කෑම කන අතරෙම කෙට්ටු වෙන්න පුලුවන් half plate diet

Diet කරන ඔබට එය නොකඩවා කරගෙන යාම විටෙක තරමක් අපහසු වෙනවා ඇති. ඒ වගේම ඒ වෙනුවෙන් වෙනමම ආහාර වර්ග සකස් කිරීමට ඔබේ කාලය යොදවන්න හැමදාම හැකියාවක් නොලැබෙනවාත් ඇති.කොයි තරම් කාර්‍යබහුල උනත් ඔබේ ඩයට් එක නොකඩවා කරගෙන යන්න ලේසි ක්‍රමයක් අපි ඔබට කියන්නයි සූදානම් වෙන්නේ. මේකට කියන්නේ half plate diet කියලා.දැනමටත් විදෙස් රටවල් වල මේක තරමක් ජනප්‍රිය ක්‍රමයක්.මෙමගින් ඔබට ඔබේ ශරීයට වඩාත් හොඳ පෝෂණයක් ලබා ගැනීමට වගේම ඉක්මනින් බර අඩු කරගන්නත් හැකියාව ලැබෙනවා

මොකක්ද මේ half plate diet method කියන්නෙ?

  • මේ ක්‍රමය හරිම පහසු ඩයට් ක්‍රමයක් . 16/8 වැනි සංකීර්ණ ඩයට් ප්ලෑන් එකකට යන්න පෙර ඔබ මේ ක්‍රමය අනුගමනය කිරීමෙන් ඒ සදහා හොද පෙරහුරුවක් ලැබෙනව.
  • මේ සඳහා ඔබ කරන්න ඕනෙ බොහොම පොඩි දෙයයි.ඒ ඔබේ සෑම ප්‍රධාන ආහාර වේලකදීම ඔබේ ආහාර පිඟානෙන් හරි අඩක් පමණක් ආහාරයට ගැනීමයි.
  • නැතිනම් ඔබේ ආහාර පිඟානෙන් හරි අඩක් එළවලු හෝ පලතුරු වලින් පුරවා ගෙන ආහාරයට ගැනීමයි

මේ ක්‍රමය කොහොමද ක්‍රියාත්මක කරන්නේ ?

  • ඔබ බත් ආහාරයට ගන්නා කෙනෙක් නම් ඔබේ පිගානෙන් හරි අඩක් ඉවත් කර ඒ කොටස ඔබේ ඊලග ප්‍රධාන ආහාර වේල සඳහා තබන්න
  • ඉක්මනින් භාවිතයට ගැනීමේ පහසුව වෙනුවෙන් කපා පිරිසිදු කරගත් එළවලු සහ පලතුරු ඔබේ ශීතකරණයේ සෞඛ්‍යාරක්ෂිතව ගබඩා කර තබන්න
  • සෝදා පිරිසිදු කරගත් පලතුරු ඔබේ මුලුතැන්ගෙයි ඔබට පෙනෙන ස්ථානයක තබන්න
  • හැකිතාක් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය කෑම වේලෙන් අඩු කරන්න , එය උපරිම කෑම වේලෙන් 4/1 පමණක් විය යුතුයි . ඔබේ ආහාර පිගානෙන් ඉතුරු ප්‍රමාණය ප්‍රෝටීන් හා තන්තු සහිත එලවලු පලතුරු එක්කර ගන්න.
  • ඔබ උදෑසන ආහාරයට ඕට්ස් වැනි දෙයක් එකතු කරගන්නවා නම් එයට සීනි වෙනුවට කෙසෙල් වැනි පලතුරක් එකතු කරන්න
  • නව සලාද රෙසිපි අනුගමනය කරන්න ( එළවලු හෝ පලතුරු )
  • අතුරුපස සඳහා පලතුරු පමණක් ආහාරයට ගන්න
  • දිනකට අනිවාර්යයෙන්ම වතුර ලීටර දෙකක් වත් පානය කරන්න
  • හදිසියේ හෝ ඔබට පිටතින් ආහාර ගැනීමට සිදු වෙනවා නම් ඔබේ ආහාරය ලෙස එළවලු සළාදයක් ඇණවුම් කරන්න
  • ඔබේ තේ හො කෝපි සඳහා සාමාන්‍යයෙන් සීනි හැඳි දෙකක් භාවිතා කලා නම් ඒ සඳහා දැන් සීනි හැඳි එකක් භාවිතා කරන්න

සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

  • ඉහල ජල අන්තර්ගතයක් සහිත පිපිඤ්ඤා , කිවි , කොමඩු , දොඩම් වැනි දේවල් ආහාරයට ගන්න
  • කෘතිම බීම , පැණි බීම සම්පූර්ණයෙන්ම නවත්වන්න
  • පලතුරු යුෂ පානය කරනවා නම් ඒ සඳහා සීනි භාවිතා කිරීමෙන් වළකින්න
  • ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව ස්නැක් වර්ග , කෙටි කෑම හෝ සීනි සහිත හෝ රහිත බිස්කට් පරිභෝජනයෙන් වළකින්න
  • පිෂ්ටය සහිත එළවලු ආහාරයට එකතු කර නොගන්න
  • මස් ,මාලු ආහාරයට ගන්නවා නම් ගැඹුරු තෙලේ බැදගත් ඒවා ආහාරයට ගැනීමෙන් වළකින්න
  • එක් එක් දිනයට එක් එක් එළවලු පලතුරු වර්ග ආහාරයට ගන්න
  • දිනකට පැය අටක් වත් අනිවාර්යයෙන්ම සුව නින්දක් ලබා ගන්න
  • දිනකට පැය බාගයක් පමණ ඇවිදින්න

මෙම ක්‍රමයෙන් ලැබෙන වාසි මොනවද?

  • ශරීරයට විටමින් සහ ඛනිජ ලවණ වැනි හොඳ පෝශක කොටස් ලැබීම
  • තන්තු සහිත එළවලු සහ පලතුරු මගින් ඔබට ඉතා ඉක්මනින් තෘප්තිමත් හැඟීමක් ලබා දීම
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය කාර්‍යක්ශම කිරීම
  • ශරීරයට වැඩි කැලරි ප්‍රමාණයක් එකතු වීම වැළක්වීම
  • හෘද රෝග සහ පිළිකා අවධානම අවම කරයි
  • නිරෝගී සහ ජවසම්පන්න හැඟීමක් දැනීම

ඩයට් කරන ඔබට මෙම half plate diet ක්‍රමය ඉතාම පහසු ක්‍රමයක්.කාර්‍යාලයේදි උනත් මේ ක්‍රමය අනුගමනය කරන්න පුලුවන් නිසා ඔබට බර අඩු කරගැනීම දැන් එතරම් අපහසු වන්නේ නෑ.විවිධ එළවලු පලතුරු එකතු කරගැනීමෙන් ඔබේ ආහාර පිඟානට ආකර්ශනීය බවක් වගේම විවිධත්වයක් එකතු වෙන නිසා දිනපතා එලවලු පලතුරු පමණක් ආහාරයට ගන්න එක ඔබට ගැටලුවක් වන එකක් නෑ.

Related Articles

Don't Miss


Latest Articles