ඒ ගැන ඔබ වඩාත් උනන්දු වෙන්න

මේ දේවල් ගැන ඔබ සැලකිලිමත් වෙනවා නම් ඔබේ සබඳතාවය අනාගතයේ ගැටලු සහිත එකක් විය හැකිද කියලා ඔබටම හිතාගන්න පුලුවන් .ආදර සබඳතාවයකදි මානසික නිදහස වඩාත් වැදගත් නිසා මෙවැනි ලක්ශණ ඔබේ පෙම්වතාගෙන් දකින්නට තියෙනවා නම් ඒ ගැන ඔබ සැලකිලිමත් වෙන එක නුවණට හුරුයි කියලා අපි ඔබට යෝජනා කරනවා

Related Articles

Don't Miss


Latest Articles