ආදරය ඇත්තේ විඳීමට මිස විඳවන්නට නොවේ යන්න නැවතත් මතක් කරන Raja Rani චිත්‍රපටය.

” There is love after love failure ” යන තේමාව යටතේ ලියවී ඇති මෙම චිත්‍රපටය නරඹා අවසානයේ නිසැකවම ඔබේ දෑස් කඳුලින් තෙත් කරනු නොඅනුමානයි.

Raja Rani නම් මෙම චිත්‍රපටය පුරාම ගලා යන්නේ ආදරය ,විරහව , පරිත්‍යාගය , කඳුලු අතර දෝලනය වන කතාවක්.අර්‍යා සහ නයන්තාරා ප්‍රධාන චරිත වලට පණ දෙන මෙම සිනමා නිර්මාණය නිකුත් වී අවුරුදු ගණනාවක් ඉකුත් උනත්,මෙය අදටත් බොහෝ දෙනා ආදරය කරන නිර්මාණයක් වී හමාරය

චිත්‍රපටය ආරම්භ වන්නේ පල්ලියක සිදුවන ජෝන් සහ රෙජිනාගේ විවාහයෙනි.එහිදී ඔවුන් දෙදෙනාම තම දෙමාපියන් සතුටු කිරීමට අකමැත්තෙන් මේ විවාහයට එකඟ වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. විවාහයෙන් පසු, ඔවුන් මහල් නිවාසයේ ආගන්තුකයන් ලෙස එකට ජීවත් වන අතර, සෑම රාත්‍රියකම බීමතින් නිවසට පැමිණෙන ජෝන් විසින් අසල්වැසියන්ව කලබලයට පත් කරනවා.දිනපතාම අසල්වැසියන්ගෙන් ජෝන් ගැන රෙජිනාට පැමිණිලි ලැබෙනවා.එමෙන්ම ඔහු රෙජිනාට කරදර කිරීමත් හිතාමතාම කරනවා. අවසානයේදී රෙජිනා ජෝන්ගෙන් ඈත්වීම සඳහා උපක්‍රමයක් ලෙස ඕස්ට්‍රේලියාවට මාරුවීමක් සඳහා ඉල්ලුම් කරනවා.
මේ අතර දිනක් රාත්‍රියේදි ජෝන් රූපවාහිනිය නරඹින් සිටින අතර රෙජිනා නිදාගැනීමට උත්සහ කරමින් සිටිනවා.ජෝන් විසින් රූපවාහිනියේ හඬ වැඩි කරමින් ඇයව කෝප ගන්වනවා.සුලු වේලාවකින් නින්දට වැටෙන රෙජිනා එකවරම අසනීප වී යහනින් බිමට වැටෙන අතර ඇය පාලනය කල නොහැකි වෙව්ලීමකින් සහ සිහි මද ගතියකින් පසුවෙනවා. ඉන් අනතුරුව සියල්ල උඩු යටිකුරු වෙනවා.

එකිනෙකා නොදත් එකිනෙකාගේ ආදර කතාවල ශෝකාන්තත් , යටි හිත් වල විලාප දෙන පැරණි ආදරයේ මතකත් , වර්තමානයේ සිටින ජෝන් සහ රෙජිනා බිහිවීමට හේතුව බව ඉන්පසුව චිත්‍රපටය පුරා දිග හැරෙනවා.
එකිනෙකාව නොරුස්සමින් සිටි ජෝන් සහ රෙජිනාගේ ජීවිත වල ඉන්පසුව සිදුවන සිදුවීම් ඉතා අපූරුවට මෙහි නිරූපණය කෙරෙනවා.
නොසිතුව අවසානයක් කරා ඇදෙන මෙම චිත්‍රපටය විනාඩි 164 ක් පුරාවට ප්‍රේක්ෂකයාගේ හදවත චිත්‍රපටය වෙත බැඳ තබාගන්නවා.

2013 වර්ශයේ නිකුත් වන Raja Rani චිත්‍රපටය ඇට්ලී විසින් අධ්‍යක්ශනය කරන අතර , ඒ ආර් මුරුගදාස් විසින් මෙය නිශ්පාදනය කරනු ලබනවා.

ආදරය ඇත්තේ විඳීමට මිස විඳවන්නට නොවේ.ආදරය අපිට හිමි කරන අඳුරු මතක සහ කටුක අත්දැකීම් වල ගිලී සිටිනවාට වඩා ජීවිතයේ ඉදිරියට යා යුතු බවත් ආදරය අසාර්ථක වූ පසුවත් ආදරයම හමුවන බවත් මෙම චිත්‍රපටය ඔස්සේ ප්‍රේක්ෂකයාට අපූරුවට කියා දෙනවා.ඒ නිසා ආදරය හඳුනන ඔබ මෙය නැරඹිය යුතුම චිත්‍රපටයක් කියා අපි ඔබට යෝජනා කරනවා

Related Articles

Don't Miss


Latest Articles