නම නිසාම ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ හැරී කුමරුගේ අලුත උපන් දියණිය

2018 වසරේදි විවාහ දිවියට එළඹි හැරී කුමරු සහ මේගන් මර්කල් දෙමව්පියන් බවට පත්වන්නේ 2019 වසරේදි.ඒ අචී නැමති ඔවුන්ගේ පළමු පුත් කුමරාගේ උප්පතියෙන් පසුවයි. වරින් වර විවිධ මාතෘකා ඔස්සේ සමාජයේ කතා බහට ලක්වුනු ඔවුන්ගෙන් මෙවර අසන්නට ලැබෙන්නේ ඉතාම සතුටුදායක පුවතක්.ඒ ඔවුන් නැවතත් දෙමව්පියන් බවට පත් වූ පුවත‍යි

ජූනි 4 වන සිකුරාදා උදෑසන ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සැන්ටා බාබරා හී රෝහලකදී ඔවුන්ගේ සිඟිති දියණිය උපත ලැබු බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

පසුගිය පෙබරවාරි මාසයේ 14 වන දිනයේදි,එනම් ආදරවන්තයෙන්ගේ දිනයේදි, 39 හැවිරිදි මේගන් සහ 36 හැවිරිදි හැරී,  ඔවුන්ගේ දෙවන දරුවා අපේක්ෂා කරන බව සනාථ කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබුනා.

ආදරවන්තයන්ගෙ දිනයකදීම මේ සුවිශේෂී නිවේදනය දැන්වීම පිටුපස තවත් සුන්දර කතාවක් තිබෙනවා

ඒ , 1984 වසරේදි මෙවැනිම වූ ආදරවන්තයන්ගේ දිනයකදි ඩයනා කුමරිය විසින් හැරී කුමරුගේ උපත බලාපොරොත්තුවෙන් සිටින බව නිවේදනය කර තිබීමයි . ඒ මතකය සිහිපත් කරමින් හැරී හා මේගන් තම දෙවන දරුවා පිළිබද නිවේදනය සමාජගත කිරීමට මේ දිනය යොදාගත් බව ඔවුන්ට සමීප පිරිස පවසනවා.

මේගන් සහ හැරී මාර්තු මාසයේදී ඔප්රා වින්ෆ්‍රේ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත්තේ මේ වතාවේ උපදින්නට යන්නේ පුතණුවක්ද දියණියක්ද යන්න කලින් දැනගැනීමට තීරණය කළ බවයි.නමුත් ඔවුන්ගේ පලමු දරුවා වන ආචීගේ උපත ගැන ඔවුන් එසේ තීරණය කර තිබුනේ නෑ

දෙවන ගැබ් ගැනීම නිවේදනය කිරීම සඳහා හැරී සහ මේගන් ඔවුන්ගේ නිවස පිටුපස ගත් ඡායාරූපයක් නිකුත් කර තිබුනා. නමුත් දියණියගේ උපත පිළිබද පලකල නිවේදනයේ කිසිදු ඡායාරූපයක් ඇතුළත් කර තිබුනේත්, ” ලිලී ” ව මහජනයාට හඳුන්වා දීම සඳහා කිසිදු ආකාරයක මාධ්‍ය උත්සවයක් පවත්වා තිබුනේත් නැහැ.

නමුත් මේ අලුත උපන් සිඟිත්තියට ඔවුන් ලබා දී නාමය නිසා දැන් බොහෝ දෙනා ඇය ගැන කතා වෙන අතරම ඒ නම නිසාම ඇය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධියට පත් වුනා.

ඒ ඇගේ නමේ සුවිශේෂී බව නිසාමයි.
කුමරියට ලබා දී ඇති නාමය “ලිලිබට් ඩයනා මවුන්ට්බැට්න් වින්ඩ්සර් ” යි මෙහිදී ලිලිබට් යනු
දෙවන එලිසබෙත් මහරැජිණය කුඩා කල හැදින්වූ ඇගේ සුරතල් නාමයයි. එලිසබත් රැජින කුඩා කලදී කවුරුන් හෝ ඇගේ නම ඇසූ විට ඇයට එලිසබෙත් යන නම් කියන්න අපහසු නිසා ඇය ඇගේ නම ලෙස පවසා ඇත්තේ ලිලිබට් යන නමයි. මේ නිසාම කුඩාකල එලිසබෙත් රැජිනගේ සුරතල් නාමය ලෙස ලිලිබට් පාවිච්චි කෙරුනා. ඉතින් හැරී කුමරු සිය අත්තම්මා වන එලිසබෙත් රැජිනට ගෞරවයක් ලෙස ඔහුගේ දියණියට මේ නම තැබූ බව සදහන්.
එමෙන්ම ඩයනා නාමය සිය දියණියට ලබා දීමට හැරී කුමරු තීරණය කර ඇත්තේ ඔහු අසීමිතව ආදරය කරන සිය මව වන ඩයනා කුමරිය සිහිපත් කිරීම සහ ඇයට ගෞරවයක් පුද කිරීම වෙනුවෙන්.

කෙසේ වෙතත් ලෝක ප්‍රසිද්ධ කාන්තාවන් දෙදෙනෙක්ගේ නම් ලැබීම නිසා පුංචි ලිලිබට් කුමරිය මේ වෙන විට ප්‍රසිද්ධියට පත් වෙලා.

ඒ අනුව බ්‍රිතාන්‍යය රජ කිරුළට හිමිකම් කියන අටවන තැනැත්තිය ලිලී ලෙස හැඳින්වෙනවා.
ඇගේ උපතත් සමඟ ඇන්ඩෲ කුමරුට ඒ සඳහා පවතින ස්ථානය 9 දක්වා පහත වැටෙනවා.එමෙන්ම හැරී සහ මේගන් නැවතත් මව්පිය පදවි ලැබීම හැන බ්‍රිතාන්‍ය බකිංහැම් මාලිගයද සතුට ප්‍රකාශ කර තිබෙනවා

කෙසේ වෙතත් , ලෝකයේම ආදරය දිනාගත් ඩයනා කුමරිය මෙන්ම අලුත උපන් දූ සිඟිත්තිය වන ” ලිලී ” ද මේ වනවිටත් ලෝකයේම ආදරයට පාත්‍ර වී අවසන්

Related Articles

Don't Miss


Latest Articles