Hot Butter Cuttlefish හදන්නේ මෙහෙමයි


අපේ ගෙදර ඔක්කොමලා කන්න කැමතිම කෑමක් තමයි Hot butter cuttlefish කියන්නේ. ඉතිං සතිඅන්තයේ මං උයන්නේ නැතුව විවේකයක් ගන්නවානම් අපි එළියට ගිහින් කෑවත් ඕඩකරගෙන කෑවත්ගොඩක් වෙලාවට ” චෙෆ් ලංකා ” කියන Sri Lankan restaurant එකෙන් තමයි කෑම ගන්නේ. ඒ අතර නොවරදින කෑමක් තමයි Hot butter cuttlefish කියන්නේ. මං ගෙදරත් කීප පාරක්ම හදලා තියෙනවා. ඒ වගේම රෙසපි දාලත් තියෙනවා. ගිය සිකුරාදාත් අපි ඒ විදිහට කැම ගෙන්නගෙන කද්දී සුපුරුදු විදිහට අනෙක් කෑම සමගම hot butter cuttlefish ගෙන්න ගෙන කෑවා. ඔන්න ඉතිං ඒ වෙලේ ඉදලා ” mom please make hot butter cuttlefish for me” කියලා දූගෙනුයි පුතායි මගෙන් ඉල්ලනවා. අනේ ඉතිං එයාලා ආස දේවල් මං හදලා නොදී කොහොමද කියලා ඔන්න අදත් හැදුවා. රෙසපි මීටකලින් දීලා තියෙන නිසා මෙතන්ට් කොපිපේස්ට් කරන්නම්. රෙසපි එකේ තියෙනවාට වඩා වැඩි දේකට කලේ රතු බෙල්පෙපර් ටිකක් එකතුකල විතරයි.

අවශ්‍ය ද්‍රව්‍ය :

1.දැල්ලෝ 1 kg
2.බටර් 100g
3.චිලි පේස්ට් මේස හැදි 3
4.බිත්තර සුදු මද 4
5.කෝන් පිට් 150g
6.ලූණු කොළ ගස් 3/4
7.ගම්මිරිස් කුඩු රස අනුව
8.ලුනු රස අනුව
9.දැල්ලන් බැදීම සදහා තෙල්

සාදන ආකාරය :

මුලින්ම දැල්ලන් ඔබ කැමති හැඩයකට කපා හොදින් සෝදා පිරිසිදු කරගන්න.
දැන් දැල්ලන් ටික භාජනයකට දමා ඔබේ රස අනුව ලුනු සහ ගම්මිරිස් දමා හොදින් කලවම් කර විනාඩි 3 පමණ තම්බා ගන්න.(වතුර නොදමා තම්බන්න දැල්ලන්ගේ ඇති වතුර එළියට විත් දැල්ලන් තැම්බේ)
ඉන්පසු බිත්තර සුදු මද 4 කරදීසියකට දමා ගන්න . ඒ අතරම කෝන් පිටි ටිකත් පිගානක දමා ගන්න.
දැන් තරමක් ගැබුරු තාච්චියක් ලිප තබා තෙල් රත්වෙන්නට තබන්න.
දැල්ලන් කැබැල්ල කැබැල්ල ගෙන බිත්තර සුදු මද වල තවරා ඉන් පසු එය කෝන් පිටි වල තවරා ගැබුරු තෙලේ බැද ගන්න. එලෙස දැල්ලන් සියල්ල බැද ගන්න .දැල්ලන් ටික පසෙකින් තබාගන්න.
පෑන් එකක් ගෙන එය ලිපමත තබා එය රත්වෙන විට එයට බටර් ටික දමා බටර් ටික දියවු පසු එයට චිලි පේස්ට් ටික එක්කර හොදින් කලවම් කරන්න.
දැන් චිලි පේස්ට් හා බටර් දමා සාදාගත් මිශ්‍රනයට විනාඩි 2/3 ඇතුළත (ලිපේ ගින්දර ඉතා අඩුවෙන් තබාගනිමින්) දැල්ලන් ටිකෙන් ටික එක් කරමින් ඉතාහොදින් මිශ්‍ර කරන්න.
අවසානයේදී ලිප නිවා කපාගත් ලූණු කොළ ටික දැල්ලන් මිශ්‍රනය එක්කර නැවත මිශ්‍රනය හොදින් කලවම් කර ඔබ කැමති ආකාරය එය පිළිගන්වන්න

Preparation:


Start off by cutting the squid into any shape you like.
Now put in to a pan and season with salt and pepper according to your taste, mix well and cook the squid without adding water (the water inside the squid is released as it boils).
Take a bowl and add 4 egg whites to it.
Take some cornflour into a container.
Dipping squids pieces into the egg whites,then corn flour and prepare for frying.
Now take a shallow pan and add oil. Once oil heat up fry all squids till golden brown.

After that leave all fried Squids aside.
Place a pan on the stove, as it heats add the butter. Once the butter has melted add chili paste to it. Within 2 minutes sauces is ready and you can glaze the squid with the sauce (keep a low heat on the stove).
After that turn off the heat and add the chopped spring onion s and mix well.
Finally serve as you wish

Related Articles

Don't Miss


Latest Articles