වෙනස් රස වලට මාලු හදන ක්‍රම තුනක්


ගෙදර කවුරුත් කන්න කැමති දෙයක් තමයි මාලු කියන්නේ.අද අපි ඔබට කියන්න යන්නේ මාලු රසවත් විදියට හදාගන්න පුලුවන් ක්‍රම තුනක් ගැන

Baked Fish

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

තිලාපියා හෝ ගල්මාළු වර්ගයක්

දියකරගත් බටර් මේස හැඳි 4

දෙහි යුශ මේස හැඳි 2

හොඳින් තලාගත් සුදුළූණු බික් 2- 3

සීනි තේ හැන්දක්

චොප් කරගත් පාස්ලි මේස හැන්දක්

පාන් කුඩු කප් 1/4

රස අනුව ලුණු සහ ගම්මිරිස් 

හදන්නෙ මෙහෙමයි

මුලින්ම පිරිසිදු භාජනයක් ගෙන එයට බටර්, දෙහි, සීනි, සුදුළූණු, පාස්ලි,ගම්මිරිස් සහ ලුණු එකතු කර කලවම් කරගන්න.

මාළුවා හොඳින් සෝදා පිරිසිදු කර, දෙපැත්තේම තැනින් තැන පිහියෙන් වෙන් නොවන සේ ඉරි  ඇඳගන්න

සාදාගත් මිශ්‍රණය මාළුවාගේ හොඳින් තවරා විනාඩි 30ක් තිබෙන්නට හරින්න

විනාඩි 30කට පසු මාළුවාගේ දෙපසම හොඳින් පාන් කුඩු දවටා, තෙල් ඉසගත් බේකින් ට්‍රේ එකක තබා, සෙල්සියස් 200ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 10-15ක් බේක් කරගන්න

Fish Cake

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

තලපත් හෝ තෝර මාළු 500g

ලොකු අල ගෙඩි 2

චොප් කරගත් පාස්ලි මේස හැඳි 2

බටර් මේස හැන්දක්

චොප් කරගත් බීළූණු ගෙඩි 1

රස අනුව ලුණු සහ ගම්මිරිස්

බිත්තර 1 

හදන්නෙ මෙහෙමයි

මුලින්ම මාළු සහ අල වෙන වෙනම තම්බා පොඩිකරගන්න

අනෙකුත් ද්‍රව්‍ය සියල්ලම සමඟ මාළු සහ අල එක් කොට හොඳින් පොඩි කරමින් මිශ්‍ර කරගන්න

පැතලි රවුම් හැඩ කුඩා කේක් මේ මිශ්‍රණයෙන් සාදාගන්න

ඉන්පසුව ඒවා තෙල් ටිකක් දමාගත් නන්ස්ටික් පෑන් එකක දමා දෙපැත්ත රන්වන් පාට වනතුරු බැදගන්න

Fish stew 

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

ගල් මාළු වර්ගයකින් 500g

විනාකිරි මේස හැඳි 3

රස අනුව ලුණු

රම්පෙ කොළ

කරපිංචා

සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 3- 4

හොඳින් තලාගත් සුදුලූනු බික් 5

හොඳින් තලාගත් ඉගුරු කැබැල්ලක් 

අමු තුනපහ මේස හැඳි 2

වතුර කෝප්ප 2

සිහින්ව ලියා ගත් බීළූණු ග්‍රෑම් 250 

දෙහි යුෂ

එළවළු තෙල්

හදන්නේ මෙහෙමයි

මුලින්ම ගල් මාළු කැබලි වලට කපා හොඳින් සෝදා භාජනයකට දමා එයට විනාකිරි මේස හැඳි 3 හා ලුණු ස්වල්පයක්  එක් කර හොඳින් කලවම් කරන්න 

එයට  කපාගත් රම්පෙ, කරපිංචා, අමුමිරිස්, සුදුලූනු, ඉඟුරු වලින් කොටසක් එකතු කරගන්න

ඉන්පසුව ගම්මිරිස් කුඩු මේස හැඳි 2 හා අමු තුනපහ මේස හැඳි 2 එකට අඹරා ගන්න

එය ද මාළු වලට එකතු කර හොදින් මිශ්‍ර කරන්න 

දැන් එයට වතුර කෝප්ප 2 එක් කර  නැවත  කලවම් කරන්න 

මෙම මාළු මිශ්‍රණය ලිප තබා මදගින්නේ හොඳින් තැම්බෙන්නට හරින්න

මාළු හොඳින් තැම්බුණු  පසු ඉස්ම/ හොදි තිබීමට හැර  ලිපෙන් ඉවතට ගෙන මාළු කැබලි ටික බේරා  වෙනම භාජනයකට දමන්න

ඉස්ම/ හොදි වල තිබෙන රම්පෙ, කරපිංචා ඉවත් කර ඊටම දෙහි බෑයක යුෂ එකතු කර එයට රස අනුව  ලුණු එකතු කරන්න 

දැන් අනෙක් කුළුබඩුද එයට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න  

ඉන්පසු වෙනම භාජනයකට එළවළු තෙල් දමා  ලිප තබා බී ළූණු එක් කර  රන්වන් පැහැ වනතුරු බැද ගන්න 

එයට ඉතිරි රම්පෙ, කරපිංචා, ඉඟුරු, සුදු ලූනු දමා හොඳින් බැද ගන්න 

දැන්  තවත් භාජනයක් ලිප තබා එයට එළවළු තෙල් භාගයක්  එක්කර හොඳින් රත් වූ පසු තම්බාගත් ගල්මාළු ටික එකතු කර හොඳින් රන් පැහැ වනතුරු බැද ගන්න

රන්වන් පාට වනතුරු බැද ගත් බී ළූණු ,රම්පෙ ,කරපිංචා ,ඉඟුරු, සුදුලූනු මත ට  මාළු තැම්බූ ඉස්ම/හොදි  එකතු කරන්න

දැන් එම මිශ්‍රණය හොඳින් කලවම් කර බැදගත් මාළු ද ඒ මතට එක්  කර මද ගින්නේ විනාඩි කීපයක් තබන්න 

පිළිගන්වන විට අවශ්‍ය නම් පාස්ලි කොළ ස්වල්පයක් එකතු කරගන්න

Related Articles

Don't Miss


Latest Articles