fbpx

හෙටක් නැති දූවරු

“අපේ අක්කගෙ කොලුවා ඊයේ කෙල්ලක් උස්සන් ආවනෙ”

අපේ ගෙදර අත් උදව්වට ඉන්න මල්ලිකා ගෙට ගොඩ උනේ එහෙම කියාගෙන.නරියෙක් කුකුල් පැටියෙක් උස්සන් ආවා වගේ සරල කතාවක්. අම්මත් මමත් මූණට මූණ බලා ගත්තා.

“කෙල්ලගෙ ගෙදරින් හොයයි කියලා අපේ ගෙදරනේ තියාගත්තෙ.මාත් ටිකක් පරක්කු වුනේ ඒකයි නෝනා”

ආදරයකට උදව් කරන එක නරක වැඩක් නෙමෙයි.ඒත් මට මතක හැටියට අලුත් මනමාලයත් අපේ නංගිගෙ වයසේ ඉලන්දාරියෙක්.ඒ කියන්නේ උසස්පෙළ පන්තියේ ඉන්න ඕනෑ හාදයෙක්.

“කොහේ ගෑනු ළමයෙක්ද? කසාද බැන්දුවද?”

අම්මා ප්‍රශ්න වැලක් ඉදිරිපත් කළා.මල්ලිකා ආඩම්බරය මුසු මුහුණක් මවා ගත්තා.හරියට පුතා ලොකු හපන්කමක් කරලා වගේ.

“කසාද බඳින්න නම් බෑ නෝනේ.කෙල්ලට දාසයක්වත් නෑ..”

මනමාලි ළමයෙක්.හදිස්සි තීරණයක්.ඒ ජීවිතේම දැන් අර ලෑලි ගෙදරට දිය වෙලා යයි නේද කියලා මට දැනුණේ දුකක්.අවුරුදු දාසයේදී අපටත් පොඩි පොඩි ක්‍රෂ්, මැසේජ් යවපු ආදර කතා තිබුණා තමයි.ඒත් පවුලක් හදා ගන්න ඒ පුංචි කෙල්ලට තේරෙනවද?

“ඒ ළමයා ආපහු යවන්න තියෙන්නෙ..දරුවෙකුට පුලුවංද කසාදයක් කරගෙන ඉන්න.මේ පැහිච්ච ගෑනු වුණු අපටත් අමාරු එකේ.” අම්මාගේ කටහඬ විස්සෝපයට බරයි.තවත් දුවෙක් වෙනුවෙන් අම්මා දුක් වෙන පාටයි.

“කෙල්ලව යවන්න බෑ නෝනෙ..බඩටත් මාස තුනක් වෙලා.”

මල්ලිකාගේ කතාව ඇහිලා මං හීන් සැරේ මගේ කුසට අතක් තියා ගත්තා.එයාට මාස හතරක්.අම්මාට හුරතල් වෙනවා ඇරෙන්න මටත් මේ දවස්වල වෙන වැඩක් නෑ.මම අවුරුදු විසි අටක කෙල්ලක්.අවුරුදු දාසයක පුංචි කෙල්ලක් කොහොමද මේ දේවල් දරා ගන්නේ.

අලුත් මනමාලිගේ ගෙදර උදවිය ආව බවත් වැඩි වයසක් දාලා ජෝඩුව කසාද බැන්දූ බවත් මල්ලිකා ඊළඟ දවසේ කිව්වා.දැරිය පරිවාසගත නොකර, තරුණයාට ළමා අපචාර නඩු නොවැටී බොහෝ කාරණා ඔහොම අවසන් වෙනවා.පුංචි කෙල්ලෝ ආදරේ කියලා බරපතල මුලාවක වැටෙන සමහර වෙලාවට නීතියත් මොනවා කරන්නද?

“නෝනා, මේ කෙල්ලටත් අත් උදව් දෙන්න කියලා කීයක් හරි දෙන්න..”

පොඩි වට්ටක්කා ගෙඩියක් වගේ බඩක් තියන පුංචි කෙල්ලක් මල්ලිකා ඊළඟ දවසේ අපේ ගෙදර එක්කන් ආවා.

“මේ ළමයගෙන් වැඩ ගන්න බෑ.කසාද බැන්දට මේ පොඩි ළමයෙක්.අනික අම්මෙක්.”

