මවක් වෙන්න සුදුසුම වයස දන්නවාද?

උත්තරීතර මව් පදවිය ගැහැණියකට ලැබ‍ෙන උතුම්ම පදවියවේ. නීතියෙන් විවාහ වන වයස අවුරුදු 18 ලෙස  දක්වා ඇති නිසා අවුරුදු 18 න් පසු මව් පදවිය උරුම කර ගන්නා කාන්තාවන්  බහුලයි. නමුත් වෛද්‍ය විද්‍යනුකූලව ගැබ් ගැනීමට සුදුසු කාල පරාසයක් පවතියි. එම කාල පරාසය අවුරුදු 25 – 30 දක්වා යැයි හදුනාගෙන තිබේ. ස්ත්‍රීයක ඉපදීමේදී ඩිම්බ මිලියන දෙකක් පමණ ඩිම්බ කෝෂවල දැකගත හැකියි. ඉපදීමෙන් පසු ස්ත්‍රියකගේ ඩිම්බ කෝෂවල ඩිම්බ නිෂ්පාදනයක් නොවෙයි. තරුණ වයස අවසානවන විට අවුරුදු 35ට පසු ඩිම්බ වල නෙස්කම් සිදුවන නිසා ගර්භ කාලයේ ඇතිවන ආබාධ ක්‍රමයෙන් වැඩි වෙයි. ඒ නිසා අවුරුදු 35 වන විට පවුල සම්පුර්ණ කර ගැනීම කාන්තාවක විසින් සිදු කිරීම යෝග්‍යවන බවට පොදු මතයක්වේ.

නමුත් නව පර්යේෂණ වලින් සනාථ වී ඇත්තේ වයස 30න් පසු බවයි. මෙයට හේතු ලෙස වෛද්‍යවරු පෙන්වාදෙන්නේ, කාන්තාවකට දරුවකුගේ සත්‍ය අවශ්‍යතාවය හොඳින්ම දැනෙන්නෙත් ඇය මේ සඳහා ඉතා ආරක්ෂිතව සිටින්නේත් වයස 35-40 කාලය බවයි. එපමණක් නොව මවට තම දරුවා, පවුල් සම්බන්දතාවය සහ වෘත්තිය යන තුනම ඉතා මැනවින් සමබරව පවත්වාගෙන යා හැකිවන්නේද මේ කාලය තුල බවත්  පැවසෙනවා.

මීට අමතරව මෙවැනි මව්වරුන්ගේ මතකය සහ ඥානය පිලිබඳ කළ පරීක්ෂණ වලින් හෙලිවි ඇත්තේ නිවැරදි ප්‍රතිඵල දැකවීමට වයස 35 ඉක්මවා තම අවසාන දරුවා බිහිකළ මව් වරුන් සමත්වනබවයි. ගැබිණි කාලය තුල මවගේ මොළයේ සිදුවන රසායනික වෙනස්කම් හේතුවෙන් නිකුත්වන ඊස්ට්‍රජන් සහ ප්‍රගේස්ටරෝන් යන හෝමෝන මතක වර්ධනයට හේතුවන බවයි. ඒ අනුව වයස 35න් පසුව දරුවන් බිහි කරන මව් වරුන්ගේ මෙම හෝමෝන නිකුත් කිරීම අනෙක් මව් වරුන්ට වඩා ඉතා සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව පර්යේක්ෂකයන් පවසනවා.

කෙසේ වෙතත් දරුවකු ලැබීමට සුදුසු වයස බොහෝ කරුණු කරන මත රඳා පවතී. සෞඛ්‍යමය, සමාජීය, පාරිසරික හා ආර්ථික කරුණු කාරණා මත දරුවන් බිහි කිරීම කල් දැමීම සිදුකිරීම අසීරු විය හැක. වඩාත් සුදුසුතම විසඳුම වන්නේ හොඳ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත තමාගේ සෞඛ්‍ය තත්වය දරුවකු බිහි කිරීමට කෙතරම් යෝග්‍යද යන්න සොයා බලා ගැබ් ගැනීමට තීරණය කිරීමයි.

– කල්හාරී –

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...