fbpx

හේමන්ත සන්ධ්‍යා -41

පවුලේ ඥාතියකු ගේ අවසාන කටයුතු කිරීමෙන් පසු ගෙදරක ඇති වෙන මහා මුස්පේන්තු පාළු ස්වභාවය කෙතෙක් ද, අවමගුලක් සිදු නොවී ම ඔබේසේකර මැදුර ඒ අඳුරෙන් අරක් ගනු ලැබිණ. ඩෙස්මන් හිටයේ බොහෝ දුරට සුව අතට හැරී ගෙන එමිනි. නමුත් උන් හිටි ගමන් නැවතත් අංශභාග රෝගයට ගොදුරු වූවා සේ ඔහු අප්‍රාණික ව යහන මත වැතිර හොත්තේ ය. සුමනා ඉක්මන් කෙටි හුස්ම ගනිමින් ද නොසන්සුන් කෙටි කල්පනා වල නිමග්න වෙමින් ද කාමරයේ ඒ මේ අත සක්මන් කරමින් හිටියා ය. ඇයට තවමත් මෙය හැබෑවක් නොව සිහිනයක් සේ ය. නිකිනි වූ කලී පුංචි රෝස මලකි. සුමනා ට තවමත් මිණිපිරිය දැනෙන්නේ එසේ ය. විදත් ට ඇය ආදරේ නැතිවා කොවේ. මිත්‍ර ගේ හා ජගත් ගේ මිතුරන් ලෙස පැමිණෙන කොල්ලන් ගෙන් අතීතයේ දී ඔබේසේකර මැදුර නිතර ගැවසී ගන්නේ ය. ඔවුන් ට කෑමෙන් බීමෙන් සංග්‍රහ කිරීමෙන් සුමනා විශේෂ සතුටක් ලැබුවා ය. එසේ පැමිණි තරුණයන් අතරින් විදත් කියන්නේ සුවිශේෂී පුද්ලයෙකි. අනිත්  හැම යෞවනයෙකු හට ම වඩා වඩා හෙතෙම සිනහවෙන් කතාවෙන් සුමනා ගේ හිත දිනා ගත්තා ය.

“මට පොඩි කෙල්ලෙක් හිටියනං උඹව බෑනා කර ගන්නව කතා දෙකක් නෑ”

සුමනා ඒ කාලේ කොතෙකුත් විදත් ට එහෙම කියා තිබේ.

“කොහෙද අපේ පාලිකාත් විදත් ට වඩා වැඩිමල් වුණානෙ”

“හපොයි බාල වුණත් එයානං එපා නැන්දම්මෙ. මේං වැන්දා”

නාට්‍යානුසාරයෙන් විදත් එසේ කියූ අවස්ථාවක් සුමනා ට මේ දැනුත් සිහි කර ගත හැකි ය. 

විදත් ලංකාව හැර යන දවසේ සුමනා හැඬුවා ය. ඇගේ ම කුසින් වැදූ දරුවෙකු වෙතින් ඈත් වන දුක ඇය ට දැනිණ. එසේ ම හරි අහම්බෙන් වසර විස්සකට පසු  යළිත් සිය ඇස් දෙකෙන් ඔහු ව දැක ගන්නට ලැබෙත්දී, සුමනා ගේ නෙත් තෙත් වූයේ ය. 

ඒ තරම් ඈ ඔහු ට ආදරේ ය. නමුත් නිකිනි වගේ වයසින් අඩු කෙල්ලක විදත් ට දෙන්නට සුමනා ට හිත එකලස් කර ගත නො හැකි ය.

“නෑ..ඒක වෙන්නෙ නෑ. විදත් ට නිකිනිව දෙන්න පුළුවන් කමක් නෑ. විදත් කොච්චර වැඩිමල්ද…අනික බාප්පලගෙ තාත්තලගෙ යාළුවෙක්නෙ. මොන තුප්පහි සංස්කෘතියක්ද ඒක…”

සක්මන් කිරීම නතර කළ සුමනා දැඩි ව කීවා ය. ඇගේ විධානය අසන්නට එතැන උන්නේ ඩෙස්මන් පමණකි. සිවිලිමේ කැරකෙන විදුලි පංකාව දෙස බලා උන්නා මිස  ඩෙස්මන් හ්ම් කීවා නොවේ.

“අනික අපිට එහෙම යෝජනාවක් කරපු එකත් කොච්චර වැරදිද…මං හිතුවෙ නෑ විදත් අපිට මෙහෙම කරයි කියල”

ඇය තව දුරටත් තනි ව කියවන්නට වූවා ය.

