කාන්තාවන්ගේ සම රැළි වැටෙන හේතු හා ඒ සඳහා නවීන ප්‍රතිකාර ක්‍රම.

කාන්තාවන්ගේ සම ආශ්‍රිතව බොහෝ ගැටළු ඇති වෙන බව නොරහසක් නෙවෙයි.අවුරුදු 40 පසු කාන්තාවන් අතර බහුලව ඇතිවන මේ තත්ව අතර මුහුණේ ඇතිවන අඳුරු ලප හා තිත් හෙවත් පිග්මන්ටේශන් වැනි තත්ව වලටත් වඩා සුලබම ගැටළුව වන්නේ සම රැලි වැටීමේ තත්වයයි.මෙය බොහෝ කාන්තාවන් අපහසුතාවයට සහ ගැටළුකාරී තත්ත්වයන්ට ඇද දමනවා.

වයස්ගතවීමත් සමඟ සම රැලි වැටෙන ආකාරය ගැන මුලින්ම දැනුවත් වෙමු

අපගේ සමේ ශක්තිය, නම්‍යතාවය සහ තුරුණු බව රැක දෙන ප්‍රෝටීන් වර්ගය වන්නේ කොලජන්ය. මේ තරුණ බව රැකදෙන කොලජන් සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කර ගැනීමට උදව් වෙනවා. ඉතින් වයස්ගතවීමත් සමඟ චර්මය, අපිචර්මය, ඉලාස්ටින් තට්ටුව සහ කොලජන් තට්ටුව ක්‍රම ක්‍රමයෙන් තුනී වෙන්නට පටන් ගන්නවා. මේ නිසා සම රැලි වැටෙන්නට පටන් ගන්නවා.

වයස්ගතවීමට අමතරව සම රැලි වැටීමට බලපෑ හැකි වෙනත් හේතු ගැන දැනුවත් වීමත් වැදගත්.

වියලි සම

වියළි සම කියන්නෙ සම රැලි වැටීමට බලපාන ප්‍රධාන සාධකයක්. මුහුණේ පමණක් නෙවෙයි සිරුරේ වෙනත් ස්ථාන වලත් වියලි සම පහසුවෙන් රැලිවැටෙන අවස්තා දැකිය හැකි. මුහුණේ ඇතිවන ඉරිතැලුම් ආකාරයේ පැලුම් මෙන්ම මුහුණේ ඇති Wrinkle පවා මේ වයස්ගත පෙනුම ඔබ තුල ඇති කරනවා

හිරු එලිය

සැඩ හිරු රැස් වලට ඔබේ සමට හානි කිරීමේ හැකියාවක් තිබෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව, නිරතුරු හිරු එළියට නිරාවරණය වන පුද්ගලයන්ගේ සම ඉක්මනින් රැලි වැටෙනවා.

මානසික ආතතිය

මානසික ආතතිය කියන්නේ තවත් රෝග රැසක ආරම්භයක්. ඒ වගේම තමයි එයට ඔබේ රූපය අවලස්සන කිරීමේ හැකියාවකුත් තිබෙනවා. දිගුකාලීනව මානසික ආතතියට ගොදුරු වී සිටීම නිසා සමේ රැලි වැටීම් ඇති වීම සහ වියපත් පෙනුමක් ලැබීම සිදු වෙනවා.

හදිසියේ බර අඩු වීම

තරබාරු අයෙකු හදිසියේ කෙට්ටු වීමත් සමඟ සම එල්ලා වැටෙන්නට පටන් ගන්නවා. එයට හේතුව වන්නේ මෙතෙක් කාලයක් ඇදී තිබුණු සම එකවර හැකිලීමකට ලක් වීම නිසයි.

දුම්පානය සහ මත්පැන් භාවිතය

දුම්වැටි වල අඩංගු නිකොටින් ඇතුළු විවිධ රසායනික ද්‍රව්‍ය වල බලපෑම නිසා සම රැලි වැටීම ඉක්මන් වෙනවා. නිතර දුම් පානය කිරීම නිසා කට වටා ඇති සම ඉක්මනින්ම රැලි වැටීමේ වැඩි අවදානමක් පවතිනවා.

ජානමය බලපෑම්

මව්පියන්ගේ සම ඉක්මනින් රැලි වැටුනා නම්, දරුවන්ගේ සමත් ඉක්මනින් රැලි වැටීමකට ලක් වීමේ අවදානම තිබෙනවා. එවැනි අයගේ සම තරුණ වයසේදීම රැලි වැටෙන්නට පටන් ගන්නවා. මෙයට හේතු වන්නේ ජානමය හේතුන්ය.

