සමන්ත කාරෙක අරගෙන එනකම් ටානියා සහ ඇගේ තුන් හැවිරිදි පුත්‍රයා house of fashion එක ඉස්සරහට වෙලා හිටියා.
අලුතින් ගත් රොබෝව නිසා පුතාගෙ සුපුරුදු තොරතෝංචියක් නැති ප්‍රශ්න කිරීම්වලින් මිනිත්තු කිහිපයකට මිදිලා සිටිමේ අවස්ථාව ඇයට උදා වුණා.
සැඳෑ හිරු කිරණ කිසියම් ශාන්ත බවකින් යුතුව විසල් මහල් ගොඩනැගිලි අතරින් පෙරී ටානියා ගේ මුහුණ මත අසල ඇති ගසේ කොළ රටාවන් ඇන්දා.
ඇය ඇඳ සිටි තනි පැහැති ගවුමේ පාලුව මකමින් හිරු සෙවණැලි ඒ මත රටා මවමින් තිබුණා.
සිතට දැනෙන මලානික බව මොකද්ද කියල පැහැදිලිවම කියන්න බැරිවුණත් එයට ආසන්තම හේතුව ඒ දුරකතන ඇමතුම බව ටානියාට වැටහුණා.
ඒක ඇත්තක් නම් මොනතරම් ලැජ්ජාවක්ද ? මම දවසකට කී දෙනෙක්ගේ පවුල් ප්‍රශ්න විසඳනවා ද ?ඉතින් මට කොහොමද එහෙම වෙන්නේ ?මොනවද මගෙන් මග හැරුණේ
ටානියා දිගින් දිගටම කල්පනා කළා.
ටානියා ෆැමිලි කවුන්සලර් කෙනෙක්.ඊයෙ ඇයට පැමිණි ඇමතුම අවුරුදු 20ක යුවතිය කගෙන්.ඇය පවසන්නේ සමන්ත ඇයගේ පියා බවත් එය ඔප්පු කළ හැකි සාධක ඇය සතු බව ත්.
යෝජනාවකින් විවාහ වීමට පෙර ටානියා ඉතා හොඳින් සමන්තගේ පසුබිම පිළිබඳ සොයා බැලීමට අමතක කළේ නැහැ.ඔහුගේ වත්කම් වලට අමතරව ගතිගුණ ,ඇසුරු කළ පිරිස ආදී සියලුම . පිළිබඳ ඇය විමසිලිමත් වුණා.නොදැනීම කිසියම් නොරිස්සුමක් තමන්ව බිලි ගන්නා බව ඇයට වැටහෙමින් තිබුණා.
“අම්මී,තාත්ති ඇවිත්”
කුඩා පුතුගේ හඬින් ටානියාගෙ සිතිවිලි ධාරාවන් නැවතත් අතරමං වී විසිරී ගියා.ඊයේ සවස මෙවැනිම ප්‍රශ්නයක් සමග තමාගේ සැසියකට පැමිණි තරුණ යුවල ඇයට සිහිවුණා.ඔවුනට තමන් දුන් උපදෙස් මේ මොහොතේ තමන් වෙනුවෙන්ම අනුගමනය කළ යුතු බව ඇයට පැහැදිලියි.ප්‍රථම වරට උදව් අවශ්‍ය කෙනා වගේම උපකාර කරන්නාත් එක්කෙනෙක් බවට පත්වී සිටියා.
කිසිසේත් ම තමන්ගේ වෙනස සමන්තට නොහඟවා සිටීමට ඇය තමාව ම සපථ
කරගත්තා.
“ඔව් හිමින් හිතමු!ඔක්කොම දේවල් වෙන්නෙ මිනිස්සුන්ට නෙ.”
ඇය සිය සුපුරුදු උපදේශන වාක්‍යය තමා වෙනුවෙන්ම මුදාහැරියත් සේවාදායකයන් ඉදිරියේදී දැනෙන සැහැල්ලුව තව දුරටත් ඇයට දැනුනේ නැහැ.
………………………………………………………………..
වයස අවුරුදු 20ක පමණ සුන්දර යුවතියක් ටානියා ඉදිරියේ අසුන්ගෙන සිටියා.ඇය සම්පූර්ණයෙන්ම සමන්තගේ ස්ත්‍රී පෙනුම අත්පත් කරගෙන සිටි බැවින් තවදුරටත් කිසිවක් ඔප්පු කිරීමට අවශ්‍යතාවක් ඇති වුණේ නැහැ.
වෘත්තිය පළපුරුද්ද නොවෙන්නට නම් ඇය දුටු වනම ටානියා සිහි නැති වනු නියතයි.යුවතියගේ ඉරියව්, හිසකෙස් ,සිනහව,සම්පූර්ණ පෙනුම ම සමන්තව සිහිපත් කෙරෙද්දී ඇය කාර්‍යාලයේ අනික් අයට ද එය පෙනේදෝයි කිසියම් ග්‍රාම්‍යය බවක් තමන්ටම දැනෙන බියකි පෙළෙන්නට වූවා.
“මට හිතාගන්න බැහැ.සමන්ත එයාගේ කලින් marriage එකක් ගැන මට කවදාවත් කියලා තිබුණේ නැහැ.මම තාම මේක එයාගෙන් ඇහුවෙත් නැහැ.”
යුවතිය සිහින් සරින් සිනාසුණා.
“නැහැ මැඩම්,එයා කියල තියෙන්නෙ ඇත්ත.එයා කලින් මැරි කරල ත් නැහැ.
මම එයාගෙ ආදරයෙන් හැදුණ දරුවෙක් නෙවෙයි.එයා මම වෙනුවෙන් එයාගෙ බීජ පමණක් දීපු කෙනෙක් විතරයි.ඒත් පස්සෙ කාලෙක ඇත්ත දැනගද්දි මට මගෙ බයලොජිකල් තාත්තා ව බලන්න ආස හිතුණ.
එතකොට එයා කැම්පස් කොල්ලෙක් නෙ පොඩි.අපි අතර ඒජ් ගැප් එකම 20ක් වගේ ඇති.ඒත් මැඩම්ව මුලින්ම මීට් වෙන්න හිතුනෙ ,කලින් මැඩම්ට විස්තර කියල ම ආවෙ ඔබ තුමී මේක ලස්සනට හැන්ඩ්ල් කරයි කියල හිතුණා.”
ෆෝන් එකෙන් මේ ටික නොකීවෙ එතකොට මට එන්න නොදේවිදෝ කියන බය නිසා”
ටානියා අසල වතුර ෆිල්ටරය වෙත ඇවිද ගියේ සිහිනයෙන් මෙන් මුත් සිය මනෝභාවය යුවතියට පෙන්වීමට කැමැත්තක් දැක්වූයේ නැහැ.සීතල වතුර ඇයගේ ආමාශය වෙත නොව මොළය වෙත ගමන් කරමින් ඇයට සිසිල ලබා දුන්නා.
“මම මැඩම්ගෙන් ඉල්ලීමක් කරන්න ආසයි.මට මගෙ බයොලොජිකල් තාත්තා ව මුණ ගස්සවන්න.මගෙ අම්මත්,මගෙ දැන් තාත්තා ත් මේක දන්නෙ නෑ.මම මේක දැනගත් දා සිට කලේ එයාව සෙවීම.ඉතින් මට ඒ උදව්ව කරන්න පුලුවන් ඔයාට විතරයි.මේක හරිම අහිංසක ඉල්ලීමක්.සමහරවිට ඔයාට වඩා එයා කන්ෆියුස් වෙයි.ඒත් එයාව සන්සුන් කරන්න දන්නව ඔයා.ප්ලීස් මැඩම්,මට මේ උදව්ව කරන්න.”
යුවතිය සිය දිගු නෙත් දල්වා ආයාචනාත්මක බැල්මකින් ටානියා ඉදිරියේ සිය ආත්මය විවර කළා.තමා දෙස බලා සිටින්නේ යුවතිය නොව සමන්ත දෝයී සිතෙන තරමේ දෘෂ්‍යය මායාවකට තමන් හසුවූ බවක් දැනෙමින් තිබියදී ටානියා දිගු හුස්මකින් පෙනහළු පුරවා ගත්තා.
කවුළුවෙන් එපිට කාක බෝ පැලයක් සහිත ඉරි තැලුණු ගොඩනැගිල්ලෙන් ඔබ්බට හිරු බැස යමින් පැවතුණා. ටානියා පුටුවෙන් නැගී සිටිමින් ප්‍රථම වරට යුවතිය හා සිනහාසුණා.
“ඔයාගෙ නම මොකද්ද දුව?
ඔයා දන්නවද ඔයාට මල්ලි කෙනෙකුත් ඉන්නව කියල ?”