දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම හොඳ ද?

පවතින වසංගතයෙන් ආරක්ෂා කර ගන්න හුඟක් දෙමාපියන් තම දරුවන්ට වෛද්‍ය උපදෙස් නොමැතව vitamin C ලබා දීමට මේ වෙද්දී පෙළඹිලා ඉන්නවා.ඇත්තටම එය ඵලදායී දෙයක්ද? නැත්නම් අපේ දරුවන්ට මෙය අහිතකරද මේ ලිපියෙන් කතා කරන්නෙ ඒ පිළිබඳවයි.

මොනවද මේ Vitamin C කියන්නෙ?

විටමින් කියන්නේ. ශරීර වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය කුඩා කාබනික සංයෝගයන්. ශරීරය තුළ නිපදවා ගන්න බෑ.ඒ නිසා ආහාරවලින් ගන්න ඕන.

  • විටමින්වලින් කාර්යභාරයන් ගොඩාක් කරනව. පොදුවේ ගත්තාම මෙහෙමයි.

• යහපත් සෞඛ්‍යක් පවත්වාගෙන යාමට
• එන්සයිම හැදීමට
• නව සෛල වර්ධනයට
• පටක අලුත් අලුත්වැඩියාවට
• ශරීරයේ ශක්ති ජනන ක්‍රියාවලිය වන පරිවෘත්තිය ක්‍රියාකාරිත්වයට

  • විටමින් වර්ග අතරින් අත්‍යවශ්‍ය වර්ග 13 ක් තියෙනවා. එහි එකක් තමයි අපි මේ කතා කරන Vitamin C කියලා කියන්නෙ.

ඒ අනුව අපි මේ වසංගත කාලයේ හුරුවෙලා ඉන්නවා Vitamin C ඖෂධයක් විදිහට දිනපතා ගන්න. ඒ වගේම අපේ දරුවන්ටත් දෙන්න පෙළඹිලා ඉන්නවා.

කොවිඩ් වසංගතයයෙන් ආරක්ෂා වෙන්න Vitamin C හේතුවක් ද?

ඇත්තෙන්ම එය වැරදි මතයක්.කිසිදු අධ්‍යනයකින් මේ වෙන තෙක් ඒ බව තහවුරු වෙලා නැහැ. නමුත් Vitamin C සෙම්ප්‍රතිශ්‍යාවට ඉතා හොඳ බැවින් කොවිඩ් 19 රෝගයෙන් ආරක්ෂා වීමට එය ඉවහල්වන බවට වැරදි මතයක් සමාජගත වෙලා තිබෙනවා. නමුත් Vitamin C දරුවන්ට දුන් පමණින් හෝ ඔබ එය ලබාගත් පමණින් මෙම වසංගතයෙන් ආරක්ෂා වෙන්න බැහැ. ඒ සදහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් නිවැරැදිව පිළිපැදීම අනිවාර්යයි.

දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම හරිද?

දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම වෛද්‍යවරුන් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. එය ලබා දෙනවා නම් දිය යුත්තේ වෛද්‍ය උපදෙස්වලට අනුකූලවයි. මොකද කියනවා නම් ඔබේ දරුවට අවශ්‍ය Vitamin C ප්‍රමාණය ඔබට තීරණය කරන්න බැහැ. එමෙන්ම එක් එක් වයස් කාණ්ඩ අනුව දිනකට දිය යුතු Vitamin C ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ නිසා දෙමාපියන් හිතුමතේට එය දරුවන්ට ලබා දීම හරහා අහිතකර තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්

එබැවින් වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිදු බෙහෙතක් දරුවන්ට ලබාදීම නුසුදුසු බව මෙම කරුණ සම්බන්ධයෙන්ද දෙමාපියන් සිහි තබා ගත යුතුයි .

Vitamin C පවතින වසංගතයෙන් ආරක්ෂා වෙන්න උපකාරී නොවුනත් ඒ හරහා අපේ දරුවන්ට ලැබෙන වාසි ගොඩක් තිබෙනවා.
මේ අවදානය ඒ ගැනයි.