අපේ අම්මා තරයේ විරුද්ධ වුණා.ඒත් ගැහැනු දරුවාගේ දෑස්වල තිබුණේ හරි දුකක්.

“දවල්ට කන්න ටිකවත් හම්බෙයි නෝනෙ..”

මල්ලිකා කිව්වේ මුහුණ ශෝකයට බර කර කරගෙන.

පුංචි කෙල්ල,සෙව්වන්දි ඊට පස්සේ දවල් දවස මාත් එක්ක ගෙවන්න පටන් ගත්තා.මම මේ දවස්වල රැකියාවෙන් අයින් වුණේ ජීවන්තගේ කටේ බලේට.කම්මැලිකමට හදන ෆෙල්ට්ස් ආට්ස් වලට ඊටපස්සේ ලොකුම උදව්ව ලැබුණේ සෙව්වන්දිගෙන්.

“නංගි, ඔයා ඉගෙන ගන්න පටන් ගන්න.මම උදව් කරන්නම්..”

සාමාන්‍ය පෙළ විභාගයට සෙව්වන්දි සහභාගී කරවන්න මට ලොකු ආසාවක් තිබුණා.නමුත් ඇය ඒක ප්‍රතික්ෂේප කළා.ජීවිතේ එක තැනක් වැරදුණු පොඩි කෙල්ල අනිත් වැරදි හදා ගන්නවා නම්.නමුත් ඒක පහසු වුණේ නෑ.

අපේ බබාට ගන්න හැමදෙයක්ම මම සෙව්වන්දිගේ බබාටත් ගත්තා.හරියට සායනවලට යන්න මතක් කළා.මිඩ්වයිෆ් ආපු හැම වෙලාවකම සෙව්වන්දිට බරට උපදෙස් දෙනවා මට පේනවා.

“මට ඔහොම දරුවො අනන්ත මුණ ගැහිලා තියනවා.ආදරේ නාමෙන් රැවටෙන පොඩි කෙල්ලො.”

පාසල් ප්‍රේමය කියලා අපි දකින සුන්දර මාතෘකාවට යටින් පුංචි කෙල්ලෝ රැවටීම්වලට බහුලව ලක් වෙනවා.අපේ පාසල්වල දරුවන්ට හරිහැටි ලිංගික අධ්‍යාපනයක් නොලැබීමත් මේකට හේතුවක් වෙන්න ඇති.ආදරේ නාමෙන් කාටහරි රැවටිලා අඩු වයසින් අම්මා කෙනෙක් වෙන දැරියකගේ ඊළඟ ඉරණම මොකක් වෙයිද?

“ත්‍රීවිල් එකේ හයර් වලින් අමිලට ආදායමක් තියනවද?”

මං අහනකොට සෙව්වන්දි නිරුත්තරව බලාගෙන ඉන්නවා.

“ඌට ගංජා ගහනවට වඩා වැඩක් නෑ නෝනෙ.ඒවා නම් මේකිගෙත් වැරදි.ගෑනි දැනගන්න එපැයි මිනිහා හදා ගන්න..”

මල්ලිකා කියද්දී මට ඇති වෙන්නේ කේන්තියක්.

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 28 වන කොටස

Mini Stories

දිවිල්ල

ළපෙති මල්

ළපෙති මල් -29

Mini Stories

සුරපුරය

“මල්ලිකාගෙ නංගිට පුලුවන් උනාද අවුරුදු දහඅටක් විස්සක් තිස්සෙ පුතාව හදා ගන්න.එහෙම හදා ගත්තානම් මේ කෙල්ල අමාරුවෙ වැටෙන්නෙත් නෑ..”

මං ඇත්තටම කිව්වේ කේන්තියෙන්.

“අපේ බබාගේ වයසම දරුවෙක්නෙ ලැබෙන්නේ රසී.ඔය ළමයට බේබි සිටින්වත් බාර දීලා හොඳ ගාණක් අතට දෙමු.පුලුවන් හැටියට අර පැල්කොටේ ගෙයක් කරන්නත් උදව්වක් කරමු.අර ගංජා කාරයානම් හදන්න බෑ.ඒත් මේ අපේ නංගි වගේ කෙල්ලක්නෙ.”