“ඒත් මං කැමතියි”

එතෙක් නිහඬ ව හුස්ම ගනිමින් පමණක් උන් ඩෙස්මන් කෙඳිරිලි හඬකින් කීවේ ය. සුමනා ගේ හුස්ම නතර වුණා සේ විය.

“මොකක්…විදත් ට අපේ රෝස මල බන්දල දෙන්න කැමතියි…”

“එහෙම නෙවෙයි…විදත් ඒ කතා කරපු කෙළිං විලාශෙට මං කැමතියි. කියන්න තියෙන දේ කවුරුත් ඉස්සරහ කෙළිං කිව්ව. නියම පිරිමියෙක් වගේ”

එපමණකි. ඉන් පසු ඔවුන් දෙදෙනා අතරේ හුවමාරු වූයේ සුසුම් හා නිහඬතාවයන් පමණකි. 

විදත් හිටියේ මිත්‍ර සමගින් ඔහු ගේ කාමරයේ මධු විතක් තොල ගාමිනි. ඔවුන් ගේ මිත්‍රත්වය ඇරඹෙන්නේ පෙර පාසල් වියෙනි. දෙදෙනා ම කොළඹ එක ම පිරිමි පාසලක එක ශ්‍රේණියක උගත්හ. පාසලෙන් සමු ගත් පසු ද ඒ හිත මිතුරු කම් වැඩි වූවා මිස අඩු වූවා නොවේ. විදත් විදෙස් ගත වූ පසු ද ඉඩක් ලද විටෙක මිත්‍ර සමගින් සංවාදයේ යෙදුණේ ය. දෛවය දවසක මෙහෙම සන්ධිස්ථානයකට ඔවුන් දෙදෙන කැටිව එනු එතැයි දෙදෙනා ම සිතා සිටියේ නැත.

“මං උඹට සොරි කියන්නෑ මිත්‍ර. උඹ දන්නවනෙ…මං මගෙ යාළුවෙක්ට මගෙ අතින් වරදක් වෙන්න තියන ජාතියෙ මිනිහෙක් නෙවෙයි. දැනුත් මං පිළි ගන්නව…මං වරදක් කරන්නෙ නෑ මචං”

මිත්‍ර මී විතක් තොල ගෑවේ ය. කලාකාමී හා විකල්ප අදහස් ධාරියෙකු වන ඔහු ට මෙතැනදී කියන්නට කිසිත් නොමැති තරම ය. විදත් ඔහු ගේ මිතුරා වේ. නිකිනි ඔහු ගේ සොයුරා ගේ දියණිය වේ. ඔවුන් දෙදෙනා එක් ව ජීවිතයක් අරඹන්නට එකඟ වී තිබෙනවා නම් ඒ ගැන තමන් කුමක් කියන්න දැයි මිත්‍ර සිතයි. නමුත් ප්‍රශ්නය එය නොවේ. මේ ගෙදරින් එවැන්නක් සාධාරණීකරණය කිරීම කිසි සේත් බලාපොරොත්තු විය නො හැකි බව ඔහු ඉඳුරා දැන සිටීමයි.

“නිකිනි මැරි කරන කාලෙ වෙනකොට නිකමට හරි මං ලංකාවට ඇවිත් හිටියනං මේ දේවල් මීට වඩා ගොඩක් වෙන්න තිබුණා මචං. ඒත් ඉතිං වෙන්න නියමිත විදිහට නේද කොයි දේත් වෙන්න ඇත්තෙ..මට කියපං මිත්‍ර…මං නිකිනි ව මැරි කළොත් උඹට ඒක අවුල් ද…”

විදත් කතා කරනවා වැඩි බව මිත්‍ර ට නො තේරෙනවා නොවේ. යන්තම් මී විතක් තොල ගෑවුණ කල වැඩිපුර සිනහ වීමත් කතා කිරීමත් යෞවනයේ සිට ම ඔහු ගේ ස්වභාවයක් බව මිත්‍ර දනී.

“නෑ”

විදත් තනි වචනේ උත්තරයක් දුන්නේ ය. නමුත් ඊට යම් යම පැහැදිලි කිරීම් අවශ්‍ය බව එසැනෙන් ඔහු ට දැනිණ.

