පුරුදු බිත්තරේ දයියා ටේස්ට් එකට වෙනස් රසකින්.හරිම ඉක්මනින්.

ඉතාමත් පහසුවෙන් අඩු කාල සීමාවක් තුළ පෝෂ පදාර්ථ රැසක් සපිරි ආහාරයක් පිළියෙල කර ගැනීමට ඔබට සිදු වෙනවා නම් ඒ සඳහා බිත්තර තරම් ගැලපෙන වෙනත් ආහාරයක් ඇත්තේ ම නැති තරම්.ඒත් හැමදාම එකම විදිහට එකම රසයෙන් කන බිත්තරේට අලුත් රසයක් ,අලුත් පෙනුමක් දීලා බලමුද?

මේ ඉතාමත් සුළු වේලාවකින් පිළියෙල කරගතහැකි පෝෂණයෙන් අනූන ඉතාමත් රසවත් ආහාරයක්.

හරි! දැන්ම අපි වැඩ පටන් ගමු !ඉක්මනින්ම මේ දේවල් හොයාගන්න!

බිත්තර පීසා

  • පොඩි නූඩ්ල්ස් පැකට් එකක්
  • බිත්තර 4
  • සිහින්ව ලියාගත් රතු හෝ ලොකු ලූණු
  • සිහින්ව ලියාගත් අමූමිරිස් කරල් දෙකක්
  • සිහින්ව කපාගත් තක්කාලි ගෙඩියක්
  • සිහින්ව කපා ගත් නිවිති කොළ දෙකක්
  • සොයා ගැනීමට හැකිනම් පමණක් බෙල් පෙපර් කැබලි කිහිපයක්
  • රස අනුව ලුණු
  • මිරිස් කුඩු තේ හැන්දක්
  • ගරම් මසාලා තේ හැන්දක්
  • කෑලි මිරිස් තේ හැන්දක්
  • ගම්මිරිස් කුඩු තේ හැදි බාගයක්
  • අබ ක්‍රීම්
  • සිහින්ව ලියාගත් කරපිංචා කොළ කිහිපයක්
  • කොත්තමල්ලි කොළ කීපයක්
  • චීස් ටිකක්
  • පොල් තෙල් හෝ බටර් මේස හැදි තුනක්

මෙන්න මේ විදියට හදාගනිමු.

  • නූඩ්ල්ස් ලුණු ටිකක් දමා හොඳින් තම්බා ගෙන වතුර පෙරා ගන්න.
  • බිත්තර 4 කඩාගෙන බඳුනකට දමන්න.
  • එයට ලුනු,ගම්මිරිස් කුඩු ,මිරිස් කුඩු,ගරම් මසාලා,කෑලි මිරිස් ටිකක්,අබ ක්‍රීම් සියල්ලම තමා හොඳින් හැන්දකින් ගසාගන්න.
  • දැන් වතුර පෙරා ගත් නූඩ්ල්ස් ,බටර් ,ඉතිරි කෑලි මිරිස් දමා ඉතාමත් අඩු ගින්දරේ තප්පර කිහිපයක් මිශ්‍ර කරගන්න.
  • නොඇලෙන බඳුනක් ලිප තබා එයට පොල් තෙල් හෝ බටර් ටික මිශ්‍ර කරන්න.
  • එය රත්වනවිට බිත්තර මිශ්‍රණය එයට දමන්න.
  • භාජනයේ බිත්තර මිශ්‍රණයෙන් ටිකක් ඉතිරි කර ගන්න.
  • බඳුනට දැමූ බිත්තර මිශ්‍රණයට උඩින් ,ලූණු ,අමුමිරිස් ,කරපිංචා දමාගන්න .
  • එය මදක් තැම්බීගෙන එන විට බෙල් පෙපර් තක්කාලි,නිවිති කොල අතුරා ගන්න.
  • පියනකින් වසා ඉතාමත් අඩු ගින්දරේ විනාඩියක් පමණ පිසගන්න.
  • දැන් නූඩ්ල්ස් තට්ටුවක් අතුරා ගන්න.
  • ඊට උඩින් සිහින්ව කුඩුකරගත් චීස් සහ බිත්තර මිශ්‍රණයේ ඉතිරි කොටස දමාගන්න .
  • දැන් පියන වසා යළිත් විනාඩි 5ක් පමණ පිසගන්න.
  • මතුපිටින් කොත්තමල්ලි කොල අතුරා ලිප නිවා දමන්න.

මෙය සම්පූර්ණ ආහාර වේලකට සුදුසුයි.

බිත්තර ආහාරයට ගැනීමෙන් මෙන්න මේ වාසි සියල්ලම අත්පත් කරගන්නට අපට පුලුවන්.

  • බිත්තර සිරුරේ මාංශ පේශීන් වර්ධනය අත්‍යවශ්‍යම පෝෂපදාර්ථ වන ප්‍රෝටීන් බහුල ආහාරයක්.දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය ඉතාමත් ලෙහෙසියෙන් සපුරාගැනීමට බිත්තර ආහාරයට එක්කර ගැනීමෙන් හැකියාව ලැබෙනවා.
  • කැල්සියම් යකඩ මේදය පොස්පරස් ඇතුළු ඛනිජ ලවණ විටමින් රැසකින් සමන්විතයි.
  • බිත්තර ,රූපය ලස්සන වෙන්න කොන්ඩය වැවෙන්න ,වර්ක් අවුට් කරද්දි අත්‍යවශ්‍යම ආහාරයක් ලෙසත් නැතුවම බැහැ.
  • බාහිර ආලේපනයක් ලෙස ත් රූපලාවන්‍යයේදී බිත්තර යොදා ගන්නවා.
  • ඒ වාගේම නොපිසූ බිත්තර ආහාරයට ගැනීමේදී සැල්මොනෙල්ලා නම් විෂබීජය ශරීරගත වීමට ඇති අවදානම නිසා පිසූ බිත්තර ආහාරයට ගැනීම වඩාත්ම සුදුසුයි.

බිත්තර මිලදී ගැනීමේදී පිළිගත් ක්‍රමවේදයන්ට අනුව නිෂ්පාදනය කර සෞඛ්‍යාරක්ෂිතව අසුරන ලද නිෂ්පාදන පමණක් මිලදී ගැනීමට වගබලා ගන්න!

ඔන්න ඉක්මනින්ම ,රසම රසට පෝෂණයෙන් අනූන කෑමක් ඕනනම් බිත්තර තියෙනවා !

#PoultryPower #PoultryForLife #HealthyLiving #PoultrySL 

#ProteinSriLanka #PoultryMagic #ChickenProtein

Related Articles

Don't Miss


Latest Articles