ලප කැළැල් ඉවත් කර සම දීප්තිමත් කරන saffron සත්කාර

සැෆ්‍රන් කියන්නේ මොනවද?

Saffron crocus කියන්නේ ඉතාම වටිනා ඖෂධීය ගුණ රැසක් සැඟවුණු පුෂ්පයක්. මේ පුෂ්පයේ විද්‍යාත්මක නාමය වෙන්න් Crocus stivus. මේ ශාකය මධ්‍යම ආසියාවට ආවේනික ශාකයක් වන අතර ,වර්තමානය වෙද්දී ලොව විශාලම සැෆ්රන් නිෂ්පාදකයා ලෙස සැලකෙන්නේ ඉරානයයි.රූපලාවණ්‍ය කටයුතු වලට සහ පැහැපත් කර ගැනීම වෙනුවෙන් භාවිතා කරන්නේ මේ සැෆ්රන් පුෂ්පයේ රේණුයි. දැනට ලොව ඇති මිල අධිකම කුලු බඩුවක් විදිහටත් සැෆ්රන් හඳුන්වන්න පුළුවන්. බොහෝ කාන්තාවන් සම පැහැපත් කරගැනීම සඳහා මෙය කිරි සමඟ මිශ්‍ර කර පානය කරනවා. ඒ වගේම දිනකට ඔබට සැෆ්‍රන් භාවිතයට ගත හැක්කේ ග්‍රෑම් 1.5 ක් පමණයි.අධි මාත්‍රාවෙන් සැෆ්‍රන් භාවිතා කිරීම මගින් යම් ආසාදන තත්වයන් වලට ලක් වන්නට හැකියාව තියෙනවා.

සැෆ්‍රන් වලින් ලැබෙන වාසි මොනවද ?

  • නීරෝගී සහ පැහැපත් සමක් ලබා දෙයි
  • ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරයි
  • රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
  • මානසික ආතතිය දුරු කරයි
  • දෑස් නීරෝගි කරයි
  • හිසකෙස් නීරෝගී කරයි
  • ඔසප් සමයේ ඇතිවන අපහසුතා සහ සංකූලතා අවම කරයි
  • පිළිකා සෛල විනාශ කරයි
  • සිරුරේ බර පාලනය කරයි
  • මතක ශක්තිය වර්ධනය කරයි
  • ශරීරයේ හෝමෝන සමතුලිතතාවය පවත්වාගෙන යාමට උපකාරී වෙයි

ඇත්තටම සැෆ්‍රන් වලට පැහැපත් වෙනවද ?

සැෆ්‍රන් මගින් සමේ ඇති මෙලනින් වර්ණකය අඩු කරනවා.ඒ නිසා සම පැහැපත් වෙනවා.බොහෝ දෙනා කිරි සමඟ සැෆ්‍රන් පානය කරන්නේ මේ හේතුව නිසායි

Saffron වලින් නිවසේදිම face pack එකක් හදාගන්නෙ කොහොමද ?

මෙම පැක් එකට අප ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය කීපයක්ද , සම වර්ගය අනුව විශේෂිත අමුද්‍රව්‍ය ද යොදාගන්නවා.ප්‍රධාන වශයෙන් ,

සැෆ්‍රන්

සම පැහැපත් කරමින් ලප කැළැල් අවම කරයි

කිරි

සම වියපත් වීම වළක්වා සමට අවශ්‍ය තෙතමනය ලබා දෙමින් සමෙහි ඇති මැරුණු සෛල ඉවත් කරයි

මී පැණි

සමෙහි ඇති අනවශ්‍ය තෙල් පාලනය කරමින් සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.ලප කැළැල් ඉවත් කරමින් සම පැහැපත් කිරීමද සිදු කරයි

කස්තුරි කහ

ඉතා හොඳ විෂබීජ නාශකයක් ලෙස සමෙහි ක්‍රියා කරමින් කුරුලෑ ඇතිවීම පාලනය කරයි.ස්වාභාවික දීප්තිමත් බවක් සමට ලබා දෙයි

Pigmentation සහිත සමකට

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • සැෆ්‍රන්
  • කිරි
  • මී පැණි
  • කස්තුරි කහ

විශේෂ අමුද්‍රව්‍ය ලෙස ,

  • අමු අල යුෂ

අල මඟින් පිග්මන්ටේශන් සුව කරන අතර ,සම සුමුදු කරයි.එමෙන්ම සමේ අවපැහැගැන්වීම් දුරු කරමින් සම පැහැපත් කරයි

වියළි සමකට

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • සැෆ්‍රන්
  • කිරි
  • මී පැණි
  • කස්තුරි කහ

විශේශ අමුද්‍රව්‍ය ලෙස,

  • කඩල පිටි

සම පැහැපත් කරමින් වියළි සමට අවශ්‍ය පෝශණය ලබා දෙයි.හිරු කිරණින් සමට වන හානි අවම කරයි

තෙල් සහිත සමකට

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • සැෆ්‍රන්
  • කිරි
  • මී පැණි
  • කස්තුරි කහ

විශේශ අමුද්‍රව්‍ය ලෙස,

  • වෙනිවැල්ගැට කුඩු

සමෙහි තෙල් ගතිය පාලනය කරමින් සම පැහැපත් කරයි

සාමාන්‍ය සමකට

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • සැෆ්‍රන්
  • කිරි
  • මී පැණි
  • කස්තුරි කහ

විශේශ අමුද්‍රව්‍ය ලෙස,

  • කැරට් යුෂ

කැරට් මගින් සමට ස්වාභාවික රන්වන් පැහැයක් ලබා දෙන අතර සමේ බොහො ගැටලු වලට විසඳුම් ගෙන දෙයි

පැක් එක සකස් කරගන්නේ සහ භාවිතා කරන්නේ කොහොමද ?

ඔබේ සම අනුව මේ අමුද්‍රව්‍ය එක් කර ඔබට පැක් එකක් සකස් කරගන්න පුලුවන් .

මුලින්ම මුහුණ හොඳින් පිරිසිදු කර මෙම පැක් එක ගල්වා විනාඩි 20 – 30 ත් අතර කාලයක් තබා කවාකාරව පිරිමදිමින් මුහුණ පිරිසිදු කරගන්න

ඉන්පසුව අනිවාර්යයෙන්ම මුහුණට toner එකක් ආලේප කරන්න

ඉතින් ඔබ saffron පානය කරන්න අකමැති කෙනෙක් නම් මෙන්න මේ විදියට face pack එකක් ආකාරයෙන් ඔබට සැෆ්‍රන් භාවිතා කරලා පැහැපත් සහ දීප්තිමත් සමක් ලබා ගන්න පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles