fbpx

නැන්දම්මලා.

“ඔයා උයනවද?”

අරුණ උදේ කුස්සියට ආවේ එහෙම අහගෙන.අලුත් මනමාලි නර්මදා ලස්සන හිනාවකින් අරුණ දිහා බැලුවා.

“අනේ එයාගේ ඉවිලි.ඔන්න ඔය මොනවද කපලා කොටලා ඒදනකොට මම වෑංජන දෙකක් හදලා බතුත් ඉව්වා..”

අරුණගේ අම්මාගේ මුහුණේ තිබ්බේ අවඥාවට බර හිනාවක්.නර්මදා මොකුත්ම නොකියා වතුර කේතලේ තිබ්බා.සුවඳ රස හරි ගාණට ආපු කිරි කෝපි කෝප්පය හදනකොටම අම්මා එතැනට කඩා පාත් වුණා.

“පුතාගේ බඩේ අමාරුවක්ද?”

කෝපි බොන්නේ බඩේ අමාරුවට විතරයැ.නර්මදා එහෙම හිතුවත් මොකුත් කියන්න ගියේ නෑ.අරුණ කෝපි කෝප්පෙත් අරගෙන සාලේ පැත්තට ගියේ අම්මා තව මොනවාහරි අහන්න කලින්.

“එයා කෝපි බොන්න පොඩ්ඩක්වත් කැමති නෑ..!”

ආදරේ කරන කාලේදී අවන්හල් කීයකට වෙලා කෝපි තොල ගෑවද? ඒවා ඉතින් නැන්දම්මට කියන්නයැ.නර්මදා හීන් හිනාවක් තොල් අතරට ගන්න ගමන් හිතුවා.

“මං ඔයාගේ ඇඳුම් අයන් කරා ඕං..ඔයා සිලෙක්ට් කරේ ඒ බ්ලවුස් එකයි ස්කර්ට් එකයි නේද?”

අරුණටත් කට තියාගෙන ඉන්න බෑනෙ.නැන්දම්මාගේ බැල්ම මඟ අරින ගමන් නර්මදා හිතුවා.

“මෙච්චර දවසකට කලිසමක් කමිසයක් මැද්දේ නැති මිනිහා.දැන් ගෑනුන්ගෙත් ඇඳුම් මදිනවා..”

ඒ කතා අහගෙන උදේම ඔලුව නරක් කරගන්න ඕන නෑනෙ.නර්මදා නාන කාමරයට රිංගා ගත්තේ එහෙම හිතන ගමන්.

කොහොමටත් හවස් වරුව කියලත් ලේසි වුණේ නෑ.නැන්දම්මා හිටියේ හොස්ස දික් කරගෙන.ඒ ඇයි කියලා හොයන්න නර්මදාත් කලබල වුණේ නෑ.

“ඔය බත් හුලක් බෙදුවෙ කාට කන්නද?”

බෝම්බයක් පිපිරුවේ රෑ කෑම මේසේදි.අරුණගේ පිඟානට බෙදපු හරිය හොඳටෝම මදි කියලයි නැන්දම්මා කෑගහන්න ගත්තේ.

“මෙයා ඔෆිස් එකේ ඉඳගෙනමනෙ ඉන්නෙ අම්මේ.තෙල් අනන්මනන් වැඩි කෑම වගේම බතුත් රෑට ඕනවට වඩා කන්න හොඳ නෑ..”

නැන්දම්මා හොස්සත් ගස්සාගෙන නැගිට්ටා.මොකුත්ම නොකියා පාඩුවේ කෑම කන අරුණ ගැන නර්මදාට දුක නොහිතෙනවා නෙවෙයි.අඩුම තරමේ තාත්තාවත් හිටියානම් එයාගේ පැත්තට කතා නොකර ඉන්න එකක් නෑ.ඒත් අරුණගේ අත්තම්මා අසනීපෙන් කියලා බාප්පාගෙන් කෝල් එකක් ආව නිසා තාත්තා අත්තම්මා බලන්න ගිහින්.

“කතාව පටන් ගත්තා..”

නැන්දම්මා සාලේ ඉඳන් කෑගැහුවා.නර්මදා අරුණ දිහා බලලා හිනා වුණා.

“එයාලා ඕවා බලනකොට මමත් සාලෙට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නවනෙ අම්මගෙ හිතේ මාත් කතන්දර බලනව කියලා.”

දෙන්නගේ හිනාව ගැන නැන්දම්මාට ආවේ කේන්තියක්.එයා තිරයේ ඉන්න මිනිස්සුන්ට ඇහැ අලෝ ගත්තා.හොඳට උයන්න පිහින්න පුලුවන් කෙල්ලට මිසක් පුතාගේ ප්‍රේමවන්තිට පුතාව කසාද බැඳ ගන්න දෙන්න බෑ කියලා ටෙලි නාට්‍යයේ නැන්දම්මෙක් පරසක්වල ගහනවා.රූප පෙට්ටියේ ඔලුවට පුරෝන කුණු ගොඩවල් ඔලුවට දාගන්න ගමන් කෑම ගන්න එක මිනිස්සුන්ට තියන මහ කැත සිරිතක්.

“පුතේ,පුතේ…”

රෑ එකොළහට විතර ගෙදර විදුලි පහන් නිවලා ඇඳට ආපු අරුණ තිගැස්සුණා. නර්මදා හෙමින් සැරේ තුරුළු වුණා විතරයි.අම්මාට අසනීප වෙලාවත් ද?

“ආ මේ කිරි එක බොන්න..බත් ටික කන්න දුන්නෙත් නෑනෙ හරියට..”