Progeria රෝගය

Progeria රෝගයේදී සිදු වන්නේ තරුණ වයසේදීම සම රැලි වැටීමයි. මෙම රෝගය වැළඳෙන පුද්ගලයන්ට වයසට වඩා මුහුකුරා ගිය පෙනුමක් ලැබෙනවා. මෙය ඉතා දුර්ලභ ගනයේ රෝගයක්.

මේ යම් හේතුවක බලපෑමක් නිසා ඔබේ සමත් රැළි වැටෙන්න ඉඩක් තියනව. මේ හේතු නිසා රැලි වැටෙන සමේ අවස්ථා තුනක් දකින්නට ලැබෙනව.

  • සාමාන්‍ය රැලි
  • මධ්‍යස්ථ රැලි
  • ගැඹුරු රැලි
  • ලෙස අවධි කීපයක් යටතේ මේ තත්වය ඇතිවෙනවා..

සමේ රැලි ඉවත් කරන වෛද්‍ය ප්‍රතිකර්ම

විටමින් A ලබා දීම

සිරුරට ලැබෙන විටමින් A ප්‍රමාණය අඩු වීම නිසා සම රළු වීම, පතුරු යාම, තොල් පැලීම ආදී ගැටළු ඇති වෙනවා. මේ නිසා වෛද්‍ය නිර්දේශ මත විටමින් A බෙහෙත් මාර්ගයෙන් ලබා ගැනීම මඟින් සමේ රැලි වැටීම අඩු කර ගන්න පුළුවන්.

Alpha Hydroxy Acids

හයිඩොලික් සහ ලැටික් අම්ල අඩංගු මෙම ඇසිඩ් වර්ගය අඩංගු ප්‍රතිකර්මයන් සමේ රැලි වැටීම් අඩු කර ගන්න උපකාර කරනවා.

ප්‍රතිඔක්සිකාරක

ප්‍රතිඔක්සිකාරක වල විටමින් A, C, D සහ බීටා කැරොටීන් අඩංගු වෙනවා. ඉහත කී විටමින් වර්ග මඟින් සමේ රැලි වැටීම ආරක්ෂා කරන අතර, හිරු එළියෙන් සමට වන හානිද අවම කර දෙනවා.

Glycolic Acid Peels ප්‍රතිකර්මය

මේ වෛද්‍ය ප්‍රතිකර්මයේදී සිදු කරන්නේ රැලි ගැසී ඇති උඩු සම ඉතා සියුම්ව ඉවත් කිරීමයි. මෙය සාර්ථක වන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ රැලි ඇති සමක් සඳහායි.

Microdermabrasion ප්‍රතිකර්මය

මේ වෛද්‍ය ප්‍රතිකර්මයේදී සිදු කරන්නේ විදුලි ධාරාවක් මඟින් සමේ අඩු වෙමින් යන කොලජන් තට්ටුව සහ ඉලාස්ටින් තට්ටුව නැවත යථා තත්වයට රැගෙන ඒමයි.

Dermabrasion ප්‍රතිකර්මය

මේ ප්‍රතිකර්මය ශල්‍යකර්මයකි. මෙය බොහෝ විට සමේ රැලි ඉවත් කර සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා. නමුත් ඉඳහිට කැළැල් ඇති වීම සහ සම අවපහ ගැන්වීම වැනි අහිතකර ප්‍රතිඵලත් ඇති වෙන්න පුළුවන්.

ලේසර් ප්‍රතිකාරය

මේ වෛද්‍ය ප්‍රතිකර්මයේදී සිදු කරන්නේ ලේසර් කිරණ භාවිතයෙන් රැලි වැටුණු සම යථා තත්වයට පත් කිරීමයි.

ප්ලාස්ටික් සැත්කම්

මේ වෛද්‍ය ප්‍රතිකර්මයේදී සිදු කරන්නේ ක්ෂුද්‍ර සැත්කමක් මඟින් සමේ රැලි ඉවත් කර යථා තත්වයට පත් කිරීමයි. නමුත් මෙය එතරම් සෞඛ්‍යාරක්ෂිත ප්‍රතිකර්මයක් නම් නොවේ.

ඉතින් ඔබේ සම ගැන නිවැරැදිව හදුනා ගැනීම තුලින් හානි වීම් වලට ලක් වෙන්න කලින්ම ඔබේ සම ආරක්ෂා කර ගන්න පුලුවන් . මේ ලිපිය ඒ සදහා උදව් කරාවි.

Related Articles

Don't Miss


Latest Articles