අත්යට අවපැහැයට සහ දුගඳට ප්‍රත්‍යක්ෂ විසඳුම්

අපි වගේ ඝර්ම කලාපිය රටක ඉන්න හැමෝටම සාමාන්‍යයෙන් දහඩිය වැඩිපුර නිකුත්වෙනවනේ. දහඩිය නිකුත්වීම ප්‍රශ්නයක් නොවුනත් එමගින් ඇතිවන දුර්ගන්දය නම් අප්‍රසන්න වගේම මානසිකව කරදර විදිමටද සිදුවන දෙයක්. එමෙන්ම කිහිලියට අවපැහ ගැන්වීමද ඒ හා සමාන පීඩාවක් ගෙන දෙන්නක්.අද අපි හිතුවා මේ ගැටළු දෙක ඔබව දැනුවත් කරන්න

උදේ සිට සවස්‌ වනතුරු වෙහෙස වෙන අපගේ ශරීරයෙන් දහදිය පිටවීම ස්‌වාභාවික දෙයක්‌. නමුත් සිරුරේ පිරිසුදුකම ගැන සිතන විට දහදිය ගැටලුවක්‌ බවට පත්වෙනවා.බස්‌ රථයක හෝ දුම්රියක වැනි පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන විට මේ ගැන ඉතාම හොඳ අත්දැකීම් අපට තියෙනවා. තමන්ට නොදැනුනත් තවත් අයකුගේ දහදිය දුඟද අන් අයට දරන්නට නොහැකි තරම් වන අවස්‌ථා තිබෙනවා.

කිහිලිවලින් හමන දුගඳ

ශරීරය පුරාම දහදිය දැමීම සිදුවුවත් මේ දුර්ගන්ධය ගැන අපට හොඳීන්ම දැනෙන්නේ කිහිලි ප්‍රදේශය ආශ්‍රිතවයි. දිනපතා නා පිරිසුදු වී සිටිනා කෙනකු වෙතින් දහදිය ගඳ හටගන්නේ ඉතාම අඩුවෙන්. එයට හේතුව ඔවුන්ගේ ශරීරයේ දහදිය, කුණු, දූවිලි එකතුවීම සිදුවන්නේ අවම වශයෙන් වීම නිසා.

වළක්වා ගැනීමට කළ හැකි දෑ

  • කිහිලි ප්‍රදේශවල ඇති අනවශ්‍ය රෝම ඉවත් කරන්න
  • උදෑසන ශරීරය පිරිසුදු කරන විට කිහිලි ප්‍රදේශ හොඳීන් සබන් යොදා සෝදන්න
  • තෙතමාත්තු කර සුදුසු ඩියෝඩ්‍රන්ට්‌ වර්ගයක්‌ ආලේප කරන්න

සැලකිලිමත් විය යුතුයි

  • දහදිය දමා, කිහිලි අපවිත්‍රව ඇතිවිට ඩියෝඩ්‍රන්ට්‌ තවරන්න එපා.
  • සුවඳ විලවුන් භාවිතා කිරීම

සුවඳ විලවුන් වර්ගයක්‌ ආලේප කිරීම මගින් ද දහදිය දුඟද මඟහරවා ගත හැකියි.
එය තෝරා ගැනීමේ දී සෞම්‍ය සුවඳක්‌ ඇති සැර අඩු වර්ගයක්‌ තෝරාගන්න.

  • සබන් භාවිතයේ දී සමට හානිකර නොවන සම වියළීමට ලක්‌ නොකරන සුවඳීන් අඩු සබන් වර්ගයක්‌ තෝරාගන්න.

කාන්තවකගේ මුහුණ ලස්සන වූ පමණින් ඇය ප්‍රිය මනාප කාන්තාවක් වන්නේ නැහැ.ඔබගේ මුහුණ මොනතරම් පැහැපත් වුවත් ඔබගේ කිහිලි,දණහිස් වැලමිට යන තැන් අවපැහයකින් යුක්තයි නම් එය ඔබේ සුන්දරත්වයට විශාල හානියක්.එම නිසා අද අපි හිතුව ඔබේ කිහිලි ප්‍රදේශය අවපැහ ගැන්වී ඇත්නම් එයට නිවසේදීම කළ යුතු සත්කාරයක් ගැන කියන්න.