තුවාල ඉක්මනින් සුව කිරීම

කුඩා දරුවන් තුවාල කරගන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඉතිං ඒ තුවාල පැසවන්න දෙන්නෙ නැතිව ඉක්මනින්ම සුව කරන්න මේ Vitamin C වලට පුලුවන්.ඒක වෙන්නෙ මෙහෙමයි. සියුම් රුධිර නහරවල් ශක්තිමත් කිරීමට Vitamin C වලට හැකියාවක් තියෙනවා. ඒ හින්දා තුවාල පැසවන්නෙ නැතිව ඉක්මනින්ම සුව වෙනවා.

විදුරුමස් රෝග

බොහෝ දරුවන් තුළ වගේම වැඩිහිටි අය තුළත් දකින්න තියෙන රෝගයක් තමයි මේ. ඒකට හේතුව පෝෂණ ඌණතා කියල තමයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නෙ. ඉතිං ඔබත් ඔබේ දරුවා තුළත් මේ රෝගය තියෙනවා නම් Vitamin C කියන්නෙ හොද විසදුමක්.

සෙම්ප්‍රතිශ්‍යාව වැළැක්වීම

ප්‍රතිශක්තිකරණයට ඉතා හොදයි Vitamin C භාවිතා කිරීම.එමගින් පහසුවෙන් සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්නෙ නැහැ.

ඊට අමතරව සම නිරෝගීව තියාගන්න,යකඩ අවශෝෂණය පහසු කර ගන්න,පිළිකා අවදානම අඩු කරගන්න වගේ ගොඩක් දේවල්වලට මේ Vitamin C උපකාරීවෙනවා.

නමුත් අපි මුලින්ම කීවා වගේම ඔබේ දරුවන්ට කිසිම විදිහකින් ඔබේ හිතු මතේට වෛද්‍ය උපදෙස් රහිතව මෙය ඖෂධයක්විදිහට ලබා දීම සුදුසු නැහැ. හැකිතාක් ආහාරවලින් ලබා දීම තමයි සුදුසු වන්නේ.

දරුවන්ට දිනකට ලබා දිය යුතු ප්‍රමාණය

Age 1- 3 yrs – 15mg

Age 4- 8 yrs – 25mg

Age 9- 13 yrs – 45mg

Age 14- 18 yrs – 65mg

වෛද්‍යවරයෙක් ගේ නිර්දේශ නොමැතිව මෙම ප්‍රමාණය වුවද ඔබ ලබා දීම සුදුසු වන්නෙ නැහැ. එම නිසා ආහාර තුළින් තම දරුවන්ට අවශ්‍ය Vitamin ලබා දීම වඩා සුදුසු වනවා.

Vitamin C අඩංගු ආහාර

දොඩම්/දෙහි/ නාරං

ස්ටෝබෙරි

නිවිතිය

කිවි

බ්‍රොකොලි

පේර

විටමින් සී දරුවන්ට අවශ්‍යම විටමිනයක් වුවත් එය ඔබේ දරුවාට හිතුමතේට ලබා දීම හරහා භයානක අතුරුඵල ඇති නොවන බවද බවද වෛද්‍යවරුන් පවසනවා. නමුත් එය නොකඩවා සිදු කිරීමෙන් අහිතකර තත්ත්වයන් කෙටි කාලීනව හෝ දිගු කාලීනව ඇති වෙන්න පුළුවන් කියලයි ඔවුන් පෙන්වා දෙන්නේ. විශේෂයෙන් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වෙන්න සිතා Vitamin C ලබා දීම නම් ඇත්තෙන්ම ඵල රහිතයි. ඔබේ දරුවා මෙම වසංගතයෙන් ආරක්ෂා කර ගන්න තියෙන හොඳම විදිහ ඔබ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දරුවන් ද එයට යොමු කිරීමයි.

එබැවින් වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිදු බෙහෙතක් දරුවන්ට ලබාදීම නුසුදුසු බව මෙම කරුණ සම්බන්ධයෙන්ද දෙමාපියන් සිහි තබා ගත යුතුයි .

Vitamin C පවතින වසංගතයෙන් ආරක්ෂා වෙන්න උපකාරී නොවුනත් ඒ හරහා අපේ දරුවන්ට ලැබෙන වාසි ගොඩක් තිබෙනවා.
මේ අවදානය ඒ ගැනයි.