ජීවන්ත හවසට මට කියන්නේ දුකෙන්.අපිට ඇත්තටම සෙව්වන්දි ගැන දැනෙන්නේ අනුකම්පාවක් නෙවෙයි, දුකක්.

“අනේ දෙයියනෙ මගෙ කොල්ලා..”

එක දවසක් මමත් සෙව්වන්දිත් කාමරේ වැඩක ඉද්දී මිදුලෙන් මහ ඝෝෂාවක් ඇහුණා.මල්ලිකාගේ නංගි ඉහ අත බදාගෙන මිදුල මැද්දේ විලාප ගහනවා.දරුවෝ ලැබෙන්න හොඳටම කිට්ටු අම්මලා දෙන්නෙක් ඉන්න තැන විලාප ගහන්න එපා කියලා අපේ අම්මා කෑගහනකම් එයා බෙරිහන් දුන්නා.

“මගෙ කොල්ලගෙ වීල් එක හැප්පිලා..”

ඒ වචන ටිකත් එක්ක සෙව්වන්දි කලන්තේ අල්ලලා වැටෙන්න ගියා.මට අමාරු වෙන දවස් විශ්වාස නැති නිසා ගෙදර හිටපු ජීවන්ත සෙව්වන්දිව රෝහලට අරන් ගියේ එයා දුකින් වගේම ප්‍රසව වේදනාවෙන් අඬද්දී.ඒ සිදුවීම අපේ පැටියා එන එකත් ඉක්මන් කළා.

“අනේ සෙව්වන්දිටත් මලක් වගේ කෙලි පොඩ්ඩක් ඉන්නව ලොකු පුතේ..” හෙදිය න් නාවලා පිරිසිදු කරපු නිසා සනීපෙට ඉන්න මගේ හිස අත ගාන ගමන් අම්මා කියනවා.මං අපේ පුංචි දෝණි දිහා බලාගෙන හිටියා.එයා මේ ලෝකෙට එනතුරු ජීවන්ත මගේ අත තදින් අල්ලාගෙන හිටියා.පෞද්ගලික රෝහලක සුවපහසු ශල්‍යාගාරයක එයා මේ ලෝකෙට ආවා.

ඒත් සෙව්වන්දිගේ දරුවා, මහ ඉස්පිරිතාලෙ ප්‍රසුතිකාගාරේදී සෙව්වන්දි එයාට උපත දුන්නා. ඒ කිට්ටුවම තිබුණු හදිසි අනතුරු ඒකකයේදී අමිල අවසන් ගමන් ගිහින්.

“අපිට ඒ බබාව බාර ගන්නවත් බැරිද අම්මේ?”

මට වෙන අහන්න දෙයක් නෑ.

“සෙව්වන්දිගේ ගෙදර අය එයාව එක්ක ගියා අක්කේ.සෙව්වන්දි මේ ලියුම ඔයාට දෙන්න කිව්වා.” නංගි මාව බලන්න ආව වෙලාවක කිව්වා.අපේ පුංචි බෝනික්කා කිරි බොන්නේ නැතුව කෝලම් කරන හින්දා මගේ රෝහල් ජීවිතේ දිගු වෙලා තිබුණේ.

“රසී නෝනා, මට අම්මා කෙනෙක් වගේ සැලකුවට පින්.නෝනාගේ ආදරේ නිසා මගෙ දරුවා ලස්සනට හැදිලා හිටියා..”

බොඳවුණු අකුරු එහෙම ලියලා තිබුණා.මං මගේ පුංචි බෝනික්කිගේ අතක් තදින් අල්ලා ගත්තා.

“ඔය ඉරණමට ලක් වෙච්ච පළවෙනි ළමයවත් අන්තිම කෙනාවත් සෙව්වන්දි නෙවෙයි අක්කෙ.ළමා විවාහ කොච්චර වෙනවද මේ රටේ.එයාලගෙ ඉරණම කොතන නවතිනවද කියලා කවුරුත්ම දන් නෑ..”

ඇඟ හිරිවැටෙන ප්‍රවෘත්ති අහන්න වෙන මේ කාලේ සෙව්වන්දිත් දූත් පරිස්සම් ද?

මං තාම හිතනවා.

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x