නර්මදා නෑහුණු ගානට නිදිබරව හිටියා.මේ මහ රෑත් රණ්ඩු අල්ලන්නේ මොකටද?ඒත් මේ වෙන දේවල් ගැන එයාගේ හිත තදින්ම පෑරෙන්න අරගෙන තිබුණා.අම්මාගේ කිරි වීදුරුව නොබීම කණ්නාඩි මේසෙ උඩින් තිබ්බ අරුණ ඇඳට ආවේ තීරණයක් අරගෙන.ඊළඟ දවසේ අරුණගේ හවස් වරුවම ගත වුණේ ඒ වැඩේට.නර්මදාගේ ඔෆිස් එක ළඟින් එයාව අරන් ගෙදර යන්න වාහනේට නැග්ග අරුණගේ මුහුණ හිනාවෙන් ඔප වැටිලා.ගෙදර යන පාරෙන් වෙනස් පාරකට වැටුණම නර්මදා ඒ කොහෙද කියලා බලන්න පටන් ගත්තා.
නිස්කලංක වීදියක තට්ටු නිවසක් ගාව අරුණ කාර් එක නැවැත්තුවා.

“එන්න මිස්ට අරුණ..”

ප්‍රියමනාප කාන්තාවක් ජෝඩුව පිළිගත්තා.උඩුමහලක්;කුලියට දෙන උඩුමහලක්.නර්මදාගේ මුහුණ සන්තෝසෙන් බැබළෙන්න පටන් ගත්තා. ගෙහිමි කාන්තාව ජෝඩුවට ඉඩ දීලා යන්න ගියා.

“අපි දෙන්නගෙම ඔෆිස් වලට කිට්ටු නිසා මෙතන බැලුවේ.පස්සේ වෙන තැනක් හොයා ගමු.මීට වඩා නිදහස් තැනක්.”

අරුණ කියද්දී නර්මදා හිනා වුණා.

“අනේ නෑ අරුණ..මං හරි ආසයි.”

“අම්ම එක්ක මහගෙදර ඉන්න බෑ නර්මදා.මගෙත් වැරැද්ද.හැමෝම කියනවා වගේ මට මුලින්ම මෙහෙම තැනක් හොයන්න තිබ්බා..”

නර්මදා සැනසීමට පත් වුණා.ගැටුමක් ඇති නොවී ඔයින් ගියා ඇති.එයාලා ගෙදරට එනකොට අත්තම්මා ඇවිත්.අත්තම්මා අලුත් මිනිබිරී එක්ක කියවන්න පටන් ගත්තා.නර්මදා රෑ කෑම හදන්න ලෑස්ති වුණා.අත්තම්මාත් කුස්සියේ පුටුවකට බර වෙලා කියවිල්ල.

“ඔය දුවට ඉව්වැකි නේද..මේ අපේ ලේලිට බැඳලා එනකොට උයන්න තියා හාල් ගරන්නවත් බෑ.මං තමා සේරම පුරුදු කරේ.

අත්තම්මා ගෝරනාඩුව පටන් ගත්තා.නර්මදාගේ නැන්දම්මා මුහුණ කොරහක් කරගෙන උයමනේ යෙදෙන්න ගත්තා.නැන්දම්මා බණ්ඩක්කා ටිකක් කපන්න ගන්නකොටම ආයේම අත්තම්මාගේ ගෝරනාඩුව ඇහුණා.

“මේ රෑ බණ්ඩක්කා..අපේ කොල්ලට පීනසේ නේද? කසාද බැඳලා තිස් අවුරුද්දක් විතර වෙන්න එනව.තාම මිනිහා ගැන තේරුමක් නෑ.”

නැන්දම්මා නර්මදා දිහා බැලුවේ දුක කියන්න වගේ.නර්මදා අහිතක් නැතුව හිනා වුණා.ඒ හිනාවෙන් දිරිමත් වුණු නැන්දම්මා නර්මදාගේ ළඟටම ආවා.අත්තම්මාගේ කන් ඇහෙනවා හොරයි.

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

ළපෙති මල්

ළපෙති මල් -31

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

“තිස් අවුරුද්දක් ඔහොම තමා.මොකක් කළත් ගැලවීමක් නෑ..”

නර්මදා ලස්සන හිනාවක් එක්ක නැන්දම්මා දිහා බැලුවා.

“නැන්දම්මලා ඔහොම තමයි අම්මේ.කොරහෙත් කිඹුල්ලු පේනවා.” නැන්දම්මාට හිතන්න දෙයක් ඉතුරු කරපු නර්මදා සාලෙට ආවේ අරුණව හොයාගෙන.

නැන්දම්මා ඉන්න ඇත්තේ අවුරුදු තිහක්ම පීඩනයෙන්.එයා දීග ආපු දවසේ ඉඳන් අත්තම්මා ඔය වගේ වද දෙන්න ඇති.අවුරුදු ගාණක පීඩනය තමයි සතියක් තිස්සේ මගෙන් පිට වුණේ.අරුණගේ අත්තම්මා එයාට දීපු වදේ දැන් අරුණගේ අම්මා එයා මට දෙනවා.මේක හරියට දම්වැලක් වගේ කාරණාවක් කියලා නර්මදා හිතුවා.ඒ දම්වැල අපෙන්වත් බිඳෙන්න ඕනෑ.නැත්නම් ලෝකේ පවතිනකම් නැන්දම්මා ලේලි වලිය නවතින්නේ නෑ.

නර්මදා හිතුවේ එයාගේ නැන්දම්මා ගැන අනුකම්පාවක් හිතට එනකොට.

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x