තුවාල ඉක්මනින් සුව කිරීම

කුඩා දරුවන් තුවාල කරගන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි. ඉතිං ඒ තුවාල පැසවන්න දෙන්නෙ නැතිව ඉක්මනින්ම සුව කරන්න මේ Vitamin C වලට පුලුවන්.ඒක වෙන්නෙ මෙහෙමයි. සියුම රුධිර නහරවල් ශක්තිමත් කිරීමට Vitamin C වලට හැකියාවක් තියෙනවා. ඒ හින්දා තුවාල පැසවන්නෙ නැතිව ඉක්මනින්ම සුව වෙනවා.

විදුරුමස් රෝග

බොහෝ දරුවන් තුළ වගේම වැඩිහිටි අය තුළත් දකින්න තියෙන රෝගයක් තමයි මේ.ඒකට හේතුව පෝෂණ ඌණතා කියල තමයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නෙ. ඉතිං ඔබත් ඔබේ දරුවා තුළත් මේ රෝගය තියෙනවා නම් Vitamin C කියන්නෙ හොද විසදුමක්.

සෙම්ප්‍රතිශ්‍යාව වැළැක්වීම

ප්‍රතිශක්තිකරණයට ඉතා හොදයි Vitamin C භාවිතා කිරීම.එමගින් පහසුවෙන් සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්නෙ නැහැ.

ඊට අමතරව සම නිරෝගීව තියාගන්න,යකඩ අවශෝෂණය පහසු කර ගන්න,පිළිකා අවදානම අඩු කරගන්න වගේ ගොඩක් දේවල්වලට මේ Vitamin C උපකාරීවෙනවා.

නමුත් අපි මුලින්ම කීවා වගේම ඔබේ දරුවන්ට කිසිම විදිහකින් ඔබේ හිතු මතේට වෛද්‍ය උපදෙස් රහිතව මෙය ඖෂධයක් විදිහට ලබා දීම සුදුසු නැහැ. හැකිතාක් ආහාරවලින් ලබා දීම තමයි සුදුසු වන්නේ.

දරුවන්ට දිනකට ලබා දිය යුතු ප්‍රමාණය

Age 1- 3 yrs – 15mg

Age 4- 8 yrs – 25mg

Age 9- 13 yrs – 45mg

Age 14- 18 yrs – 65mg

වෛද්‍යවරයෙක් ගේ නිර්දේශ නොමැතිව මෙම ප්‍රමාණය වුවද ඔබ ලබා දීම සුදුසු වන්නෙ නැහැ. එම නිසා ආහාර තුළින් තම දරුවන්ට අවශ්‍ය Vitamin ලබා දීම වඩා සුදුසු වනවා.

Vitamin C අඩංගු ආහාර

දොඩම්/දෙහි/ නාරං

ස්ටෝබෙරි

නිවිතිය

කිවි

බ්‍රොකොලි

පේර

දරුවන් තුළ Vitamin C ඌණතාව තිබෙන බටට ඉඟි කරන සාධක

නිතරම සෙම්ප්‍රතිශ්‍යාව

හිස කෙස් වියළීම

සම වියළීම

තුවාල සුව වීමට හුගක් කල් ගතවීම

දත්වල ගැටලු

විටමින් සී දරුවන්ට අවශ්‍යම විටමිනයක් වුවත් එය ඔබේ දරුවාට හිතුමතේට ලබා දීම හරහා භයානක අතුරුපල ඇති නොවන බවද බවද වෛද්‍යවරුන් පවසනවා. නමුත් එය නොකඩවා සිදු කිරීමෙන් අහිතකර තත්ත්වයන් කෙටි කාලීනව හෝ දිගු කාලීනව ඇති වෙන්න පුළුවන් කියලයි ඔවුන් පෙන්වා දෙන්නේ. විශේෂයෙන් කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වෙන්න සිතා Vitamin C ලබා දීම නම් ඇත්තෙන්ම ඵල රහිතයි. ඔබේ දරුවා මෙම වසංගතයෙන් ආරක්ෂා කර ගන්න තියෙන හොඳම විදිහ ඔබ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් දරුවන් ද එයට යොමු කිරීමයි.

තොරතුරු සැපයීම- ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා
ලංකා රෝහල

Related Articles

Don't Miss


Latest Articles