“ඒත් මං හිතන විදිහට අපේ ගෙදර අනිත් අයත් හිතයි කියලනං බලාපොරොත්තු වෙන්න එපා මචං. ස්පෙෂලි අම්මයි ඩැඩියි. ඒ දෙන්නටම ගාණක් නැති වෙයි මං ළමයි දෙතුන් දෙනෙක් එක්ක ගෑනියෙක් ගෙනාවත්. හැබැයි නිකිනි ගැන ඒගොල්ලො හිතන විදිහ ඊට වඩා වෙනස්”

“මට තේරෙනව මචං”

“මං හිතන්නෙ…මේ චැප්ටර් එක මෙහෙමම ක්ලෝස් කරල දාල ආපහු උඹ යන එක තමයි විදත් කරන්න තියෙන හොඳ ම දේ”

අත වන වීදුරුවෙහි දාරය අනිත් අතේ ඇඟිල්ලකින් පිරිමදිමින් විදත් ටික වෙලාවක් බිම බලා ගෙන කල්පනා කරමින් සිටියේ ය. ඊළඟට ඔහු ට සුපුරුදු මඳ සිනහව දෙතොල් අතරට කැඳවා ගත්තේ ය.

“මේක මේ මේ සැරේ මං ආවට පස්සෙ ස්ටාට් කරපු චැප්ටර් එකක්නං මං එහෙම කරනව මිත්‍ර”

“ඒ කියන්නෙ…”

“මේක ඊට වඩා අතීතයක් තියන කතාවක් බං. සහස් මට කියපු විදිහට…නිකිනි මං ගැන හිතල තියෙන්නෙ සෑහෙන කාලෙක ඉඳං”

“මොකද්ද…”

“සමහර දේවල් සිද්ද වෙන්නෙ එහෙම තමයි මචං. එක කෙල්ලෙක්ට ලව් කරල ඒකෙං හිත කැඩුනට පස්සෙ උඹ අදටත් කෙල්ලෙක් ගැන හිතුවෙ නෑ. නිකිනි මං ගැන හැඟීමක් හිතේ ඇති දැඩි කරන ගමං…වෙන කරන්න දෙයක් නැති කමට මංජුලව මැරි කරල තියෙනව. අපි කාටත් ජීවිත වල සමහර තැන් වැරදිල තියෙනව මිත්‍ර. දෙයියංගෙ නාමෙට එහෙම තැනක් කරෙක්ට් කර ගන්න එක චාන්ස් එකක් දෙන්න බැරි තරං මේ ලෝකෙ දුෂ්ටද බං…එහෙම වෙන්න ඕනෙද…උං ඒ වරද හදා ගෙන ආයෙමත් මුල ඉඳල පටං ගන්න ට්‍රයි කරනවනං අනිත් එවුන්ට තියෙන අමාරුව මොකද්ද…”

විදත් හුඟක් කතා කොට තිබුණේ ය. ඔහු වන් දේහ ධාරියෙකු ඒ වගේ මත් පැන් ප්‍රමාණයකින් මත් වන්නේ නැත. එය කතා කරන්නට උත්තේජනයක් සපයනවා පමණකි. මිත්‍ර හොඳ මිත්‍රයෙකු සේ විදත් ට සවන් දුන්නේ ය. උන් හිටි ගමන් සිය නිවස්න වෙත හමා ආ මිත්‍රත්වයේ සුළි සුළඟ තුනී වී යන තෙක් ගෙදර ඇත්තන් කෙසේ එයට මුහුණ දෙනු ඇත්ද කියා නම් ඔහු නො දැන සිටියේ ය.

පාලිකා සිටියේ කඩි ගුලකට පය ගැසූ විලාශයෙනි. ඇය මොනවා කරනවාද මොනවා කියනවා ද කියා ඇය ම නො දත්තා ය.

“හිමිජ්ජා වගේ ඉඳගෙන කොහොම හරි ඒ කොල්ලව අල්ල ගත්තා. මං කොච්චර කිව්වද තමුන්ට…ඉවරනෙ…දැං ඉතිං ඔක්කොම ඉවරනෙ”

ඇය සදිසා ට බැණ වැදුණා ය.

“ඉතිං අනේ මං මොනා කරන්නද…”

“දැං ඉතිං මොනා කරන්නද තමයි. දැං අරයා යයි ඕස්ට්‍රේලියාවට. තව ටිකක් ඔළුව උදුමෝගෙන රාජ කුමාරි වගේ වැජඹෙයි. ඒක කර ගන්න තිබුණෙ තමුන්ට. කොහෙද ඉතිං…”

එක එක්කෙනාට තිබුණේ එක එක විදිහේ ප්‍රශ්න ය. සහස් ඒ හැම තැනට ම ගොස් ටික වෙලාවක් එතැන ගත කරමින් තත්වය විමසී ය. අන්තිමට ඔහු නිකිනි ගේ කාමරය වෙත ගියේ ය.