අත්යට කලුවීමට විසඳුම්

  • අත්යට අනවශ්‍ය රෝම ඉවත් කරන්න රේසර් කරන කෙනෙක් නම් රේසර් කරද්දි අනිවාර්යයෙන්ම ලිහිසි ද්‍රව්‍යක් (Lubricant) පාවිච්චි කරන්න. ඒ කියන්නෙ ෂේවිං ක්‍රීම්, ෂේවිං ජෙල්. මේ දෙකම නැත්නම් පොල්තෙල් ටිකක් ගාලා ෂේව් කරන්න.
  • අනිත් කාරණාව රේසර් එක කැපුම් වාර 3ට වඩා පාවිච්චි කරන්නෙපා. ඉවත් කරන්න. නිතරම රේසර් එක වියළිව තබන්න. මලකඩ වගේ තියෙනවා නම් ඉවත් කරන්න.
  • රේසර් කරනවට වඩා හොඳම විසඳුම වැක්ස් (wax)කිරීම. සැලෝන් එකකින් හරි ගෙදරම හරි ඔයාට මේක කරගන්න පුලුවන්. සීනි වලින් ගෙදරදිම වැක්ස් එක හදාගන්න පුලුවන්. නැත්නම් කඩෙත් වැක්ස් සහ ඒකට අදාලා strips ගන්න තියෙනවා. මේකෙන් නම් අත් යට අව පැහැ වීම වළක්වගන්න පුලුවන්.
  • රේසර් හෝ වැක්ස් කළාට පස්සෙ ටෝනර් කරලා මොයිස්චරයිසර් ක්‍රීම් එකක් හෝ ඇලෝ ජෙල් එකක් පාවිච්චි කරන්න.
  • එම මේ කාරණා වලට අමතරව වතුර අඩුවෙන් බොනවා නම් එහෙම නැත්නම් පරම්පරාවෙන් පවා මේ අවපැහැ ගැන්වීම් එන්න පුලුවන්.

අත්යට අවපැහැය ඉවත් කරමින් පැහැපත් කරනා Scrub,Mask සහ Pack එකක් ගැනයි දැන් අපි කියලා දෙන්නේ.පළමුවෙන්ම Scrub එක සිදු කර Mask සහ Packඑක අත්යටට Apply කරන්න.වෙනස ඔබටම වැටහේවි.

ස්ක්‍රබ් අංක

Colgate whitening tooth paste ටිකක් ( තේ හැන්දක් වගේ)
දුඹුරු සීනි තේ හැඳි 1/2
දෙහි බෑයක යුෂ

මේ ටික මික්ස් කරන්න. මතක ඇතුව සීනි කැට දියවෙන්න දෙන්නෙපා. දැන් අත් යට හොඳන් පිරිසිදු කරලා( ක්ලෙන්සර් එකක් යූස් කරන්න) මේ මිශ්‍රණය ගාලා මිනිත්තු 2-3ක් රවුමට ස්ක්‍රබ් කරන්න.ඊට පස්සෙ මිනිත්තු පහක් විතර තියලා සෝදලා දාන්න.

මාස්ක්

කලින් කිව්ව tooth paste එකෙන් තේ හැන්දක් විතර
කඩල පිටි තේ හැඳි 1/2ක්
දෙහි බෑයක යුෂ

මේ ටික හොඳට මිශ්‍ර කරලා මිනිත්තු පහක් තියලා සෝදල දාන්න.

පැක් එක

  • අර්තාපල් යුෂ. (වතුර ගොඩක් මිශ්‍ර නොකර අල ටික බ්ලෙන්ඩ් කරලා යුෂ ටික මිරිකලා ගන්න.)
  • මී පැණි තේ හැඳි 1/2ක්
  • හාල් පිටි මේස තේ හැඳි 1ක්
  • කඩල පිටි තේ හැඳි 1ක්

මේ ටික දාලා මිශ්‍ර කරලා ස්ක්‍රබ් කරපු අත් යට ගාලා විනාඩි 10ක් විතර තියලා සෝදලා දාන්න.

මේ සේරම කලාට පස්සෙ මතක ඇතුව කලින් පෝස්ට් එකේ හදන්න කියලා දුන්න රෝස් වෝටර් එකෙන් හරි අයිස් වලින් හරි ටෝනර් කරලා මොයිස්චරයිසර් ක්‍රීම් එකක් හෝ Aloe Jel එකක් ගාන්න.

මේ ක්‍රමවලින් ඔයාගෙ අත්යට අවපැහැය නැති කරගන්න පුලුවන් ඉක්මනින්ම.

Related Articles

Don't Miss


Latest Articles