කොරෝනා වලින් ආරක්ෂා වෙන්න නම් නිවැරදි සැනිටයිසර් වර්ගය තෝරා ගන්නෙ මෙහෙමයි.

ගෙවීයන වසංගත තත්ත්වය හමුවේ ඔබත් ඔබේ ආදරණියන්ගේ නිරෝගී බව මෙන්ම ආරක්ෂිත බව රැකගැනීම සඳහා දෑත් පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත්. ඒ සඳහා ඔබ භාවිතයට ගන්නා Hand Sanitizer එකක් නිවැරදිව තෝරා ගැනීම’ තෝරාගත් Hand Sanitizer එක නිසියාකාරව භාවිත කරන අයුරු හා සුරක්ෂිත ලෙස ගබඩා කර තබන අයුරු ගැන කතා කරන්න හිතුවා.

ප්‍රමිතිගත වගේම ගුණාත්මකභාවයෙන් උසස් Hand Sanitizer එකක් තෝරා ගන්නේ කොහොමද?

දැන් අපි Covid 19 ආරක්ෂා වීම ගැන හිතලා Hand Sanitizer එකක් තෝරා ගන්නවා නම්, අපි බලන්න ඕන ප්‍රධානම දේ, ඒ කියන්නේ මධ්‍යසාර ප්‍රතිශතය කීයද කියලා. ඒ කිව්වේ 70] කට වැඩි මධ්‍යසාර ප්‍රතිශතයක් තියෙන්න ඕනි. නමුත් වෙළඳපොළේ තියන Hand Sanitizer වල බොහොමයක් අඩංගු කියන්නේ 99’9%විෂබීජනාශක ගුණය. ඔබ දැනගත යුත්තේ එය නොවේ. මේ Covid 19 තත්ත්වයට. අපි බලන්න ඕනි මේකේ තියන මධ්‍යසාර එහෙම නැත්නම් ඇල්කොහොල්, එතනෝල් කියන මධ්‍යසාර 70% කට වැඩි ද / අඩු ද කියන ප්‍රතිශතය බැලිය යුතුයි. ඒක ලේබල් එකේ චුටියට හරි ගහලා ඇති. අර 99’9 කතාව තිබුණට කමක් නැහැ. අර 70% ප්‍රතිශතයත් එක්ක තමා තිබිය යුත්තේ. තව සමහර Hand Sanitizer තව ගහලා තියනවා ඇල්කොහොල් Free කියලා. මධ්‍යසාර අඩංගු නොවේ කියලා. ඒවායිනුත් ඇති වැඩක් නැහැ. තව අපි වෙළඳපොළ තුළ දකිනවා 7′.0කියලා. ඒක 7.0 නොවේ 70% තමයි නිවැරදි ප්‍රතිශතය. 70% ප්‍රතිශතයට වඩා වැඩියි කියලා ලේබලයේ තියන ඒවා තමයි තෝරා ගත යුත්තේ.

Hand Sanitizer එකක් නිවැරදිව භාවිත කරන්නේ කොහොමද

දැන් අපි දන්නවා Hand Sanitizer එකක් නිවැරදිව තෝරාගන්නා විදිහ. දැන් බලමු ඒක නිවැරදිව භාවිත කරන අයුරු.

Sanitizer එකක් නිවැරදි භාවිතය වැදගත්.අපේ අතට උවමනා තරම් Sanitizer බිංදු කිහිපයක් දාගන්න. අත සබන් යොදා සෝදනවා වගේම අතේ හැම පෘෂ්ඨයක්ම අතේ පිට පැත්ත, අතේ ඇතුල් පැත්ත, ඇඟිලි කරු, ඇඟිලි තුඩු Hand Sanitizer බිංදු කිහිපයකින් තත්පර 20ක් කරන්න ඕන. අතට ගත්ත Sanitizer වල තෙත් බව වියලෙනකම්.

අපි කරන වැරදි පුරුද්දක් තමා Sanitizer එක අතේ හලා ගෙන ඊට පස්සේ චුට්ටක් අතුල්ලලා ටිෂු එකකින් නැත්නම් වතුරෙන් අත සෝදනවා. ඒක වැරදියි.

Sanitizer දාලා අත් දෙකේ වේලෙනකම් තියෙන්න ඕනි අර විදියට ඉවත් කළොත් නිවැරදිව විෂබීජහරණය සිද්ධ වෙන්නැහැ.

තව සැලකිලිමත් විය යුතු දෙයක් නම් අවුරුදු 05 ට අඩු දරුවකුට නම් Sanitizer භාවිතය වැඩිහිටි අධික්ෂණය යටතේ සිදු කිරිම වැදගත්. පොඩි දරුවාගේ ඉඳන් වැඩිහිටි දරුවා දක්වා Sanitizer එක නිවැරදිව භාවිත කිරිම ගැන වැඩිහිටි අධික්ෂණය යටතේ සිදුවීම වැදගත්.