“අවුල්ද…”

ඔහු හිනැහුණේ අවුල් වී ගිය ඇගේ හිස කේ තවත් අවුල් කරමිනි. ගිනි කන්දක් හදවතේ තියා ගෙනත් ඕ හිම සිසිලෙන් හිනැහුණා ය.

“මට තේරෙන්නෑ මල්ලා”

“මොනාද…”

“මොනවත්ම…අඩු ගානෙ හිනා වෙන්නද අඬන්නද කියලවත්…මෙච්චර ඉක්මනට මේ විදිහෙ පිපිරීමක් වෙයි කියල මං කොහොමත් හිතුවෙ නෑ”

“මේ පිපිරීමනං ඉක්මන් වුණ එක හොඳයි අක්කා. නැත්තං වෙන ප්‍රශ්න ඇති වෙන්න තිබුණා. ඉතිං…දැං මොකද්ද ඔයා කරන්න ඉන්නෙ…”

නිකිනි සිය මල් පෙති දෑස් බිමට හැරවූවා ය. 

“මේක පුදුම තත්වයක් මල්ලි. මට කියන්න තේරෙන්නෙත් නැති තරං. මහ කන්දක් වගේ බරක් ඔළුව උඩ තියනව තමයි. ඒත් පියාඹන්න පුළුවන් සැහැල්ලුවකුත් මට දැනෙනව”

සහස් සිය දෑස් වඩාත් කුඩා කොට නිකිනි දෙස බලා සිටින්නට වූයේ ය. ඇය වූ කලී කුඩා කල පටන් ම වෙනස් ගැහැනු ළමයෙකු බව ඔහු දනී.

“මල්ලා. තමං ආදරේ කරන පිරිමියා මුළු ලෝකෙම ඉස්සරහ තියාගෙන ඒ වගේ කතා කරනකොට කෙල්ලෙක්ට දැනෙන හැඟීම කොයි වගේද කියල කියා ගන්න තියා හිතා ගන්නවත් බෑ”

“මුළු ලෝකෙම එපා කිව්වත් පැනල යන්න හරි හිතෙනව නේ….”

“අඬගහන තැනකට…අපායට හරි යන්න හිතෙනව මල්ලා. ඒ යන අපාය වුණත් තව් තිසා දිව්‍ය ලෝකයක් කරන්න පුළුවන් ඒ විදහට ආදරේ කරන්න දන්න පිරිමියෙක්ට. එහෙම පිරිමියෙක් වෙන්න මල්ලා”

සහස් සොයුරිය දෙස බලා ගෙන ම සිටියා ය. ඒ ප්‍රකාශය ඔහු ට දැනුණේ ඇගෙන් ලද නියත විවරණයක් සේ ය.

අද රාත්‍රිය මේ මන්දිරය ට සුවිශේෂ දිනයක් ය. ඔබේසේකර මැදුර පිටස්තර පිරිමියෙකු විසින් හොලවනු ලැබූ රැයකි මේ. විදත් තවමත් මේ වහල යට මිත්‍ර සමගින් කතා බහේ යෙදී සිටියි. නමුත් ඔහු ව අගයමින් සේ ම ඔහු ව ප්‍රතික්ෂේප කරමින් ද එක එක හදවත් වල උණුහුම් තත්වයන් ක්‍රියාත්මක වේ. 

නිකිනි නිවසේ ප්‍රධාන සඳැල්ලට ගියා ය. මුළු මිදුල ම එතැනට පෙනේ. විදත් තව ම නික්ම ගොස් නැති බව, ඔහු පැමිණි රිය මිදුලේ නතර වී ඇති නිසාවෙන් සිතා ගත හැකි ය. ඔබේසේකර ඇත්තන් ඔහු කෙරේ ප්‍රතිචාර දැක්වූ ආකාරය තරමක් හොඳ මදි යයි නිකිනි ට සිතේ. ඔහු මොනවා සිතන්නට ඇත්ද? 

ඇය විටින් විට සුසුම් හෙළුවා ය. සැබවින් හිතා මතා එසේ කළා ත් නොවේ. විටින් විට ඇස් වලින් කඳුළක් ගලා ගියේ ය. එයත් ඇය හිතා මතා කළා නොවේ. තාරකා අතුරු සිදුරු නැති ව බබලන අහස දෙස බලා ගෙන විටෙක ඇය අරමුණකින් තොර ව සිනහ වූවා ය.

