ලොව බලවත්ම කාන්තාවන් සියදෙනා අතරට එක්වූ ලාංකික සාගර විද්‍යාඥවරිය

2018 වර්ශයේදී ලොව බලවත්ම කාන්තාවන් සිය දෙනා අතරින් 23 වන ස්ථානයේ සිය නාමය තබා ගැනීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත් වෙනවා.ඇය සාගර විද්‍යාඥ Asha De Vos.
ඇය පාසල් කාලයේදී කැපී පෙනෙන දක්ෂතා සහිත සිසුවියක් නෙවෙයි.ඒ ගැන ඇය මෙන්න මෙහෙම පවසනවා.”පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී මට කිසිම තෑග්ගක් තිබුණේ නැහැ .මගේ මිතුරියන් තෑගි ගනිද්දී මම වේදිකාවෙන් පහළ ඉඳන් ඔවුන්ට අත්පොලසන් දුන්නා.මම හිතනවා පාසලේදි දරුවන්ගේ අනාගතය ගැන නිගමනවලට ඒම වැරදියි කියලා “
පාසලේදී විශේෂයෙන් කැපී පෙනුණු ශිෂ්‍යාවක නොවූ ඇය අද සාගර විද්‍යාඥවරියක ලෙස ලොව පුරා සිය නම රන්ඳා තිබෙනවා.
නිවසේදී ඇය කියැවූ National Geographic සඟරාව පාසල් අධ්‍යාපන ක්‍රමයට ඇය තුළ ඇති කරන්නට නොහැකි වූ ඉගෙන ගැනීමේ ආසාව සහ ලෝකය දෙස වෙනස් ඇසකින් බැලීමේ ආශාව වර්ධනය කරන්නට සමත් වනවා.එහිදී සාගරය සම්බන්ධ ලිපි ඇයගේ අනාගත ගමන් මග තීරණය කිරීමට සමත් වෙනවා.
පසු කලෙක සාගර විද්‍යාඥවරියක ලෙස ඇය යන ගමනට තවත් බාධාවක් ලෙස බාහිර සමාජයට පෙනෙන්නේ උපතින්ම ඇය ලද ගැහැනු කමයි.සාගර විද්‍යාව ඒ වන විටත් පිරිමින්ගේ විශයයක් බවට ඔවුන් විසින් බෞතිස්ම කරයි තිබෙන්නේ.

“ඔයා ගෑනු කෙනෙක් .ඔයාව කැත වෙයි.හස්බන්ඩ් ඕවට අකමැති වෙයි.කාන්තාවන්ට ගැලපෙන රැකියාවක් හොයාගන්න “
මේ ඇය සමාජයෙන් ලැබූ ප්‍රතිචාර.නමුත් ඒ කිසිවකට ඇයගේ ගමන නතර කිරීමේ හැකියාවක් ඇති වන්නේ නැහැ .
සිය සාගර සිහිනය සැබෑ කරගන්නට ආශා තෝරගන්නේ ස්කොට්ලන්තයයි .එහි විශ්ව විද්‍යාලයකට ඇතුලත් වන ඇය එහිදී හදාරන්නේ සාගර හා පරිසර විද්‍යාව පිළිබඳ උපාධියක්.එහිදී විවිධ පර්යේෂණ කණ්ඩායම් සමඟ එකතු වී වැඩ කරන්නට ඇයට අවස්ථාව උදා වනවා.ඇය ගිහින් නොනිත් ආශාව වන සාගරය ගැන හදාරන්නට,එහි කටයුතුවල නියැලෙන්නට ඇයට අවස්ථාව උදා වෙනවා.සාගර විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහිත මෙරට එකම කාන්තාව සහ පුද්ගලයා ලෙසට ඇය ලෝකය හමුවේ සිය නාමය ප්‍රචලිත කිරීමට ඉතාමත් කෙටි කාලයකින් සමත් වෙනවා.
පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයේදී කිසිදු ත්‍යාගයකට හිමිකම් නොකී දැරිවිය,කිසි දු සුවිශේෂී දක්ෂතාවක් ඇති බවට පාසලෙන් ඇගයීම් නොලද දැරිවිය ලොව බලවත්ම කාන්තාවන් සිය දෙනාගෙන් එක් අයකු බවට පත් වනවා.
නිල් තල්මසුන් සහ ආශා අතර ඇත්තේ සුවිශේෂ බැඳියාවක්.සිය අධ්‍යාපන කටයුතු වලින් පසු “Oceanwell’ ඇය විසින් ආරම්භ කරන්නට යෙදෙන්නේ මෙරට නිල් තල්මසුන් සුරැකීම අරමුණු කරගෙනයි.ලොව පුරා ඇයගේ නම සුවිශේෂී එකක් බවට පත් කිරීමට මෙම ව්‍යාපෘතිය හේතුවනවා.ඒ ඔස්සේ අන්තර්ජාතික අවධානය ඇය වෙතට යොමුවනවා.
කුඩා දැරිවියකව සිටියදී National geographic සඟරාව ඇයගේ අනාගත දිවි මග තීරණය කිරීමේදී සුවිශේෂී කාර්යයක් ඉටු කළ බව අප පෙර පැවසුවා.ඉන් වසර ගණනාවකට පසු එම සඟරාවට ම අයත් රූපවාහිනි නාලිකාවක් වන Nat Geo වෙතින් ඇය ආරාධනා ලබන්නේ සාගරය පිළිබඳව වැඩසටහන් සඳහායි.
BBC,CNN,NatGeo නාලිකා ඔස්සේ ඇය ලොව පුරා සිටින සාගරයට ආදරය කරන මිනිසුන්ගේ හදවතට සමීප වීමටත් සමත් වෙනවා.පසුගිය වසරේ සාගර වීරවරිය සම්මානයට ඇය නිර්දේශ වන්නේ ඒ වෙනුවෙන් අඛණ්ඩව කරන ලද දීර්ඝකාලීන කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන්.
ඉතිං ඔබ ජීවිතයේ ඉහලට ඔසවා තබන බලවත්ම සාධකය වන්නේ ඔබේ උවමනා කම පමණයි.ඔබේ ආශාව පමණයි.අවසානය දක්වා තමන් ආශා කරන දෙය වෙනුවෙන් යෙදෙන ගමනක ප්‍රතිඵලයයි
.අභියෝග වලට මුහුණ දෙමින්,අඛණ්ඩව සිය විශ්වාසය අත් නොහැරීම නිසා අද මුළු ලොවම ඇය ගැන කතා කරනවා.

More Stories

Don't Miss


Latest Articles