සමහර බබාලා මේකේ එන සුවඳ බලන්න පුරුදු වෙච්ච ගතියක් තිබුණා දැක්කා. දැන් නම් එය අඩුයි. ඒ වගේම මේ වගේ පුරුදු වළකා ගත යුතුයි.

Hand Sanitizer එකක් නිවැරදිව ගබඩා කර තැබීම වැදගත්.

උදාහරණයක් විදියට Car එක තුළ තියෙද්දි තද හිරුරශ්මිය නොවැටෙන ලෙස තිබිය යුතුයි. තද අව්වට කාර්යක්ෂමතාවය අඩුවෙනවා.

ගෙදර දි නම් කාමර උෂ්ණත්වය තැබීම වැදගත්.

අවුරුදු 05 ට අඩු දරුවකු ඉන්නවා නම් දරුවාට අල්ලන්න / ගන්න බැරි තැනක ගබඩා කිරිම වැදගත්.

Sanitizer එකක් නිතර භාවිතය තුළ ආසාත්මිකතා එන්න පුළුවන් ද ?

ඔබට යම්කිසි දේකට ආසාත්මික තත්ත්වයක් තියනවා නම් Sanitizer වලට විතරක් නෙමේ සමහරුන්ට ප්ලෙන්ට්/සිමෙන්ති/සබන් වර්ග වලට ඇලජික් තත්ව තියනවා. කැසීම්/පලු දැමීම/ රතුවීම් වැනි ඒවාගේ ආසාත්මිකතා පෙන්නුම් කරන අයට hand Sanitizer එකෙහි තියන ලේබලය හොඳින් කියවා බලා ගැනීම වැදගත් .හැබැයි ඉතිං මධ්‍යසාර අතේ ගෑවිලා ඇලජික් තත්ව ඇතිවීම අඩුයි.

hand Sanitizer භාවිතය සුදුසු අවස්ථා.

පුළුවන් හැම වේලාවෙම සබන් යොදා අත සේදීම තමයි වැදගත්. පොදු ප්‍රවාහනයේ දී / පොදු තැන්වල / එළියෙ දි/ Office එකේ දී සබන් යොදා අත සෝදන්න නොහැකි තැන්වල භාවිතයට ගැනීම සුදුසුයි.

Sanitizer එකක් නිවැරදිව තෝරා භාවිතය තුළ හොඳ යහපත් ප්‍රතිඵල තියෙනවා.

සමහර අය පුරුදු වෙලා ඉන්නවා කඩේට ගිහින් ආවාම ඒ ගෙනාපු භාණ්ඩත් Sanitizer කරලා ගන්න. ඒ ගැන ඔබතුමියගේ අදහස ?

මේ Covid 19 වෛරසය බෝවීම සිදුවන්නේ මුව ආවරණය නොමැති නැත්නම් නිසියාකාරව එය පැළඳ නොසිටීම තුළ. ඒ වාගේම සාමුහිකව ආහාර ගැනීම තුළ / පොදු ස්ථාන / පොදු භාණ්ඩ භාවිතය විශාල ලෙස සෙනඟ රැස්වීම තුළ / එකට මධ්‍යසාර භාවිතය ඒ හරහා තමා රෝගය පොකුරක් ලෙස බෝවීම සිදුවන්නේ.

අපි දැන ගන්න ඕන රෝගය බෝවන විදිය ආසාධිතයෙකු කත කරන විට/ කහිනවිට ඒ පිටවන බිඳිති ඝෘජුවම අපේ මුහුණට ආවොත් එහෙම නැත්නම් සංයුත තැනක බොහෝ සෙනඟ ඉඳලා නැත්නම් වෛරස් බිඳිති යම්කිසි පෘෂ්ඨයක තිබිලා අපේ අතේ ගෑවිලා මුහුණට හරි කටට හරි ගියොත් තමා බෝ වෙන්නේ.

අපට කඩෙන් ගේන හැම භාණ්ඩයක්ම Sanitizer කරලා නැත්නම් සෝද සෝදා ගැනීම කරන්න අපහසුයි. ඒ වෙනුවට පුළුවන්නම් ගෙදරින් බෑග් අරං ගිහින් බඩු ටික අරන් ඇවිත්” ඒ ගෙනාපු බඩු / පැකට් වර්ග ඉවත් කරලා ගෙදර තියන කවර වලට හරි බෝතල් වලට දාලා හොඳින් සබන් යොදා අත් සෝදා ගැනීම. අපේ අතින් තමා වෛරසය සිරුරට යන්නේ.

ඔබගේත් අන් අයගේත් ආරක්ෂාව උදෙසා වගකිමෙන් යුතුව කටයුතු කරමු. පිරිසිදු දෑතක් ආරක්ෂිත රටක්.

උපදෙස් සැපයීම –

ප්‍රජා විශේෂඥ වෛද්‍ය
ප්‍රියංගා රණසිංහ මහත්මිය
සෞඛ්‍ය අමාත්‍යාංශය

Related Articles

Don't Miss


Latest Articles