සඳක් කළ සක්මන්

සඳක් කළ සක්මන් -25

අහංකාර නගරේ

අහංකාර නගරේ – 33

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක -29

Mini Stories

තවමත් දරු පැටවුන් සොයා නුවර වීදි වල සරනා ඇහැලේපොල කුමාරිහාමිගේ කඳුළු කතාව.

Mini Stories

ඉක්මන් කසාදේ.

Mini Stories

ඔබේ සිහිනය වෙත ඇවිද යන්න.

ඉඳුදුන්න

ඉඳුදුන්න -25

හේමන්ත සන්ධ්‍යා

මන්දාරම් හැන්දෑවක

මන්දාරම් හැන්දෑවක – 39

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -07

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -25

Mini Stories

යුතුකම.

ඈත දුර ආකාසේ

ඈත දුර ආකාසේ -41

පිනි සේල

පිනි සේල – 14

ඉඳුදුන්න

ඉඳුදුන්න -23

ඉඳුදුන්න

ඉඳුදුන්න -02

අහංකාර නගරේ

අහංකාර නගරේ -29

පාට සේදුනු වත්සුනු

පාට සේදුනු වත්සුණු -26

පළිඟු මන්දිර

පළිඟු මන්දිර – 6

සුළං සීනු

සුළං සීනු – 22

හෙටින් උදා වන දිනය ගැන කිසිදු අනාවැකියක් කිව නො හැකි බව නිකිනි දනී. අම්මා කෙනෙක් නිවුන් දියණියන් දෙදෙනෙකු දමා සැමියා ගේ මිතුරෙකු සමග රහසේ පලා ගියා ය. අම්මා කෙනෙකු ට එහෙම කළ හැකි ද? දියණිවරුන් දෙදෙනෙකු දමා යා හැකි ද? හැකි ව තිබිණ. එදා පටන් ඒ නිවුන් දැරියන් හැදුවේ අත්තම්මා කෙනෙකි. ඉතින් අම්මා නැති දැරියන් ගැන සියල් තීන්දු තීරණ ගැනීමේ අයිතියක් ඒ අත්තම්මා ට නැතැයි කෙසේ කියන්නද?

විදත් මිදුලට බසිනු හදිසියේ ම නිකිනි දුටුවා ය. ඔහු ගේ පියවර මඳක් සැහැල්ලු වී තිබුණා සේ ඇය ට පෙනිණ. ඇතැම් විට ඒ මධු විතෙහි බලපෑමක් වන්නට පුළුවන. ඇය නෙතු පිය නො සලා බලා උන්නා ය. ඔහු පිටු පා රිය වෙත යමින් සිටියේ ය. අනේ තව එක වතාවකට ඒ මුහුණ දැක ගන්නට ඇත්නම් කියා ඇය ට සිතිණ. ඒ සිතිවිල්ල ත් සමගම ඔහු හැරී බැලුවේ ය. හරියට නිකිනි එතැන සඳැල්ලට වී බලා සිටියායි අනුමානයෙන් සිතුවා සේ හැරී බැලුවේ ය. අන්ධකාර රාත්‍රයෙහි, තාරකා එළි සේ සිව් නෙත් එක රේඛාවක යා වී තිබිණ. ඔහු ගේ ඇස් ඇය ට ආදරය ගැන අලුත් කතාවක් කියමින් සිටියේ ය.

නිකිනි ව පාලනය කරන්නට තව දුරටත් වෙනකෙකු නොව ඇය වුව සමත් වූයේ නැත. පිය ගැට පෙළ දිගේ දිව ගිය ඕ තණ පලස මත්තෙන් විදත් වෙතට ම දිව්වා ය. අන්තිමට ඈ නතර වී සිටියේ ඔහු ගේ දෑත් අතරේ ය. 

නිකිනි ඉකි ලලා හැඬුවා ය. හඬන්නේ ඇයි ද කියා ඇය දැන සිටියේ නැත. දුකක් වත් සතුටක් වත් ඇය ට දැනුණේ ත් නැත. නමුත් ඕ හැඬුවා ය. විදත් ඒ හිස සිය ළය මඬලෙහි තද කර ගනිමින් ද එක අතකින් ඇහිස් මුදුන පිරිමදිමින් ද සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content

error:
0
Would love your thoughts, please comment.x
()
x