ලප කැලැල් නැතිකර මුහුණේ සම දීප්තිමත් කරන වෙනිවැල්ගැට පැක්

වෙනිවැල්ගැට කියන්නේ ආයුර්වේදයේ එන බොහොම හොඳ , රෝග රැසකට පිලියම් දෙන දිව ඔසුවක්. රූපලාවණ්‍ය සත්කාර සඳහාත් මේ වෙනිවැල්ගැට බහුලව යොදාගන්නවා.සුන්දර පැහැපත් සමක් ලබාගන්න කැමති ඔබට වෙනිවැල්ගැට වලින් පැක් වර්ග හදාගන්නේ කොහොමද කියලා තමයි මේ ලිපියෙන් කියන්න යන්නේ

පැහැපත් සමක් සඳහා වෙළඳපොළේ ආලේපන ඕනෑ තරම් තිබුනත් , අධිකව මුදල් වියදම් නොකර , කිසිම අතුරු ආභාධයක් නැතුව සම පැහැපත් කරගන්න ඔබට මේ වෙනිවැල්ගැට වලින් පුලුවන්. වෙනිවැල්ගැට ෆේස් පැක් එකක් සතියකට දෙපාරක් විතර මුහුණට දාලා බැලුවොත් දැනෙන වෙනස ඔබට හිතාගන්නවත් බැරි වෙයි

වෙනිවැල්ගැට ඔබ ෆේස් පැක් සඳහා භාවිතා කරනවා නම් , ඔබට සමෙහි ඇතිවන කුරුලෑ මර්ධනය කරගෙන , කුරුලෑ නිසා ඇතිවන ලප කැලැල් නැති කරගන්නට පුලුවන්.ඒ වගේම ස්වාභාවිකව සම පැහැපත් කරගෙන සමට දීප්තිමත් බවක් එකතු කරගන්නත් මේ වෙනිවැල්ගැට භාවිතයෙන් පුලුවන්

1 – වෙනිවැල් සහ මී පැණි ෆේස් පැක්

අවශ්‍ය ද්‍රව්‍ය

වෙනිවැල්ගැට කුඩු
මී පැණි
බිත්තර සුදු මද
යෝගට්

මී පැණි කියන්නේ සමේ අවපැහැ ගැන්වීම් දුරු කර , සම පැහැපත් කරන හොඳ ඖෂධයක් .ඒ වගේම මී පැණි මගින් සම පිරිසිදු කර සමේ තෙතමනය රැකදෙනවා.මැරුණු සම ඉවත් කරන්නත් මී පැණි කියන්නේ හොඳ ඔසුවක්.

බිත්තර සුදු මද මගින් සමේ කොලජන් නිශ්පාදනය වැඩි කරන අතර සම වියපත් වීම පමා කරනවා.ඒ වගේම සමෙහි ඇතිවන බැක්ටීරියා විනාශ කරනව

යෝගට් මගින් සමට අවශ්‍ය තෙතමනය ලබා දෙමින් සම දීප්තිමත් කරනවා

මේ සියලු අමුද්‍රව්‍ය මිශ්‍ර කර මුහුණෙහි ගල්වා විනාඩි 15 – 20 ත් අතර කාලයක් මුහුණෙහි තිබෙන්නට හැර සෝදා හරින්න

2 – වෙනිවැල් සහ අලිගැටපේර ෆේස් පැක්

අලිගැටපේර මගින් සම නිරෝගී කරන අතර සමට අවශ්‍ය තෙතමනය ලබ දෙමින් සම දීප්තිමත් කරනවා.

ඉදුණු අලිගැටපේර මදයක් සූරා එයට වෙනිවැල්ගැට කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන මුහුණේත් ගෙලේත් ආලේප කරන්න. විනාඩි විස්සකට පමණ පසුව සෝදා හරින්න

3 – වෙනිවැල්ගැට සහ කැරට් යුෂ ෆේස් පැක්

කැරට් යුෂ කියන්නේ සමට ඉතා හොඳ දෙයක්. එහි ඇති විටමින් සී මගින් සම පැහැපත් කර සමට රන්වන් පැහැයක් ලබා දෙනවා

වෙනිවැල්ගැට කුඩු වලට කැරට් යුෂ එකතු මුහුණේ ගල්වා විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න

4 – වෙනිවැල්ගැට සහ පැපොල් ෆේස් පැක්

පැපොල් වල අඩංගු විටමින් සී හා ඊ, මෙන්ම බීටා කැරොටින් වැනි ප්‍රතිඔක්සිකාරක මඟින් සමට සිදු වන හානි අවම කරනවා. ඒ වගේම සමෙහි රැළි වැටීමත් අවම කරනවා

ඉදුණු පැපොල් කෑල්ලක් හොඳින් පොඩි කර එයට වෙනිවැල්ගැට කුඩු එකතු කර මුහුණේ ආලේප කරන්න.විනාඩි 15 – 20 එය මුහුණේ තිබෙන්නට හැර සෝදා හරින්න

5 – වෙනිවැල්ගැට සහ බෙලි

බෙලි මගින් සමෙහි ඇතිවන කුරුලෑ සුව කර , සම අවපැහැගැන්වීම් වලක්වනවා.ඒ වගේම සම නීරෝගි කරමින් සමේ පැහැය වැඩි දියුණු කරනවා

ඉදුණු බෙලි ගෙඩියක් ගෙන එයින් කොටසක් සූරාගෙන එයට වෙනිවැල්ගැට කුඩු එකතු කර මුහුණේ ගල්වා විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න

සැලකිලිමත් විය යුතු කරුණු

ඔබ මේ කුමන සත්කාරයක් කලත් , එයට පෙර ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කරගන්නට අමතක කරන්න එපා. කහ දොඩම් බෑයක් ගෙන ඔබ විනාඩියක් දෙකක් හොඳින් ඔබේ මුහුණ පිරිසිදු කරගන්න . එය හොඳ පිරිසිදුකාරකයක් වගේම ඔබේම මුහුණට දීප්තිමත් බවක්ද එකතු කරනවා

මේ සෑම සත්කාරයක් අවසානයේදිම ඔබ මුහුණ පිරිසිදු කරගත්තට පසුව ටෝනර් එකක් ආලේප කරන්නත් අමතක කරන්න එපා.ඒ සඳහා ඔබට රෝස වතුර පාවිච්චි කරන්නත් පුලුවන්
මේ සෑම පැක් එකක්ම ආලේප කරන විට ඔබේ දෑස ගැන සැලකිලිමත් වන්න. ඇස් දෙක ආසන්නව මේ ආලේප ගැල්වීමේදී ඇස් වලට හානියක් නොවන ලෙස ඇස් වලින් මදක් ඔබෙන් ආපේල කරන්න , කිසිවිටෙකවත් ඇස් මත ආලේප නොගල්වන්න.

වෙනිවැල්ගැට කුඩු වලින් ඔබට සම ලස්සන කරගන්න පුලුවන් ෆේස් පැක් ගැන තමයි මේ ලිපියෙන් අපි ඔබට කිව්වේ.ඔබේ සමට ආසාත්මිකතා ඇති නොවෙන හොඳම සත්කාරය තෝරාගෙන කරන්න ඔබට පුලුවන්

තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර

Related Articles

Don't Miss


Latest Articles